27
Fri, Apr

සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි මහතා අද (21දා) දින පස්වරු 1.00ට ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මිහාල් මහතාට රහස් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.

හේමන්ත අධිකාරි මහතා මෙම ඝාතනය සිදු වන වකවානුවේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළේය.
ඉකුත් 16 වැනිදා නීතිඥවරයකු මාර්ගයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම රහස් ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමකට අනුව හේමන්ත අධිකාරි මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග ලබාදී තිබිණි.

මේ වනවිටත් මෙම ඝාතන සිද්ධියට අදාළ සාක්ෂි විනාශ කිරීම, තොරතුරු වසන් කිරීම, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම ආදී චෝදනා සම්බන්ධයෙන් සැකපිට හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පළාත් පාලන ආයතන 340ක් සඳහා පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවති මැතිවරණයෙන් පාලක සන්ධානයට බරපතල පරාජයක් අත්කර දෙමින් ආයතන බහුතරයක් ජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් පොදු ජන පෙරමුණ සමත්විය.

එහෙත් මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී සතියකට අධික කාලයක් ගත වී ඇතත්, තවමත් එම ආයතන පිහිටුවා නැත.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ එක් එක් දේශපාලන පක්ෂවලින් පත්කළ යුතු කාන්තාවන් සංඛ්‍යාව තීරණය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් අදාළ ආයතනවල පාලනය පිහිටුවීම මඳක් ප්‍රමාද වූ බවයි.
ඉදිරි සති කිහිපය ඇතුළත එම කටයුතු නිමා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

 

"ඒ ඒ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් ජයග්‍රහණය කරලා තියෙනව නම්, නගරාධිපති හෝ නියෝජ්‍ය නගරාධිපති පත්කරන්න කියල අපේ තේරීම් භාර නිලධාරීන් ඒ පක්ෂයට හෝ කණ්ඩායමට දන්වනවා," සභාපතිවරයා පැවසීය.
"ඒ වගේම සභාපති සහ උප සභාපති පත්කිරීම ඒගොල්ලන්ට ඉබේම හම්බවෙනවා. "

එමෙන්ම සභාපතිවරයා පෙන්වාදෙන ආකාරයට, සමානුපාතික නියෝජනය යටතේ අදාළ සභාවල ඒ ඒ පක්ෂයට ලැබෙන සභිකයන් සංඛ්‍යාව, කොට්ඨාස ක්‍රමය මගින් පත් වූ පිරිසට වඩා වැඩි නම් එහිදී සිය නාමයෝජනා පත්‍රවලින් ඒ සඳහා අපේක්ෂකයන් නම් කිරීමට අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට අවස්ථාව හිමිවේ.

කැබිනට් මණ්ඩල සංශෝධනයක් හෙට(21) දිනය තුළ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ පැවති ගැටලුකාරී තත්ත්වය සමතයකට පත්වීමත් සමඟ ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙයි.

මෙහිදි දැනට පුරප්පාඩුව පවතින අමාත්‍යාංශ සඳහා නව අමාත්‍යවරුන් පත්කිරීමට නියමිතව තිබේ.

බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දරන අමාත්‍යාංශ පමණක් සංශෝධනය වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන තුරු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවේ රැදී සිටීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට තීරණය කර තිබේ..

සුරාබදු ආඥාපනත යටතේ නඩු පැවරීමට පොලිසියට නෛතික බලයක් නොමැති බවට දකුණු පළාත්බද මහාධිකරණය තීන්දු කළේය.

ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එම තීන්දුව ප්‍රකාශයට පත්කළේ, බීර බෝතල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට එරෙහිව විත්තිකරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාග කළ අවස්ථාවේය.

කොග්ගල පදිංචි අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයේ වගඋත්තරකරුවන් ලෙස නිතිපතිවරයා සහ අහංගම පොලීසියේ ස්ථානාධිපතිවරයා නම් කර තිබිණ.

2017 මාර්තු 28 වන දින අහංගම නගරයේ සිට වැල්හේන්ගොඩට ප්‍රදේශයට ත්‍රීරෝද රථයකින් බීර බෝතල් හතළිස් අටක් ප්‍රවාහනය කරමින් සිටියදී විත්තිකරු අත්අඩංගුවට ගත් අහංගම පොලිසිය, සුරාබදු ආඥාපනතේ 46 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

විත්තිකරුට එම චෝදනා පත්‍රය භාරදීමට පෙර මහේස්ත්‍රාත් අධිකරණයේදී මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළ ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා සුරාබදු ආඥා පනතේ 52 වගන්තිය යටතේ නඩු පැවරිමට පොලිසියට බලයක් නොමැති බවට කරුණු දැක්වීය.

