21
Sat, Apr

Top Stories

ප්‍රියන්ත සිරිකුමාර සහ ගායියා පතිරන රගන දායකත්වය සපයන සුරංග කටුගම්පොලගෙ කෙටි චිත්‍රපටය The Delivery 74 වෙනි වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා නිර්දේශවී තියනවා . මිට අමතරව තවත් චිත්‍රපට 21 වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල නියෝජනය කරනවා .

තිසර ඉඹුලාන විසින් නිර්මාණය කරන ලද ‘නිනෝ ලයිව්‘ චිත‍්‍රපටය එය නිමවා වසර දහයක පමණ කාලයක් ගෙවීමෙන් අනතුරුව ප‍්‍රදර්ශනය ආරම්භ කර ඇත. පොදු වශයෙන් ගත්කළ චිත‍්‍රපටය ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.

ලංකාවේ වාර්ගික අර්බුදය අදින් තිස් වසකට ලඝු කළ ද , එහි පුරාණ කතාව සියවස් ගණනාවක් පුරාවට සහ, දේශ සිමා ගණනාවකගෙන් එහාට වුව ද ගෙන යා හැකිය. ඒ අර්ථයෙන් වත්මන් සිහිනයට ඇතුළු වුව හොත් , අප දකින්නේ මොනවා විය හැකි ද ?

පවුලක් කියන්නේ මිනිස් සබඳතා ගොන්නක්. ගොඩනැංවීම, බිඳවැටීම මේ කුඩා ඒකකයටත් අදාළයි. පවුල් සංස්ථා දෙදරා යෑම් ගැන කතාබහ කරන තැන්වල, ලිංගිකත්වය එක පැත්තක් නියෝජනය කරනවා. කවියෝ ඒක ‘‘සරාගය-විරාගය’’ කියලා ලියලා තියෙනවා. සියලූ මිනිස් සබඳකම් සමාජ තත්වයන් උඩ, භාණ්ඩ පරිභෝජනය මත, සරලව කිව්වොත් මුදල මත තීරණය වන සමාජ පරිසරයක පවුලට ඒකෙන් ගැලවෙන්න කොහොමටත් බෑ.

මේ ධනේශ්වර ලෝකයේ කොයි කොනකද පාලකයාගේ යාන්ත්‍රණය අමානුශීයය. තම එකම පරම යුතුකම ඉටුකරනු සුළුය. ඇතැම් ලිබරල් පාන්ඩිතයෝ දියුණු බටහිර රටවල පොලීසි හමුදා ඉතා ප්‍රජාතාන්ත්‍රවාදී බවත් ඉතා සාමකාමී බවත් පවසති. එහෙත් මේ ධනවාදය ය. එහි බොරුවට තැවරූ මනුෂ්‍යත්වයක් හැර කිසිවක් ඉතිරි නැත. අද ලංකාවේ පොලීසිය හැසිරෙන්නේ යම් සේ ද මේ දියුණුයි කියනා ඇමෙරිකාවේද ,ප්‍රංශය ඉතාලියේද ,චිනයේද පොලිසිය හැසිරෙන්නේ පාලකයාගේ උවමනාවට අනුවය .

"බදින්න ඉස්සර - ආදර අන්දර
කරනව ඇත්තට - ගින්දර සීතල"

කලකට කලින් මම තනු නිර්මාණය කරපු ගීතයක්.ගීතයේ පද තිලකසිරි අන්කල්ගෙන්,මේ ගීතය LEGENDS සංගීත කණ්ඩායම හරහා නැවුම් ආකාරයකින් ඔබ වෙත ගෙන ඒමේ ආසාවෙන් හිටියේ.මං හිතන්නේ ඒ උත්සහාය සාර්ථක වුණා.මීට ටික කලකට පෙර හොරණ විද්‍යාරත්න නව රංග ශාලාවේදී මෙහි නව සංගීත සංයෝජනය ජන ගත කිරීමට අපට හැකි වුණා.මං හිතන්නෙ එදා තමා LEGENDS පටන් ගැනුනෙ.හැමෝටම අලුත් අත්දැකීමක් වුණා.කවදත් වගේ මේ නිර්මාණ ඇතුලෙ මාත් සමග බොහෝ අය සිටියා,පවුලේ උදවිය,සහ ළගම මිතුරන් සහ මගේ නිර්මාණ පිළිබද ගුණ දොස් විචාරය කරන අය ඒ අතර ප්‍රධාන වෙනවා.


