27
Fri, Apr

පානීය ජල බෝතල තුළ ප්ලාස්ටික් අංශු පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද 'State University of New York' විශ්වවිද්‍යාලය විසින් කරන ලද විද්‍යාත්මක පරීක්ෂණයක වාර්තාවක සඳහන්වේ.

මෙම පරීක්ෂණය සඳහා රටවල් 9 ක වෙළෙඳපොළේ ඇති ලොව ප්‍රකට නිෂ්පාදකයන්ගේ ජල බෝතල 250 ක් පමණ යොදාගෙන ඇති අතර පරීක්ෂණයේ වාර්තා "අතිශය විපත්තිදායක නොවන නමුත්, නොසලකා හැරිය නොහැකි තත්ත්වයක්" බව අදාළ පර්යේෂණ කණ්ඩායම පවසති.

ශ්‍රී ලංකාව තුළ ද පානීය ජල බෝතල් පරිහරණය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විටින් විට ගැටලු පැන නැගුණු බවට පුවත් වාර්තා විය.

විශේෂයෙන්ම උතුරු මැද පළාත කේන්ද්‍රකොටගෙන තිබෙන වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් පානීය ජල බෝතල්වලට තිබෙන ඉල්ලුම ඉහළගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ පානීය ජල බෝතල් නිෂ්පාදන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කළයුතු බවට නීති පනවා ඇත. එවැනි පානීය ජල බෝතල් නිෂ්පාදකයන් 125 ක් පමණ විවිධ මට්ටමින් තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.

"SLS සහතිකය සඳහා ඉල්ලුම් කරන නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පසු විපරමක් අනිවාර්යයෙන්ම කරනවා."
නයනා සතරසිංහ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයනා සතරසිංහ "සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීමකින් තොරව වෙළෙඳපොළට පානීය ජල බෝතල් නිකුත් කළ නොහැකියි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව, ප්‍රමිති ආයතනය අදාළ නිෂ්පාදනයේ තත්ත්ව පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කරනවා" යනුවෙන් පැවසුවාය.

එම ඇගයීමේදී සැලකිල්ලට ලක්වන කරුණු;

බෝතලයේ ගුණත්වය
මූලාශ්‍ර ජලයේ ගුණාංග
අවසාන නිෂ්පාදනයේ ගුණාංග - සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශිත ප්‍රමිතීන්ට අනුකූලවේද යන්න මෙහිදී විමසා බැලේ. ඊට අමතරව, ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතියක් ද ඇත.
සමස්ත නිෂ්පාදනය පිළිගත් තත්ත්ව පාලන ප්‍රමිතීන් යටතේ සිදුවන්නේදැයි සොයා බැලේ.
පරිසරයට ඇතිකරන බලපෑම - පාරිසරික බලපෑම් අවම වන අන්දමින් අදාළ ජල මූලාශ්‍රයෙන් ලබාගත හැකි ජලය ප්‍රමාණය පිළිබඳ තක්සේරුවක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය භූ විද්‍යාඥයෙකුගේ සේවය ද ලබාගනී.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පානීය ජල බෝතල් ව්‍යාපෘතියක් සඳහා නිර්දේශ ලබාදෙන්නේ මේ සියල්ලක්ම සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව බව වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

එහෙත්, අදාළ නිර්දේශ ලබාදීමෙන් පසුව අනුමැතිය හිමිවන ව්‍යාපෘති පවත්වාගෙන යන අතරතුර නැවත පරීක්ෂාවක් කිරීමට ප්‍රමිති ආයතනය මැදිහත් නොවන බව නයනා සතරසිංහ පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත අංකය තිබේදැයි පරීක්ෂා කරන්න
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලද පානීය ජල බෝතල් නිෂ්පාදකයන්ගෙන් 90% ක් පමණ SLS සහතිකය ලබා ඇති බව ඇය ප්‍රකාශ කළාය.

"SLS සහතිකය සඳහා ඉල්ලුම් කරන නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පසු විපරමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනිවාර්යයෙන්ම කරනවා." ඇය පැවසුවාය.

එම පසු විපරම් ක්‍රියාවලියෙදී,

අවසන් නිෂ්පාදන පරීක්ෂණාගාරයකදී පරීක්ෂාවට ලක් කෙරේ.
නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂාවට ලක් කෙරේ.
එහිදී නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන්නේ නම් බලපත්‍රය අවලංගු කරන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය හා සමීපව කටයුතු කරන බැවින් එම තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ද දැනුවත් කරන බව නයනා සතරසිංහ පැවසුවාය.

