23
Tue, Jan

ප‍්‍රධාන පෙළේ මත්ද‍්‍රව්‍ය ඡුාවාරම් හා පාතාල කණ්ඩායම් නායකයෙකු වන දැනට විදේශ ගත ව සිටින මාකඳුරේ මදූෂ් සමඟ ඍජු සම්බන්ධතා පැවැත් වු පුද්ගලයෙකු හා තවත් 7 දෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිවා කාලයේ දී ශ‍්‍රී ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගමුව පාර, දාගොන්න ප‍්‍රදේශයේ නිවසක දී ලද තොරතුරක් මත වැටලීම සිදු කර තිබේ.

එහිදී ප‍්‍රධාන පෙළේ මත්ද‍්‍රව්‍ය ඡුාවාරම් හා පාතාල නායකයෙකු වන මදූෂ්ගේ සමීපතයෙක් හා අදාළ සැකකරුවන් 7 දෙනා ගිනි අවි, අත් බෝම්බ, හෙරොයින් හා කේරල ගංජා සමඟ අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන් අද දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් සිදු කරනු ලබයි.

නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත බාර දී ඇති බව සඳහන් වෙයි.

නිමල් ලන්සා මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරයි.

නිමල් ලන්සා මහතා පසුගිය වර පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ගම්පහ දිස්ත්රිනක්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණි.

දෙසැම්බර් 5 වන දා සවස 4ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදුකිරීමට නියමිතව තිබූ "පනෙයිමරකාඩු” චිත්‍රපට ප්‍රදර්ශනය  නවතා  ඇත. යාපනය ශ්‍රිලනිප ආසන සංවිධායකවරයෙක් වන, චිත්‍රපටියේ නිෂ්පාදක ලෙස කටයුතු කරන්නට පොරොන්දු වී,  එය  මගහැරු නිසා  සංස්ථා සභාපතිවරයා අද දින පනමරකාඩු පෙන්වීම ප්‍රතික්ෂේප කර ඇති  බවට  තොරතුරු  වාර්තා වේ.

"පනෙයිමරකාඩු” සිනමා ප්‍රදර්ශනය අත්හිටුවීම සම්බන්ධයෙන් දැනුම් දීමයි

දෙසැම්බර් 5 වන දා සවස 4ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදුකිරීමට නියමිතව තිබූ "පනෙයිමරකාඩු” චිත්‍රපට ප්‍රදර්ශනය අත්හිටුවීමට සිදුව ඇති බව කණගාටුවෙන් දැනුම් දෙන්නෙමු. මෙම හදිසි තීරණයට හේතුව නම් චිත්‍රපටයේ නිෂ්පාදනය හා හිමිකාරිත්වයට අදාළ නීතිමය කරුණු මතු කරමින් යම්කිසි පාර්ශවයක් විසින් එවන ලද ලිපියක් නිසා ප්‍රදර්ශනය අත්හිටවීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කිරීමයි.

අවසන් මොහොත දක්වාම මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය දැක්වූ සහය අප ඉතා අගේකොට සලකන්නෙමු. මෙම වැඩසටහනට ලබා දුන් පුළුල් ප්‍රචාරය සම්බන්ධයෙන් විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත ද අප ස්තුති පූර්වක වන්නෙමු

සිනමා පටයට අදාළ නීතිමය කටයුතු බේරුම් කරගැනීම අදාළ පාර්ශවයන්ට පැවරෙන අතර ඉතා උද්යෝගිමත් ප්‍රේක්ෂක පිරිසකට මෙම හදිසි තීරණය නිසා අත්විඳීමට වන අපහසුතා සම්බන්ධයෙන් අප බෙහෙවින් කණගාටුවට පත්වන්නෙමු.

We regret to inform public about the cancellation of the screening of the movie Panaimarakadu on 5th December 2017 at 4 pm at the Tharaganee Theater in Colombo 7. The cancellation is caused by the decision of the National Film Corporation (NFC) to call off the screening in response to a complaint lodged by a party raising a legal matter in relation to the production and ownership.