මෙහෙම කිව්වේ. සමිත. සමිත සමරතුංග. හොරණ විද්‍යාරත්නයෙන් බිහිවුණු තරුණ සංගීත ශිල්පියෙක්. මේ සමිතගේ අලුත්ම අත්හදා බැලීම.

ෆේස්බුක් එකේ එහෙ මෙහෙ යන අතරේ
දවසක් මට මුණගැහුණා අමුතු කෙනෙක්
හොඳට ළංවෙලා බැලුවා කවුද කියා
අම්මට හුඩු ඒ දෙයියන් වහන්සේ

ස්ත්‍රී - පුරුස ප්‍රොෆයිල් පික් දමාගෙන
එයා ඉන්නවා හොර ගෙඩියා වාගේ
මේ ලෝකයේ ඇති නැති හැම දේ ගැන ම
පට්ට ම අයිඩියා එක ඇත්තේ එයා ළඟයි

දේශපාලනෙදි කව්ටිල්යට සමය
එහෙමත් නැත්නම් වාගේ මැකියවෙලි
කට පාඩම් තිබේ කොමිනිස් ප්‍රකාසනේ
ලොගවුට් වුණොත් නවතිනවා ඉතිහාසේ

ආර්ථිකය සහ මේ රට හදන ක්‍රමේ
සෑම පක්ෂයකට ම හොඳ උපදේස
ලෝස් නැතුව වෙන කවුරුන්දෝ දෙන්නේ
ෆේස්බුක් එකේ දෙයියන් මිස අපට

කලාව අතැඹුලකි ෂානරයක් නෑර
දාර්ශනික ද්රුස්ටිවාද ටොයිස් වගේ
විද්යුත් මුද්රිත සිනමා සකල කලා
ඒ හැම එක ම යුනිකෝඩෙන් එකළු කළා

කවදාවත් එයාට නෑ වරදින්නේ
හරියට හැමදේ ම නියමිත වෙලාවට
ලියනව උත්තරීතර ලෙස වෝල් එකේ
කියවන සැවොම ඒවා පිළිපැදිය යුතු

දෙයියන් වහන්සේ පෙළහර පාන හැටි
මාත් බලාගෙන හිටියා පුදුම වෙවී
එහෙම ඉද්දි ඇහැ ඇරුණා එක පාර
මොනවා ? ඒක අඩ නින්දේ හීනයකි

කෝකටත් කියා මං දඩිබිඩි ගාලා
විගසින් ලොග් වුණා කන්ෆර්ම් කරගන්න
මළ කෙළියකි - මාත් ඇතුළුව ඔක්කෝම
දෙයියන් වහන්සේලා වී ඇති සේක !

wimal.ketipearachchi

" අම්මල දූලත් මරාගන්නා අස්සේ
මිනිස්සු මොකට යනව ද මන් ද
ගෑනු දෙක - තුන පස්සේ.." (

ඒ යතුර
එවන් යතුරක්
පරණ යකඩ කඩයක් අසල
මලකඩ වතින් වැතිරගෙන
බලා වටපිට
අහුලගෙන එය
රැගෙන යමි
නිවෙස වෙත
බිරිඳ එහෙමෙහෙ
වනතුරා හිඳ
අතට ගෙන එය
හරිමි හෙමිහිට
වැසුණු කුටියක
අගුළු ලූ දොර