එහෙත් එම විරෝධතාව ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, සුරාබදු නඩු පැවරිමට පොලිසියට බලයක් තිබෙන බවට 2017 අප්‍රියල් 27 වන දින තීන්දු කළේය.

මෙම නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා දෙන ලද තීරණය නිෂ්ප්‍රභා කරන ලෙසත්, සුරාබදු ආඥා පනතේ 46 වගන්ති යටතේ නඩු පැවරීමට පොලිසියට බලයක් නොමැති බවට තීරණය කරන ලෙසත් ඉල්ලා විත්තිකරු විසින් අදාළ අභියාචනය ඉදිරිපත් කර තිබිණ.

ලෝකයේ සීග්‍රයෙන් වර්දනය වෙන බෝ නොවන රෝග අතරින් තුන් වෙනි තැනට තියෙන රෝගය විශාදය හෙවත් Depression ගැන තමයිමේ කතාව. තව වසර දහයකින් ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් මේ රෝගී තත්වයට ගොදුරු වෙන්න පුලුවන් 
අද රටේ බොහෝ සියදිවි නසාගැනීම් වාර්තා වෙනව. බොහෝ සියදිවි නසා ගැනීම් වලට මූලික හේතුවක් වෙන්නෙ මේ විශාදය කියන රෝගී තත්වය. මුලදිම හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට ගියොත් ජීවිත හානි වලක්වා ගන්න පුලුවන්. ඔබට /ඔබේ අවට සිටින මිතුරාට මේ පහත ලක්ශන තියෙනව නම් ඒ වෙනුවෙන් ඔබෙ වටිනා කාලය ටිකක් වැය කරල. ඔහු / ඇය වෛද්‍යයවරයෙක් වෙත යොමු කරන්න කාරුනික වෙන්න..

එයා මෙදවස්වල "Depress" වෙලා ඉන්නෙ. මට "Depression" න් වගේ. මෙහෙම කිව්ව කියල එයාටවත් ඔයාටවත් විශාදය කියල එකපාරට තීරනය කරන්න බැහැ.

ඉතිං මේ කියන තත්වය හඳුන ගන්න ලක්ෂණ කීපයක් තියෙනව. මේ ලක්ෂණ කොටස් දෙකකට බෙදමු. ප්‍රධාන සහ උප ප්‍රධාන ලක්ෂණ.

ඔන්න මම දැන් කතාකරන්නෙ ප්‍රධාන ලක්ෂණ (core symptoms) ගැන.

1. Depress mood: දුක්මුසු මුහුණ (මේක ලංකාවෙ මිනිස්සුන්ගෙ හඳුන ගන්න ටිකක් අමාරුයි. විශේෂයෙන් ආසියාවෙ කාන්තාවො මොන අවුල තිබුනත් ඒක වහගෙන යටපත් කරගෙන වෙන මූණක් එලියට පෙන්නගෙන ඉන්නෙ. මූණ දැක්කහම මෙයාට මොන Depression ද කියල හිතෙන්නත් පුලුවන්. හැබැයි යුරෝපයේ අයනම් හිතේ තියෙන දේම තමයි මුහුණෙන් පෙන්නගෙන ඉන්නෙ, එතකොට හඳුන ගන්න ලේසියි )

2. Lack of Enjoyment / Pleasure: කිසිම රසවින්දනයක් නැහැ. කට්ටියක් එක්ක ඉන්නවිට අනිත අය සින්දු කියනවා කියල හිතමු, ඒත් මෙයාට එහෙම කැමැත්තක් නැහැ. අපි කියන්නෙ කිසිම interest එකක් නැහැ කියල. මෙතනදි සමහරු මත් පැන් සිගරැට් ආදියට ඇබ්බැහි වෙන්නත් පුළුවන්. එහෙම වෙනවා කියන්නෙ ඉතින් කබලෙන් ළිපට වැටුන වගේ වැඩක්. මොකද මත්පැන් කියන්නෙ depressor එකක් නැත්නම් විශාද ජනක දෙයක්.

3. Lack of energy: නිකං හුලං බැහැලවගේ. ටිකක් වැදගත් විදිහට කිව්වොත් කායික සහ මානසික වශයෙන් තමන් අත්විඳින ශක්තිය හීනවීම. එදිනෙදා වැඩ කරගන්න කිසි fit එකක් නෑ වැගේ. මේකට APR කියලත් කියනව, ඒ කියන්නෙ ඇඟේ පතේ රුදාව.

මම කලින් කියපු මත්පැන් වගේ දේවල් (substance abuse) වලට ඇබ්බැහිවීම ගැන පොඩි දේයක් කියන්න ඕනෙ. මෙතන තියෙනව කිකිළිද? බිත්තරේද? වගේ කතාවක්. දිගු කාලයක් තිස්සේ මත්පැන් ගත් නිසා විශාදය හැදුනද? නැත්නම් විශාදය නිසා මත්පැන් වැනි දේවල් වලට යොමු උනාද? කෙසේ වෙතත් දැන් මේ දෙකම තියෙන නිසා අපි එවැනි තත්වයක් dual-diagnose කියල හඳුන්වනව.

