26
Thu, Apr

 ලෝක කම්කරු දිනය යෙදී ඇති මැයි 01 දා රජයේ ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දිනයක් ලෙස කලින් නම්කර තිබුණ ද වෙසක් සතියේ දී මැයි පෙළපාලි හා රැළි පැවැත්වීම ආගමික උත්සවවලට විය හැකි බැවින් මැයි රැළි වෙනත් දිනයක පවත්වන ලෙස මහා නායක හිමිවරුන්ගෙන් ලැබී තිබූ ඉල්ලීම සළකා බැලූ රජය මැයි රැළි හා පෙළපාලි පැවැත්වීම සඳහා මැයි 07 වැනි දිනය යොදා ගෙන ඇත.

ඒ අනුව ස්වදෙශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනට පැවරෙන බලතල අනුව එම නිවාඩු දින වෙනස් කරමින් අංක 2066/17 දරණ ගැසට් නිවේදනය 2018 අප්‍රේල් මස 10 අඟහරුවාදා අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කරනු ලැබීය.

එම නිවේදනයේ මෙසේ දැක්වේ

1979 අංක 29 දරන නිවාඩු පනතේ 10(1)(ආ) වගන්තිය හා 11(1)(ආ) වගන්තිය යටතේ නියමය 1979 අංක 29 දරන නිවාඩු පනතේ 10(1)(ආ) වගන්තියෙන් හා 11(1)(ආ) වගන්තියෙන්
මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වන මම, ජාතික වෙසක් සතිය 2018 අප්‍රේල් මස 26 දින සිට 2018 මැයි 02 වන දින දක්වා යෙදීම හේතුවෙන්, ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018 මැයි 01 වන අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගුකර ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි මස 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක්
විය යුතු බව ද මෙම නියමය මගින් ප්‍රකාශ කරමි.

වජිර අබේවර්ධන
ස්වදේශ කටයුතු අමාත්‍ය

අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කළ අමාත්‍ය කබීර් හෂීම් මහතා ද පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

මේ අතර අද (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නව නිලධාරී මණ්ඩලය අප්‍රේල් මස 30 වැනි දිනට පෙර පත් කරන බවයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට  උදෑසන සිට පොලිස් කැරළි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් මෙන්ම, වෙනත් හමුදා භට පිරිස් රැදී සිටීම විශේෂත්වය විය.

මේ පිළිබඳව සොයා බැලීමේ දී අනාවරණය වූයේ කටුනායක ගුවන් තොටුපොළ තුළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මඟින් සංවිධානය කළ සේවක විරෝධතාවක් අද දහවල් 12.30 ට ගුවන් තොටුපොළ තුළ පැවැත්වීමට සැලසුම් කර තිබීමයි.

1994 වසරේ සිට සෑම වසර 03 ට වරක් සේවක වැටුප් වැඩිවීමක් ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව එම වැටුප් වැඩිවීම මෙම වසරේ දී ක්‍රියාත්මක වීමට නියමිත බවත්, ඒ සඳහා එක් සේවකයෙකුට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට වූ ඉල්ලීම විෂයභාර අමාත්‍යවරයාට ඉදිරිපත් කළ විට , ඔහු එය ඉරා ප්‍රසිද්ධියේ කුණු කූඩයට දැමීම මෙම විරෝධතාවයේ ප්‍රධානතම කාරණාව බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති එම්.ඩබ්ලිව්.පී.මුහන්දිරම් මහතා පැවසීය.

මෙම රුපියල් 10,000 මුදල ගුවන් තොටුපොළ සේවකයින් මෙන්ම , එහි නිලධාරීන් එක්ව දින ගනනාවක් සාකච්ඡා කර ගත් තීන්දුවක් බවද හෙතෙම පැවසීය.

මෙම ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පසුගිය වසරේ රුපියල් බිලියන 11 ක ලාභයක් උපයා ඇති බවත් , සේවකයින්ගේ මෙම වැටුප් වැඩිකිරීම සදහා වැය වන්නේ එයින් 0.98 ක ප්‍රමාණයක් බවත් මුහන්දිරම් මහතා පැවසීය.