ළහිරු කරුණාරත්න

යට සඳහන් කවිය මාර්තු මස පැවති කවි රසික සංවාද මණ්ඩපයේ දී පළමුවෙන් ම සාකච්ඡාවට ගත් කවිය යි. මෙහි දි මෙම කවිය පිළිබද කිසියම් සංවාදාත්මකභාවයක් සිදු වු අතර ප්‍රවීණයෝ තම තම නැණ පමණින් ද නවීන යෝ තම තම නැණ පමණින් ද විග්‍රහ කළෝ ය. කව් රස විඳින්නකු ලෙස මට ඒ කිසිවක් අදාළ නොවූව ද ඒ මොහොතේ මතු වු සාකච්ඡාව පිළිබඳව ද මගේ අදහස දක්වමින් ම කවියේ මගේ විඳුමට ප්‍රවේශ වන්නට අවසර...,
එහි දී මතු වූ ප්‍රධාන තර්කයක් වූයේ කවියේ පළමු පදය ම ගැටලුකාරි බවයි. එනම් ‘‘එවන් යතුරක්’’ යන්න පාඨකයාට ගැටලුවක් වන බවයි. ඒ ‘‘එවන්’’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද යන්න ය. ඒ කුමක් ද යන්න කවියා පැවසිය යුතු යැයි මම නම් නොසිතමි. මන්ද ඒ කවියාගේ සිතුවිල්ලයි. එය ඉදිරිපත්කරන කථකයා ගේ සිතුවිල්ල ‘‘එවන් යතුරක්’’ යන්න ය. එය කෙබඳු යතුරක් ද යන්න පාඨක ප්‍රජාව විසින් වටහාගනු ලබනු ඇත.

සරල උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම්, මම මාවතක ඇවිද යනවිට දැකපුරුදු මුහුණක හැඩරුවැති පුද්ගලයකු දුටුවොහොත් ‘‘ආ... හරියට ම එයා වගේ’’ හෝ ‘‘ඒ වගේමයි’’ යනුවෙන් නොසිතෙනු ඇති ද? ඒ නිමේෂය කවියා එසේ ඉදිරිපත් කළා නොවේ ද? මන්ද මට ද එසේ සිතුණු වාර අනන්ත ය; අප්‍රමාණ ය. කථකයාගේ සිතුවිල්ල ද එබඳු යැයි මට හැඟුණි. ඇතැම් විට එය මගේ දැනුමේ මඳභාවය ද විය හැකි ය. නමුත් ඒ මට එය දැනුණු ආකාරයේ යථා ස්වරුපය යි. (මේ පිළිබඳව වැඩි දුරටත් හැදෑරීමට කැමති පාඨකයකු වේ නම් ජනක මහබෙල්ලන කවියාගේ ‘‘උපාසක මුහුද’’ කෘතියේ 62වන පිටුවේ අන්තර්ගත ‘‘පෙරමග’’ නමැති කවිය කියවන්න. එය සංයුක්ත කවියක් බැවින් උපුටා දැක්විය නොහැකි ය.)
එයින් අනතුරුව...

‘‘පරණ යකඩ කඩයක් අසල
මලකඩ වතින් වැතිරගෙන’’


යන දෙපදය ද තරමක් සංවාදයට බඳුන් විය. ඒ අදාළ කවිය එක් එක් පුද්ගලයා විඳිනා’කාරය අනුව යැයි මට හැඟේ. කවියා කුමක් පවසනවාද යන්න පාඨකයාට නිවැරැදිව ම ග්‍රහණය නොවන්නට පිළිවන. එහෙත් පාඨකයාගේ බින්න රුචිකත්වය අනුව එය විඳිය හැකිය. ඒ අනුව මට නම් යට කී දෙපදයෙහි ද කිසිඳු අවුලක් නොවුණි. මම එය මට අනුව විඳගත්තෙමි.