CEPA wishes to thank the Chairman of the National Film Corporation for his excellent support and effort to salvage the situation. However, the circumstances for the cancellation were beyond the control of both the NFC and CEPA. We also thank the media, both print and electronic, for the wide publicity given on the event.

While we leave the parties concerned to resolve their legal disputes, we remain frustrated that this screening in Colombo could not be realized and our inability to cater to the unprecedented enthusiasm and interest shown by a large audience. We apologize for the inconvenience caused by the cancellation at short notice.

රාජ්‍ය ආයතන සඳහා ජනවාරි 1වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුදු ඇස්බැස්ටස් සෙවිලි තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අංශ විසින් එම ඇස්බැස්ටස් වර්ගවල හානිකර තත්ත්වය අඩු බව අනාවරණය කරගැනීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

කෙසේවුවද නිල් ඇස්බැස්ටස් සඳහා ජනවාරි පළවෙනිදා සිට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ(19) රැස්විය.

පිළිකා රෝගයට ප්‍රබල හේතු කාරකයක් ලෙසට හඳුනාගෙන ඇති ඇස්බැස්ටස් 2018 ජනවාරි 01 වනදා සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව රජය 2015 වසරේදී ප්‍රකාශ කළේය.

 

රාජ්‍ය ආයතන සඳහා ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් සෙවිලි තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ(19) රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

2029 වසර වන විට ඇස්බැස්ටස් තොර රටක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ ගොඩනැඟිලි සඳහා එම සෙවිලි තහඩු තහනම් කරනු ලැබීය.

කෙසේවෙතත් රුසියාවෙන් ගෙන්වන ඇස්බැස්ටස් සෙවිලි තහඩුවල පිළිකා කාරක අඩංගු නොවන බව සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කරගැනීමෙන් පසු අදාළ තහනම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්ය.

ඇස්බැස්ටස් ශ්‍රී ලංකාවට ආනයනය කරන රටවල් අතර රුසියාව ප්‍රමුඛස්ථානයේ පසු වෙයි.

රුසියාවෙන් ආනයනය කරනු ලබන ඇස්බැස්ටස් සෙවිලි තහඩු සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත තහනම ඉවත් කිරීම මත පදනම්ව රුසියාව විසින් මෙරට තේ සඳහා පැනවූ තහනම ඉවත් කර ගැනීම සඳහා කඩිනමින් සාකච්ඡා ආරම්භ කරන ලෙසට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ඉන්දික ගුණවර්ධන. අපි මුලින්ම දැ න ගත්තේ මුහුණු පොතේ පපුවට දැනෙන පුංචි කවි ලියුවෙක් ලෙසය. කළු තීරුවක් මත සුදු අකුරෙන් කෙටි කවි ලියු කවියෙක් ලෙසය.

කාලයකට පෙර ඒ කවි නතර විය. අපි ඉන්දිකගෙන් කවි නොලියන්නේ ඇයිදැයි ඇසුවෙමු. එවිට ඉන්දිකගේ ආකෘතියෙන් කළු තීරු මට සුදු අකුරෙන් කෙටි කවි ලියන බොහෝ අය විය.

මල්ලි මම ලිව්ව දැන් ඇති. දැන් ලියන්න ගොඩක් අය ඉන්නවා. ඉන්දික මුහුණු පොතේ ලියු කවි අවිය බිම තබා තිබුණි.

ඊට ටික කාලයකට පසු ඉන්දිකගේ කවි පොත සේම ඉන්දික නිල කවියෙක් බවටද පත් විය.

ඉන්දික වටේ කවියන් සේම කවියන් නොවන මිතුරන්ද බොහොමයක් විය .. සමාජජාලා වෙබ් අඩවි වල ඉන්දික නැතුවම බැරි චරිතයක් විය .

බොහෝ අවන් හල් වල මුහුණු පොතේ සටහන් සේම , මචං මම ගෙදර ගියා .. උඹල ගියාද ? එවැනි කතාබහත් මුහුණු පොත් කමෙන්ට් කරන සංස්කෘතියේ ඉන්දික යාවජීව සාමාජිකයෙක් විය.

