17
Sun, Dec

ඉන්දික ගුණවර්ධන. අපි මුලින්ම දැ න ගත්තේ මුහුණු පොතේ පපුවට දැනෙන පුංචි කවි ලියුවෙක් ලෙසය. කළු තීරුවක් මත සුදු අකුරෙන් කෙටි කවි ලියු කවියෙක් ලෙසය.

කාලයකට පෙර ඒ කවි නතර විය. අපි ඉන්දිකගෙන් කවි නොලියන්නේ ඇයිදැයි ඇසුවෙමු. එවිට ඉන්දිකගේ ආකෘතියෙන් කළු තීරු මට සුදු අකුරෙන් කෙටි කවි ලියන බොහෝ අය විය.

මල්ලි මම ලිව්ව දැන් ඇති. දැන් ලියන්න ගොඩක් අය ඉන්නවා. ඉන්දික මුහුණු පොතේ ලියු කවි අවිය බිම තබා තිබුණි.

ඊට ටික කාලයකට පසු ඉන්දිකගේ කවි පොත සේම ඉන්දික නිල කවියෙක් බවටද පත් විය.

ඉන්දික වටේ කවියන් සේම කවියන් නොවන මිතුරන්ද බොහොමයක් විය .. සමාජජාලා වෙබ් අඩවි වල ඉන්දික නැතුවම බැරි චරිතයක් විය .

බොහෝ අවන් හල් වල මුහුණු පොතේ සටහන් සේම , මචං මම ගෙදර ගියා .. උඹල ගියාද ? එවැනි කතාබහත් මුහුණු පොත් කමෙන්ට් කරන සංස්කෘතියේ ඉන්දික යාවජීව සාමාජිකයෙක් විය.

ජීවිතයේ සේම මිනිස් ක්‍රියාකාරීන් වල සියුම් තැන් විනිවිද යාමට ඉන්දික සමත් වුවා සේම එවැනි මොහොතවල්, නිර්මාණ බවට පත් කිරීමටද ඉන්දික සමත් විය.

 

ඉන්දික මියගොස් බව ආරංචි විය.. ෆේස් බුක් සටහන් .. ඉන්දික සමඟ මුහුවුණු තැන් වල මතක සටහන්, ඉන්දික සමඟ කතාබහ කල සටහන් , ෆේස්බුක් ශෝකය පළකිරීම් බොහොමයකි.

ඉක්මණින් ඉන්දික ජීවිතයෙන් සමුගෙන ඇත.
ජීවත්වන අපි බොහොමයක්ද ශරීරයෙන් ඔබ මෙන් නිසල නොවුවද

ඔබ ලියු කවි මෙන් කවි ලියමින්ය... සටහන් ලෝක වලය.

ඉන්දික ඔබේ නිසල වීම සහ ඔබ ගැනම ලියන අපේ ලෝකයද වෙනසක් නැති තරම්ය.
ඔබ මෙන් ශාරීරිකව නිහඬ නොවීම පමණය.

ඉන්දික කවි ලියවේ.. සටහන් ලිය වේ.. සුබ ගමන් කියවේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් තවමත් පීඩාවට පත්ව සිටී.
ආපදාව සිදු වූ දිනයේම ඉරාන් වික්‍රමරත්න රාජ්‍යය මුදල් අමාත්‍යවරයා ආපදාවට ලක් වූ මොරටුව පානදුර ප්‍රදේශ වල ජනතාව වෙත ගොස් ඔවුන්ට යතාතත්වයට පත් වීමට
කටයතු සලසා ඇති බව වාර්තා වේ.

ඉරාන් අමාත්‍ය ය වරයා තමන්ගේ ආසනයේ තත්වයන් කළමනාකරණය කලද තවමත් රට පුරා පීඩාවට පත් වූ ලක්ෂයක පමණ පිරිසක් ඇති බව වාර්තා වේ.

දිවයින පුරා පළාත් කිහිපයක පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වයෙන් හානියට පත් පවුල්වලට රුපියල් දසදහස බැගින් මූල්‍යාධාරයක් කඩිනමින් ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
ඊට අමතරව මෙම අධික සුළඟින් සහ වර්ෂාවෙන් හානියට පත් දෙපළ පිළිබඳව තක්සේරු වාර්තාවක් වහාම දෙන ලෙසද අගමැතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

 

පළාත් පාලන ඡන්දයට එක්‌ව තරග කිරීමට නම් ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප කණ්‌ඩායම දෙසැම්බර් 09 දා අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කර සිය අවංකභාවය පෙන්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (28 දා) තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක පැවැති රැස්‌වීමේදී මෙම තීන්දුවට එළැඹි බව කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ගාමිණී ලොකුගේ මාධ්‍යයට ප්‍රකාශ කළේය.