Mental depression + Substance abuse = Dual-diagnose

මේව තමයි ප්‍රධාන ලක්ෂණ. 
බොහෝවිට ගංජා (cannabis) නිසා මෙවැනි තත්වයක් පෙන්වන්න පුලුවන්. 98% පමන හෙරොයින් පානය කල අය බොහෝවිට භින්නෝන්මාදය ලක්ෂණ පෙන්නුම් කරන්නත් පුලුවන්. ඉතිං මේ පුද්ගලයා යොමුවෙලා තියෙන්නෙ හෙරොයින් වලටනම් ඔහුට/ඇයට තියෙන්නේ හෙරොයින් නිසා ඇතිවූ psychosis තත්වයක්ද නැත්නම් භින්නෝන්මාදය (schizophrenia) යන උග්‍ර මානසික රෝගයද කියන එක පැහදිලි කරගැනීම වැදගත් වෙනව. මොකද කතාවට කියනවා schizophrenia like psychotic disorders කියල. psychotic disorders කියල කියන්නෙ "නාඳුනන හඬක් තමාට කතා කරනවා, තමන්ට මග පෙන්වනවා" වගේ දේවල්.විශාදය කියන ත්ත්වයට කෙනෙකු මුහුණදෙන්නෙ යම් කාලයක් සමගයි. නැතුව ගහෙන් ගෙඩි එන්න වගේ එක පාරටම උණ පාචනය වගේ විශාදය හැදෙන්නෙ නැහැ. මට කියන්න වුවමනා වෙන්නෙ මේකයි. සිහි ණුවනින් කල්පනා කලොත් කෙනෙකුට පුලුවන් මේ විශාදය කියන තත්වයට ගොදුරු නොවී සිටින්න. එහෙම නැත්නම් සුලුවශයෙන් මේ ලක්ෂණ පෙන්වන විටත් මනෝ චිකිත්සක සහ උපදේශණය මගින්ද මේ තත්වයෙන් මිදෙන්න පුලුවන්. කිසිත් නොකර ඔහේ උඩබලාගෙන හිටියොත් ඉතින් තමන් මානසිකව කඩාවැටෙන්නෙ හරියට බිල්ඩිමක් තට්ටුවෙන් තට්ටුව කඩාගෙන වැටෙනව වගේ.

හරි එහෙනම් දැන් අපි බලමු මොනවද උප ප්‍රධාන ලක්ෂණ කියල.

1. Reduce attention and concentration: අවධානය සහ චිත්ත ඒකාග්‍රතාවය බිඳවැටීම.(එදිනෙදා වැඩ කරගන්න බැහැ, හොද්ද රොස්වෙලා, ෆෝන් එක අමතක වෙලා, වැරදි ෆයිල් එක බොස්ට දීල බොස් බනිනව )

2. Lack of self esteem and Self confidence: ආත්ම සම්මානය සහ ආත්ම විශ්වාසය බිඳවැටීම. (බොස් බනින විට තමා තමන් ගැනම කලකිරෙනව, තමා යම් යම් දේ කිරීමට අපොහොසත් යැයි සිතුවිලි පහල වෙනව )

3.Ideas of self-guilt & worthlessness: ස්වයං අවමානයකට සිතුවිලි පහලවීම සහ තමා ඵල රහිත පුද්ගලයෙකු බව සිතීම. (මම මහ වැඩකට නැති මිනිහෙක්, කාටවත් මාව වැඩක් නැහැ, මම මහ කරුමක් කාරයෙක්, ) මෙහෙම කියන්නෙ ඔබ නොවෙයි ඔබේ සිත තුලට රිංගන විශාදයේ විශබීජයි.

4. Pessimistic view about future and world:අනාගතය සහ ලෝකය කෙරෙහි ඇතිවන සෘණාත්මක හැඟීම. (මේ ලෝකෙ සාදාරණ නැහැ, සමාජය කුරිරුයි, මගේ අනාගතය අඳුරුයි )

5. Self-harm or suicidal thoughts:තමාට හානිකර ගැනීමේ හෝ සියදිවි හානිකරගැනීමේ සිතුවිලි පහල වෙනව, මොකක් කලත් වැඩක් නැහැ, දැන්නම් ජීවත්වෙලා වැඩක් නැහැ.

6. Apatite: බොහෝවිට ආහාර අරුචිය, හැබැයි සමහර වෙලාවට කෙරවලක් නැතිව කනවා කනවා කන්නෙ මොනවද කෑවෙ මොනවද කොහොම කෑවද කියලවත් නිච්චියක් නෑ.