ජීවිතයේ සේම මිනිස් ක්‍රියාකාරීන් වල සියුම් තැන් විනිවිද යාමට ඉන්දික සමත් වුවා සේම එවැනි මොහොතවල්, නිර්මාණ බවට පත් කිරීමටද ඉන්දික සමත් විය.

 

ඉන්දික මියගොස් බව ආරංචි විය.. ෆේස් බුක් සටහන් .. ඉන්දික සමඟ මුහුවුණු තැන් වල මතක සටහන්, ඉන්දික සමඟ කතාබහ කල සටහන් , ෆේස්බුක් ශෝකය පළකිරීම් බොහොමයකි.

ඉක්මණින් ඉන්දික ජීවිතයෙන් සමුගෙන ඇත.
ජීවත්වන අපි බොහොමයක්ද ශරීරයෙන් ඔබ මෙන් නිසල නොවුවද

ඔබ ලියු කවි මෙන් කවි ලියමින්ය... සටහන් ලෝක වලය.

ඉන්දික ඔබේ නිසල වීම සහ ඔබ ගැනම ලියන අපේ ලෝකයද වෙනසක් නැති තරම්ය.
ඔබ මෙන් ශාරීරිකව නිහඬ නොවීම පමණය.

ඉන්දික කවි ලියවේ.. සටහන් ලිය වේ.. සුබ ගමන් කියවේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටී.
ආපදාව සිදු වූ දිනයේම ඉරාන් වික්‍රමරත්න රාජ්‍යය මුදල් අමාත්‍යවරයා ආපදාවට ලක් වූ මොරටුව පානදුර ප්‍රදේශ වල ජනතාව වෙත ගොස් ඔවුන්ට යතාතත්වයට පත් වීමට
කටයතු සලසා ඇති බව වාර්තා වේ.

ඉරාන් අමාත්‍ය ය වරයා තමන්ගේ ආසනයේ තත්වයන් කළමනාකරණය කලද තවමත් රට පුරා පීඩාවට පත් වූ ලක්ෂයක පමණ පිරිසක් ඇති බව වාර්තා වේ.

දිවයින පුරා පළාත් කිහිපයක පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වයෙන් හානියට පත් පවුල්වලට රුපියල් දසදහස බැගින් මූල්‍යාධාරයක් කඩිනමින් ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
ඊට අමතරව මෙම අධික සුළඟින් සහ වර්ෂාවෙන් හානියට පත් දෙපළ පිළිබඳව තක්සේරු වාර්තාවක් වහාම දෙන ලෙසද අගමැතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

 

ලබන ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ මාර්ගවල හා පොදු ප්‍රවාහන සේවා තුළ සිඟමන් යැදීම තහනම් කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය අමාත්‍යංශය කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව, සහ සමාජ සුබ සාධන අමාත්‍යංශය සමග එක්ව කළ සමීක්ෂණයකදී කොළඹ නගර සීමාව ඇතුළත යාචකයින් 600ක් පමණ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා කියා සිටියේ යාචකයින් බහුලවීම හේතුවෙන් මහජනතාවට හිරිහැරයක් මෙන්ම කොළඹ නගරයේ අලංකාරත්වයට ගැටලුවක් ඇතිවන බවයි.
කෙසේ වුවත් එම යාචකයින් ගේ ජීවනෝපාය මාර්ගයන් සකසා දී පුනරුත්ථාපනය කිරීම සඳහා තම අමාත්‍යංශයේ අභිප්‍රායක් ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 80 ක වියදමින් අම්බලන්තොට රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකර ඇති බවත් ඔහු කියා සිටියේය.

කිසිදු පිළිසරණක් නැතිව හිඟමනට වැටී සිටින යාචකයින් වෙනුවෙන් අනුකම්පා කළ යතු බවත් කෙසේ වෙතත් සිඟමන වෘත්තියක් ලෙස සිදුකරගෙන යන අය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් චම්පික රණවක ඇමැතිවරයා පැවසීය.