මෙම වැටුප් වැඩි කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය ආයතනය සතුව පවතින බවත්, එසේ තිබියදීත් විෂයභාර අමාත්‍යවරයාගේ ක්‍රියා කළාපය අසාධාරණ බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඊට අමතරව කටුනායක ගුවන් තොටුපොළ නියෝජ්‍ය ආරක්ෂක මාර්ෂල් (විමර්ශන ) තනතුරෙහි නියැලී සිටින ද්‍රවිඩ ජාතික නිලධාරීවරයා , ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් පිටස්තර පුද්ගලයකු යොදවා , එහි භාණ්ඩ පිට කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ආයතනය කිසිදු පියවරක් නොගැනීම සහ ගුවන් තොටුපොළ සතු දුරස්ථ රථ ගාල් විෂයභාර අමාත්‍යවරයාගේ නෑදෑ හිතවතුන්ට උපක්‍රමශීලීව පැවරීමට එරෙහිවත් මෙම විරෝධතාව දියත් කරන බව මුහන්දිරම් මහතා පැවසීය.

මෙසේ තම ඉල්ලීම්වලට පාලක පක්ෂය යහපත් ප්‍රතිචාර දක්වන්නේ ද යන්න හෙට(03) දින පෙරවරු 9.00 තෙක් බලා සිටින බවත් , එසේ නොවුනහොත් තමන් එතැන සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බවත් මුහන්දිරම් මහතා පැවසීය.

මෙම වැඩ වර්ජනය සඳහා කටුනායක , මත්තල , රත්මලාන ඇතුළු සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අත්තිඩිය සම්ප්‍රේෂණ හුවමාරු මධ්‍යස්ථානයේ මෙන්ම , පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් ද ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම වැඩ වර්ජනයට සහාය ලබා දීමට ඉදිරිපත් වී ඇති බවත් මුහන්දිරම් මහතා වැඩිදුරටත් පැවසීය .

ඉදිරි දින දෙක තුළ දී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
මෙය කැබිනට් සංශෝධනයක් නොවන බවත් නව කැබිනට් මණ්ඩලයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 නව කැබිනට් මණ්ඩලයක් ලෙස මෙය පත් කරනු ලැබූවද බොහෝ අමාත්‍යාංශ වෙනස් නොවන බවත්, එහෙත් නව කැබිනට් මණ්ඩලයක් ලෙස දිවුරුම් දීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලයෙන් කිහිප දෙනෙකු ඉවත් විමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසූ බවත් ඔවුන් ඉවත් වූ පසු නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව පැවසු බවත් පවසයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කටයුතු කළ කිසිවෙකුටත් අමාත්‍ය මණ්ඩලයේ රැඳි සිටිය නොහැකි බව තම ස්ථාවරය වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ ඉදිකර තිබෙන සූර්ය බලශක්ති පද්ධතිය විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතින් විවෘත කළ අතර එම සමරු ඵලකය නිරාවරණය කර බලද්දී උතුර දකුණ මාරුකර සකසා ඇති බවක් දැක ගන්න ලැබුණි.

වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර නැගෙනහිර සංවිධායකවරයා ලෙස නම් කර ඇති අයුරක් දකින්නට ලැබුණි
.
අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ අලුතින් ඉදි කෙරුණු නව සූර්ය බලශක්ති පද්ධතිය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගිය (31) වනදා විවෘත කෙරුණු අතර රෝහල් භූමියේදී අමාත්‍යවරයා නිරාවරණය කළ සමරු ඵලකයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ‍ලේකම් දුමින්ද දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර අනුරාධපුර සංවිධායක ලෙස නම් කර තිබුණි.

එහි අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ නමද සටහන් කර තිබූ අතර ඇය එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර අනුරාධපුර සංවිධායක ලෙස නම් කර නොතිබුණි.

රුසියාවේ ශාන්ත පීටස්බර්ග්හි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලයේ සේවය කරන ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් නිලධාරින් 60 දෙනෙකු පිටත්කර යැවීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් නිවේදනය කර ඇත්තේ අදාළ ඇමෙරිකානු නිලධාරින් පිටත්කර යවා ඇමෙරිකානු කොන්සල් කාර්යාලය වසාදමන බවයි.

එංගලන්තයේදී හිටපු රුසියානු ඔත්තු සේවා නිලධාරියෙකු සහ ඔහුගේ දියණිය ඝාතනය කිරිමට තැත් කිරිමේ චෝදනා එල්ලවීමත් සමඟ යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබීය.

