22
Sun, Oct

දෙසතියකට පමණ ඉහතින් යාපනයේ ගිය බැසිල් රාජපක්ෂ මහත් ආන්දෝලනයකට ලක් විය. එය ආරම්භ වූයේ යුධ අපරාධ සම්බන්ධයෙන් ඔහු කියූ කතාවකට අදාලව රජයේ මාධ්‍යයෙහි පළවු ප‍්‍රවෘත්තියක් මුල්කර ගෙනය.

1917 රුසියානු විප්ලවය පිලිබඳ විශිෂ්ටතම වාර්තා චිත‍්‍රපටය Tsar to Lenin (සාර් ටු ලෙනින් ) ඩීවීඩී අනුසාරයෙන් මේරිං පොත් ප‍්‍රකාශකයින් විසින් නිකුත් කරයි

මෙහි පලකරන්නේ 2012 ජූලි මස 5 දා මේරිං පොත් ප‍්‍රකාශකයින් විසින් 20 වැනි සියවසේ විශිෂ්ටතම වාර්තා චිත‍්‍රපටයක් වන සාර් ටු ලෙනින් (Tsar to Lenin) ඩීවීඩී තැටිය නිකුත් කරනු ලැබීම නිමිත්තෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් තබන ලද සටහන යි.

පුරුෂයින්ගේ ජන්මාණු හෙවත් ශුක්‍රාණු දැනට පවතින වේගයෙන් අඩුවුවහොත් මානව සංහතිය මිහිමතින් අතුරුදන්ව යා හැකි බවට වෛද්‍ය විශේෂඥයෙක් අනතුරු අඟවයි.පුරුෂයින්ගේ ජන්මාණු හෙවත් ශුක්‍රාණු දැනට පවතින වේගයෙන් අඩුවුවහොත් මානව සංහතිය මිහිමතින් අතුරුදන්ව යා හැකි බවට වෛද්‍ය විශේෂඥයෙක් අනතුරු අඟවයි.


අධ්‍යයන 200ක් ඇසුරින් ලද ප්‍රතිඵල ඇගැයූ පර්යේෂකයින්ට අනුව පෙනී ගොස් තිබෙන්නේ වසර 40 ට අඩු කාලයකදී උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩකින් අඩුවී ඇති බවය.
මානව ප්‍රජනනය සම්බන්ධයෙන් සොයාගන්නා ලද නවතම තොරතුරු සම්බන්ධයෙන් ඇතැම් විශේෂඥයෝ සැක සංකා පළකරති.නමුත් ප්‍රධාන පර්යේෂක ආචාර්ය හැගායි ලෙවීන් පවසන්නේ අනාගතයේදී කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව තමන්ට ඇත්තේ "මහත් කණස්සල්ලක්" බවය.


මෙය අදාළ කරුණ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විශාලතම පර්යේෂණ ඇගයුම් වන අතර ඒ සඳහා 1973 සහ 2011 යන වර්ෂ අතරදී කරන ලද අධ්‍යයන 185 ක ප්‍රතිඵල එක්කරගෙන තිබිණි.
වසංගත රෝග විශේෂඥයකු වන වෛද්‍ය ලෙවීන් බීබීසී සමග පැවසුවේ මේ ප්‍රවණතාව ඉදිරියට ගියහොත් මෙලොවින් මානවයා තුරන් විය හැකි බවය.


අඩුවීමේ වේගය 'ඉහළ නගී'


"අපේ ජීවන රටාව, පරිසරය වගේම අප රසායනිකවලට නිරාවරණය වීම වෙනස් නොකළොත්, අනාගතයේදී කුමක් සිදුවිය හැකිද යන්න ගැන මට තියෙන්නේ බලවත් කණස්සල්ලක්" ආචාර්ය ලෙවීන් පවසයි.
"අපට ගැටලුවලට මුහුණ දෙන්න වේවි, පොදුවේ ගත්තොත් ප්‍රජනනය සම්බන්ධයෙන්. එය මානව වර්ගයාගේ අවසානය වේවි" ඔහු තවදුරටත් කීය.මෙම අධ්‍යයනයට එක් නොවූ විද්‍යාඥයෝ එම පර්යේෂණයේ ගුණාත්මක බව ඇගයීමට ලක් කළ ද එවැනි නිගමනයකට එමට තරම් කල් වැඩි බව පෙන්වා දෙති.


ජෙරුසලම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලෙවීන්ට අනුව ශුක්‍රාණු ප්‍රමාණයේ 52.4% ක පහළ යාමක් සොයාගෙන ඇති අතර උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පිරිමින්ගේ සමස්ත ශුක්‍රාණු ගණනයේ 59.3% ක අඩුවීමක් ඇති බව හෙළිවී තිබේ.අදාළ රටවල පිලිමින්ගේ ශුක්‍රාණු අඩුවීමේ වේගය එළෙසම පවතින අතර ඇතැම්විට එම වේගය වැඩිවිය හැකි බව ද අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.


පෙර පර්යේෂණයේ 'සාවද්‍යබව'


දකුණු ඇමෙරිකාව, ආසියාව හා අප්‍රිකාවේ සැළකිය යුතු පහළ යාමක් නොපෙන්වුවත් පර්යේෂකයින් පෙන්වාදෙන්නේ අදාළ මහාද්වීපවල මෙවැනි පර්යේෂණ ක්‍රියාත්මක වී ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවය.
සංවර්ධිත රටවල ශුක්‍රාණු ප්‍රමාණාත්මක බවේ මෙවැනිම සීඝ්‍ර පහළ යාමක් පෙර අධ්‍යයන ගණනාවකදී පෙන්නුම් කළ ද එම පර්යේෂණවලින් බොහොමයක් සාවද්‍ය බව ඒ දෙස සැකයෙන් යුතුව අදහස් පළකරන්නෝ පවසති.
ඒ ඇතැම් පර්යේෂණවලට ලක්වුයේ සාපේක්ෂ වශයෙන් පිරිමින් සුලු පිරිසක් හෝ සඵලතාව පිළිබඳ සායනවලට පැමිණි පිරිමින් පමණක් වූ අතර ඔවුන් බොහෝ විට ශුක්‍රාණු ප්‍රමාණයේ අඩුවක් පෙන්වුවන් ය.


එසේම පෙර පැවති ශුක්‍රාණු ගණනය කිරීමේ විධි ක්‍රමවලදී සැබෑ තත්ත්වය ඉක්මවූ ඇස්තමේන්තුවක් පෙන්වීම ද තවත් දුෂ්කරතාවක් වූ බව කියැවේ.අදාළ රටවල පිලිමින්ගේ ශුක්‍රාණු අඩුවීමේ වේගය එළෙසම පවතින අතර ඇතැම්විට එම වේගය වැඩිවිය හැකි බව ද අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.Image copyrightSCIENCE PHOTO LIBRARYමේ කරුණු සියල්ල සැළකීමේදී ශුක්‍රාණු ප්‍රමාණාත්මක බවේ පහළ යාම පිළිබඳ වැරදි මතයක් නිර්මාණය වීමට හේතුවිණි.
එහෙත්, මෙම ඌණතාවලින් ඇතැම් ඒවා මගහැරවාගත්තේ යැයි පවසන අදාළ පර්යේෂකයින් පිරිස, ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් පේසි වැනි සැක පළකළ තැනැත්තන්ගේ සැකය අඩු කිරීමට සමත් වුහ.
"මෑත අතීතයේ සිට මානව ශුක්‍රාණු ප්‍රමාණාත්මකව පහළ යාමක් සොයාගත් බවට ප්‍රකාශයට පත් බොහෝ අධ්‍යයන මා තුළ විශ්වාසයක් ගොඩ නැගීමට සමත්වුනේ නැහැ." යැයි පැවසු මහාචාර්ය පේසි, "නමුත්, ආචාර්ය ලෙවීන් ප්‍රමුඛ ඔහුගේ සගයින් පෙර අධ්‍යයනවල දකින්නට ලැබුණු ඌණතා රැසක්ම අභිබවා ගොස් තිබෙනවා" යැයි සඳහන් කළේය.


දුම්පානය හා ස්ථුලතාව


කෙසේවෙතත්, වැරදීම්වලට ඇති ඉඩකඩ නවමත අධ්‍යයනයේදී අඩුකරනු ලැබ තිබුනද ඒවා සහමුලින්ම ඉවත්ව නැති බව මහාචාර්ය පේසි පවසයි."පවතින වාදය සමථයකට පත්වී නැති අතර තවත් බොහෝ දේ කළ යුතුව ඇති බව පැහැදිලිව පෙනෙනවා.""කෙසේවෙතත්, මෙම ගැටලුව පරීක්ෂා කිරීම සඳහා වඩා හොඳ අධ්‍යයන සකස් කරගැනීමට අපට ඉවහල්වන දත්තවල සුපැහැදිලි බව සම්බන්ධයෙන් මෙහිදී පියවරක් ඉදිරියට තබා තිබෙනවා." යැයි ඔහු පවසනවා.


මෙසේ ශුක්‍රාණු ප්‍රමාණාත්මකව පහළ යාමේ තත්ත්වයට පැහැදිලි හේතුවක් නොපෙනුනද කෘමිනාෂකවලට සහ ප්ලාස්ටික්වලට යොදන රසායනිකවලට නිරාවරණයවීම, ස්ථුලතාව, දුම්පානය, ආතතිය, ආහාර රටාව මෙන්ම පමණට වඩා රුපවාහිනිය නැරඹීම ද මීට සම්බන්ධයක් ඇතැයි කියැවේ.ශුක්‍රාණු ප්‍රමාණාත්මකව පහළ යන්නේ ඇයිද යන්න හා එම ප්‍රවණතාව ආපසු හැරවීමේ මං පිළිබඳව වහා සොයා බැලීමේ අවශ්‍යතාව මතුව ඇති බව මේ අතර ආචාර්ය ලෙවීන් පවසයි.


"අප මීට ක්‍රියාමාර්ග ගත යුතුයි - උදාහරණයක් ලෙස මිනිසා විසින් නිපදවනු ලබන රසායනික සම්බන්ධයෙන් යහපත් නියාමනයක් ඇති කළ යුතු අතර දුම්පානය හා ස්ථුලතාව පාලනයට ගන්න වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතුයි", ආචාර්ය ලෙවීන් පෙන්වාදෙයි.