එසේම සිඟමනට වැටී සිටින පාසල් යන වයසේ පසුවන දරුවන් වෙනුවෙන් පාසල් අධ්‍යාපනය ලබාදීමටද විවිධ අසනීප හා පිළිසරණක් නැති දරුවන් වෙනුවෙන් ජීවිත කාලය පුරා ඔවුන් රැකබලාගැනීමේ වැඩපිළිවෙළක් ද සකස් කරන බව කී ඇමැතිවරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ යාචකයින් වැනි විවිධ තරාතිරමේ පුද්ගලයින් මෙම යාචකයින් අතර සිටින බැවින් ක්‍රමානුකූලව මෙම වැඩපිළිවෙළ සකස් කරගෙන යායුතු බවයි.

අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ලලිත් සහ කුහන් පැහැරගැනීම සම්බන්ධ නඩුව විභාගයට ගැනුනා. එහිදී රජයේ නීතීඥයන් උත්සාහ කළේ පැහැර ගැනීමක් හෝ අතුරුදන් කිරීමක් සිදු නොවූ බවත්, ඔවුන් දෙදෙනා බෝට්ටුවකින් විදේශගත වීමට ඉඩ ඇති බවත් තහවුරු කිරීමට. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කළේ හාස්‍යජනක තර්කයක්. ලලිත් සහ කුගන් ගමන් කළ යතුරු පැදිය හමුවූ මාර්ගය ධීවර ගම්මානයක් කරා වැටී ඇති බවත් ඒ ධීවරයන් සතුව බෝට්ටු ඇති බවත් රජයේ නීතීඥයා පැවසුවා.

යාපනයේ බොහෝ මාර්ග වැටී ඇත්තේ වෙරළ දිශාවට. මේ තර්කයට අනුව දහස් ගණනක් සිදුවී ඇති අතුරුදන් වීම් සැබවින්ම සිදු නොවූ ඒවා බව රජය පැවසීමට පවා ඉඩ තිබෙනවා. අතුරුදන් කිරීම් සිදුවූ බොහෝ දිස්ත්‍රික්ක වෙරළබඩ දිස්ත්‍රික්ක නිසා. ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතැයි කියූ පාලකයන්ට අතුරුදන් වීම් එකක්වත් සිදු නොවූ බව කියන්න බැරි නෑ. අද අපේ නීතීඥයන් එම තර්ක බිඳ දැමුවා. එහෙත් අවධානයෙන් ඉමු. අතුරුදන් වීම් ප්‍රතික්ෂේප කර අපරාධකරුවන් නිදොස් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් පරදවමු.

නඩුවේ මීලඟ වාරය මාර්තු 26 වැනිදා පැවැත්වෙනවා.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (02) දිනයේත් තද වැසි ඇති විය හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර දිස්ත්‍රික්ක 05ක් සඳහා තවදුරටත් නායයාමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මේ අතර සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් පිටතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහෙත් අද දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූර්ය මහත්මිය සඳහන් කළාය.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයෙන් ජලගැලීම් හේතුවෙන් වැඩිම හානි සිදුව ඇත්තේ මාතර දිස්ත්‍රික්කයට බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින ආපදා තත්ත්වය හමුවේ ආපදා සහන සේවා කටයුතු සඳහා යුද හමුදාවේ සහය හිමිව තිබේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ යුද හමුදා කණ්ඩායම් කිහිපයක් ආපදා සහන කටයුතු සඳහා කළුතර දිස්ත්‍රික්කයට යොදවා ඇති බවයි.

ඉල්ලීම් සිදු කරන ඕනෑම මොහොතක යුද හමුදා සෙබලුන් ආපදා සහන කටයුතු සඳහා යෙදවීමට ක්‍රියාකරන බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අද දෙරණ සමඟ සඳහන් කළේය.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිදවැටුණු විදුලි සැපයුම් කටයුතු පිළිසකර කිරිම් අද දිනයේත් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ අතර දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වය දිස්ත්‍රික්ක 16කට බලපෑම් එල්ල කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.