ඒ අනුව පාරිභෝගිකයන් තමන් මිලදී ගන්නා ජල බෝතලයෙහි;

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත අංකය අනිවාර්යයෙන්ම තිබේදැයි පරීක්ෂා කිරීම.
SLS ලාංඡනය එහි නිෂ්පාදන තත්ත්වය පිළිබඳ සහතිකයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම.
යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

පානීය ජල බෝතලවලට අදාළ යම් අකටයුත්තක් සිදුවන්නේ නම්, සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වන ලෙසත්, විශේෂයෙන් ම SLS තත්ත්ව සහතිකය සහිතව එසේ වන්නේ නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට දන්වන ලෙසත් ප්‍රමිති ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා සිටින්නීය.

ඇමෙරිකාවේ සිදුකළ පානීය ජල බෝතලවල සොයා ගත් ආකාරයේ පිලාස්ටික් අංශු ශ්‍රී ලංකා වෙළෙඳපොළේ තිබිය හැකිදැයි කළ විමසීමට පිළිතුරු දුන් ඇය, ප්ලාස්ටික් බෝතල්වලට නිසි තත්ත්ව ප්‍රමිතියක් ලබාදී ඇති බැවින් එසේ විය නොහැකි බව ප්‍රකාශ කළාය.

 

ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි නිෂ්පාදන සමාගම් උනන්දු කිරීමේ වැඩපිළිවෙලක්
පාරිසරික බලපෑම
භාවිතයෙන් අනතුරුව ඉවතලන ප්ලාස්ටික් ජල බෝතල් ශ්‍රී ලංකාවේ පරිසරයට කෙබඳු බලපෑමක් එක්කරන්නේද යන්න සම්බන්ධයෙන් බිබිසී සේවය, මධ්‍යම පරිසර අධිකාරියෙන් කළ විමසීමට පිළිතුරු දුන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, "පොලිතින් මෙන් ප්ලාස්ටික් බෝතල් සඳහාත් සීමාවක්" පැනවීම පිළිබඳ අවධානය යොමුවී ඇතැයි සඳහන් කළේය.

ඒ අනුව "නිෂ්පාදකයාම තම නිෂ්පාදනයේ වගකීම ගතයුතුයි" යැයි යෝජනාවී ඇති බව මාධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පෙන්වා දුණි.

"ප්ලාස්ටික් බෝතල්වලටත් සීමාවක් පැනවීම ගැන අවධානය යොමුවෙලා
හේමන්ත ජයසිංහ, අධ්‍යක්ෂ ජනරාල් - මධ්‍යම පරිසර අධිකාරිය
ගංගා නම් නදියේ ජලයට වඩා ප්ලාස්ටික්?
ඒ අනුව වෙළෙඳපොළට නිකුත්වෙන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි නිෂ්පාදන සමාගම් උනන්දු කිරීමේ වැඩපිළිවෙලකට යොමුවී ඇති බව ඔහු පවසයි.

විකල්ප ඇසුරුම් සඳහා වැයවන පිරිවැය සහ කල් පැවැත්ම පිළිබඳ ගැටලු ඇති බැවින්, ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පෙන්වා දුණි.

ලීටරයට අඩු ප්ලාස්ටික් බෝතල් තහනමක්?
ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම අවම කිරීමේ වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන් නිෂ්පාදකයින් සමග සාකච්ඡා කෙරෙන බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර ආරක්ෂණ බලපත්‍රය අනුව මෙම නිෂ්පාදන ආයතන නියාමනය කරන බව සඳහන් කළේය.

"මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නෙ, මහජනයා කසල බැහැර කිරීම සම්බන්ධයෙන් දක්වන කැප කිරීමයි. කසල වෙන් කර බැහැර කිරීම තමන්ගේ වගකීමක් ලෙස මහජනයා සැළකිය යුතුයි" යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා පවසයි.

bbc

ඊයේ(19) දිනයේ දී ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේ දී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ සමාලෝචන පිළිබඳ සම්මත කරගෙන තිබේ.


පසුගිය නොවැම්බර් මාසයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තාවේ නිර්දේශ 253කින් 177ක් පිළිගත් බවද ඒහිදී ලංකාව වෙන්වෙන් පොරොන්දු12ක් ද ලබාදීම ද සිදු වූ ඉව ජිනීවා වාර්යතා සදහන් කරයි. අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, නව ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම, ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා වන ක‍්‍රියාවලියට ශ‍්‍රී ලංකාව ලබා දී ඇති දායකත්වය පිළිබදව ලංකාවේ ඒක්සත් ජාතින්ගේ නියෝජිතයා විසින් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කර තිබේ. මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් හෙට දිනයේ දී ලිඛිත යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී බංග්ලාදේශයට එරෙහිව පැවති ඉතා උණුසුම් විස්සයි විස්ස තරගයෙන් පරාජයවීමත් සමග ශ්‍රී ලංකාවට නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ඒ අනුව බංග්ලාදේශය සහ ඉන්දියාව ලබන ඉරිදා පැවැත්වෙන නිදහස් කුසලාන අවසාන මහ තරගයට සුදුසුකම් ලැබූහ.