7. Sleep disorders: නින්දට වැටීම, නින්ද පවත්වාගෙන යාමේ අපහසුව, නින්ද අඩුවීම. (ඇඳට වැටුනට ඇස්දෙක පියාගෙන ඇඳ උඩ පෙරලි පෙරලි ඔහේ ඉන්නව, නින්ද යන්නෙ නැහැ ).සමහර වෙලාවට දවසෙන් වැඩිහරියක් නිදාගෙන ඉන්න අයත් දකින්න පුළුවන්.

8. Inactive: ක්‍රියාශීලී බව අඩුවීම. වෙනද වගේ නොවෙයි මොකක් හරි කරන්න ගියත් හැට පැයක් යනව. ඒකත් හරිම අමාරුවෙන්.සමහර වෙලාවට පස්ස කැඩිච්චි කඩිය වගේ ඕනෑවටත් වඩා වැඩිය ක්‍රියාශීලී ගති පෙන්වන්න අයත් මේ අතර ඉන්න පුළුවන්.

අපි මෙච්චර වෙලා කතා කලේ විශාදය තත්වයක තිබෙන පොදු ලක්ෂණ. දැන් අපි අවභෝදකරගැනීමේ පහසුවට විශාදයේ මූලික අවස්තාවේ සිට බරපතල අවස්තාව දක්වාවු පරාසය කොටස් තුනකට බෙදමු. නම් 3 කුත් දාමු.

Levels of Depression: විශාදය වර්ගීකරණය. විශාදයේ එක එක මට්ටම්.

1. Mild Depression : සුළුවශයෙන් විශාදය (අවම වශයෙන් ප්‍රධාන ලක්ෂන 2 සහ උප ප්‍රධාන ලක්ශන 2 වත් ඇත්නම්)

2. Moderate Depression : මධ්‍යම ප්‍රමානයේ විශාදය (අවම වශයෙන් ප්‍රධාන ලක්ෂන 2 සහ උප ප්‍රධාන ලක්ශන 3 වත් ඇත්නම්)

ලක්ශන 3 වත් ඇත්නම්)

3. Severe Depression : උග්‍ර විශාද තත්වය (ප්‍රධාන ලක්ෂන 3ම සහ උප ප්‍රධාන ලක්ශන 4 වත් ඇත්නම්)

විශාදය ගැන ඉතාමත් වැදගත් කරුණක් වෙන්නෙ මෙම තත්වයට ගොදුරු වූවන් බොහෝවිට කළකිරීමෙන් සිටින්නේ තමාගැන සහ තමා අවට ලෝකය ගැන වීම. මෙන්න මේ කරුනු කාරනා ඔබට හෝ ඔබේ මිතුරෙකුට තියෙනව කියල දැනෙනව නම් වෛද්‍යය වරයෙක් හමුවෙලා නිසි ප්‍රතිකාර වලට යොමු වෙමු..
ජීවිතයක් බේරාගන්න උදව් වෙමු..

කරුනු අන්තර්ජාලයෙන්

නදී  වාසලමුදලි  මුහුණු  පොතෙන් 

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ ආනමඩුව ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය පිළිබඳ මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආසන සංවිධායක ධූරයක් ලබාගනිමින් දේශපාලනයට අවතීර්ණ වූ තමාට බොහෝ දේ අහිමි වූ බවයි.

ආනමඩුවේ පැවති දේශපාලන වාතාවරණය තුළ තමාට මෙන්ම තම පවුලේ ඥාතීන්ට ද විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවූ බව පවසන පාලිත රංගේ බණ්ඩාර මහතා තමාට යම් සහනයක් වූයේ නම් ඒ පුත්තලම ජනතාවගේ අගය කිරීම පමණක් බව පෙන්වා දෙයි.

දේශපාලනය සහ පක්ෂය වෙනුවෙන් එම සියලු දේට මුහුණදීමට සිදුවුව ද තමාට පක්ෂයෙන් කිසිඳු සහයෝගයක් නොලැබුණු බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

දේශපාලන විරුද්ධවාදීන් විසින් තමා වෙත එලෙස බලපෑම් සිදුකරද්දී එක්සත් ජාතික පක්ෂයේ සිටින ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

පොලිස් සේවය වෙනුවෙන් වසර 17ක කැපවීමත්, දේශපාලනය වෙනුවෙන් මේ දක්වා සිදුකළ කැප කිරීමත් මත සිදුවන දෑ වේදනාකාරී බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා බලහත්කාරයෙන් තනතුරුවල රැඳී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි පවසයි.

මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් තමා ඉල්ලා අස්වීමට තීරණය කළ අතර එය ලිඛිතව පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා වෙත බාරදීමට පියවර ගත් බව පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තම හැකියාවන් ඇගයීමට ලක් කළ මහ ලේකම්වරයා එම ලිපිය බාරගැනීම ප්‍රතික්ෂේප කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එහෙත් තම අභිප්‍රාය එලෙසම පවතින අතර ඒ වෙනුවෙන් තවත් මොහොතක් බලා සිටීමට සිදුව ඇති බවත්, ගෙවෙන සෑම මොහොතකම වටිනාකම මිල කළ නොහැකි බවත්, පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙත පරිඝනක ටැබ් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව නවතා දැමුණු එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිතවූ මුදල රුපියල් බිලියන 4කි.

2017 අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු එම වැඩපිළිවෙලට අනුව උසස් පෙළ සිසුන් 159,078 කට හා ගුරුවරුන් 36,070කට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අදාළ පරිඝනක ටැබ් සැපයීමට සැලසුම් කර තිබිණි.

පසුගිය සතියේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක එම සතියේ කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අද නැවත කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී, රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මේ අවස්ථාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශයට කැබිනට් මණ්ඩලය ද එකඟවී තිබේ.

සාගල රත්නායකගේ ඉවත්වීමෙන් හිස් වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත පැවරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මීට පෙර මෙම අමාත්‍යංශය රාජිත සේනාරත්නට ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වූවද

ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන්ගේ මතය වී තිබෙන්නේ සරත් ෆොන්සේකා යටතේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ මේ වනවිට අඩපන වී ඇති කටයුතු කාර්යක්ෂමව සිදුකිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා සුදුසම පුද්ගලයා ඔහු බවයි.

පහත පලවන්නේ ස්පාඤ්ඤයේ පොඩෙමොස් පක්ෂයේ නායක පැබ්ලෝ ඉග්ලේසියාස් විසින් මීට වසර කිහිපයකට පෙර පැවැත්වුණු සාකච්ඡා සභාවකදී කම්කරු පංතිය පිලිබදව අසනු ලැබූ ප්‍රශ්නයකට දෙනු ලැබූ පිලිතුරක සිංහල අනුවාදයයි. ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද වාමාංශිකයින් වන අප සිර වී සිටින ප්‍රශ්නයක් වන්නේ අපගේ කතිකාවට සමීප කවයකින් ඔබ්බට අපගේ අදහස් ජනප්‍රිය කරවීමට අසමත් වී තිබීමය. මෙම අසමත් වීම බොහෝ විට අවසාන වන්නේ සෑම ඡන්දයකින්ම පසු ඡන්දදායකයින්ට තකතීරුවන් හා මෝඩයින් යැයි බැණ වැදීමෙනි. මේ ප්‍රශ්නය ගැන සිතාබැලීමට කෙරෙන යොමුවකි ඉග්ලේසියාස්ගේ මේ කෙටි අදහස් දැක්වීම.

මම දන්නවා පසුගිය අවුරුදු පන්සියයක ඉතිහාසය තේරුම් ගැනීමේ යතුර තමයි 'පංති' යනුවෙන් අපි හදුන්වන සමාජ ප්‍රවර්ගයේ බිහිවීම බව. ඒක මම දන්නවා. මම ඔබට කථාවක් කියන්නම්. ඉන්ඩිග්නාඩෝස් ව්‍යාපාරය (ස්පාඤ්ඤයේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව පැන නැගි වීදි චතුරස්‍ර අල්ලා ගැනීමේ ව්‍යාපාරය. පොඩෙමොස් පක්ෂය බිහි වුයේ මෙම ව්‍යාපාරය තුලිනි - පරිවර්තක) පටන් ගත්ත වෙලාවේ මම ඉගැන්වූ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ හා නීති අධ්‍යනාංශයේ ඇතැම් සිසුන් - මේ අය දේශපාලනිකකරණය වූ සිසුන් , ඒ වගේම මාක්ස්ව, ලෙනින්ව හොදට කියවා සිටි අය - ජීවිතයේ පලමු වතාවට සාමාන්‍ය ජනතාව සමග අභිමුඛ වූවා. හැබැයි ඔවුන් ඉන් පසු විස්සෝපයට පත්වුණා. ඔවුන් ආපහු ඇවිත් කීවා . 'එයාලට කිසි දෙයක් තේරෙන්නෙ නැහැ, අපි එයාලට කීවා ඔහෙලා කම්කරුවෝ, ඔහෙල නොදන්නව වුණත් ඔහෙලා කම්කරුවෝ' කියලා. මිනිස්සු පිටසක්වල ජීවීන් පිරිසක් දිහා බලනව වගේ මේ සිසුන් දෙස බැලුවේ. ඉතින් ඔවුන් දුකට පත්වී ආපහු ආවා. 'එයාලට කිසි දෙයක් තේරෙන්නෙ නැහැ' ඔවුන් කීවා. මම ඇහුවා 'ප්‍රශ්නය තියෙන්නෙ එයාලගෙ නෙමෙයි ඔයගොල්ලන්ගේ කියලා හිතෙන්නෙ නැද්ද?'