එංගලන්තයේ සිය රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් 23 දෙනෙකු පිටත්කර යැවීමත් සමඟ අර්බුදය තවත් උග්‍ර විය.

පසුගියදා ඇමෙරිකාව විසින්ද රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පිරිසක් පිටත් කර යැවිමට පියවර ගෙන තිබිණි.

ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව මෙම තීරණයට එළඹ ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාතික ආගමික උත්සවයක් නිසා මැයි දිනය වෙනස් කරන්න හෝ වෙනත් කුමන කරුනක් නිසාවත් වෙසක් දිනය වෙනස් කළ නොහැකි බැවින් තම පක්ෂය මැයි දිනය යාපනේ සමරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසයි.
ජ.වි.පෙ. ඊය‍ෙ (11)කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. වෘත්තිය සමිති නායකයා ප්‍රකාශ කලේ මේ රටේ විශාලතම වෘත්තිය සමිති හිමි පක්ෂය වශයෙන් මැයි දිනය උරුමය තම පක්ෂයට හිමිවන බවද කීය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද ප්‍රකාශ කළේය.


“රටේ ජාතික ආගමික උත්සවයක් නිසා මැයි දිනය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම වෙන කුමක් හෝ කරුණක් නිසා, වෙසක් දිනය වෙනස් කරන්නත් පුළුවන් කමකුත් නැහැ. කොළඹ පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය නිසා, මැයි 1දා කොළඹදී මැයි දිනය සමරන්න බාධාවක් තිබෙනවා. එනිසා තමයි 1දා යාපනයේදී අපි මැයි දිනය පවත්වන්නේ. නායක ස්වමීන්වහන්සේලා ඉල්ලා තිබුණේ වෙසක් උත්සවයට බාධාවක් නොවන විදිහට මැයි දිනය සමරන්න කියලා. උන්වහන්සේලාගේ ඉල්ලීම ඉතාම සාධාරණයි. යාපනයේදී මැයි දින සැමරීම වෙසක් උත්සවයට බාධාවක් නොවන නිසා, අපි යාපනයේදී මැයි දිනය සමරනවා. එනිසා ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම අතර, ගැටුමක් නැහැ. “

ගෘහ සේවක,සේවිකාවන්ටත් ඉදිරියේ දී අර්ථ සාධක අරමුදල් ගෙවීමට අවශ්‍ය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න පැවසීය.

 පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.පොළොන්නරුව කදුරුවෙල නගරයේ මෙම නව කම්කරු කාර්යාලය ස්ථාපනය කර ඇත.

අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත මෙම තෙමහල් කම්කරු කාර්යාල සංකීර්ණය ඉදිකිරීම වෙනුවෙන් රජය ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 158කි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ විවිධ ආයතන 3,000කට ආසන්න ප්‍රමාණයක, සේවක සේවිකාවන් 50,000 කට පමණ මෙම නව කාර්යාලය මගින් දෛනික සේවාවන් ලබා ගත හැකිය.

“අපේ රටේ අවම වැටුප දැන් රුපියල් 10,000 යි.එම නීතිය අනුව කිසිදු සේවකයෙකුට රුපියල් 10,000 අඩුවෙන් පඩි ගෙවන්න බැහැ. ගෘහ සේවක සේවිකාවනුත් එම නීතියට ඉදිරියේ ඇතුල් කරනවා. ඒ වගේම ළමයි දෙදෙනෙකුට පමණක් සීමා වී තිබූ ප්‍රසූත නිවාඩු අයිතිවාසිකමත් සිමාවකින් තොරව ලබා දිමටත් දැන් අවශ්‍ය නීති සම්පාදනය කර තිබෙනවා.එයත් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා. ” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