BBC

තාප්පයට "සිරකරුවෝද මනුශ්‍යයෝය" මනුශ්‍යයන් සිටී දැයි එහි ඇතුලට එබී බලන්න.
(සහන් හේවාදලුගොඩ)

සිරකරුවන් යනුවෙන් හැඳින්වෙන මිනිස් කොටස යනු වෙනම සත්වයින් පිරිසක් නොවේ. ඔවුන් සමාජයේම කොටසකි. ඒ නිසාම ” සිර කරුවෝද මනුෂ්‍යයෝ ය” යනුවෙන් හැඳින්වුවත් ඔවුන්ගේ සිරගත ජීවීතය දන්නේ එහි වෙසෙන්නන්මය. එහෙත් රාජ්‍ය විසින් තනා ඇති සිර ගෙවල්වලට නීති පණත් සැකසී ඇත. එය ලංකාවට ඉංග්‍රීසි පාලන කාලය තුල දී ඇතුළත් වී ඇති අතර එය කෙනෙකු කියවනු ලැබුවොත්, ඔවුන්ට හිමි අයිතිවාසිකම් කුමක් දැයි වටහා ගත හැකි වුවත් නීතිය විසින් උරුම විය යුතු අයිතිවාසිකම්වලින් ඔවුනට අත්වන්නේ කොපමණ ප්‍රමාණයක් දැයි ගණන් බැලීමට වඩා පැවැසිය හැකි වන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් එකහෙළාම උල්ළංඝණය වී ඇති බවය. පහත සටහන පසුබිම් සපයන යථාර්ථයේ අංශු මාත්‍රයක් පහතින් කිය විය හැකි වේ.ලංකාවේ බන්දනාගාර වල ඇති ගැටලු සම්බන්දයෙන් දේශපාලන රැදවියකු ලෙස (2007 -2014 ) වසර 08 කාලයක් වැලිකඩ,මහර,අනුරාදපුර සහ යාපනය යන බන්ධනාගාර තුල රදවා සිටි මාගේ අත් දැකීම් ආශ්‍රයෙන් කරනු ලබන කරුනු පැහැදිලි කිරිමකි

වැලිකඩ බන්දනාගාර තුල ඇති රැදවියන් මුහුන දෙන ගැටලු

කාමර පහසුකම්

මුලික රදවා තැබිය හැකි ජාතන්තරව පිලිගත් කුමවේදයන්නට අනුකුල නොවන ආකාරයෙන් විශාල රැදවියන් ප්රනමානයක් රදවා සිටින අතර මෙහි ඉඩකඩ ප්‍රමානය රදවා සිටින රැදවියන් ගණනට වඩා අතිශයින්ම සිමිතය.


මෙම කාමරයක රදවා තිබිය හැක්කේ එක් සිරකරුවෙකු පමනක් වුවවත් දැනට මෙම වර්ග අඩි 6-10 කාමරයක රැදවියන් 3-8 ත් අතර ප්රාමානයක් රදවා තබා තිබෙන අතර එය බන්දනාගාර ආඥාපනත අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරිමකි. තවද මෙම කාමරයක රදවනු ලබන රැදවියෙකු සදහා අනිවාර්යෙන්ම පැදුරක් හා කොට්ටයක් ලබා දිය යුතු වුවත් එවැනි දැ ලබාදෙනු නොලැබේ. මේ නිසා රැදවියන් මුහුනපාන ගැටලුව ලෝක නිතයට අනුව පවා මනුෂත්වයට කරනු ලබන අවමානයකි. යම් රැදවියෙකු බන්දානාගාර ගතකල විට නිතියට අනුව එම සිරකරුට ජම්පර් ඇදුමක් පිගානක් හා කෝපයක් ලබා දිය යුතු වුවත් එවැනි දැ ලබා දෙනු නොලබයි. නිදසුනක් ලෙස එදිනෙදා අලුතෙන් සිරගතවන ඇතැම් රැදවියන් සිලි සිලි මලු වලට ආහාර ගෙන කැම කන අවස්තා අනත්තවත් ඇත.

prirooms
ආහාර හා ඔලුවට රැපියල.


බන්දන්නාගාර දෙපාර්තුමේන්තුවේ හා ආමාත්‍යාන්ශයේ ඉහල නිලයන්ගේ සිට පහලම නිලයන් දක්වා සැම සිරකරුවකුගේම දිනක බත් පතින් රුපියල් 5 සිට බන්දනාගාර අදිකාරී දක්වා එන විට රුපියල් 01 ක් දක්වා ගසා කන බන සිපිරි ගෙදර ප්‍රසිද්ද රහසක්ය. ලංකාව තුල සිර හා සැක කරුවන් 20000 කට අදිකය. ඉහල සිට පහලට නිලදාරින් 05 ස් දෙනුකු එසේ ගසා කනු ලබුව හොත් සිරකරුවාගේ දිනක අහාර වේලෙන් කොපමන මුදලක් දැයි සිතා බලන්න. අතේ ඇගිලි ගානටත් අඩු නිලදාරීන් ඇරෙන්නට අනෙකුත් නිලදාරින් එම ගසා කෑම සිදුකරයි.බන්දනාගාරයට ආහාර සපයන ටෙන්ඩර් කරුවන් විසින් සිරකරුවාට ලබාදෙන අහාර ප්‍රමාන වලින් හෝ ගුනයෙන් අඩු ආහාර ප්‍රමන ලබාදී ඉහත නිලයන්ගේ මනදොල සපුරන අතර ටෙන්ඩර් කරුවාද එම තත්වයන් ප්‍රයෝජනයට ගෙන දෙල් කාලෙට දෙල්ද බතල කාලෙට බතලද වශයෙන් කුනුකොල්ලයට ලබාදියහැකි ආහර සිරගෙදරට නිකුත් කරනු ලැබේ.සිරකරුවකුගේ ආහාර වට්ටෝරුව ප්‍රමිතිගත එකක් වුවද ජරාවට යටවුනු නිලදාරීනට ටෙන්ඩර් කරුවා අභියෝගයට ලක් කරන්නේ නැත.


සියලු රැදවියන්ට තුන්වේල කැම ලබාදෙනු ලබන නමුත් ලබා දෙන ආහාර නියමිත ප්‍රමිතියෙන් හා ප්රසමානවලින් මෙන්ම පෝෂණ ගුනයෙන්ද තොරය.ආහාර පිසින විට අඩංගු කල යුතු කලමනා නිසි අයුරින් නොයෙදීම හේතුවෙන් එම ආහර වල කිසිදු රසයක් නොදැනෙන අතර උදාහරනයක් ලෙස මිනිසුන්ට අනුබව කල නොහැකි ලෙස බතල මඤ්ඤොක්කා වැනි දෑ හොදි හදා ආහාරයට දෙන අවස්තා ඇත.සිරකරු ආහාර වට්ටෝරුව නිසි ලෙස මුදල් ප්‍රතිපාදන බන්දනාගාර දෙපාර්තුමේන්තුවට රජයෙන් වෙන් වන නමුදු බන්දනාගාරයට අරක්ගත් ටෙන්ඩර් මාෆියාව හා නිලදාරින්ගේ ගසා කෑම් නිසා සිරකරුවා අතට පත්වන ආහාර පත වතුරයි බතුයි තත්වයට පත්ව ඇත.අවසානයේ සිරකරුවන්ටත් සිදුව ඇත්තේ බන්දනාගාර මුලුතැන් ගෙයි නිලදාරීන්ට හෝ එහි වැඩවල නියුතු සිරකරුවන් ට අයතා ලෙස මුදල් ලබා දී තමාගේ ආහාර වේලට අවශ්‍ය කලමනා (තුනපහ,මිරිස්,පොල්)ලබාගෙන බන්දනාගාරයෙන් පිස ලබාදෙන ආහාර වෙලට අව්ශ්‍ය කලමනා එකතුකොට නැවත හොර රහසේ පිස ගැනීමටයි.මුදල් හදල් ඇති අතලොස්සක් සිරකරුවන් එම කාර්‍යයේ නිරත වන අතර ඔවුන් දිනකට එකවේලක් හෝ බන්දනාග්ගරය පිස ලබාදෙන ආහාර වේල සිරකරුවන් කිහිප දෙනෙක් එකතුවී එලවලු හා බත් වෙන වෙනම ලබාගෙන එවා අවශ්‍ය කලමනා එක් කොට නැවත පිස ආහාරයට ගනී.පොදු වේ බොහෝ හිරකරුව්න් දෙන දෙයක් කා නිහඩව සිටී.ආහර ගැන මැසිවිලි නගන හා ඒ සම්බන්දව නිරන්තරයෙන් ප්‍රශ්න කරන සිරකරුවන්ට තාඩන පීඩනයෙන් හා වෙනත් බන්දනාගාර වලට මාරු කර හිරිහැරයට ලක් කිරීමෙන් ප්‍රශ්නය මගහැරීමට බන්දනාගාර නිලදාරීන් කටයුතු කරයි. නිසි පෝෂණයෙන් තොර ආහාර ලබා දෙන නිසා රැදවියන් කායික හා මානසික රෝගින් බවට පත්විම වැලැක්විය නොහැක.

prifood

සනිපාරක්ෂක පහසුකම්


මේ අනුව මුලිකවම වැසිකිලි පහසුකම් රදවා සිටින රැදවියන් ගනනට සමානව කිසිසේත්ම ප්රරමානවත් නැත. නිදසුනක් ලෙස පැයක් වැනි කාලයක් තුල තම ශරීරකෘතිය කර ගැනීමට රැදවියන් 2500 කට ආසන්න ප්‍රමානයට ඇත්තේ වැසිකිලි 50 කට ආසන්න ප්රනමානයකි. වැලිකිසි තුල ජල පහසුකම් නොමැති අතර වෙනත් ස්තානයකින් වතුර පනිට්ටුවක් රැගෙන ගොස් වැසිකිලි යාමට හා මුහුන සේදිමට සිදුව ඇත. වැලිකඩ බන්දනාගාරයේ චැපල් අංශයේ රදවා සිටින රැදවියන් හවස 5 ට පමන සිරමැදිරි තුලට ගාල්කල පසු නැවත එම කාමර අරිනු ලබන්නේ පාන්දර 6ට පමනය. රැදවියන් සිරමැදිතුල සිටින මුලු රාත්රි ය පුරා වැකිකිලි හා කැසිලිකි පහුසකම් ලබාගත නොහැකි අතර මුත්රා කිරිමට සිදු වන්නේ ප්ලාස්ටික් බෝතල් හා වැලිකඩ බන්දානාගාරයෙන් ලබාදෙන පනිට්ටුවකටය. මිට අමතරව වැසිකිලි යාමට සිදුවන විට එයද එවැනිම ආකාරයෙන් කාමරය තුල පනිට්ටුවකට සිදුකල යුතුය. එක් රැදවියෙකු රදවා තැබිමට සාදා ඇති කාමරයක 5 -8 ප්‍රමානයන් හෝ ඉට වැඩි ගනනක් රදවා සිටින විට මේ පිරිස මුලු රාත්‍රිය පහන් කල යුතු ආකාරයේ කටුක බව වචනයෙන් විස්තර කල නොහැක.
දිනකට එක් සිරකරුවෙකුට ස්නානය කිරිම සදහා ලබා දෙන වතුර ප්‍රමානය කිසිසේත් ප්රදමානවත් නැත. මේ අයට ලබාදෙන වැලිකඩ බන්දනාගාරයේ නිෂ්පාදිත සබන් කිසිදු ප්රදමිතියක් නොමැති අතර රෙදිසේදිමට පවා ඒවා සුදුසු නොමැත. අධික කෝස්ටික් සෝඩා ප්රපමානයක් ඇති එම සබන් ඇගේ ගැ විට හම ගැලවි යයි. එම සබන් පවා එක් සිරකරුවෙකුට ලබා දෙන්නේ සති දෙකකට එක් කුඩා සබන් කැටයකි. හිසේ ගාන්නට සති දෙකකට පොල්තෙල් මේස හැන්දක් පමනක් ලබාදෙනු ලබයි.කොලඹ රිමාන්ඩ් බන්දනාගාරයෙ තත්වය ඉතා නරක අතර බොහෝ සැකරුවන්ට කකුස්සියට යාමට පවා වතුර ලබා ගැනීමට වර ලත් සිර කාක්කන්ට අල්ලස් ලබාදිය යුතුය.