දේශපාලනය කියන්නේ තමුන් හැමවෙලාවෙම නිවැරදි දේ කීම පිලිබද දෙයක් පමණක් නෙමෙයි , එය සාර්ථකත්වය අත්කරගැනීම පිලිබද ප්‍රශ්නයක්. ඔබට දේවල් අධ්‍යයනය කරලා තේරුම් ගන්න පුලුවන්. 16 වන සියවසේ සිට දේශපාලන සංවර්ධනයන් සිදු වූ විධිහ, සමාජ ක්‍රියාවලීන් වර්ධනය වීමේ යතුර ඓතිහාසික භෞතිකවාදය බව - මේවා ඔබට අධ්‍යයනය කොට වටහා ගත හැකියි. හැබැයි ඔබ ජනතාවට කියන විට 'උඹලට තේරුණේ නැති වුණාට උඹලා කම්කරුවො තමයි' කියලා, කොච්චර හයියෙන් කීවත් වැඩක් නැහැ. ඔබේ සතුරා කරන්නේ ඔබ දිහා බලලා හිනාවෙන එක. ඔබට පුලුවන් දෑකැත්තයි මිටියයි තියෙන ටීෂර්ට් අදින්න. ඉතාම විසාල ධජ අරගෙන ඔබට පෙලපාලි යන්න පුලුවන්. ඊට පස්සේ ඒ ධජය අරගෙන ආපහු ඔබට ගෙදර එන්නත් පුලුවනි. සතුරා කරන්නේ ඔබ දිහා බලලා හිනා වෙන එක. ජනතාව, කම්කරුවෝ තෝරගන්නෙ ඔබව නෙමෙයි සතුරාව. ඔවුන් විශ්වාස කරන්නේ සතුරාව. ඇයි ඒ? සතුරා කියන දේ ඔවුන්ට තේරෙනවා. ඔබ කියන දේ ඔවුන්ට තේරෙන්නෙ නැහැ. ඔවු, ඔබ හරි වෙන්න පුලුවන්. ඉතින් ඔබේ දරුවන්ට පුලුවන් ඔබ මිය ගිය දවසක ඔබේ සොහොන ඉස්සරහ ලොකු පුවරුවක් එල්ලන්න - 'මෙහි සැතපී සිටින්නා සෑමවිටෙකම නිවැරදි විය, එහෙත් අවාසනාවකට කිසිවෙක්ට එය වැටහුණේ නැත' කියලා.

සාර්ථක විපර්යාසකාරක ව්‍යාපාරවල ඉතිහාසය අධ්‍යයනය කරන විට, ඔබට වැටහේවි සාර්ථකත්වය අත්පත් කරගැනීමේ යතුර යථාර්තය පිලිබද ඔබ අවබෝධ කරගත් දෙය සහ බහුතර ජනතාවට ඇත්තටම දැනෙන දෙය අතර සහසම්බන්ධය ඇති කිරීම බව. මේක ඉතාම දුෂ්කර දෙයක්. ඒ සදහා ප්‍රතිවිරෝධයන් තුල වැඩ කරන්නට සිදුවෙනවා. ඔබ සිතනවද පැය හතලිස් අටක හෝ හැත්තෑ දෙකක මහා වැඩවර්ජනයක් කිරීම ගැන මට කිසිම න්‍යායික විරෝධයක් තියෙනවා කියලා? එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩවර්ජනයක් සදහා ආශා කිරීමයි ඇත්තටම වැඩවර්ජනයක් කිරිමයි දෙකක්. ඒක වෘත්තීය සමිතිවල ශක්තිය පිලිබද ප්‍රශ්නයක්. දේශපාලනය කියන්නේ ශක්තිය පිලිබද දෙයක් මිස ආශාව හෝ සාකච්ඡා සභාවල කථා කරන දේවල් පිලිබද දෙයක් නෙමෙයි. ස්පාඤ්ඤයේ එවැනි වැඩවර්ජනයක් කල හැකි වෘත්තීය සමිති දෙකයි තියෙන්නේ. මම ඒකට කැමතිද? නැහැ. ඒත් ඒක තමයි ඇත්ත.