මට නම් එය දැනුනේ ගරා වැටුණු බස් නැවතුමක් අසල කිළිටි ඇඳුමෙන් ගත දවටාගත් කාන්තාවක හෝ පුරුෂයකු දුටු කථකයා ‘‘ආ... ඒ අසවලා නේදැයි’’ තමාට ම කියාගන්නා ආකාරය යි. මේ පරණ යකඩ ඇණය යනු ම කථකයාගේ පැරණි පෙම්වතියක් බව කවියා පිළිබිඹු කරන්නේ ඊළග පියවරේ දී ය.

‘‘බලා වටපිට
අහුලගෙන එය
රැගෙන යමි
නිවෙස වෙත’’


මලකඩ කෑ ඇණයක් ලෙස ඉදිරිපත් කරන රූපකය කථකයාට ඉතා වටිනා වස්තුවක් බව ඒත්තු යන්නේ මෙහි දී ය. එසේ නොවන්නට කථකයාට එම රූපකය හැමට හොරෙන් අහුලාගෙන නිවසට රැගෙන යාමට අවැසිවන්නේ නැත. ඒ ඇතැම් විට මෙම කාන්තාව තමා දකීවි යන සිතුවිල්ල හේතුවෙන් කථකයා හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වන බව හඟවන ව්‍යංගාර්ථයක් ලෙස මට හැගුණි. කවියා ඊළග පියවරේ දී සමස්ත සිදුවීම් මාලාව ම එක මිටකට කැටිකර පාඨකයා වෙත විදාරණය කරන අන්දම පිළිබඳ අවධානය යොමු කරමු.


‘‘බිරිඳ එහෙමෙහෙ
වනතුරා හිඳ
අතට ගෙන එය
හරිමි හෙමිහිට
වැසුණු කුටියක
අගුළු ලූ දොර’’


මෙ අවසාන කොටසේ පද බෙදීම පිළිබඳව ද තරමක කතාබහක් ඇතිවුණි. එය කෙසේ වෙතත් මට හැඟුණු ආකාරයට නම් කථකයාගේ අතීත සිතුවිලි ලෝකය වෙත ඔහු මනසින් පියඹා යන්නේ සිය බිරිඳ තමා අසල නොගැවසෙන මොහොතක ය. ඒ, කථකයාට සිය අතීතය නිදහසේ විඳීමට ඉඩ-කඩ සලසා ගැනීම සඳහා ය. මෙහි දි කථකයා ‘‘අතට ගෙන එය’’ යනුවෙන් වක්බිණුමකින් සඳහන් කරන්නේ සිය අතීත සිතුවිලි මනසේ තැන්පත්කරගැනීම යැයි මට හැඟුණි. එමෙන් ම ඒ අතීත සිතුවිලි සියල්ල කථකයා අමතක කර දමා තිබු බව ගම්‍ය කරන්ට කවියා යොදාගන්නා වක්ක්‍රෝක්තිය ද කදිම ය.


‘‘හරිමි හෙමිහිට
වැසුණු කුටියක
අගුළු ලූ දොර’’


ඒ අතීත සිදුවිම් සියල්ල ම කථකයා කෙතෙරම් තදින් අමතක කර දමා ඇති ද යන්න මෙම රූපක හරහා කෙරෙන වයංගාර්ථයෙන් ප්‍රකට නොවන්නේ ද?

කවි රසික සංවාද මණ්ඩපය - 2018 මාර්තු 03


Jayasiri Alawatta

කේ. කේ. සමන් කුමාරගේ අලූත්ම නවකතාව ‘මාක්ස් ලයිව් ඉන් ශ‍්‍රී ලංකා’ කෘතිය 2018 අපේ‍්‍රල් මස 05 වන බ‍්‍රහස්පතින්දා සවස 3.00ට ජාතික පුස්තකාල සේවා හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී එළි දැක්වේ.

1988 සිට 2018 දක්වා ලාංකීය වාම දේශපාලනය තුළ ඇති වූ විපරීතත්වය තේමා කොට ගත් මෙම කෘතිය පිළිබඳව ‘වාම සංඝායනාවකට නිමිත්තක්’ මැයෙන් පැවැත්වෙන කතිකාවට චූලානන්ද සමරනායක, අනිල් ලාල් තිබ්බොටුවාව සහ නන්දන වීරරත්න මුල පුරනු ඇත. කතිකාව මෙහෙයවීම අසංක සායක්කාරගෙනි.