තරගය අතරවාරයේ දෙපාර්ශවයේ ක්‍රීඩකයන් අතර කිහිප වතාවක්ම ඉතා උණුසුම් වාද විවාද හටගත් අතර, තත්වය කෙතරම් උණුසුම් වූයේ ද යත් අවසාන පන්දු වාරයේදී පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන් පිටියෙන් ඉවත්කර ගැනීමට පවා බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වරක් උත්සාහ කළේය.

 

තරගය නැරඹු ක්‍රීඩාලෝලීන් කෑගසමින් සහ හූ තබමින් ක්‍රීඩකයන්ට බාධා කරන ආකාරය ද දක්නට ලැබුණි.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු හතක දැවී ලකුණු 159ක් රැස් කර ගත්තේය.

එහිදී පන්දු 40 කදී ලකුණු 61ක් රැස් කළ කුසල් ජනිත් පෙරේරා ඒ සමගම වේගයෙන්ම විස්සයි විස්සයි ලකුණු දහසක් රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට ද පත්විය.

 

ඔහු සිය විස්සයි විස්ස ලකුණු දහස රැස් කළේ සිය 34 වෙනි ඉනිමේදීය.

ඉන් අනතුරුව පැමිණි බංග්ලාදේශ කණ්ඩායම තරගය පරාජයට පත්වනු ඇති හැඩක් මුලින් දක්නට ලැබුණත්, අවසාන ඕවරයේ පන්දු හතරකට ලකුණු 12ක් රැස් කරමින් තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය.

බංග්ලාදේශ කණ්ඩායම, ජාත්‍යන්තර තරගයක අවසාන ඕවරයේදී ලකුණු 10කට වැඩියෙන් රැස් කළ පළමු වතාව එය බව ක්‍රීඩා විශේල්ෂකයෝ පවසති.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 51 කට මුහුණ දී ලකුණු 58ක් රැස් කළ අතර, බංග්ලාදේශ කණ්ඩායමේ තමීම ඉක්බාල් ලකුණු 50ක් රැස් කළේය.

හිටපු ලිබියානු නායක ගඩාෆිගෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා මුදල් ආධාර ලබා ගත් බවට චෝදනා ලබා සිටින ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2007 ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් වියදම් කිරීමේ දී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සාකෝසි මේ වන විට පොලිස් අත්අඩංගුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.

පොලිසිය මින් පෙර ද හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කොට තිබේ. ඔහුගේ ආධාරකරුවෙකු වන ඇලෙක්සැන්ඩර් ජූරි පසුගියදා ලන්ඩන් නුවර දී අත්අඩංගුවට පත් විය.

 

සාකෝසිගේ ආධාරකරුවෙකු වන ඇලෙක්සැන්ඩර් ජූරි පසුගියදා ලන්ඩන් නුවර දී අත්අඩංගුවට පත් විය
2012 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නැවත බලයට පත් වීමට සාකෝසි දැරූ උත්සාහය අසාර්ථක විය.

නිකොලස් සාකොසිගේ මැතිවරණ ප්‍රචාරක වියදම් සඳහා ගඩාෆිගෙන් මුදල් ලබාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් 2013 වර්ෂයේදී පොලිස් පරීක්ෂණ ආරම්භ විය. ඔහුට එරෙහි සියලු චෝදනා සාකෝසි ප්‍රතික්ෂේප කරයි.

 

 

ප්‍රංශ සහ ලෙබනන ව්‍යාපාරිකයෙකු වන සියැඩ් ටකීඩීන් (Ziad Takieddine) සහ ගඩාෆි පාලනය යටතේ සිටි නිලධාරීන් සැපයූ තොරතුරු අනුව මෙම මූල්‍ය ගනුදෙනු පිළිබඳ හෙළිදරව් වී තිබේ.

ප්‍රංශ සහ ලෙබනන ව්‍යාපාරිකයෙකු වන සියැඩ් ටකීඩීන් (Ziad Takieddine)
ගඩාෆි විසින් සාකෝසිගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 6.2 කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලබා දුන් බව ටකීඩීන් පවසා ඇත.

පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත්පාළන මැතිවරණයෙන් පළාත්පාලන අායතන 350ක් සදහා තේරි පත් වූ සභිකයන් අද දින සිට සභික ධුරකාලයට පත්වන බවද ඒ්වාෙය් සභාපති ධුර 50%කට වැඩි ඡන්ද ලබාගත් පක්ෂවල නියොජ්තියන් අතුරින් තෝරාගැනීම සිදුවනු අැති බවත් වාර්තා ෙව්. ඉතිරි සභාපවල බලය පිහිටුවීම සම්බන්ධ පැහැදිලි තත්වයක් අැති වූ පසුව ඒම සභා පිහිටුවනු අැත.

රජයේ විශ්ව විද්‍යාලයන්හි අනධ්‍යන සේවයේ නියුතු කම්කරුවන් 15,000 ක්, වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, පසුගිය 28 දා සිට අඛන්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති.