වැඩවර්ජනයක් කරනවා කියන එක සරල නැහැ. මැඩ්‍රිඩ්වල කර්මාන්තශාලා ඉදිරිපිට පිකට් කල කම්කරුවන් එක්ක මම ඉදලා තියෙනවා. උදේට, කෑම පැය ඉවර වුණාම ඒ අය යා යුත්තේ කොහේටද? වැඩට. ඒ ඒ අය හොරිකඩයො හන්දා නෙමෙයි. වැඩට නොගියොත් ඔවුන්ව දොට්ට දමන නිසා. මොකද ඔවුන් වැඩ කරන තැන්වල ඔවුන්ව ආරක්ෂා කරන්නට වෘත්තීය සමිති නැහැ. වරායේ හරි පතල්වල හරි කම්කරුවන්ට තමුන්ව ආරක්ෂා කරගන්න පුලුවන් ඔවුන් වෘත්තීය සමිතිගත වී සිටින නිසා. ඒත් දුරකථන සන්නිවේදන ආයතනවල සේවකයින් විධිහට, පීසා හදන කම්කරුවන් විධිහට වැඩ කරන තරුණ ලමයින්ට හෝ සාප්පුවල වැඩ කරන ස්ත්‍රීන්ට තමුන්ව ආරක්ෂා කරගන්න බැහැ. ඔවුන් වෘත්තීය සමිතිවල නැති නිසා. ඒ අය විරෝධය දැක්වුවහොත් ඒ අයව දොට්ට දමනවා. ඒ අයව ආරක්ෂා කරන්නට ඔබටවත්, මටවත්, වෙන වෘත්තීය සමිතිවලටවත් බැහැ.

ඒ නිසා අපිට කොච්චර අවශ්‍යතාවය තිබුණත්, මහා වැඩවර්ජනයක් කරනවා කියන එක පහසු නැහැ. දේශපාලනය කියන්නේ ඔබ කැමති දේ නෙමෙයි, ඇත්තටම තියෙන දේ. ඔවු ඒක අමිහිරියි. ඒ නිසා තමයි අපිට ජනප්‍රිය එකමුතුවක් ගැන කථා කරන්නට වෙන්නේ. ඒ නිසා තමයි අපි නිහතමානී විය යුත්තේ. මොකද, ඔබට බොහෝ වෙලාවට කථා කරන්නට වෙන්නේ ඔබ පාවිච්චි කරන භාෂාව සමග, දේවල් පැහැදිලි කරන්න ඔබ යොදාගන්න යෙදුම් සමග අනන්‍ය නොවන මිනිස්සු එක්ක. මොකක්ද මේකෙ ප්‍රතිඵලය? දශක ගණනාවක් තිස්සේ වාමාංශය පරාජය වීම. මෙච්චර කාලයක් තිස්සේ පරාජය වීම විසින් පෙන්නුම් කරන්නේ මොකක්ද? මහජනයාගේ සාමාන්‍ය ඥානය වෙනස් බව. මේක අලුත් දෙයක් නෙමෙයි. මේ විප්ලවවාදීන් සෑම විටම දැන සිටි දෙයක්. සෙසාර් රෙන්දුවාලෙස් එකවරෙක කියනවා, බොහෝ මිනිස්සු, ඒ අය නොදැන සිටියා වුණත්, ධනවාදයට විරුද්ධ බව. ජූඩිත් බට්ලර්ව හෝ සිමොන්ද බෝවාව කියවලා නැති බොහෝ සාමාන්‍ය මිනිස්සු තමන්ගේ එදිනෙදා ජීවිතයේ දී ස්ත්‍රීවාදය ආරක්ෂා කරනවා. ගෙදර පිගන් සෝදන, තම දියණිය සමග සෙල්ලම් කරන පියෙක් ගත්තහම තමන්ගේ සෙල්ලම් බඩු තම නැගණිය සමග බෙදාහදාගත යුතු බව මුනුපුරෙක්ට උගන්වන සීයා කෙනෙක් ගත්තහම මේ වගේ දේවල්වල තියෙනවා අපි පෙලපාලියකට ගෙනෙන සියලුම රතු කොඩිවල නැති තරම් සමාජ විපර්යාසකාරක විභවයක්. අපි මෙන්න මේක තේරුම් ගන්නවා නම් අපිට පුලුවන් ඒ විධිහට දේවල්වලට ප්‍රවේශ වෙන්න. එහෙම නොවෙන තාක්කල් සතුරා අපට හිනා වෙනවා.