pripeople
වෛද්‍ය පහසුකම්


සිරකරුවන් අතර බෝවන රෝග හා චර්ම රෝග බහුලව දක්නට ඇත ඊට හේතුව වන්නේ ආහාර වල පෝෂණ ගුනය අඩුකම ඇදුම් පිරිසිදු කිරිමට ඇති අඩු පහසුකම් හා රැදවියන්ට පිරිසිදුව ඉන්ට තරම් ජල පහසුකම් නොමැති නිසා රැදවියන් දෛනිකව රෝගි වෙයි. බන්දනාගාරය තුලට දෛනිකව පැමිනෙන වෛද්යලවරුන් එහි රැදි සිටින්නේ සිමිත වේලාවකි. තවද මෙම වෛද්යනවරුන් නියමිත සුදුසුකම් සහිත අය නොවන අතර බන්දනාගාර රෝහල පිහිටා ඇත්තේ වැලිකඩ බන්දනාගාරයෙන් පිටත වන අතර හදිසි රෝගි තත්ත්වයකදි සියලු නෛතික විදි විදාන අනුගමනය කර රෝහලට රැගෙන යන විට පැයකට ආසන්න කාලයක් ගත වන අතර ඒ නිසා බෝහෝ රෝගින් මිය යයි.තවද වෛද්‍ය වරුන් සිරකරු රෝගීන් පරීක්ශාවට ලක්කරන විට ඇතැම් වෛද්‍ය වරු සිරකරුවා දෙස පිලිකුලෙන් යුතුව බලා නිසි පරරීක්ශාවක් පව සිදුකරන්නේ නැත.රෝගියා තම ලෙඩේ කියන්නටත් පෙර දොස්තර බෙහෙත් ලියා දෙන අවස්තාද එමටය.බන්දනාගාරය තුල අත්‍යාවශ්‍ය බෙහෙත් නොමැතිකමද බරපතල ගැටලුවකි.
අනිත් අතට බන්දනාගාර රෝහල තුල සැත්කම් සදහා පහසුකම් මෙන්ම සමහර රෝහලක තිබිය යුතු මුලික පහසුකම් පවා නොමැති නිසා ජාතික රෝහලෙන් එය ලබා ගැනිමට සිදුවෙයි. එහිදි ජාතික රෝලහට රැදවියන් ඉදිරිපත් කිරිමේ දි බන්දනාගාර දෙපාර්තමේන්තුවේ ඇති පරිපාලන අඩුපහඩු හා නොසැලකල්ල නිසා ද රැදවියන් මිය යන අවස්තා ඇත. බන්දනාගාරය තුල ලිංගාශ්‍රියත රෝග ව්යඅප්තිය ඉතා වැඩි අතර ලිංගාශ්රියත රෝග බෝවිමට බහුල ඉඩක් ඇත.නිසි පුනරුත්තාපන ක්‍රම වේදයක් හා නිදහස උදෙසා බලාපොරොත්තුවක් හෝ අහිමි දිර්ගකාලීනව හිරගෙදරටම සින්නවී ඇති සිරකරුවන් සමලින්ගික කාර්‍යන් මගින් හෝ තම ලිංගික අවශ්‍ශ්‍ය තාවයන් ඉටු කර ගන්නා අතර අලුතෙන් බන්දනාගාරයට පැමිනෙන රැදවියන් ඔවුන්ගේ ගොදුරු බවට පත්වීම සුලබ කාරනයකි.ලිංගික අඩන්තේට්ටම් සම්බන්දයෙන් නිලදාරින්ගේ අවදානය ලක්වන්නෙම නැත.රෝගි සිරකරුවන් අනෙක් සිරකරුවන්ගෙන් වෙන්කර රදවා තැබිමේ නිසි ක්‍රමවේදයක්ද නැත.
නඩුකටයුතු නිසා සිදුවන අසාධාරනකම්
අධිකරනවලින් ලැබෙන අසාධාරන තින්දු වලට ලක්වුවන්ට නිති ආධාර ලබා ගැනිමට හැකි නිසි ක්රවමවේදයක් ක්රිනයාත්මක නොවිම නිසා රැදවියන් දිර්ග කාලිනව බන්දනාගාර ගතවිම. නිදසුනක් ලෙස මහේස්ත්රා්ත් අදිකරනයේ කමිස 12ක් සොරකම් කල අයෙකුට එක් කමිසයකට වසර 2ක බැගින් වසර 24 ක සිර දඩුවමක් ලබා දිම. මෙවැනි රැදවියන්ට මුදල් වියදම් කර අභියාචනා කිරිමේ හැකියාවක් ද නැත.එක් රැදවියකුට මහේස්ත්‍රාත් අදිකරන කිහිපයක් සමාන කරුනු මත ලබාදෙන බොහෝ සිරදඩුවම් එකට එකතු වූ විට වසර 100 ඉකමවා සිරදඩුවම් නියම වන සිරකරුවන් සිටින්නේය.(උ/හ. හොරකම් නඩු, මුදල් වන්චා සිදුකරන්නන්) මොවුන්ගේ නඩු සියල්ල එකට එකතුකොට මහාදිකරනයකට ඇපෑලක් දමන්නේ නම් එම දඩුවම් යම් ප්‍රමානයකට ලිහිල් වී ඔවුනටද සමජගතවීමේ අවකාශ සැලසෙන්නේය.එහෙත් ඒ සදහා නීති ආදාර සපයා ගත නොහැකි සිරකරුවන්ට එම කටයුතු කරගැනීමට සහයෝගය ලබාදීමද පුනරුත්තාපනයේම කොටසක් බව බන්දනාගාරයටත් නීතී ආදාර ලබා දෙන ආයතන වලටත් මගහැරී ඇත.සමහර සිරකරුවන්ට ලබාදී ඇති සිරදඩුවම් යාවත්කාලීන නොවන්නේය.බෝහෝ විට දෙපාරක් ඉපදී මියගියත් එම දඩුවම් ගෙවා නිම කල නොහැක.දඩුවමත් හා ඉලකම් මගිනුත් මිනිසුන්ගෙන් පලිගත හැකිය යන චේතනාවෙන් මිස එවැනි සිරදඩුවම් පමුනු වන්නේ කුමන චේතනාවකින්දැයි සිතා ගත නොහැක.දේශපාලන හෙන්චයියන් කරන හොරකම් වල හා අපරාද වල දිග පලල දිහා බලන විට මොවුන් වංචා කල හෝ හොරකම් වල වටිනාකම් මොනවාදැයි සිතෙන්නේය. හොරකම මොකා කරත් වැරදිය. එහෙත් කෝටිගන් ගසා කා තම වත්කම් සගවන සරන ගුනවර්දනලාට වසර රැ 2000ක දඩයකුත් ලලිත් වීරතුන්ගලාට වසර 3ක සිරදඩුවම් ලැබෙන විට පොදු ජනයා වරද කට දඩුවම් ලබන විට ඔවුන්ට ජීවිතකාලයම හිරගෙවල්වල සිටින්නට දඩුවම් පමුනු වන්නේය.කුසගින්නට පොල්ලගෙඩියක් කොස්ගෙඩියක් අල්ලපු වැටෙන් කඩා ගත් එකාගේ ජීවිතයම කම්මුතු වන්නට දඩුවම් දෙන ආඩම්බර අදිකරන පද්දිතියක් අපට ඇත.
බන්ධනාගාර අඥාපනතේ අන පනත් හා සිකරකරු ප්‍රතිපාදන ක්‍රියාත්මක නොවීම.
වසර 1994 ට පෙර ක්‍රියාත්මක වු රැදවියන් පුනරුත්තාපනය කර නැවත සමජගත කිරිමේ ක්රිමවේදය ඇතුලත් බන්ධනාගාර ආඥා පනතේ 40 වගන්තිය දැනට අක්රි්යව තිබිම. චන්දිකා පාලන සමය තුල එකල අමාත්‍ය බැටී වීරකොන් විසින් සිරකරුවාට හිමි වරප්‍රසාදය අහිමි කොට ඇත. බන්දනාගාරයෙන් පිටත වැඩ සහන සදහා යොදවා ඇති රැදවියන්ට නියමිත යම් යාවත්කාලින වැටුපක් ලබා දෙනු ලැබුවද ඒහා සමාන සේවාවක් බන්දනාගාරය තුල සේවය කරන රැදවියන්ට ලබා නොදිම.ඇතුලත වැඩෙහි නියලෙන සිරකරුවාගේ දෛනික වැටුප රැපියක් 2ක් ඉක්මවන්නේ නැත.එමෙන්ම පුනරුත්තාපනය කරනු ලබන රැදවියන්ටද තම දඩුවම් කාලය ගෙවා යලි සමාජගත වන්නට ඇති අවස්තාව ඉතා සිමිත විම නිසාම මේ රැදවියන්ගේ පවුල් වල අය විශාල අගතියකට මුහුන දිමට සිදුව ඇත.


රැදවියන් සියලු දෙනාම අධිකරනයෙන් වරදකරුවෙකු කල පසු ඒ අයගේ තරාතිරම කල අපරාදය සලකා ඒ අයට අසාමන ලෙස සැලකිමට බන්දනාගාර නිලධාරින්ට හැකියාවක් නැත. කල වරද මත පදනම් වන්නේ නම් අඩුම තරමේ මේ අය වෙන වෙනම රදවා තැබිය යුතුය. මේ නිසා අධිකරනයෙන් වරදකරු වු රැදවියන් බන්දනාගාරය තුලදි නැවත අනියමින් දඩුවමකට යටත් කිරිම සිදුවිම අසාධාරනය. අනෙක් අතට මරණීය දන්ඩනයෙන් සිර දඩුවම් ලැබුවන් කිසිදු පුනරුත්තාපන ක්රිනයාදාමයකට යටත් නොවන අතර මේ රැදවියන් දිර්ග කාලයක් නිකරුනේ ගාල්කර තැබිම. ජනාධිපති විසින් ව්යිවස්ථාවට අනුව ලබාදෙන පොදු සමාව නිතිපති දෙපාර්තමේන්තුව විසින් කල වරද අනුව වර්ග කර ඇතැම් වරදවල් අනුව ජනාදිපති පොදු සමාව අහිමි කිරිම කටයුතු සම්පාදනය කිරීම
තවද මේ වන විටත් මෙම ජනාධිපති පොදු සමාව යටතේ මහින්ද රාජපක්ෂට හිතවත් බොහෝ අපරාධකාරයන් නිදහස් කර තිබෙන අතර අහිංසක කිසිවක් කර කියාගත නොහැකි රැදවියන් නිකරැනේ අපාදුක් විදීමත්ය.බන්දනාගාර පනතේ ඇති විදි විදාන පොදුවේ සියලු සිරකරුවන්ට ලබා දීමට කටයුතු කරන්නේ නම් බන්දනාගාර තදබදය සහ සිරකරුවාත් රජයත් මුහුන දෙන ගැටලු බොහෝ නිරාකරනය වන්නේය. බොහෝ වරප්‍රසාදිත සිරකරැවන් හා එසේ නොවන සිරකරුවන් දෙකොටසක් ලෙස සමා ක්‍රම ක්‍රියාත්මක වීම තුල පොදු හිරකරුවා කබලෙන් ලිපට වැටී ඇත.