ශ්‍රීලනිප කණ්‌ඩායම ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්න ඕනේ. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අයවැය පරාජය කිරීමට කටයුතු කිරීමයි. මේ 09 වැනිදා අයවැය අවසන් වර ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කරලා ශ්‍රීලනිප මන්ත්‍රීවරු තමන්ගේ අංකභාවය පෙන්විය යුතුයි. ඉන් පස්‌සේ පළාත් පාලන මැතිවරණයට අපිට එකට එකතුවෙලා තරග කරන්න පුළුවන් යෑයි ගාමිණී ලොකුගේ පැවසුවේය.

ඒගොල්ලන් ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්නේ නැත්නම් අපි පොහොට්‌ටුවෙන් තරග කරනවා. දැනටමත් අපි අපේක්‍ෂකයන් තෝරාගෙන ඉවරයි. ආණ්‌ඩුවේ ඉන්න කල් අපි එයාලා එක්‌ක එකතු වෙන්නේ නැතැයි කළුතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී කුමාර වෙල්ගම ද එම සාකච්ඡාව අවසන්ව පැමිණ මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී එළැඹි තීරණය දෙපාර්ශ්වය එක්‌කිරීම සඳහා පත්කළ කමිටුවේ ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයන් වන පවිත්‍රා වන්නිආරච්චි, සී. බී. රත්නායක සහ මහින්ද යාපා අබේවර්ධන යන නියෝජිතයන් විසින් ශ්‍රීලනිප කමිටු සාමාජිකයන්ට දැනුම් දීමට එකඟ වී ඇත.

ඒ අනුව ශ්‍රීලනිප සාමාජිකයන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් සමඟ ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන් තිදෙනා ඊයේ (28 දා) රාත්‍රියේ යළි සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

 

අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ලලිත් සහ කුහන් පැහැරගැනීම සම්බන්ධ නඩුව විභාගයට ගැනුනා. එහිදී රජයේ නීතීඥයන් උත්සාහ කළේ පැහැර ගැනීමක් හෝ අතුරුදන් කිරීමක් සිදු නොවූ බවත්, ඔවුන් දෙදෙනා බෝට්ටුවකින් විදේශගත වීමට ඉඩ ඇති බවත් තහවුරු කිරීමට. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කළේ හාස්‍යජනක තර්කයක්. ලලිත් සහ කුගන් ගමන් කළ යතුරු පැදිය හමුවූ මාර්ගය ධීවර ගම්මානයක් කරා වැටී ඇති බවත් ඒ ධීවරයන් සතුව බෝට්ටු ඇති බවත් රජයේ නීතීඥයා පැවසුවා.

යාපනයේ බොහෝ මාර්ග වැටී ඇත්තේ වෙරළ දිශාවට. මේ තර්කයට අනුව දහස් ගණනක් සිදුවී ඇති අතුරුදන් වීම් සැබවින්ම සිදු නොවූ ඒවා බව රජය පැවසීමට පවා ඉඩ තිබෙනවා. අතුරුදන් කිරීම් සිදුවූ බොහෝ දිස්ත්‍රික්ක වෙරළබඩ දිස්ත්‍රික්ක නිසා. ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතැයි කියූ පාලකයන්ට අතුරුදන් වීම් එකක්වත් සිදු නොවූ බව කියන්න බැරි නෑ. අද අපේ නීතීඥයන් එම තර්ක බිඳ දැමුවා. එහෙත් අවධානයෙන් ඉමු. අතුරුදන් වීම් ප්‍රතික්ෂේප කර අපරාධකරුවන් නිදොස් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් පරදවමු.

නඩුවේ මීලඟ වාරය මාර්තු 26 වැනිදා පැවැත්වෙනවා.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (02) දිනයේත් තද වැසි ඇති විය හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර දිස්ත්‍රික්ක 05ක් සඳහා තවදුරටත් නායයාමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මේ අතර සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් පිටතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහෙත් අද දිනයේ ද දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූර්ය මහත්මිය සඳහන් කළාය.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයෙන් ජලගැලීම් හේතුවෙන් වැඩිම හානි සිදුව ඇත්තේ මාතර දිස්ත්‍රික්කයට බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින ආපදා තත්ත්වය හමුවේ ආපදා සහන සේවා කටයුතු සඳහා යුද හමුදාවේ සහය හිමිව තිබේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ යුද හමුදා කණ්ඩායම් කිහිපයක් ආපදා සහන කටයුතු සඳහා කළුතර දිස්ත්‍රික්කයට යොදවා ඇති බවයි.

ඉල්ලීම් සිදු කරන ඕනෑම මොහොතක යුද හමුදා සෙබලුන් ආපදා සහන කටයුතු සඳහා යෙදවීමට ක්‍රියාකරන බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අද දෙරණ සමඟ සඳහන් කළේය.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිදවැටුණු විදුලි සැපයුම් කටයුතු පිළිසකර කිරිම් අද දිනයේත් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ අතර දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වය දිස්ත්‍රික්ක 16කට බලපෑම් එල්ල කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලය සුදානම් කොට ඇත.
යාපනය අද (27) දහවල් යාපනය විශ්ව විද්‍යාල සිසුන් මහවිරු සැමරුම් වැඩසටහනක් සංවිධානය කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපස මහවිරු සැමරුම වෙනුවෙන් විශාල පහනක ආකෘතියක් සකස් කොට ඇති අතර, කොඩි වැල් වලින් විශ්ව විද්‍යාලය අවට ප‍්‍රදේශ සරසා ඇත.
එල්. ටි. ටි.ඊ. සංවිධානය ක‍්‍රියාකාරීව පැවති සමයේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් කණ්ඩායම් සංවිධානයේ ක‍්‍රියාකාරකම් වෙනුවෙන්ද සහභාගී වී ඇත.