ආන්ඩුවේ තර්ජනයන් සහ වෘත්තීය සමිති නායකත්වයන්ගේ පසුපසට ඇදීම් මධ්‍යයේ අනධ්‍යන කම්කරුවන් විසින් ගෙන යන මෙම ධෛර්යමත් වැඩ වර්ජනයට සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සිය පූර්න සහයෝගය පල කර සිටී.

සියයට 20 ක වැටුප් වැඩි කිරීමක්, දැනට දෙනු ලබන සහනදායී නයෙහි ඉහල දැමීමක්, භාෂා දීමනාවක්, වෛද්‍ය රක්ෂන ක‍්‍රමයක් හා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් මෙම වර්ජිත කම්කරුවෝ ඉල්ලා සිටිති.

අනධ්‍යන කම්කරුවන් සටන් වැද සිටින්නේ, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් සහ අවශේෂ පීඩිතයන් පොදුවේ මුහුන දී සිටින, වටිනාකමෙන් පහල වැටෙන වැටුප්, පිරිහෙමින් පවතින සමාජ යටිතල පහසුකම්, නිදහස් අධ්‍යාපනය මත ප‍්‍රහාරය සහ වැඩෙන සමාජ අසමානතාව ට එරෙහිවයි.

විශ්ව විද්‍යාල කම්කරුවන්ගේ අරගලය සමග එක්වෙමින්, එය ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහි පොදු අරගලයක් ලෙස වර්ධනය කිරීමට පෙරට පැමිනෙන ලෙස, විරැකියාවට මුහුන දී සිටින තරුනයන්ගෙන් ද අධ්‍යාපන කප්පාදුවට හා පෞද්ගලීකරනයට එරෙහිව සටන් කරමින් සිටින සිසුන්ගෙන් ද සසජාතශි ඉල්ලා සිටී.

වැටුප් ඉල්ලීම් මුල් කර ගනිමින්, මෑතක දී, විදුලිබල, තැපැල් හා දුම්රිය කම්කරුවන් විරෝධතාවල සහ වර්ජනවල නිරත වූ අතර සුභසාධන හා සහනාධාර කප්පාදුවට එරෙහි ගම්බද ගොවියන් අතුලු පීඩිත ජනයාගේ විරෝධතා අඛන්ඩව ඇවිලී යමින් පවතී. දිගු කාලීන පන්ති වර්ජනවලට හා විරෝධතාවලට සම්බන්ධ වෙමින් ආන්ඩුවේ ප‍්‍රහාර පරාජය කිරීම සඳහා සටන් වැදීමේ අධිෂ්ඨානය සිසුන් විසින් ද එක දිගටම පෙන්වා තිබේ.

ලංකාවේ කම්කරු පන්තියේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල, ලෝක ධනවාදයයේ අර්බූදයට ප‍්‍රතිචාර ලෙස ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප‍්‍රන්සය, ඉන්දියාව ඇතුලු රටවල ජාත්‍යන්තර පරිමානව යලි මතුව ඇති පන්ති අරගල මාලාවක කොටසකි.

ලෝකයේ අනෙක් සෑම රටකදී මෙන්ම ලංකාවේදීත් කම්කරු පීඩිතයන්ගේ හා ශිෂ්‍යයන්ගේ දැවෙන අවශ්‍යතා, මූල්‍ය ප‍්‍රාග්ධනයේ විධානයන් මත ආන්ඩුව කි‍්‍රයාවට නගමින් සිටින කප්පාදු වැඩපිලිවෙල සමග සෘජුව ගැටේ. දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5.6 ක් වන ශ්‍රී ලංකාවේ අය-වැය පරතරය 2020 දී සියයට 3.8 ක මට්ටමට කප්පාදු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති නියෝගය ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපනය ඇතුලු අනෙකුත් ක්ෂේත‍්‍රයන් හි සිදු කෙරෙන දැවැන්ත කප්පාදු හරහා යි.

මෙම ප‍්‍රහාර වලට එරෙහිව මතුවන කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගල පොලීසිය සහ මිලිටරිය යොදා තලා දැමීම ආන්ඩුව සතු එකම විකල්පයයි.

දෙස් විදෙස් මහ ධනපතියන්ගේ ලාභ තර කිරීම සඳහා ගෙනයන කප්පාදු පියවරයන්ට මෙන්ම, කම්කරුවන්ට සහ අවශේෂ පීඩිත ජනයාට එරෙහිව ක්‍රියාවට නගමින් තිබෙන පොලිස්-මිලිටරි රාජ්‍ය සැලසුම් වලට, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු පාලක පන්තියේ සියලු කොටස් තුල ඇත්තේ පොදු එකඟත්වයකි.