මරන දන්ඩනය නියම වූවන් සහ ජීවිතාන්ත රැදවියන්.


කුමන්ත්‍රන කොට සාහසික මිනිස් ඝාතන සිදු කර (වෙඩි තබා ඝාතන කිර්‍රිම් හා මත්ද්‍ර්ව්‍ය ඇතුලුව) ඉහත දන්ඩනයට ලක්වූවන් බන්දනාගාර තුල සිටිනේ අතලොස්සක්‍ ය.ඒ භාරත ලස්ක්මන් ඝාතනය, රෙගූ නිලදාරියා ඝාතනය, ඇතුලු කිහිපයක්ය.වසරකට ලංකාව තුල කුමන්ත්‍රනකාරීව වෙඩි තබා ඝාතනය කිරීම් කීයක් සිදුවෙනවාදැයි සිතා බල්න්න.එම අපරාද කරුවන් දේශපාලන හයියෙන් හෝ ලංකාවේ නීතිය තුලින් කෙසේ හෝ කනෙන් රින්ගා නිදහසේ සිටිනිවා විය යුතුය. වැටට ඉන්නට කොස්ගෙඩියට මිනීමරාගත් දුශ්කර පෙදෙස් වල නූගත් අති බහුතර මරන දන්ඩන සිරකරුවන් අතර 5% ක අනුපාතයකට හෝ කුමන්න කාරී නියම අපරාද කරුවන් නොමැත.මරනීය දන්ඩනය ලැබූ සිරකරුවන්ගෙන් 80% ක් නැවත පුනරුත්තපන ක්‍රමවේදයකට අනුව සමාජ ගත කල හැකි අයවලුන්‍ ය.වසර 15 -20 -25 වශයෙන් දඩුවම් ගේවා දමන එම රැදවියන්ගේ ජීවිත අගාදයෙන් අගාදයටම යවනවා මිසක ඔවුන්ට සමාජගත වීමට නිසි ක්‍රමවේදය්ක් නොමැත. බලයට එන ආන්ඩුවල වුවමනා එපා කම් මත කලින් කලට වෙනස්වන අයුරින් සිරකරුවගේ ජීවිත ඉරනම තින්දු කිරීම ක්ෲර සහගතය.බවුද්ද රටක් නිසා ඔවුන් එකවර එල්ලා මරා දමන්නේ නැත. දීර්ගකාලීනව සිරකරුවන් බලාපොරොත්තු විරහිතව මර මරා රදවා තබා ගැනීමේ ක්‍රමවේදයෙන් බවුද්ද කම රෙද්ද පල්ලෙන් බෙරෙන්නේය.

pridead
පුනරුත්තාපනය
බන්දනාගාර නිලදාරීන් පුනරුත්තාපනය යැයි සිතාසින්නේ හිරකරුවා පෝය දිනයට බලහත් කාරයෙන් හෝ සිල් ගැන්වවීමත් ජෝතිශ්‍ය වැනි හොර තක්කඩි ජවාරම් කිරීමට සිරකරුවා යොමුකරවීමත්‍ය. මෙමගින් එලියේත් හොරතක්කඩි වැඩ කර හිරේට එන මිනිසුන්ට කරදරයකින් තොරව නීලකාස ජාවාරන් ඉගැන්වීමකි. ඉහත සිල් නොගන්නන්ට නිවාස නිවාඩු හා බලපත්‍ර මන්ඩල අහිමි වෙන අතර ඒ හේතුවෙන් කුමන දුශ්කරතා මැද වුවද භාවනා වැටසටහන් හා සිල් සමාදන් වීම වැනිදේ සිරකරුවා සහභාගී වීම අනිවර්‍යය.(හිරගෙදර භාශාවෙන් කියන්නේ නම් එම සීල භාවනා වැඩසටහන් හිරකරුන් විසින් හදුන්වන්නේ බයිබෝස් සිල් කියාය.ඉහත දීර්ග වශයෙන් සදහන් කර ඇති දුශ්කර තා රැසක් මැද සිටින මිනිසුන්ට මොන භාවනා දැයි පොඩි දරුවකුට හෝ අවබෝද වුවද එම කටයුතු පුනරුත්තාපනයක් නොවන බව එහි සිටින කද බඩයි පමනක් ඇති වගකිවයුත්තන්ට අවබෝද්යක් නොමැත.
හිර ගෙදර නැටුම් හා සංගීත කන්ඩායම් වලට බැදෙන සිරකරුවන් යම්තාක් දුරට හෝ දැනුමක් අත්පත් කර ගනු ලබයි.හිරගෙදර සෑම සිරකරුවෙකුම කුමක් හෝ වැඩබිමකට යොමුකරනු ලබන අතර කම්මල්,ලොන්ඩ්‍රි,කොසු ඉදල් තැනීම,ටේලර් අංශය,වගා අංශය,විදුලි අංශය,වඩු අංශය, ජලනල අංශය,පෙදරේරු යන අංශ පැවතියත් ඒම අංශවල වැඩ වලට සක්‍රීයව දායක වන්නේ ඒ සදහා පෙර වුර්තීය නිපුනත්වයක් ඇති අයවලුන්‍ පමනි.ඉහත සියලු වැඩ අංශ වල බහුතර සිරකරුවන් නිකරුනේ කාලය ගෙවන අතර ඉහත වුර්තීන් නවක සිරකරුවන් හට ඉගැන්වීමක් කෙරෙන්නේ නැත. විදුලි,ටේලර්,පෙදරේරු ,වඩු යන අංශ සදහා ලංකාවේ බන්දනාගාර කිහිපයක කලාතුරකින් වුර්තිය පුහුනු පාඨමාල පැවැත්වෙන අතර ඒවාද සීමිත පිරිසකට පමනක් සීමාවේ. අද කාලයට සරිලන පරිදි හිරකරුවකුට සුදුසු වුර්තීය පුහුනුවක් ලබාදෙන්නේ නම් සිරකරුවාගේ අනගතය යහපත් වනු ඇත. උදාහරනයක් ලෙස වැලිකඩ බන්දනාගාරය තුල ඇති බේකෙරිය තුල දැනටමත් පාන් ,පේස්ට්‍රි ,කේක් වැනි බොහෝ නිශ්පාදන සීමිත වශයෙන් බන්දනාගාර අලෙවිසැලේ අලෙවියට නිශ්පාදනය කරන අතර එය වඩා පුලුල් මට්ටමින් බාහිරට අලෙවි කිරීමටත් එම ක්‍රියාවලිය තුල එම අංශයේම නවක සිරකරුවන් එම කාර්‍යන් තුලයොදවා පුහුනුවකුත් ලබාදීමත් බන්දනාගාරය පැත්තෙන් ආදායමක් ලැබාගැනීමේ හැකියාවද ඇත.ගැටලුව ඇත්තේ තිබෙන සම්පත් වලින් හෝ සිරකරුවාට ප්‍රයෝජනවත් දෙයක් බිහිකරලීමේ නව්‍යතා අවබෝද කරගත් බන්දනාගාර පරිපාලනයක් බිහි නොවීමයි.සුද්දා 1948 හිරගෙවල් අපට ආපසු භාර දී යන මොහොත දක්වා සිරකරුවාගේ වුන්නතියට බිහි කරලූ ක්‍රීයාවන් එතනින් එහාට අඩියක් ඉදිරියට තබන්නට ලාංකීය පාලන තන්ත්‍රයන්ගේ නොහැකියාව ඒදා සහ අද තත්වයන් සලකා බලන කල මැනවින් පැහැදිලිවේ. සුද්දා අප රටේ හිරගෙවල් පාලනය කල කාලය තුල ඔවුන්ගේ රටවල් වල සිරකරුවන්ට සැලසූ සහන හා දඩුවම යන අර්තකතන වල වෙනස් කිරීම් පවා අප රටේ සිරකරුවන්ටද බුක්ති විදීමට අවස්තා03 කදී පමන කටයුතු කොට ඇති අතර ඒවා සුද්දන් විසින් කොමිසන් වාර්තා මගින් බන්දනාගාර පනතට ඇතුලත් කොට සිරකරුවාට සහන සලසා ඇත. සුද්දාගෙන් පසු අප සිරකරුවාට ලාබාදී ඇති කිසිවක් නොමැත.කර ඇත්තේ සිරකරුවාගේ සොච්චම් අයිතිවාසිකම් ටික කප්පාදු කොට සිරකරුවා පීඩ්නයට ලක්කිරීම පමනි.


අප සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලෙස,


ඉහත තත්වයන් සම්බන්ධයෙන් බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සදහා වන කමිටුව වශයෙන් පසුගිය කාලය තුල අප දිගින් දිගටම ගෙන ගිය අරගලයේ ප්‍රතිපලයක් ලෙස යහ පාලන රජය මරනදන්ඩය හා ජීවිතාන්ත සිරකරැවන්ට යම් සහන කිහිපයක් ලබාදීමට කටයුතු කර තිබුනනද එම ක්‍රියාවලීන් වඩා පුලුල් ලෙස ක්‍රියාත්මක කරවීම මිනිසුන් වන අප සැමගේම වගකීමයි.
ලංකාවේ බහුතරයක් සිතන්නේ බන්ධනාගාර ගත කරන්නේ වරදකරැවන් නිසා ඔවුන් වෙඩ් තබා මැරැවත් ඔවුනට කන්න නොදුන්නත් නාන්න නොදුන්නත් කිසිදු ගැටලුවක් නොවන බවය. නමුත් අප සැවොම කල්පනා කළ යුත්තේ මේ හිරගෙවල් වල හෙට දින අපට ඉන්නට සිදුවීම සිදුවිය හැකි බව නොවෙද? අප විසින් අද දින ලෝක සිරකරු දිනය යෙදී ඇති සැප්තැම්බර් 12 වැනි දින දහවල් වැලිකඩ බන්ධනාගාරය අසලට රැස්ව යහ පාලන ආණ්ඩුවට බල කරනු ලැබූයේ සිරකරැවන් මනුෂයණයන් බව පිළිගන්නවා නම් බන්ධනාගාර රැදවියන්ට මනුෂ්යණයන්ට හිමි මූලික පහසුකම් හෝ ලබා දෙන ලෙසය. නැතිනම් බන්ධනාගාර තාප්පයේ ඇති දැන්වීම් පුවරැව සිරකරැවන් අමුනුෂ්යනයෝය ලෙස වෙනස් කරන ලෙසය. අද දින වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණ අප සමග එක්වුනු සියලු මානව හිතවාදීන්ට ක්ෘත්ඤ වන අතර සිරකරුවනුත් මිනිසුන් ලෙස ජිවත් විය යුතුය හා ඔවුන්ටද සමාජගත වීමට ඇති අයිතිය හිමි කරදීමේ අපේක්ශාවෙන් ඉදිරියටද නිරන්තර අරගලයේ යෙදෙන්නට අප පසුබට වන්න්නේ නැත.
(සුදේශ් නන්දීමාල්)
(සේනක පෙරේරා)
(තුශාර එන් දස්කොන්)
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව.

'ට්‍රාන්ස්ජෙන්ඩර්' එහෙම නැත්නං 'සංක්‍රාන්ති ලිංගිකයන්' කියන්නෙ මානව අයිතිවාසිකම් හිමිවන - අතිශය අහිංසක 'මනුස්ස කොට්ටාසයක්.'