දෙසැම්බර් 5 වන දා සවස 4ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදුකිරීමට නියමිතව තිබූ "පනෙයිමරකාඩු” චිත්‍රපට ප්‍රදර්ශනය  නවතා  ඇත. යාපනය ශ්‍රිලනිප ආසන සංවිධායකවරයෙක් වන, චිත්‍රපටියේ නිෂ්පාදක ලෙස කටයුතු කරන්නට පොරොන්දු වී,  එය  මගහැරු නිසා  සංස්ථා සභාපතිවරයා අද දින පනමරකාඩු පෙන්වීම ප්‍රතික්ෂේප කර ඇති  බවට  තොරතුරු  වාර්තා වේ.

"පනෙයිමරකාඩු” සිනමා ප්‍රදර්ශනය අත්හිටුවීම සම්බන්ධයෙන් දැනුම් දීමයි

දෙසැම්බර් 5 වන දා සවස 4ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදුකිරීමට නියමිතව තිබූ "පනෙයිමරකාඩු” චිත්‍රපට ප්‍රදර්ශනය අත්හිටුවීමට සිදුව ඇති බව කණගාටුවෙන් දැනුම් දෙන්නෙමු. මෙම හදිසි තීරණයට හේතුව නම් චිත්‍රපටයේ නිෂ්පාදනය හා හිමිකාරිත්වයට අදාළ නීතිමය කරුණු මතු කරමින් යම්කිසි පාර්ශවයක් විසින් එවන ලද ලිපියක් නිසා ප්‍රදර්ශනය අත්හිටවීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කිරීමයි.

අවසන් මොහොත දක්වාම මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය දැක්වූ සහය අප ඉතා අගේකොට සලකන්නෙමු. මෙම වැඩසටහනට ලබා දුන් පුළුල් ප්‍රචාරය සම්බන්ධයෙන් විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත ද අප ස්තුති පූර්වක වන්නෙමු

සිනමා පටයට අදාළ නීතිමය කටයුතු බේරුම් කරගැනීම අදාළ පාර්ශවයන්ට පැවරෙන අතර ඉතා උද්යෝගිමත් ප්‍රේක්ෂක පිරිසකට මෙම හදිසි තීරණය නිසා අත්විඳීමට වන අපහසුතා සම්බන්ධයෙන් අප බෙහෙවින් කණගාටුවට පත්වන්නෙමු.

We regret to inform public about the cancellation of the screening of the movie Panaimarakadu on 5th December 2017 at 4 pm at the Tharaganee Theater in Colombo 7. The cancellation is caused by the decision of the National Film Corporation (NFC) to call off the screening in response to a complaint lodged by a party raising a legal matter in relation to the production and ownership.

CEPA wishes to thank the Chairman of the National Film Corporation for his excellent support and effort to salvage the situation. However, the circumstances for the cancellation were beyond the control of both the NFC and CEPA. We also thank the media, both print and electronic, for the wide publicity given on the event.

While we leave the parties concerned to resolve their legal disputes, we remain frustrated that this screening in Colombo could not be realized and our inability to cater to the unprecedented enthusiasm and interest shown by a large audience. We apologize for the inconvenience caused by the cancellation at short notice.

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලයක් තුළදී සිය වැටුපෙන් හා ඉපැයීම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම ඇතුළු සිද්ධීන් 39ක් යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරණු ලැබිය.

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ 2009.01.01 වැනිදා හා 2014.12.31. වැනිදා කාලය අතරතුරදී එලෙස උපයාගත් මුදල් බැංකු ගිණුම් 26ක තැන්පත් කර හා වියදම් කර ඇතැයිද දේපළ මිලදී ගැනීම් 13ක් සිදුකර ඇතැයිද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම අධිචෝදනා මගින් චෝදනා නඟා තිබුණි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එරෙහිව නඟා ඇති එම අධිචෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් හා ‍ලේඛන 40ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධ්‍යක්ෂ ජනරල්වරයා අධිකරණයට දැනුම් දී තිබුණි.

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදන අද නිකුත් කරන බව මැතිවරණ කොමිසම පවසයි.

එම නිවේදන ලිඛිතව අද තේරීම් භාර නිලධාරින්ට සහ සහකාර තේරීම් භාර නිළධාරින්ට යොමු කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාල ආයතන සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඇප තැන්පතු ලබා ගැනිම සහ නාමයේජනා භාරගැනිම දින 14කට පසු සිදු කිරිමට නියමිතය.

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.