කංසා ලංකාවෙ තහනම් වෙන්නෙ 1818 වෙල්ලස්ස කැරැල්ල මර්ධනය කිරීමේ උපායක් විදිහට.. සුද්දගෙ මේ තහනම කලු සුද්දොත් දිගටම පවත්වාගෙන යනවා තාමත්.. ඒ කිසිම සොයා බැලීමක් නැතුවම. මෝඩ විදිහට..ඇත්තටම මේ ශාකය පහල වෙල්ලස්සෙ හොදට සරුවට වැවෙනවා. එදා කුරහන් ප්‍රධාන ආහාරය වූ මේ කලාපයේ කංසා නොයේක් ක්‍රමයට ආහරයට ගත්තා. බොහෝ තැන්වල තවමත් එහෙමයි.. පැරැණි මිනිසුන්ගේ කාය ශක්තිය ලිංගික ශක්තිය වගේ දේවල් වලට මේ ශාකයේ ගුනය බලපෑමක් කරන්න ඇති.. කොහොම උනත් මට හැමදාම හිතෙන දෙයක් තමයි මේ කලාපයේ පැතිරිලා තියෙන දුප්පත්කම නැතිකරන්න මේ බෝගයට හොද හැකියාවක් තියෙනවා කියන එක. මේක වානිජව වගාකරන්න මේ මිනිසුන්ට ඉඩදීමෙන් තමයි මේක කරන්න පුලුවන් . ලංකාවේ හැම කලාපයකම වී වගාව කලයුතුයි කියන මෝඩ අදහසින් අපි දැන්වත් මිදිය යුතුයි. පාඩු ගෙනදෙන වී වෙනුවට මෙවැනි බෝග සිටුවීම පිලිබදව අපි නැවත නැවතත් සිතා බැලිය යුතුයි. අද මේ බෝගය ආශ්‍රිත නිපැයුම්වලට ලෝකය පුරා තිබෙන්නෙ ඉහල ඉල්ලුමක්.... මේ කෙටි සටහන ලියන්න හිතුනේ මුහුනු පොතින් උපුටන මේ පහල සටහන සදහායි.... කංසා ගැන නැවත සිතමු..

කංසා (පිරිසිදු මරිජුවානා)
මත්ද්‍රව්‍ය අතරින් ගංජා ලෝකය තුළ ඉතා ජනප්‍රියයි. මේකට බලපාන විවිධ හේතු කරණා පවතිනවා. ලංකාව තුළ වගේම ලෝකය තුළත් ගංජා ඈත අතීතයේ සිටම මිනිසුන් විවිධ කටයුතු සඳහා භාවිතයට ගත් ඖෂධයක්.

ලංකාවේ ඖෂධයක් ලෙස වගේම මත්ද්‍රව්‍යයක් ලෙස ජනප්‍රියව පැවති ගංජා තහනමට ලක්වන්නෙ සුද්දන්ගෙ කාලේ. එතකම් අපේ මිනිස්සු කරදරයකින් තොරව ඉහත දෙවිදියටම ගංජා පාවිච්චි කරා. ඇමරිකාව එංගලන්තය වැනි රටවල පවා ගංජා නීත්‍යානුකූල කිරීම පිළිබඳ විශාල කතා බහක් ඇතිව තිබෙනවා. මේ බොහෝදෙනෙක් නගන තර්කය වන්නේ ගංජා මත්පැන්වලට වඩා ආරක්‍ෂිත මත්ද්‍රව්‍යයක් වීම සහ ශරීරයට හිතකර ද්‍රව්‍යක් වීමයි. ඉතා මෑතකදී ඇමරිකානු රජයේ සෞඛ්‍ය ආයතන කිහිපයක් එකතුවෙන් සිදුකළ පරීක්ෂණ හරහා තහවුරුවී තිබෙන්නේ වාහන පැදවීමේදී ගංජාවලට වඩා මත්පැන් තුළින් අහිතකර බලපෑමක් සිදුවන බවයි. මෙයට හේතුව පැහැදිලි කරන විශේෂඥයන් පවසන්නේ ගංජා පානය කරන්නන්ට අවධානය එක තැනක තබාගැනීමට පහසුවීම නිසා වාහන පැදවීමේදී අනතුරු මග හරවමින් ධාවනය කිරීමේ හැකියාවක් ලැබෙන නමුත් මත් පැන් පානය කිරීමෙන් පසු අවධානම් දැරීමේ ආසාව වැඩිවන හෙයින් මත්පැන් වලට වඩා ගංජා ආරක්‍ෂිත බවයි. මිට අමතරව ගංජා තුළින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ පරීක්ෂණ රැසකින් තහවුරුවී තිබෙනවා.