සතුරා කැමති මොකටද? ඔවුන් කැමතියි අපි කුඩා පිරිසක් විධිහට ඉන්නවට. අපි දැන් ඉන්න විධිහට ඉන්නවට. කාටවත් තේරෙන්නෙ නැති භාෂාවක් කථා කරන සුලුතරයක් විධිහට ඉන්නවට. අපේ සාම්ප්‍රදායික ලාංඡන හා සලකුණුවලට අපි සීමා වෙලා ඉන්නවට. මොකද ඔවුන් දන්නවා, ඒ විධිහට ඉන්න තාක් අපි ඔවුන්ට තර්ජනයක් නොවන බව. අපි අතර ඉතාම රැඩිකල් සංවාද තියෙන්න පුලුවන්. අපිට ඉතාම තියුණු වැඩවර්ජනයක් අවශ්‍ය වෙන්න පුලුවන්. අපි ඉතාම බලවත් ලාංඡන අරගෙන පෙලපාලි යනවා. ශ්‍රේෂ්ඨ විප්ලවවාදී නායකයින්ගේ පින්තූර උස්සගෙන පෙලපාලි දක්වනවා. සතුරා අපිට හිනාවෙනවා.

ඒත් අපිට පුලුවන් වෙනවා නම්, සිය ගණන් දහස් ගණන් ජනයා එක්රැස් කරන්න, ඔබ කියන දේ බහුතරයට ඒත්තු යන බව - සතුරාට ඡන්දය දෙන අයට පවා වැටහෙන බව - ඔවුන්ට තේරුම් යනවා නම්, අන්න එවිට සතුරා බය වෙනවා. මේකට තමයි දේශපාලනය කියන්නේ.

1905 දී රුසියාවේ සෝවියට් සභා ගැන කථා කරපු එක්තරා සහෝදරයෙක් හිටියා. මේ මනුස්සයා තට්ටය පෑදුණු, ඔලුවේ ලපයක් සහ ලස්සන මනසක් තිබුණු පුද්ගලයෙක්. විෂයමූල තත්වයන් ගැන විෂයමූල විශ්ලේෂණයක් තිබීමේ වැදගත්කම ගැන ඔහු හැමවෙලාවෙම කථා කලා. යුද්ධ කාලයේ, රුසියාවේ රෙජිමය ඉතාම දුර්වල වී තිබුණු අවස්ථාවක, ඔහු ඉතාම සරල, අතිශයින්ම සරල දෙයක් යෝජනා කලා සියලු රුසියානුවන්ට. සොල්දාදුවන් වේවා, කම්කරුවන් වේවා ගොවීන් වේවා සියල්ලන්ට. ඔහු ඔවුන්ට කීවා 'සාමය සහ පාන්' කියලා. ඔහු 'සාමය සහ පාන්' කී විට, ඒ වනවිට බොහෝ දෙනාට අවශ්‍ය වී තිබුණු දේ තමයි ඒ. මිනිස්සුන්ට යුද්ධය එපා වෙලා තිබුණා. බඩගින්න නිවාගැනීමට අවශ්‍ය වී තිබුණා. ඔහු 'සාමය සහ පාන්' කී විට, තමුන් වාමාංශික ද දක්ෂිණාංශික ද මේ කිසිම දෙයක් නොදත් අති විශාල ජනතාවකට - ඔවුන් බඩගින්නේ හිටපු නිසා - සිතුණා 'මේ තට්ට මනුස්සයා කියන එකේ මොකක් හරි ඇත්තක් තියෙනවා' කියලා.

ඉතින් තට්ට මනුස්සයා ඉතාම සාර්ථක වුණා. මිනිහා තමන්ගේ රටේ මිනිස්සුන්ට ඓතිහාසික භෞතිකවාදය ගැන කිසිවක් කීවේ නැහැ. මේ විසි වන සියවසේ ඉතාම වැදගත් පාඩමක්. හුදෙක් ඉතිහාසයේ වූ දේ පුනරුච්චාරණය කරමින් කවුරුහරි යතාර්තය වෙනස් කරන්නට උත්සාහ කරනවා නම්, ඉතිහාසයේ සලකුණු හා ලාංඡන කොපි කරමින් යථාර්තය වෙනස් කරන්නට උත්සාහ කරනවා නම්, සියලු ගෞරව සහිතව කිව යුත්තේ ඒක විකාරයක් බවයි. ඉතිහාසයේ කිසිම රටක සංයුක්ත අත්දැකීමක් ඒ විධිහටම තව තැනක ප්‍රතිනිර්මාණය වෙන්නේ නැහැ. යතුර තමයි ක්‍රියාවලින් හා ඉතිහාසයේ පාඩම් විශ්ලේෂණය කරලා ඒ නිශ්චිත අවස්ථාවේ 'සාමය හා පාන්' විය හැකි සටන් පාඨය කුමක්දැයි වටහා ගැනීම. බහුතර ජනතාවකට දැනෙන දේ සමග සම්බන්ධ වීමට අපේ සටන් පාඨවලට නොහැකි නම් එය අවසාන වන්නේ හාස්‍යයක් ලෙසයි.

 පරිවර්තනය: රමිදු පෙරේරා

උපුටා ගැනීම අක්ෂ්‍ය වෙබ් අඩවියෙනි.

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.