එමෙන්ම, කම්කරුවන්ගේ සහ සිසුන්ගේ අරගලවල මුදුනේ ලැග සිටින වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම්, ප‍්‍රහාරයන්ගේ මූලය ධනපති ක‍්‍රමයේ අර්බුදය බව දැනුවත්ව වසන් කරයි. ධනපති ආන්ඩුවලට බලපෑම් දමා ඉල්ලීම් දිනාගත හැකිය යන මිත්‍යාව වපුරන මෙම සමිති සහ සංගම්, විරෝධතා දේශපාලනය තුල කම්කරුවන් සහ සිසුන් සිරකොට, ආන්ඩුවටත් සමස්ත ධනපති ක‍්‍රමයටත් එරෙහි කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය වීම වලකා ලයි.

විශ්ව විද්‍යාල අනධ්‍යන අරගලය තුල දී මෙන්ම අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහි සිසුන්ගේ අරගලය තුල දී එය ඉතා පැහැදිලිව ඉස්මතු වී තිබේ.

අනධ්‍යන කම්කරුවෝ මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් 2016 ජුනි මාසයේ දී ද වර්ජනයකට සම්බන්ධ වූ නමුත් ආන්ඩුව එහිදි ලබා දුන් පොරොන්දු මත විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව (විවෘසඒක_) වර්ජන ක්‍රියාමාර්ග අත් හැරියේ ය. ආන්ඩුව දුන් පොරොන්දු කඩකර ඇතුවා පමනක් නොව ඛනිජ තෙල්, වරාය හා විදුලි මන්ඩල කම්කරුවන්ගේ වර්ජනවල දී සිදු කලා මෙන් වර්ජනය නීති විරෝධී බවට ප‍්‍රකාශ කර කම්කරුවන්ට එරෙහි දඩයමකට ද ආන්ඩුව සූදානම් වී සිටී.

මෙහිදී, පාලක පන්තිය විසින්ම උසිගන්වා පෙරටගනු ලැබූ වාර්ගික ප‍්‍රකෝපකරනයන් දඩමීමා කර ගනිමින් ආන්ඩුව පනවා ඇති හදිසි නීතිය අනධ්‍යන කම්කරුවන්ට එරෙහිව යොදා ගැනීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

මෙම තත්වය තුල, ඒකාබද්ධ කමිටුවේ නායකයන් සාමාජිකත්වයට කියා සිටින්නේ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභා නිලධාරීන්ගේ දරදඬුභාවය නිසා ඉල්ලීම් ඉටු නොවන බව යි.

මෙම සමිති නායකයන් මෙන්ම, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සහ එයට දේශපාලනික නායකත්වය දෙන ව්‍යාජ-වාම සංවිධානය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද, අධ්‍යාපනයේ පුද්ගලීකරන වැඩපිලිවෙල ඉදිරියටම ගෙනයාම සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කරනුයේ ඒ හෝ ඇමතිවරයාට යි.

වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම් නායකත්වයේ මෙම ප‍්‍රලාපයන්ට විපරීතව, පෙරදීද පෙන්වා ඇති පරිදි, ආන්ඩුවේ මෙම කප්පාදු පිලිවෙත් ඉදිරියටම ගෙනයාම සම්බන්ධයෙන් දෘඪතරව සිටින්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ සංවිධිත රූපය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. දැවැන්ත ආර්ථික අර්බුදයකට හසුව සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට මූල්‍ය අරමුදලේ විධානය වනුයේ ‘වියදම් කපනු’ යන්නයි.

වැඩි වැටුප් ඉල්ලා සටන් වදින කම්කරුවන්ටත්, අධ්‍යාපන කප්පාදුවට එරෙහිව සටන් වදින සිසුන්ටත් ආන්ඩුව කියා සිටින්නේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා මුදල් නොමැති බවයි.

ආර්ථික පිලිවෙත් නිර්නය කරනුයේ, මහා සංගතයන්ගේ, මූල්‍ය ප‍්‍රභූවේ සහ ඔවුනගේ නියෝජිතයන් වන ධනපති පක්ෂයන්ගේ අවශ්‍යතා මතද, නැතහොත් සමාජයේ සියලු වත්කම් හි සැබෑ නිශ්පාදකයා වන කම්කරු පන්තිය ද යන ප‍්‍රශ්නය මහජනතාවට සෘජුව අභිමුඛ කෙරී ඇත.

අපි මෙසේ යෝජනා කරන්නෙමු: වත්කම් හි සැබෑ නිශ්පාදකයා වන කම්කරු පන්තියේ අවශ්‍යතා මත ආර්ථික පිලිවෙත් නිර්නය විය යුතු ය. එය සිදු කිරීමට නම් ධනපතියන් අත පවත්නා නිශ්පාදන මාධ්‍යයන්, එනම් මහා පරිමාන වතු, ෆැක්ටරි සහ බැංකු, කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට නිශ්පාදනයේ පදනම, ලාභය නොව, මානව අවශ්‍යතාව බවට පත් කල යුතුය. මෙය වනාහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.