ඔවුන් හුස්ම ගන්නව. ප්‍රේම කරනව. හීන දකිනව. හිනාවෙනව. අඬනව. රණ්ඩු වෙනව. සුළු මොහොතකින් ආයෙමත් සිප වැළඳ ගන්නව.

ජපානයේ නාගසාකි හිදී මෙම චායාරූපය ගනු ලැබූ Joe O'Donnell ව ඇමරිකානු හමුදාව විසින් ජපානයට යවනු ලැබුවේ දෙවනි ලෝක යුද්ධයේ ගුවන් ප්‍රහාර සහ පරමාණු බෝම්බ ප්‍රහාර දෙකෙන් ජපානයට ඇතිවූ බලපෑම සහ විනාශය පිළිබඳව වාර්තා කිරීම සඳහාය. 1945 සැප්තැම්බර් මාසයෙන් ඇරඹි මාස 7 පුරාවට බටහිර ජපානය හරහා සංචාරය කරමින් යුද්ධයෙන් සිදුවී තිබූ මහා විනාශය වාර්තා කිරීමේ නියැලි ඔහු බෝම්බ ප්‍රහාරවල ගොදුරු බවට පත්වූවන් ( මියගිය , තුවාල ලැබූ , නිවාස අහිමි වූ සහ අනාථ වූවන් ඇතුළුව ) පිළිබඳව අනාවරණය කරනු ලැබීය. පීඩා විඳින මිනිසුන්ගේ පින්තූර ඔහුගේ කැමරාවේ මෙන්ම හදවතේද නොමැකෙන ලෙසින් සටහන් විය.ජපානයේ නාගසාකි හිදී මෙම චායාරූපය ගනු ලැබූ Joe O'Donnell ව ඇමරිකානු හමුදාව විසින් ජපානයට යවනු ලැබුවේ දෙවනි ලෝක යුද්ධයේ ගුවන් ප්‍රහාර සහ පරමාණු බෝම්බ ප්‍රහාර දෙකෙන් ජපානයට ඇතිවූ බලපෑම සහ විනාශය පිළිබඳව වාර්තා කිරීම සඳහාය. 1945 සැප්තැම්බර් මාසයෙන් ඇරඹි මාස 7 පුරාවට බටහිර ජපානය හරහා සංචාරය කරමින් යුද්ධයෙන් සිදුවී තිබූ මහා විනාශය වාර්තා කිරීමේ නියැලි ඔහු බෝම්බ ප්‍රහාරවල ගොදුරු බවට පත්වූවන් ( මියගිය , තුවාල ලැබූ , නිවාස අහිමි වූ සහ අනාථ වූවන් ඇතුළුව ) පිළිබඳව අනාවරණය කරනු ලැබීය. පීඩා විඳින මිනිසුන්ගේ පින්තූර ඔහුගේ කැමරාවේ මෙන්ම හදවතේද නොමැකෙන ලෙසින් සටහන් විය.


" මම දැක්කා අසලින් පියමනින අවුරුදු 10ක විතර පිරිමි ළමයෙක්ව. ඔහු තවත් කුඩා දරුවෙක්ව තමන්ගෙ පිටේ එල්ලගෙන හිටියා. ඒ දවස්වල ජපානයේදි අපි නිතරම දැකපු දසුනක් තමයි බොහෝ දරුවන් තම කුඩා සහෝදර සහෝදරියන්ව පිටේ එල්ලගෙන සෙල්ලම් කරනවා. නමුත් මේ පිරිමි ළමයා දිහා බැලුවම පැහැදිලි වෙනසක් පෙනුනා. මට දැකගන්න හැකිවුණා ඔහු එතනට පැමිණ සිටියේ සෙල්ලම් කිරීමට නොව වෙනත් වැදගත් කාරණාවක් නිසා බව.ඔහු පාවහන් පැළඳ සිටියේ නෑ.. මුහුණෙ තිබුණේ දැඩි බවක්. ඔහුගේ පිටුපසින් පෙනුනු කුඩා හිස පස්සට ඇලවෙලා තිබුණේ කුඩා දරුවා දැඩි නින්දේ සිටින බවක් පෙන්වමිනුයි. මේ දරුවා විනාඩි පහක් හෝ දහයක් පමණ එහි රැඳී සිටියා.ටික වේලාවකට පසු ඔහු වෙතට පැමිණි සුදු පාට මුහුණු ආවරණ පැළඳි මිනිසුන් විසින් නිහඬවම ඔහුගේ පිටුපසින් කුඩා දරුවාව රඳවා සිටි කඹය ඉවත් කරන්නට වුණා. ඒ වෙලාවෙ තමයි මම දැක්කෙ දරුවා ඒ වන විටත් මියගොස් සිටි බව. කුඩා මළසිරුරේ අත් පා වලින් අල්ලා ගත් මිනිසුන් විසින් එය ගින්නට විසිකර දැමුවා.පිරිමි ළමයා සෘජුව හිටගෙන ගින්න දිහා බලන් හිටියේ හෙළවෙන්නෙවත් නැතුව. ඔහු විසින් තම යටිතොල දැඩිව සපාගෙන සිටීමෙන් එය ලේ පාට වෙලා තිබුණා. බැසයන හිරු මෙන් දීප්තියකින් ගින්න ඇවිළුනා. ආපසු හැරුණු ඔහු නිහඬව ඉවත්ව ගියා.. "


චායාරූපයෙන් ද පෙනෙන මෙම දරුවා සිටගෙන සිටින ඉරියව්ව තුළ පැහැදිලිවම එකල තිබූ මිලිටරි බලපෑම පිළිඹිබු වේ. තම මියගිය කුඩා සොයුරාව ආදාහන ස්ථානය වෙත ගෙන එමින් ඔහු තම කාර්යය ඉටුකොට තිබේ. මෙම සේයාරුව පරාජිත ජාතියක ආත්මය පිළිඹිබු කරන ප්‍රතිමූර්තියක් බඳුය...

වැලිකඩ ඝාතනය සම්බන්දයෙන් කලකට ඉහත අවස්තාවක මා දැක්වූ අදහසකට පරලවූ කසුන් පුස්ඇල්ල ගාලකාඩාගත් මී හරකෙකුලෙස හැසිරුනේය.මීට දිනකීපයකට ඉහතදීද මාගේ නම සදහන් කරම මෙකි පුද්ගලයා බහු බූතයක් බුකියේ කොතැනකද දමා ඇතිබව මිතුරෙකු මා හට අද දැනුම් දුන්හ. මාගේ සිරගත ජීවිතය මෙන්න වැලිකඩ ඝාතනය සම්බන්දව පුස් ඇල්ල මට එල්ල කෙරුනු චෝදනා එල්ල කොට තිබුනත් තඹ සතේකට මට ඒවා අදාලම නැත. නමුත් මොඩයෙක් මෙන් ඔහු නොදන්නා යටගියාවක් අවුස්සන්නේ නම් මා එයට පිලිතුරක් ලියා තැබිය යුතුය.කිසි එකෙකුගෙ මරනයක් හෝ සිද්දියක් හෝ අවමයෙන් දෙමල ජනතාව විකුනා හො රට පැන නැත.වැලිකඩ ඝාතනය සිදුවූ අවස්තාවේ මා කාලේ කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය කෙනෙක් වෙතොත් සුදේශ් නන්දිමාල් ගෙනුත් එවක බන්දනාගාර අදිකාරිගෙනුත් අසා දැනගත හැක.එතනින් එහාට මා වැලිකඩ ඝාතනයට එරෙහිව කල කී දෑ කිසිවක් කියන්නට අවශ්‍යද නැත.බඩපිනුන් ගහන්නටද උවමනාවක් නැත.

වැලිකඩ ඝාතනය විකුනා රට පැන ඇත්තේ කවුදැයි තව නොබෝ කලකින් අපට දැන ගත හැක.සියල්ල දිනෙක ආපසු හැරෙනු ඇත.කන්න ඕන වෙලාවට කබරගොයත් තලගොයා කරගන්නා නරුමයන් ගැන දැනගන්න වැඩිකාලයක් ගත නොවනු ඇත..ගසනා ගේම් නොදන්නවා සේ ඉන්නවා විනා එය අනවබෝදයකින් නොවන බවද කියා සිටිය යුතුය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික පුන්ඩ සමාජවාදී ජනරජයේ ස්වාදින කොමිසන් සභා හෝ අදිකරන ඉදිරිපිට සාක්කි දී මාගේ කොන්ද පරික්ශා කරගනීමට කිසිදු අවශ්‍යතාවයක් මා හට නොමැත.කොමිශන් සභා පත්කිරීමට පෙර එවක පොලිස්පතිට නීතීඥයෙකු මාර්ගයෙන් දිවුරුම් ප්‍රකශයක් මගින් වැලිකඩ ඝාතනයේ තොරතුරු හා සාක්ශි ඉදිරිපත් කොට ඇත.එවා ප්‍රයෝජනයට ගැනීම නොගැනීම මා සතු කර්‍ර්‍යක් නොවන්නේය.ආන්ඩු වලට අවශ්‍ය මොහොතට උඩ දමා යටගසන මිනිස් සංහාරයක මා ජෝකර් කෙනෙකු විය යුතු නැත.එම ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති පදම් සාක්ශි හා තොරතුරු මීට වසර ගනනකට පෙර සිටම අපරාද පරීක්ශන දෙපාර්තුමේන්තුව සතුව ඇත.අවශ්‍යව ඇත්තේ ආන්ඩුවට දේශපාලනික තීන්දුවක් ගැනීම පමනි.ඒ වැලිකඩ ඝාතකයන් නීතිය ඉස්සරහට ගේනවාද නැද්ද පමනි.ඒ සදහා දේශපාලන තීන්දුවක් ගැනීමට රජය පෙලඹවීමට කල යුත්තේ කුමක්දැයි උස්සා පොලෙවෙ ගසා කීමට අව්ශය නැත.

මා රටේ නීතිය පිලිබදව විස්වාස කරනෙක් නොවන අතර එසේ විස්වාස කරනවානම් මා හට හිරගෙදර අවුරුදු 08 ක් තපින්නට සිදුනොවන්නටද ඉඩ තිබුනි. මාගේ කොන්ද සහ සියලු අවයව ගැන ශ්‍රීලංකා ත්‍රස්ත විමර්ශන කොඨ්ටාශයෙනුත්,අපරාද විමර්ශන කොඨ්ටාශයෙනුත්, හොදින් පරීක්ශාකල බලා මාස 06ක් බූස්සේ රැදවුම් කදවුරේ තප්පවා පසුව වසර 08 ක කාලය තුල අලුත්කඩේ,යපනය, ගම්පහ පූගොඩ යන උසාවී වල නග්ගවා පසුව නිදොස් කොටම නිදහස් කර එලියට දමන ලදි.නඩු හබ වලින්ද නිදහස ලබන්නේ මා ඇතුලු මාත් ස්මග සිරබත් කෑ සගයන්ගේ ස්ව උත්සාහයෙන් වන අතර 71 එකේ කැරැල්ලේ සාමාජිකයන් කිහිපදෙනෙකුත් බහූ සහෝදරයා හා රුකි සහෝදරයා චන්ද්‍රපාල කුමාරගේ මහතා සේනක පෙරේරා යන අය සැලකියයුතු මැදිහත් වීමක් අප වෙනුවෙන් ඉටු කරන ලදි. 