ශරීරයේ බර අඩු කිරීමට
ගංජා පාවිච්චි කරන්නන් සාමාන්‍යයෙන් සිහින් සිරුරැති බව අනාවරණය වී තිබෙනවා. හාවර්ඩ් විශ්ව විද්‍යාලය, Nebraska විශ්ව විද්‍යාලය සහ බෙත් ඊශ්‍රායල වෛද්‍ය මධ්‍යස්ථානය සිදුකළ පරීක්ෂණ හරහා මේ බව තවුරුව තිබෙනවා. මේකට හේතුව ගංජා තුළින් දිනකට කැලරි 600ක් පමණ දහනය කිරීමයි.

දියවැඩියාව නැති කිරීමට
ගංජා දියවැඩියාව නැසීමේ ඖෂධයක් ලෙස ක්‍රියාකරනවා. ඇමරිකානු සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ ආයතනය පවසන්නේ ගංජාවල අඩංගු tetrahydrocannabinol (THC) නම් රසායනිකය මගින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිශතය පාලනය කරන බවයි.

ආතතිය
විවධ පරීක්ෂණ හරහා තවුරුව ඇත්තේ ගංජා නිතර පාවිච්චි කරන්නන් තුළ ආතතියේ ලක්ෂණ දක්නට නොලැබෙන බවයි.

ග්ලුකෝමා සඳහා හොඳ ඖෂධයකි
ග්ලුකෝමා රෝගයෙන් පෙලෙන්නන් ගංජා ඉරීමෙන් අන්ධවීමේ අවධානමෙන් මිදිය හැකි බව පැවසෙනවා. මීට හේතුව ඇසේ රුධිර පීඩනය පාලනය කිරීමට ගංජාවලට හැකියාවක් පැවතීමයි. ඇමරිකානු ජාතික අක්ෂි ආයතනය වසර ගණනාවකට පෙර සිදුකළ පරීක්ෂණයක් හරහා අනාවරණය වී ඇත්තේ ග්ලුකෝමා රෝගීන්ගේ රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ගංජා සතුව පවතින බවයි.

ඒඩ්ස් සඳහා ඖෂධයක් ලෙස
මින් පෙර සඳහන් කළ ආකාරයට ගංජා තුළ අඩංගු tetrahydrocannabinol (THC) වඳුරන් තුළ ඒඩ්ස් පැතිරීම පාලනය කරන බව හෙළිව තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ මෙම රසායනිකය දිනපතා ලබාදුන් වඳුරන්ගේ සෛල ලබා නොදුන් වඳුරන්ට වඩා හොද තත්ත්වයෙන් පැවතුනු බවයි. නමුත් මේ වනතෙක් මේ පිළිබඳ මිනිසුන් යොදාගෙන පරීක්ෂණ සිදු කර නැහැ. .

පිළිකා රෝග මර්දකයක් ලෙස
2012 වර්ෂයේ සිදුකළ පරීක්ෂණයක් හරහා තහවුරුව ඇත්තේ ගංජා පිළිකා පැතිරීම පාලනය කරන බවයි. බ්‍රිතාන්‍ය තුළ ගංජා යොදාගෙන ලියුකේමියා රෝගය සුව කර තිබෙනවා. පිළිකා පිළිබඳ පරිෂණ පවත්වන Molecular Cancer Therapeutics ආයතනය මෙය තහවුරු කර තිබේ.

මිග්‍රේන් සඳහා
ගංජා තුළ තිබෙන ශරීරය සිහිල් කිරීමේ ස්වභාවය නිසා මිග්‍රේන් නිසා ඇතිවන වේදනාව පාලනය කරයි. එය විවිධ වර්ගයේ ඇස්ප්‍රීන් ඖෂධයන්ට වඩා සිය ගුණයක සහනයක් ලබාදෙන බව පැවසේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ බොහෝ වෛද්‍යවරුන් ඉරුවාරදය එහෙම නැත්තම් මිග්‍රේන් සඳහා ඖෂධයක් ලෙස ගංජා භාවිත කරයි.

නිර්මාණශිලිත්වය වර්ධනය කරයි
ගංජා නිතර භාවිත කරන්නන් තුල නිරමණශීලීත්වය සහ කතාකිරීමේ හැකියාව වර්ධනය වන බව විශේෂඥ මතයයි.

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.