මෙම සටනට නායකත්වය දිය හැකි සමාජ පන්තිය ලෙස ඓතිහාසිකව නිර්නය වී ඇත්තේ ද සැබෑ නිශ්පාදකයා වන කම්කරු පන්තිය යි. ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහි අරගලයේ දී සිසුන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනට බලමුලු ගැන්විය යුත්තේ එබැවිනි.

පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් ඒක්සත් ජාතික පක්ෂයේ පෙන්නුම්කළ පරාජිත තත්වය නිසා පක්ෂය ප්‍රකිසංවිධානය කිරීමට පත් කළ කමිටුව විසින් පක්ෂ නායකකමට අනුප්‍රාප්තිකයකු නම්කරන ලෙස දන්වා අැත.

පරාජය වසාගන්නට ප්‍රතිසංවිධානය ඉදිරියට ෙගන ඒන බවට චෝදනා මධ්‍යයේ ෙමම ප්‍රතිසංවිධාන කමිටුවේ නිර්දේශ අතර නියෝජෘ නායකයාට වැඩි බලතල පිරිනැමීමටද නිර්දේශ කර අැත. මෙම නිර්දේහ අතර ඉදිරි ජයග්‍රහණ අපේක්ෂා කරන පක්ෂයක් ලෙස පක්ෂය විසින් ගෙන යායුතු වැඩසටහන් විධිමත් කරගැනීමේ අවශයතාවද අවදාරණය කර අැත.

ඉන්දියාවේ, ගණිකා නිවාසයකදී වයස දහයක දැරියක් බලාපොරොත්තුව සිටි ජර්මන් සංචාරකයකුගෙන් මා විමසුවා 'ඇය කුඩා ගැහැනු ළමයෙක් නේද?' කියා. ඔහු පුදුමයෙන් මා දිහා බලා පැවැසුවේ 'නැහැ. ඇය ගණිකාවක් පමණයි' යනුවෙන්. ඔවුන්ගේ මෙම අන්ධ දෑස් ඇරවීමත් අපේ කාර්යභාරයෙන් කොටසක් වෙනවා.

මෙක්සිකෝවේ සිටින වඩාත්ම ප්‍රසිද්ධ පරීක්ෂණාත්මක මාධ්‍යවේදිනිය වන ලිඩියා කෑචෝගේ මහත් වූ අත්දැකීම් රාශියෙන් බිඳුවකි ඒ. ගණිකා වෘත්තිය, අසභ්‍ය ඡායාරූපකරණය, අසභ්‍ය වීඩියෝ පට නිෂ්පාදනය ආදී ලිංගික කටයුතු සඳහා කෙරෙන මනුෂ්‍ය සංක්‍රමණ (ඩ්භථචද ඊපචටටඪඬඪදඨ), මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය ආදී සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ කෙරෙන ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් නිසා ඇයට නිරන්තර මරණ තර්ජනවලට මුහුණදීමට සිදුවී ඇත.

"සෑම උදෑසනකම අවදි වන මා මටම කියා ගන්නේ දවස සතුටින් ගත කළ යුතු බවත්, යක්ෂයන්ට බිය නොවිය යුතු බවත්ය." ලිඩියා පසුගිය විසි වසරක් පුරා මානව අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පරදුවට තබා මෙහෙවරෙහි යෙදෙන ක්‍රියාකාරිනියකි. ඇය 1963 අප්‍රේල් 12 මෙක්සිකෝ සිටිවල උපත ලැබුවාය. ඇගේ මව ප්‍රංශ-පෘතුගීසි කාන්තාවකි. ඇගේ පියා මෙක්සිකෝ ඉන්ජිනේරුවරයෙකි. ඇගේ මව දුප්පත් අසල්වාසීන් වෙනුවෙන් කරන ලද සමාජ සේවය නිසා සමාජ අසාධාරණය කුඩා කල සිටම ඇගේ මනස සසල කළේය. විනයගරුක භාවය සහ දැඩි ආත්ම ශක්තිය පියාගෙන් දායාද විය. ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති ඇය වයස අවුරුදු 23දී දැඩි වකුගඩු අකර්මණ්‍යතාවකටද මුහුණදී ඇත.

ඇගේ මාධ්‍ය ජීවිතය ආරම්භ වන්නේ පුවත්පත්වලට ලිංගික හිංසන වාර්තා කිරීමෙනි. මේ හේතුව නිසා 1999දී බස් නැවතුම්පොළක තිබූ නාන කාමරයක් තුළ ඇයව දූෂණයට ලක් වන අතර එහිදී ඇටකටු බිඳීමකටද භාජන වූවාය. තම කාර්යය අත්හැර දැමීම වෙනුවට එයින් තවත් පන්නරය ලැබූ ඇය කාන්තා හිංසනයට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් ආරක්ෂක පදනමක් ගොඩනැඟුවාය. ලෝකය පුරා සංචාරය කරමින් ඒ අත්දැකීම් පොත් 12ක් පුරා පළ කළාය. ඒවා භාෂා රැසකට පරිවර්තනය වී ඇත.