අහස ප‍්‍රකාශනයක් වන ‘මාක්ස් ලයිව් ඉන් ශ‍්‍රී ලංකා’ කෘතිය එදින විශේෂ සහන මිලකට එහිදී ලබා ගත හැක.

මෙහි කංචුක නිර්මාණය මොලා සෙනෙවිරත්න ගෙනි.

her.lk වෙබ් අඩවියේ පල වූ පුවතකි

ගෑනු හරියට පූසෝ වගෙ පුරුපුරු ගගා... කොහොමද මුරු මුරු ගගා කනකොට... මේ, විජේටයි යූලිසිස්ටයි දාපු පාට් මා එක්ක දානව නෙවෙයි. මං මේ තම්බපන්නියේ පොළව පාගපු යක්ස කොල්ලෙක්. හරි...” ඉහත දැක්වූයේ කේ. කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව වන ‘මහිලා වංශය’ කෘතියේ එන වාක්‍යයකි.

ශ්‍රි ලංකා යාපනය රේගූ දේපාර්ත්තුමෙන්තුව විසින් දීපච් චෙල්වන් රචනා කල "දෙමළ භූමිය" කෘතිය කතුවරයා වෙත භාර නොදි වාරණය කර තිබුණි. එහෙත් මෙම කෘතිය කතුවරයා වෙත අද දින භාරදී ඇත, ඒ සදහා උදවු කළ සියලු දෙනාට ස්තුති .

''தமிழர் பூமி" புத்தகம் சுங்க பிரிவால் மீளளிக்கப்பட்டது. ஆதரவு தந்தவர்களுக்கு நன்றி.

"ඔබයි මමයි කුරුල්ලන්නම් අපි කොයිඅන්දමට උඩ ඉගිලෙනවාද!කොයි විදියට පියාඹනවාද!මේ නිලෙහි එහෙනම් අපි ගිලෙනවා-නමුත් අපි කුරුල්ලන් නෙවෙයි"
"අපිට පියාපත් එන්න පුළුවං"මම කීමි.
"කොහොමද?"
"තව ටික කලක් යනකොට ඔබට තේරේවි.පොළොවෙන් උඩට අප ඔසවා ගෙන යන තරමේ හැඟීම් තියෙනවා:වෙහෙසෙන්න එපා:ඔබටත් පියාපත් ලැබේවි"
"ඔබට පියාපත් ඇවිල්ලා හේම තිබුනාද?"
"කොහොමද මම ඒකට ඔබට උත්තරයක් දෙන්නෙ?මම හිතන්නෙ නෑ මම තවම පියාසර කරල තියෙනවා යි කියලා"
ඒෂියා මදක් කල්පනාකාරී කනගාටු ස්වභාවයක් දැක්වූවාය.මම මදක් ඇය වෙතට හේත්තු වීමි.
"ඔබට පුළුවංද කැරකෙන නැටුම (භ්‍රමණ නැටුම) නටන්න?"යි හදිසියේම ඈ ප්‍රශ්ණ කලාය.
"ඔව් මට පුළුවන්" යි මදක් වික්ෂිප්තයට පත් මම කීමි.
"එහෙනම් එන්න:එහෙනම් එන්න:මම කියන්නම් මගේ සොහොයුරාට අපිට කරකෙන නැටුමට තාලයක් වාදනය කරන්න කියල.අපි හිතමු අපිට පියාපත් ඇවිල්ල අපි පියාඹනව කියල"
...................

"ඒෂියා"
ඉවාන් සේර්ගිවිච් තුර්ගේනිෆ්

මරියා ඇත්තද මේ  කියන කතාව ,
උඹ ගැබ්ගත්තා කියලා ....

ඔව් මං ගැබ්ගත්තා........