මින් පෙරද අපගේ නිදහස උදේසා අප කල දෑ සමහරක් විසින් විවේචනයට ලක් කර අතර නන්දිමාල් සිල්වාට සංශෝදිත චෝදනා පත්‍රයකින් අදිකරනයේ දඩයකට යටත්ව නිදහස ලබා එලියට යාම අපගේ දේශපාලන අරමුනු පවාදීමක් ලෙසද එකතරා මාධ්‍ය පකීර් කෙනෙක් එකලද අදහස් පල කරන්න්ට විය.මාද්‍ය පකීර්ලා හිතන්නේ අපි උන්ගේ ප්‍රොජෙක්ට වල රෑකඩ වී ජීවත් විය යුතු බවයි.මාද්‍ය පකීර්ලාට අමතකව යන කරුන වන්නේ එම ප්‍රොජෙක්ට් යනු තව කෙනෙකුගේ අගාදයක් බවයි. එවායේ රහ සහ ගැඹුර පරතරය නොවිමසන තක්කඩින් අතර එය විමසාබලන අතලොස්සක් මාධ්‍ය වේදීන් නිසා වෙන් තම වුර්තීය ගවුරවය හෝ රැකී තිබෙන තක්කඩියන් දන්නේ නැත.බන්දනාගාරයෙන් පිටතට පා තැබීමේ අරමුනින් ගත් ක්‍රියා මාර්ග හා පොදු හිරකරුවාගේ යහපතට අප කල බොහෝ දෑ ගැන දන්නේ ඉතා අතලොස්සක්‍ පමනි. හිරේ යාම උත්කර්ශයක් ලෙස මා නොසලකන අතරම යම් දේශපාලන අරමුනක් වෙනුවෙන් එක් දිනක් හෝ අත් අඩංගුවට පත්වීම සහ කාලාන්තරයක් සිරබත් කන්නට සිදුවීමේ බරබතල තත්වයන්ට මුහුන නොදුන් පාන්ඩුවන්ගේ කතා අසන්නටද මා සුදානම් නැත.එකල පුස් ඇල්ලලා කොළඹට හෝ පය ගසා නැති බැවින් ඉහත අතීතයේ සිදුවීම් ගැන අවබෝධයක් ඇතැයි මා නොසිතමි..

පුස්වැල්ල පවසන ආකාරයට මම විඩියෝ හෝ කිසිවක් අලෙවි කිරීමට උත්සහයක් දරා ඇත්ත්නම් එවා ප්‍රසිද්දියේ ඔප්පුකර පෙන්වන ලෙස මා කියාසිටින්න්නෙමි. බැලුම්ගල මීහරක් හා සමන්ගමගේ ගානට වැටී කියන්නම දෙයක් නැති කමට කුප්ප කතා කීමෙන් වලකින ලෙස මා නැවත මතක් කරන්නෙමි. යමෙකුගේ අදහස් දැක්වීමක් ඉවසිය නොහැකිව අම්බරුවන් සේ හැසිරීම හා ඕනෑම මොහොතක අතට අසුවන ඕනෑම දේකින් ගසා පොර වීමේ අරමුනින් කිසිදු වගවිභාගයක් නොමැතිව මිනිසුන්ට කඩා පැනීමේ පුස් ඇල්ලාගේ මාද්‍ය සධාචාරය කුමක්ද?.

වැලිකඩ ඝාතනයේ බිලි බොයිස් නාකොටික් රංගජීව තලවතුගොඩ හාවි රෙස්ටුරට් එකට ඩිෆෙන්ඩර් 02 කින් 15 වක පිරිසක් සමග අවි අයුද සන්නදව කඩා පැන කුමක්ද සිදුවුයේ කියා තුශාර එන් දස්කොන් සුපුන් විශවබුද්දි හා උදුල් ගෙන් දැනගන්නා ලෙස මම පුස්වැල්ලට යොජනාකරන අතර නිකන් එහෙමන් මෙහන් අහුලාගත් කේලම් එකතුකොට ලිපි ලියු පමනින් මිනිසුන් ගැන තීරනවලට නොඑලඹෙන ලෙසද කියන්නට උවමානය.එදා එම කාරනාව පොලිස් පැමිනිල්ලක් දක්වා හෝ නොගියේ ඇයිදැයි දස්කොන් සහෝදරයාගෙන්ම පුස්සාට අසා දැනගත හැක.
එක එකාගේ දේශපාලන උවමනාවන් සහ ඩීල් වලට මිනිස් ඝාතන විකුනනවාට අකමැත්තෙන් මා සමහර උදවියගේ ව්‍යාප්ෘති වලට සහයෝගය නොදැක්වූ කරනාව නම් සත්‍යක්‍ ය. ඒ ගැන දැනගැනීමට අව්ශ්‍ය නම් ෆිල්ම් ප්‍රොඩක්ශන් ෆීල්ඩ් එකේ ගයාන් දේශප්‍රිය හෝ නිශාන්ත ප්‍රියදර්ශනගෙන් දැනගත හැක.එ එක එකාට බියේ නොවන අතර ඇට්ටකුනා උනු හොරතක්කඩින්ට මුදල් හම්බ කරන ඉල්ලම් තනා දෙන්නට මට උවමනාවක් නැති නිසාය.ජනක මනුවර්නට ඩොකුයුම්න්ට්‍ර්යක් කිරීමට මා තොරතුරු ලබා දුන් අතර ඒ මනුවර්න කලකට ඉහත දන්නා පුද්ගලයෙකු බවත් තක්කඩියෙකු නොවනබවත් දන්නා හෙයිනි.එය අසාර්තක වීමට හේතුව උදුල්ගෙන්ම අසාගත හැක.මහිංද රාජපක්ශ සමයෙහි වැලිකඩ ඝාතනය ගැන ලිපියක් දෙකක් ලියනවාට වඩා බොහො අසිරු කාරනා බොහො පිරිස් අතින් ඉටුවී ඇත.ඒවා නොකෙරුනා නම් අද වැලිකඩ ඝාතනයට නව කොමිසමක් හෝ පත්වන්නේ නොමැත.සමාජ ව්‍යාප්ෘති වල අවසාන ජ්‍යග්‍රහනයේදි පියවරු දහසක් සිටින අතර එවිට බොහෝ අයට බොහෝ දේ මගහැරේ.

වැලිකඩ ඝාතනයේදී සිංහල කොටි ටික බෙරුනේ කෙසේදැයි වැලිකඩ ඝාතනයේ ප්‍රදාන සාක්ශිකරුගෙන්ම අසා කැමති කෙනෙකුට අසා ගත හැක.පුස්වැල්ල, උලපනේ හොර ඝනයා හා තමුන්ලා මෙන් එකතුවී මයික් ඉස්සරහ නටන්නටත් තොවිලයක් මට ඉතිරිවී නැත. අපි එදා වැලිකඩ ඝාතනය උලපනේලා විකුනන්න්නට සැරෙන බව කී කතාව විස්වාස නොකොට මාද්‍ය සාකච්චාවට තමුන්ගේ පැමිනීම ගැන අප කනගාටු උනෙමු.තමුන් දන්නවා කියා හිතාගෙන ඉන්න දේවල් තාම හරි තරාදියකින් කිරා මැන නොමැති බව මගේ වැටහීමයි.එහෙම නැතිනම් ඒ තමුන්ලාගේ තක්ක්ඩි කමයි.මීඩියා නොව මොන පකිර්ලාද වුවද මට මොකාත් එකය. මනුස්සකමට පුක හරි හොදන අතර පොර ටොක් ඉශූ කරන්න එනවා නම් ඒවාට පිලිතුරු දීමේ කිසි ගැටලුවක්ද නැත.පුස් වැල්ල කියන පරිදි රට පනින්න්ට අවශ්‍ය නම් අප නඩුවේ කිසිවකුට දේශපාලන කන්ඩායමකට සම්බන්ද වන්නට අවශ්‍ය තාවයක් නැත.අද පුස්වැල්ල මට කියන කතාව හෙට නන්දිමාල්ට සේනකට ජීවිත තර්ජනයකදි රටින් බැහැර වුවහොත් බොහෝ මීඩියා කාරයන් මඩගැසීමට භාවිතා කරනු ඇත.එය ලාංකීය කැනහිලුන්ගේ හැටිය.එක ගොඩේ වැටී සිටින තාක් හා තම අරමුන වෙනුවෙන් පමනක් ජීවත්වන මිනිසුන් ගැන මට අත් දැකීම් එමටය.කලක අප එහි ගොදුරු බවට පත්වන විට බොහෝ පරක්කු වැඩිය.පසුව එය ජීවිතය හා අරගලය දෙස නව මානයකින් බලන්නට ආලෝකයක් විය. අද්‍යාපන කටයුතු සහ ජිවිතයේ බොහෝ වගවියයුතු දෑ පවා බිල්ලට දමමින් අව්‍යාජව කටයුතුකල මා ඇතුලු බොහෝ පිරිසකට අප කන්ඩායමේ වැඩ කටයුතු සම්බන්දයෙන් සියල්ලලටම වගවිය නොහැකි වූවත් පොදුවේ එහි අඩුපාඩු සම්බන්දයෙන් මා බැහැර වන්නේ නැත. අප කන්ඩායම යනු කුමක් අරභයා කුමන අරමුනකින් වැඩ කලේද යන්න හෙලි කලයුතු කාලය දැනටමත් පරක්කුය.හැම කපුටාටම වර්චස් කර යන වාරයක් පසා පිලිතුරු දිමට වඩා එය වැදගත්‍ ය.කවි පොත් ගහන මොල සෙනෙවිලාත් ඒවාට විචාර ලියන්නනුත් හා අනෙකුත් සහෝදරවරුත් පෙර කල යුතුව තිබෙන්නෙ සමාජයට අපභ්‍රන්සයක් වී ඇති සිංහල දෙමල තරුනයන් සමාජයට සිංහල කොටි වීම දක්වා ගමන ස්වයන් විවේචනාත්මකව පෙරට ගෙන ඒමයි.

දෙමලාට උතුරේ කෙලවෙන්නට නෙලනට විට අප ඊට එරෙහිව එක් පසෙකින් දෙපයින් සිටගත්තෙමු.එහි ක්‍ර්මවේදයන්ගේ වැරදි අඩුපාඩු මත හෝ අප ඒ මොහොතේ කර නැරියෙමු. එහෙත් එය ආසාර්තක නමුත් මා එහි ප්‍රතිපල සහ වගකීම හිරගෙදරෛන් තාරපාරට බහින තුරුත් අදටත් රකිමි.ඒ නිසා අතීතයේද ඔවැනිම පොර ටෝක් ඉශූ කරමින් සිටි චන්ඩි එදා කැල කඩාගෙන හැන්ගුන හැටි මා අත් දැක ඇත්තෙමි.එකලද බහුතරයක් සිතා සිටියේ සිංහල කොටි පිරිසෙන් කිහිප දෙනෙකුට හෝ යලි කිසිදිනෙක තාර පාරක් පාගන්නට නොහැකි වනු ඇති බවයි.