ර්ධබඩඥප බ්ධදඥඵ මාධ්‍ය වැඩසටහනට ඇය දැක්වූ අදහස්ය "මා අත පොවා ඇත්තේ අතිශය භයානක ඉසව්වකට. එනම් සංවිධානාත්මක අපරාධවලට විරුද්ධවයි. මා පසුගිය වසර පහක් පුරා ලෝකයේ විවිධ රටවල සංචාරය කරමින් ලිංගික කටයුතු සඳහා කෙරෙන මනුෂ්‍ය ප්‍රවාහනය ගැන තොරතුරු සෙව්වා. එය අන්තර්ජාතිකව ජාලයක් සේ පැතිර පවතින දැවැන්ත මාෆියාවක්. ඹ්ධඵ ච්ඥථධදඪධඵ ඤඥත ඡ්ඤඥද නම් පොතෙන් මා විසින් කරන ලද හෙළිදරව්ව දරාගත නොහැකි වූ තැන ඔවුන් මගේ කාර්යාලය ඉදිරිපිටදීම මාව අත්අඩංගුවට ගත්තා. මෙක්සිකෝවේ ප්‍රකට මහා පරිමාණ ව්‍යාපාරිකයකු සහ ප්‍රාන්ත අග්‍රාණ්ඩුකාරවරයකු එක්ව කරන ලද මෙහෙයුමක් බව අනාවරණය වුණා. ඔවුන් කිලෝමීටර් දාහක් දුර මා රැගෙන ගියා. වෙරළ ආසන්නයට ගොස් දූෂණය කොට මුහුදට දමා මා විසින් සියදිවි හානි කර ගැනීමක් ලෙස පෙන්වීමට ඔවුන් සැලසුම් කර තිබුණේ.

එහෙත් ඒ වන විට මගේ කණ්ඩායම, චථදඥඵබර ඪදබඥපදචබඪධදචත ආයතනය, ලොව පුරා සිටි සහාය මාධ්‍යවේදීන්, මගේ නෑදෑයන්, මිත්‍රයන් සියලු දෙනා දැනුවත් කර තිබුණේ මට තිබූ මරණ තර්ජන පිළිබඳව. ඔවුන් වහා ක්‍රියාත්මක වුණා. පැයක් ඇතුළත මේ පිළිබඳව ලෝකය දැනුවත් කළා. මෙක්සිකෝවේ හැම රේඩියෝ චැනලයකම, රූපවාහිනි චැනලයකම ඒ ගැන කියැවුණා. ඒ නිසා ඔවුන්ට මා මරා දැමීමට නොහැකි වුණා. ඔවුන්ගේ සැලසුම් වෙනස් කර වසරක් තිස්සේ මා සිරගත කොට තැබුණා. පසුව මට මෙක්සිකෝ සුපී්‍රම් උසාවියේ ඔවුන්ට විරුද්ධව නඩුවක් ගොනු කර දඬුවම් ලබා දීමට හැකි වුණා. මුදලට යට නොවී, යහපත් මාධ්‍ය සංස්කෘතියක් සඳහා මාධ්‍යවේදීන් එකමුතු විය යුතුයි. එවිට ඔවුන්ට මෙවන් අපරාධ පහසුවෙන් කිරීමට අවස්ථාව ලැබෙන්නෙ නැහැ."

"ඕලන්දය වැනි ගණිකා වෘත්තිය නීතිගත කළ රටවල් මෙන්ම ජපානය, තායිලන්තය, ජර්මනිය ආදී බොහෝ රටවල ඒ සඳහා වෙන් කළ පෙදෙස් (පඥ තඪඨඩබ ඤඪඵබපඪජඵ) ඇති කර තියෙනවා. විවිධ පොරොන්දු දෙමින් දැරියන් මේ සඳහා යොමු කොට ගැනෙන්නේ දුප්පත්කම නිසයි. මත්ද්‍රව්‍ය මෙන් නොව මනුෂ්‍යයන් ප්‍රවාහනය පහසුයි. නීත්‍යනුකූල සංචාරකයන් මිලියන ගණනක් අතරේ මෙම දැරියන්, කාන්තාවන් පමණක් නොව පිරිමි ළමයින්ද ප්‍රවාහනය වෙනවා. මේ මනුෂ්‍ය ජීවිත වැඩි මුදලකට විකිණිය හැකි වඩාම ඉල්ලුම සහිත මුදල් මවන යන්ත්‍ර ලෙසයි ඔවුන් දකින්නේ. අන්තර්ජාලය මේ අපරාධවලට තෝතැන්නක් බවට පත්වෙලා තියෙනවා. මහ පරිමාණ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, ආගමන විගමන නිලධාරීන් ඇතුළු රැසකගේ ආශීර්වාදය යටතේ මෙය ජයටම කෙරෙනවා. යම් ව්‍යාපාරයක් පවතින්නේ ඉල්ලුම තිබෙන නිසා. මේ ව්‍යාපාරයේ පාරිභෝගිකයන් පිරිමි. ඒ නිසා ලිංගිකත්වය පිළිබඳ පිරිමි ළමයින්ට අධ්‍යාපනයක් දීම අත්‍යවශ්‍යයි පවසන ලීඩියා "ඛ්ධභපචඨඥ ඪද බ්ධභපදචතඪඵථ" ඇතුළු සම්මාන රැසක් ලබා ඇත.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