ඉතිං කෝ උඹේ බඩ ,
ආරංචියේ හැටියට උඹට හෙට අනිද්දා දරුවා ලැබෙන්න ඕනෑ ....

මං ඒ දරු  ගැබ නැති කළා .

මොනවා උඹ ඒ දරු ගැබ නැති කළා
ඒක මහා පාපයක්.......

නැහැ ඒක මං ඒ දරුවට කළා සාධාරණයක් ....
මට බැහැ තාත්තෙක් නැති  දරුවෙක්  මේ  ලෝකෙට බිහි  කරන්න .
මට බැහැ මිනිහෙක් නැතිව දරුවෙක්  එක්ක ජීවත් වෙන්න ...

ජුසේ උඹව  භාරගන්නවා කිව්වා  නේද ?
ඉතිං ඇයි උඹ දරු ගැබ නැතිකළේ....

ජුසේ නිසා තමයි මම ඒක  කළේ .....
ජුසේ කැමති නැහැ  අනුන්ගේ දරුවෙක්  එක්ක මාව භාරගන්න .

හත් දෙයියනේ ජුසේ කිව්වනේ
දෙවියන්ගේ නාමයෙන් උඹව ඌ භාරගන්න සූදානම් කියලා .

ජුසේට ජුසේගේ පරම්පරාව රකින්න ඕනෑ .
ජුසේට  ජුසේගේ බූදලය බාරදීමට ජුසේගෙම  දරුවෙක් ඕනෑ .....

ඉතිහාසයට වඩා වර්තමානය කොච්චර  වෙනස්ද දෙවියනේ ?

ඔව් ඉතිහාසයට වඩා වර්තමානය හුඟක් වෙනස් සහෝදරි....
මතකයට ගනින් මේ අපි ජීවත් වෙන්නේ ධනවාදී ලෝකයේ බව .