හිරගෙදරින් වසර අටකට පසු මොලා මම නිහාල් 20014 එලියට බහිද්දී දෙශපාලන පම්පොරික් ගැසූ බොහෝ පිරිස් රටින් පලා ගොස් පිටුවහලේ ජිවිත ගෙවමින් සිටින ලදි.එකල රටින් පලා ගිය මාද්‍ය වේදින්ට රටට එන්නට පලමුව ඇරයුම්කොට ඔවුන් මවුබිමට නෙන්නේ නම් පලමු ගල ඔවුන්ට ගසා දෙවනියට කැමැති ගලක් මට ගසන්නැයි පුස්වැල්ලට මම යොජනාකරමි.මට ඇවැසි නම් මා යුරෝපයට නොව සෝමාලියාව ඉතියෝපියාවට හෝ යනවාය. ඒක මගේ පුද්ගලික අයිතිය වන අතර ඒ සදහා මට මුදල් තිබේනම් තමන්ට තමන් විසින් උපයාගත් යමක් තිබේ නම් එවා විකුනා දැමීමට මට කාගේවත් ඇඩ්වයිස් අව්ශ්‍යද නොමැත.

මේ මොහොත වන විටත් වැලිකඩ ඝාතනය පමනක් නොව සිංහල කොටින් විකුනා දේශපාලන රැකවරන ලබන අය යුරෝපයේ කොපමන සිටිනවාදැයි පිටුවහලේ ජීවත්වන අයගේ හර්දසාක්කිය දන්නවා ඇත. යුරෝපයට පැමිනි දේශපාලන රැකවරන ලාබියකු තම ප්‍රරවැසි භාවයක් ලබාගැනීමෙන් තොරව ලංකාවට ආවනම් ඒ කවුරුන්දැයි නම් කරන ලෙස පුස්සාට මම යොජනා කරමි. දැන් නෙමෙයි එදත් යුරෝපයට පැන්නේ බුහුතරයකට ප්‍රශ්න නොතිබුන අය බව කවුරුත් දන්නා කාරනාවකි.කිහිප පොලක් ඇරෙන්නට ලංකාවේ ප්‍රශ්නයක් තිබුන අයද අද යුරෝපෙට පැනල ජීවත් වෙන්නෙ කියන ප්‍රශ්නය කාටත් විවුර්තය.ගෝඨාභයලා නිකන් නිකරුනේ ගොබ්බ හරක් මැරුවේ වත් අත් අඩ්ංගුවට ගත්තේ වත් නැත.

අපි සිංහල කොටි නමින් ලේබල් කරේ ඔබතුමාලගේ නීච මාද්‍ය සනුහරේ ඇත්තොමය .අපේ නඩුවේ ලංකාවේ ජීවත්වෙන අයගේ දරුවොන්ට පාසලක අධ්‍යාපනය ලබන්න බැරි තත්වයක් උදාකාරේ පාදඩ මාද්‍ය වේදියොමය.එකල රාවයේ පුවත්පතින් පවා අපව කරැණා පාර්ශවයේ ප්‍රිසක් බවට ලේබල් කර ලිපි ලියා තිබුනි.අනික් පුවත් පත් ගැන කතාකර වැඩක්ම නැත.ඒ නිසා අපට මාධ්‍ය වේදින් හා මාධ්‍ය කාරයන් අතර වෙනස අලුත් අත්දැකීමක් නෙවන්නේය.එකල ඊට එරෙහිව කොන්දක් ඇතිව යමක් කතාකරේ අතේ ඇගිලිගානටත් අඩුපිරිසකි. මිනිස්සුන්ට දේවල් නොසොය නොබල කාලකන්නි කතා කියන්න කලින් පුස්වැල්ල ලොකු ගලක් අරගෙන් පුලුවන් තරන් උඩට විසිකරල ඔලුව අල්ල ගත්තානම් මීට වඩා හොදය.තමුන් මට වැලිකඩ නෙමෙයි මොන ලබ්බක් ගැන මොන මගුල කරත් ප්‍රශ්නයක් නැත.මා එක්දිනක ඔබට යම් කරුනක් පහදා දෙන්නට උත්සහා කරා පමනි. එහිදි සිදුවු වචන හුවමාරුව ද්වේශසහගත ආකාරයෙන් පටලවා ගත යුතු නැත.වැලිකඩ ඝාතනය චිත්‍රකතාවක් නොකොට එය සමාජය තුල ජෝක් එකක් වනවාට මාතුල තිබු අකමත්ත මා පුද්ගලිකව පෙන්වා දුන්නා පමනි.ඒ මා ද එම ඝාතනය සිදුවන අවස්තාවේ එයට ජීවිත අවදානමකට මුහුන දුන් පුද්ගලයෙකු නිසාවෙනි.කවුරුන් හෝ වැලිකඩ ඝාතනය හෙලි කිරිමට කටයුතු කලා නම් මා කිසිදා එය අවඤාවට ලක්කරනෙකු නොවන්නේය.

අවසාන වශයෙන් මාගේ දේශපාලන සගයා වන නන්දිමාල්ට හා සේනකට වුව මා හට කීමට ඇත්තේ වැලිකඩ ඝාතකයන් උඹලාගේ නිවෙස් වලට වෙඩි තැබුවාට වඩා ලංකාවේ වෙසෙන බොහොමයක් තක්කඩින් හා මීඩියා ඇම්බැට්ටයන් හා ආන්ඩු කරන උනුත් වැඩිපුර ආස උඹලගේ පපුවට වෙඩි තියනවාටය. මීඩියා කාරයන්ට අව්ශ්‍ය කුනුය.ලේ විලවල්‍ ය ,විනාශයන්‍ ය , තවත් නෙත් ෆ්ම් නාලිකා විනා අතේ අගිලි ගානටත් අඩු මිනිසුන් මාධ්‍ය වේදී කමේ යෙදෙන අතර ඔවුන් කවුදැයි මට වඩා හොදට ඔබලා දන්නා බව මා විස්වාස කරමි.එදා වැලිකඩදී උබත් මමත් අහවල් නිලදාරියා බේරා නොගන්නට අද ඉන්නේ වල පල්ලෙය.එසේ වූවා නම් මුන් අප මල මිනියටවත් කරගසන්නට මුන් එකෙක් හෝ එන්නේ නැත.සිදුවිය හැක්කේ පොල් ගෙඩි අකුරෙන් පත්තර වල දැක ගත හැකි එකම වැකිය "සිංහල කොටි වැලිකඩ කැරැල්ලේ පෙරමුන ගනී" යනුවෙන් මඩ ගසන්නට එකපෙලට සිට ගැනීම පමනි.

පවතින කසඩ දේශපාලන තත්වය තුල වැලිකඩ ඝාතනය අපරාධයක් යක් බව අද තිබෙන මට්ටමට ජනතාව තුලට කඩා වැදුනේ අකුරුවලින්ම පමනක් යැයි සිතන විස්වාස කරන මැට්ටන්ගේ යුගය පසු කොට මිනිසුන් බොහො දුර ගොස් ඇති බවද මොලේ කලදක් ඇති මිනිසුන්ට අවබෝධවනු ඇත.වැලිකඩ ඝාතනයට එරෙහි පියවරු දැන් ඕනෑ තරම් බිහිවනු ඇත.

පුස්වැල්ල, තමුන් අනුන්ගේ කොදු ගැන සොයන්නට පෙර කොහේ හෝ තැනක මගේ නම සදහන් කර යමක් ලියා ඇත්තනම් කරුනාකර එය ඉවත් කරන්න කටයුතු කරන්න.ප්‍රශ්නයක් ඇත්නම් තැන් තැන් වල චීත්ත වැඩ නොකොට මට ඇමතුමක් දෙන්න.දුරකතන අංකය නන්දිමාල්ගෙන් හෝ සේනක පෙරේරාගෙන් ලබාගන්න.

සහන් හේවා දලුගොඩ 

මෙරට සිදුවෙමින් තිබු දැවැන්ත ඛෙදවාචකය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිද්වෙමින් පැවති අතර සුදු වෑන් , අතුරු දහන් කරවීමි , ඝාතන සංකෘතිය නිසා බිය වැදී සිටි සමාජය නව දේශපාලන ගමනක අවශ්‍යතාව දකින විට එය මංකොල්ලා කමින් බලයට පැමිණි ආණ්ටුඩුවද දැනි එයම කරමින් සිටි.

ලංකාවේ  මාධ්‍යවල  පුවත්  කලාව  යනු  අන් කිසිවක්  නොව  විවේකී  අවකාශයට  නැවත  නැවත  ප්‍රාග්ධනය  කඩා  වැදීමය.
 
සවස  හය  හමාරේ  සිට  විකාශය  වන  ටෙලි  නාට්‍ය  වල  ප්‍රමෝදයම  පුවත්  වලින්ද  ලබා  දෙනවා  හැර  අන්  කිසිවක්  එහි  සිදු  වන්නේ නැත. ලංකාවේ  බොහෝ  මාධ්‍ය  වල  පුවත්  යනු  තවත්  එක් ටෙලිනාට්‍ය  කොටස්  කිහිපයක්ම  පමණකි.
 
ලංකාවේ  දේශපාලනය  යනු  කොහොමත්  හාස්‍ය  නාට්‍යයකට වඩා  හාස්‍ය  ගෙන  දෙන්නකි. එනිසාම  මාධ්‍යයට  ද  එය  තම  ලාභ ගැනීමේ අරමුණු  සපත  කර  ගැනීමට  මහත්  අස්වැසිල්ලකි.  කියන කතා , වැට නැති  කට  ලෙස  ලංකාවේ  දේශපාලකයන්  ගේ කතාබස් මාධ්‍යය  වල   වඩාත්  අවධානය  යොමු  වන්නේ  කාටදැයි  නිරීක්ෂණය  කිරීමෙන්  එය  අවධාරණය  කර  ගත  හැක.
 
බොහෝ  විට  මාධ්‍ය  වල  ජනප්‍රියම  දේශපාලකයා  වන්නේ  හැකර  කටක්  සහ  මකර  වැඩක්  කරනා  දේශපාලකයන්ය.
නැත්නම්  නළුවෙක්  හෝ  නිළියක්ය. ගස්  බදින සිදුවීම්  සිදු  වන්නේද,  වෙල්ගම  කුණුහරප  කියන්නේද,  පාර්ලිමේතුවේ  රඟපාන්නේද, කැමරා  සමඟ  බස්  එකේ  යන්නේද,  දේශපාලකයාගේ  ආකෘතිය  මෙන්ම  ඒ  මාධ්‍ය  වුමනාව  සම්පුර්ණ  කිරීම  උදෙසාය.
 
derana
 
 
බොදු  බල  සේනාවේ  සිට  ජනතා  ප්‍රශ්න  විසදන්නට  හින්දි චිත්‍රපට  සේ    බොහෝ දේශපාලකයන්  ගේ  රැඟුම් ජවනිකා මාධ්‍යය  වල පුවත්  ලෙස  විකාශනය  වන්නේද    මෙගා ටෙලි නාට්‍යයේ  තවත්  කුණු  රසයක්  අත් විදිමින්ය.
 
ගංවතුර  නායයෑම් වැනි  හදිසි  තත්වයන්  වලද  මේ  මාධ්‍ය  කලාව  එලෙසින්මය. මේ  වන  විට  ලංකාවේ  ඒ  නරුම  පුවත්  කලාවේ ප්‍රධාන  මෙහෙවර  සිදු  කරන්නේ  සත්‍ය  ප්‍රථමයෙන්  කියන බවට  පොර  කන   දෙරණ , හිරු , ස්වර්ණවාහිනී  බව  නිශ්චිතය.
 