"පෙති" මිශ්‍ර කර වඳ භාවයට පත් කරන බවට පවතින මතයේ කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නොමැති බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් පිරිසක් පෙන්වා දෙති.

"සැකෙවින් කිවහොත් කිසියම් ජන කණ්ඩායමක හෝ ජනවර්ගයක සරුබවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවේ නොමැති අතර එසේ කළ බවට කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව ද අපි අවධාරණය කරන්නෙමු" යනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියයකට අධික ප්‍රවීණයන් පිරිසක් විසින් බ්‍රහස්පතින්දා (මාර්තු 15) නිකුත් කරන්න ලද නිවේදනයක දැක්වේ.

මේ අතර ප්‍රජනන අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින වැරදි තොරතුරු අම්පාර සිදුවීමට හේතු වී ඇති බව ඒ පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සඳහන් කර තිබිණි.

"මිනිසුන් ස්ථීරව වන්ධ්‍යාකරණයට ලක් කළ හැකි දැනට දන්නා හෝ සොයා ගත හැකි හෝ බෙහෙතක් හෝ පෙත්තක් නැත. ආහාරවලට මිශ්‍ර කළ හැකි වඳ පෙති පිළිබඳ තිබෙන අදහස බොරුවක් වන අතර වෛද්‍ය විද්‍යාත්මකව හා විද්‍යාත්මකව එසේ සිදු කළ නොහැක," යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය ආචාර්ය රුසියා පෙන්ඩ්සේ පවසා තිබේ.

වෙනත් ජන කොට්ඨාසයක් හෝ ආගමික ප්‍රජාවක් සිය ජන වර්ගය වඳ කිරීමට හෝ ආගමික දර්ශනය විනාශ කිරීමට කුමන්ත්‍රණ කරන බවට පවතින මත ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්ත්වයක් නොවේ.

පාකිස්තානය තුළ පෝලියෝ උවදුර තුරන් කිරීම සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහන්වල නිරත සෞඛ්‍ය සේවකයන් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවල ගොදුරු බවට පත්වීම ඊට උදාහරණ වශයෙන් දැක්විය හැක.

පෝලියෝ එන්නත් ලබා දීම මගින් පාකිස්තාන් දරුවන් වඳ භාවයට පත් කිරීමට බටහිර රටවල් කටයුතු කරන බවට තාලිබාන් සංවිධානය ඇතුළු ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් චෝදනා කරති.

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ප්‍රජාව "වඳ කිරීම" සඳහා ඇතැම් මුස්ලිම් කණ්ඩායම් කටයුතු කරන බවට සිංහල බෞද්ධ දැඩි මතධාරී කණ්ඩායම් අතර ද එවැනිම මතයක් පවතී.

මුස්ලිම් ජනගහනය ඉහළ නැංවීමේ අරමුණින් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් එසේ කරන බවට දැඩි මතධාරී සිංහල බෞද්ධ කණ්ඩායම් චෝදනා කරති.

මුස්ලිම්වරුන්ට අයත් ආපන ශාලා විසින් ආහාරවලට "වඳ පෙති" එක් කරනු ලබන බව සහ මුස්ලිම්වරුන්ට අයත් නිමි ඇඳුම් වෙළෙඳසල්වල අලෙවි කරන කාන්තා යට ඇඳුම්වල "වඳ භාවයට" පත් කළ හැකි රසායන ගල්වා ඇති බව දැක්වෙන ඡායාරූප සහ අදහස් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ දක්නට ලැබේ.

"සිංහල ජාතිය වඳ කිරීමේ" කුමන්ත්‍රණයක් දියත් වන බව සඳහන් ඉහත කී ඡායාරූපය ඒ සඳහා එක් උදාහරණයකි. එම ඡායාරූපය 'ෆේස්බුක්' සමාජ ජාලයේ හුවමාරු (Share) කර ඇති පිරිස 8,000 අධිකය.

ආහාරවලට "වඳ පෙති" එක් කිරීමේ මතය හුවාදක්වන ආසන්නතම සිදුවීම ලෙස පසුගිය පෙබරවාරි 26 වෙනිදා අම්පාර නගරයේ ආපන ශාලාවක් මුල් කර ගනිමින් සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනය දැක්විය හැක.

 

 

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.