හිල්මි සුපුන්
20161221

මං දන්නව උඹලා ආස නෑ මගෙ දේශපාලන කතා අහන්න. කවුද කැමති දේශපාලනේට ? ඒක නිකං පිස්සුම පිස්සු පිස්සු විකාරයක් විතරයි ! හා නැද්ද ? අදාළ නෑනෙ අපිට.
දන්නවද?
දේශපාලනේ කියන්නෙ කුණුහරුපයක්.
ෂ්............................................
වැඩිය හයියෙන් කියන්න එපා.
අම්මට ඇහෙයි.
ඇහුණොත් ගහයි කොස්ස කැඩෙනකං.
මං එහෙම කිව්වම පිටිපස්සෙම පේළියේ හිටපු එකෙක් දත් ටිකත් විලිස්සගෙන කටත් බාගෙට උල් කරගෙන මෙහෙම කිව්වා.
"යෝ බ්‍රෝ..........! දේශපාලනේ සෙට් වෙන්නෙ නෑ අපිට. අපි සැපේ ඉන්නෙ."
ඔව් ඔව්. ඒක හැබෑව. මට පේනව.
එතකොට ඔයාල කැමති මොනවටද ?
"අපි කැමති රෝස මල් වලට.......!"
ඔක්කෝමලා අත් උස්සගෙන එක හඬින් කෑ ගැහුවා.
හොඳයි.
එහෙනම් මම අද ඔයාලට රෝස මලක් ගැන කතාවක් කියන්නම්.
ඔන්න එකෝමත් එක රටක රෝසම රෝස පාට රෝස මලක් තිබුණා. මේ රෝස මල පිපිල තිබුණෙ රෝසම රෝස පාට රෝස මල් පිරුණු රෝස ගහක. ඔව් ඉතින්......රෝසම රෝස පාට රෝස මලක් රෝසම රෝස පාට රෝස මල් තියෙන රෝස ගහක ඇරෙන්න වෙන කොහේ පිපෙන්නද නේද ?
වපසරිය උල් කටු වලින් වට වුණු තද කොළ පාට පත්‍ර අස්සෙන් එබිකම් කර කර ඉඳල, අන්තිමේදි හිරු කිරණක එල්ලිලා යන්තම් උඩට නැගගත්තා මේ රෝස මල. දැන් ඈත ඉන්න කෙනෙකුට වුණත් බජිරි පඳුරු වලින් වෙන් කරල රෝස පඳුර අඳුරගන්න පුළුවන්. ඇස් වලට නොපෙණුනත් සුවඳින් නම් හැතැප්ම ගාණක් දුර තියා වුණත් අඳුරගන්න පුළුවන්.
නැගෙනහිර ඉඳන් බස්නාහිරට හැල්මෙ දුවන හීන් හුළඟට මේ රෝස මලේ රෝස සුවඳ එකතු වුණා. ඒක ගනුදෙනුවක්. අලුතින් පූදින රෝස දලු වලට වෙරළබඩ හුළඟෙන් ප්‍රාණ වායුව අරගෙන ඇවිත් රෝස සුවඳත් එක්ක හුවමාරු කරගන්න එක තමයි මේ හුළඟෙ රාජකාරිය. ඒ හුළඟෙන් රෝස පඳුරට ජීවත් වෙන්න හුස්ම ලැබුණා. ඒ රෝස මලෙන් හුළඟට හැමතැනම පතුරවන්න සුවඳ ලැබුණා. ඒ සුවඳත් කැටි කරගෙන මේ හුළඟ හැමතැනම හමාගෙන ගියා.
ඔව්........................
හැමතැනම.
අස්සක් මුල්ලක් නෑර හැමුවා.
කිරි කපන සියාතුලගෙ ගොම මැටි ගහපු කුස්සියේ වරිච්චි බිත්තියේ ඉරි තැලුණු තැන් වලින් වැඩි අමාරුවක් නැතුවම මේ හුළඟට රිංගන්න පුළුවන්. අන්තිම තෙල් ඩිංගෙන් නිවි නිවී පත්තු වෙන ලන්තෑරුමේ දැල්ල වටේ රවුමක් හිමීට කැරකිලා, කිරි ඉල්ලල අඬ අඬා ඉන්න සියාතුගෙ අලුත උපන් පොඩි එකාට රෝස මල් සුවඳෙන් ටිකක් බෙදුවා. කිරිසප්පය කට වහගත්තා. ඌට තව හෝරා දෙක තුනක් නාඩ ඉන්න මේ සුවඳ හොඳටම ප්‍රමාණවත්. චූටි කිරි පාට ඇඟිලි වලින් පොරවල තිබුණු චීත්ත රෙද්ද ගුලි කරගෙන ඌ එහාට මෙහාට පෙරළි පෙරළි ඳැඟලුවෙ වැඩිපුර සුවඳ ටිකක් අල්ලගන්න බලාපොරොත්තුවෙන්. උට ලෝබ හිතෙන්න ඇති රෝස සුවඳට.