ගංවතුරෙන්  පීඩාවට  පත්  වී  ඇති  මොහොතක  කවුද ඔයාල  ලඟට  මුලින්ම  ආවේ ? තමන්ගේ  චැනලයේ  නම  කියා   ගන්නට  මේ පුවත්  පිසාචයන්  පොරකනු  අප කොතෙක්  නම්  දැක  ඇතිද ?
 
 
 
මේ  එක් නාලිකාවක්  දිනක  ගංවතුරෙන්  පීඩාවට  පත්  වී  සිටින  තරුණියක්  පංසලක ට  පැමිණ  නිදාගෙන  සිටින  අවස්තාවක  ඉතා කනගාටුවෙන්  මෙන්  ඇගේ සමීප  රූප වීඩියෝ  පෙන්වන්නේ  ඇගේ පුද්ගලිකත්වය  ගැන  කිසිදු  තැකීමක්  රහිතවය.
 
තවත්  දිනක  දෙරණ පුවත්  ඔස්සේ  'මෙන්න  කිරිපිටි හොරකමක්' ලෙස  මවක්  සුපර්  මාර්කට්  එකකින්  කිරි  පිටි  පැකට්ටුවක්  සඟවා ගන්නා  සී  සී  ටී  වී  දර්ශන  තම  පුවත්  නාලිකාවේ  ප්‍රධාන  පුවතක්  කර  ගත්තා  අප  මීට  පෙරද  විවර  වෙබ්  අඩවිය  ඔස්සේ  පවසා ඇත. ලංකාවේ  මාධ්‍ය  වල  පුවත්  කෙතරම් නරුම  සිඟමන්   තත්වයකට  පත්ව  ඇතිදැයි  අවබෝධ  කර  ගැනීමට  තවත්  උදාහරණ අවශ්‍ය වන්නේ  නැත.
 
hiru2
 
සී  සී  ටී  වී පුවත්  පෙන්වීම  යනු  ලංකාවේ  රුපවාහිනි පුවත්  කලාවේ  නරුම  සේම  තක්කඩි  ස්වභාවයේ  කුඨ ප්‍රාප්තිය  බව  ස්ථිරය.
 
කෝටි ගණනින් මුදල්  හොරකම්  කල  හොරුන් . වංචා  කරුවන්  දේශපාලකයන්  නොදන්නවා  සේ  නිහඬව  සිටිනවා  මෙන්ම  ඔවුන් තම හාම්පුතුන්  හෝ  ඔවුන්ගේ  මිතුරන්  වන  නිසා  ඔවුන්  ආරක්ෂා  කරන  අතරම ගෙයක්  බිදින  මිනිසෙක්  ගේ  සී  සී  ටී  වී රූපරාමු ගෙන  එය  මහා  පුවතක්  සේ  පෙන්වීම  ඔවුන්ගේ  සත්‍ය  ප්‍රථමයෙන්  ගෙනෙන  පුවත්  කලාවයි.
 
මීට  සති  කිහිපයකට  පෙර සොරකමක් කිරීමට  ඇති  බව  පවසමින්  නිරුවතින්  ඇවිදින  මිනිසෙකුගේ  රූපරාමු  ඉහත  එක්  නාලිකාවක් පෙන්වුයේ  එම  මිනිසා  මානසික  රෝගයකින්  පෙලෙන්නෙක්ද එසේ  නොවේනම්  එම  පුද්ගලයා  සොරකමට  පැමිණියද  උසාවියක් හමුවේ  වැරදිකරුවෙක්  නොවූ  තත්වයක්  තුලය.
 
ලංකාවේ  රුපවාහිනී  මාධ්‍ය යන් වල  තිරශ්චීන   බව  පෙන්වීමට  තවත්  සාක්ෂි  අවැසි  වන්නේ  නැත.
 
සුපර්  ස්ටාර් තරඟ වල  මුල්  වට  වල  බයිට්  එක  ඩයට්  එක  කරගන්නා  මේ  මාධ්‍යය  ම  රටක්  ඉදිරියේ  අපහසුතාවයට  පත්  හෑල්ලුවට පත්  වන  පුද්ගලයන් ඉතා  දැනුවත්ව  තෝරාගෙන  තමන්ගේ  මුල්  තරඟ වටයම  මෙහෙයවන්නේ  ඒ පර  පීඩක  මානසිකත්වය   සහිත ජන මනස   පිරවීමට  සේම  එකී  ආකෘතියම  පුවත්  වලද  පවත්වාගෙන  යාමට  වගබලා  ගන්නේය.මෙගා  ටෙලිනාට්‍යය  යේ  සුපර්  ස්ටාර් තරඟයේ  කුණු  රසම  එලෙසම තම  පුවත්  වලද  පවත්වා  ගනිමින්ය.
 
live at 8
 
දිනක්  පුරාවට  ජීවත්  වීම  වෙනුවෙන්  වෙහෙසෙන  මිනිසුන්ගේ  විවේකී  අවකාශයට  ද  ප්‍රාග්ධන  ව්‍යාපෘතිය  විසින්  ඉතා  නරුමවාදී ලෙස කඩා  පැනීමෙන්ය.
 
ඊයේ  දිනයේ  ජාඇල ප්‍රදේශයේ  සිදු  වූ  සිදුවීමද  එවැන්නකි.. නව  යොවුන්  වියේ  තරුණ  තරුණියන්  පිරිසක්  සහභාගී  වූ  උත්සව අවස්ථාවකට  මත් ද්‍රව්‍යය ක්  භාවිතා  කරමින්  බව  පවසමින්  ප්‍රදේශයේ  මිනිසුන්  පහර  දුන්  බව  පවසන  පුවතක්  හිරු  දෙරණ රුපවාහිනි  නාලිකා  දෙකේම  ප්‍රධාන  පුවතක්  විය. එම  සිදුවීම  කුමක්ද  ඇත්තටම  මත්ද්‍රව්‍යක්  භාවිත කර  තිබුනාද  නැද්ද, නැතිනම් ප්‍රදේශවාසීන්  සමඟ  වෙනත්  ප්‍රශ්නයක්  සිදු  වුවාද  නොදැන උසස්  පෙළ වයසේ  තරුණ  තරුණියන්  පිරිසක්  සමඟ  ප්‍රදේශ  වාසින් ඇතිකර  ගන්නා  ප්‍රශ්නයක්  ඔවුන්ට  ප්‍රධාන  පුවතක්  වන්නේ  කුමන  මාධ්‍යය සදාචාරයක්  ඇතිවදැයි නැවත  නැවත  අප  කිසිවෙක්  ප්‍රශ්න කල  යුතු  නැත.
 
මා  මෙයින්  අදහස්  කරන්නේ  මාධ්‍යය  ක්  පුවත්  වාර්තා  කිරීමේදී    නිවැරදි  කවුරුන්ද  වැරදි  කවුරුන්ද  සහතික  කර  පුවත්  වාර්තා කල  යුතු  බව  නොවේ. මාධ්‍යය  කට  අදාළ  සිදුවීම  වාර්තා  කිරීම  හැර  වෙනත්  කිසිවක්  සිදු  කල  නොහැක. එහෙත්  සිදුවීම්  වාර්තා කිරීමේදී  සිදුකරන  අතිශය  නරුම  කම  පිලිබඳවය. සැබවින්ම  රටට  පෙන්විය  යුතුද  නැතිද  යනුවෙන්  තීරණය  කර  ගත  යුතු  පුවතක්ද නැතිද  යන්න  තීරණය  කර  ගත  යුතු  කාරණාව පිලිබඳවය.
 
ඊළඟ  ලොකුම  නාටකය  මාධ්‍ය  සමඟ  පොලීසිය  එකතු  වී  කරන  නාට්‍ය  දසුන්ය.
 
වැරදිකරුවන්  අත්අඩංගුවට  ගැනීම  පොලීසිය  සතු  කාර්ය  භාරයක්  වන  අතර  ඔවුන්ව  උසාවියට  ඉදිරිපත්  කර  වැරදිකරුවකුනම්   දඬුවම් ලබා  දීම උසාවිය  සතු  කාර්යක්ය. 
 
police1
 
ලංකාවේ  පොලීසියද මාධ්‍යය සමඟ  එකතු  වී   මේ  නටන  නාඩගම  කුමක්දැයි අප  ශ්‍රී  ලංකා  පොලීසියෙන්ද  ප්‍රශ්න  කල  යුතුව  ඇත.
එක  දිගට  විකාර  සහගත  ලෙස  ගංජා  අත්අඩංගුවට  ගැනීම්  ලෙස  පවසමින්  ගනුදෙණුව කතා  කරන  දුරකථන  ඇමතුමේ  සිට අත්අඩංගුවට  ගන්නා  සිදුවීම  දක්වා  චිත්‍රපටයක්  සේ  රූපගත  කිරීමට  ත්  ඒ  සිදුවීම්  අත් අඩංගුවට  ගැනීම්  රුපවාහිනි  නාලිකා  වල විශේෂයෙන්  පුවත්  ලෙස  විකාශය  කිරීමට  මෙකී  මාධ්‍යය  ට  අවසර  ලබා  දුන්නේ  කවුරුන්දැයි  ප්‍රශ්න  කල  යුතුමය.
 
මාධ්‍යය  උකුස්සනට  යා  හැකි  සීමාව  උකුස්සන් දැන ගත  යුතුමය.
 
උසාවිය  ඉදිරියේ  වැරදි  කරුවකු  වනතුරු  කිසිවෙකු  වැරදි  කරුවෙක්  නොවේ. එය  හොදින්  දන්නා  පොලීසියද  මේ  විකුනාගන්නට කුමක්  හෝ  සොයන  මාධ්‍යය  මුදලාලිලාගේ  ව්‍යාපෘති  සමඟ  එකතු  වී  සිදු  කරන  විහිළු සහගත රංගනය නතර  කල  යුතුමය.
 
ගංජා  විකුණන්නේද මේ  සමාජය  විසින්ම  නිර්මාණය  කල  තවත්  එක් මිනිසෙක්ය. ඔහුද  මිනිසෙක්  බව  අඩුම  තරමේ  මානව  හිමිකම් පිළිබඳව  වෙහෙසෙන  සගයන්ටද  කිසිදු  අවධානයකට  ලක්  වන්නේ  නැත. නැතිනම්  පුවත්  ලෙස  විකාශය  වන  සජීවී  රංගනයන් වලට ඔවුන්ද  වශීකෘත වී  ඇත. නැතිනම්  එවැනි  මිනිසුන්  මිනිසුන්  නොවන  බව  ඔවුන්ද  විශවාස  කරනු  ඇත.
 
ගණිකාවක්  යනු  මේ  සමාජයේම  තවත්  එක් ගැහැණියක් ය. ඇයව කුමක්  හෝ  ස්ථානයකදී  පොලීසියට  අත් අඩංගුවට  ගත  හැකි  මුත් මාධ්‍යය  සමඟ  ගොස්  ටෙලි  නාට්‍යය  රූ  ගත  කිරීමට  පොලීසියට  කිසිඳු  අයිතියක්  නැත.
 
 
ලක්මාල්  රණබාහු 

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.