ගල් වලේ ගල් කඩන උක්කුවාගෙ පැලේ වියාපු පොල් අතු වල පොල් කොළ දෙකක් අතරින් රිංගන එක මේ හුළඟට ලේසි වැඩක්. දිරාපු පොල් කොළ අව්වට ඇකිළිලා තැන් තැන් වල ලොකු හිල් මතු වෙලා තිබුණා. දවල්ට ගල ගිනියම් වුණාම කොහොමත් පැලට රස්නෙ දැනෙනව වැඩී. ඒ රස්නෙට පොල් කොළ තවත් ඇකිළුණා. නමුත් ඒ හිල් ලොකු වෙන තරමටම වැඩි වැඩියෙන් හුළඟ උක්කුවගෙ පැලට ඇතුළු වුණා. ඒ නිසා උක්කුවට අනිත් අයට වඩා වැඩිපුර රෝස සුවඳ දැනුණා. ගල්වලේ ගිනියම ඩිංගක් හරි අඩු වුණේ ඒ සුවඳ හින්ද කියලයි උක්කුවට හිතුණෙ.
මීට හාර මාසයකට උඩදි දර කපන්න රක්ෂිතයට ගිය වෙලාවක අලිය ගහල හාමිනේ අන්තරා වුණාට පස්සෙ ගුණදාස කවදාවත් ගෙදර ගියේ නෑ. ගෙදර ගියොත් බැලූ බැලූ හැමතැනකම හාමිනේගෙ මූණ පේනව කියල උන්දැ විල්ෆ්‍රඩ් මාමගෙ කඩ පිලේ නිදාගන්න පුරුදු වුණා. දවසෙ කොයි වෙලේ බැලුවත් කටගොන්නක් බීගෙන මදුරුවො තල තල කඩපිලේ වැටිල ඉන්න ගුණදාසගෙ තනියට හිටියෙත් රෝස මල් සුවඳ විතරමයි. කිසිම බාධාවකින් තොරවම මල් සුවඳ ඔහු වටේ එතුනා. හාමිනේගේ අහිමි වුණු ආදරේ ඒ මල් සුවඳෙ කොහේ හරි කොණක ඇති කියල හිතල ගුණදාස හිත හදාගත්තා.
හැමෝටම සුවඳ බෙද බෙද ගම පුරා ඇවිද්දට කාගෙන්වත් සතයක්වත් අය කළේ නෑ මේ හුළඟ. එහෙම අය කරන්න අයිතියක් තිබුණෙත් නෑ හුළඟට. සුවඳ අයිති මලට. ඒත් මල වුණත් කවදාවත් අයිතිවාසිකම් කිව්වෙ නෑ සුවඳට. ඒක මලේ වගකීම. මල් පූදින්නෙ සුවඳ විහිදුවන්න මිසක් වෙන මොකටද ? මල හිතුවෙ එහෙමයි. මේ චක්‍රය දිගටම ගලාගෙන ගියා. කාගෙවත් බාධාවක් නැතිවම.
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ඒරොප්පෙන් මහත්තයෙක් ඇවිත් ගමේ අලුත් ෆැක්ටරියක් දැම්මා. රෝස පඳුර බුල්ඩෝසරේට යට වුණා. මල් සුවඳ හොයාගෙන හමාගෙන ආපු හුළඟට අන්තිමට හම්බ වුණේ දූවිලි ටිකක් විතරයි. ඒ දූවිලිත් අරගෙන හුළඟ ගමේ හැමතැනම පියෑඹුවා. වරිච්චි බිත්ති අස්සෙන්, වියාපු පොල් අතු අස්සෙන් පුංචි පුංචි දූවිලි අංශු හැමතැනම රිංගුවා. විල්ෆ්‍රඩ් මාමගෙ කඩපිල එකම දූවිලි වලාවකින් වැහිල ගියා. ආයෙ කවදාවත් රෝස මල් සුවඳ දැනුණෙ නෑ. සියාතුගෙ පොඩි එකා දිගටම ඇඬුවා. උක්කුවා අව්වටම පිච්චිලා ක්ෂය වෙලා ගියා. ගුණදාස ආයෙමත් කරබාගෙන ගෙදර ගියා. මූසලකම දරාගන්න බැරුව බාල්කෙ එල්ලිලා මැරුණා.
ෆැක්ටරිය හොඳට දියුණු වුණා. ඒකෙ රෝස මල් සුවඳට සුවඳ විලවුන් හැදුවා. රුපියල් 350ක් වගේ පුංචි මුදලකට රෝස පාට ලේබලේ තියෙන සුවඳ විලවුන් කුප්පියක් මිලදී ගන්න ඔයාටත් පුළුවන්.
ඔන්න ඕකයි රෝස මලේ කතාව !
අසා සිටි ඔබ සැමට ස්තූතියි.
මං සමුඅරගෙන ආවා.

-දේශාන් නිම්රොද් ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගන්නා ලදී-

Advertisement
Sign up via our free email subscription service to receive notifications when new information is available.

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.