17
Sun, Dec

2009 වසරේදී විනාශ කොට දමන ලද කිලිනොච්චියේ කනකපුරම් හි එල්.ටී.ටී.ඊ සොහොන් කොත් 97ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා විසින් රුපියල් ලක්ෂ හතලිහක මුදල් ප්‍රතිපාදන ලබා දී තිබේ.

ඒ කිලිනොච්චි දිස්ත්‍රික් වැය ශීර්ෂය යටතේ මන්ත්‍රීවරයා වෙත හිමිවු විමධ්‍යගත අරමුදලෙනි. මෙම මුදල මේ සඳහා යෙදවීමට දිස්ත්‍රික් සංවර්ධන කිමිටු රැස්වීමේදී අනුමත වී ඇති අතර ඊට කිලිනොච්චි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ද අනුමැතිය හිමිවී ඇත.

2009 වසරේ විනාශ වූ සොහොන් කොත් 97ක් පෙර තිබූ අයුරින්ම ප්‍රතිසංස්කරණය කිරීමට මෙම මුදල් යොදා ගෙන තිබේ.

එහිදී මන්ත්‍රීවරයා උතුරේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ මෙම සෙහොන් කොත් තැනීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති අතර ඒ සඳහා කිසිවෙකුටත් එරෙහිව විමට නොහැකි බවකි. එමෙන්ම සන්නද්ධ අරගල වලදී දිවිපිදූ විරුවන්ගේ ස්මාරක දකුණේ ඕනෑ තරම් තිබෙන අතර උතුරේදී එය නීති විරෝධිකාරියක් වන්නේ කෙසේ දැයි මාධවේදීන්ගෙන් විමසූ මන්ත්‍රී වරයා තම වර්ගයාගේ අයිතිය වෙනුවෙන් දිවි පිදූ විරුවන්ට ගරු බුහුමන් දැක්වීමට දකුණේ ජනතාවට ඇති අයිතිය උතුරේ ජනතාවටද එලෙසින්ම තිබිය යුතු බව අවධාරණය කොට තිබේ.

මෙහිදී පසුගිය කාලයේ ඊළාම් රාජ්‍ය පිළිබඳව අදහස් දැක්වූ ඔහු කියා ඇත්තේ දෙමළ ඊළමක් පිළිබඳව තව දුරටත් කතා කිරීම අර්ථ විරහිත මුත් ශ්‍රී ලාංකීය පුරවැසියන් වශයෙන් දෙමළ ජනතාවගේ අයිතිය පිළිබඳ කතා කිරීමට තමන්ට ශූද්ධ වූ අයිතියක් ඇති බවත් ඒ අයිතීන්ට ශ්‍රී ලංකා රජය සේම සමස්ත ජනතාවගේම යහපත් ප්‍රතිචාර ලැබිය යුතු බවත්ය. ශ්‍රී ලංකාව තුළ ජාතික සමගියක් ගොඩනැගිය හැක්කේ ඒ අයුරින් පමණක් බවද උතුරේ මාධ්‍යයන්ට පවසා තිබේ.

උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන උමගට කාන්දුවන ජලය ලබන වසරේ ජනවාරි මාසය වන විට නතර වනු ඇති බව ඉංජිනේරුවෝ පෙන්වා දෙති.උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද දෙරණ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් එහි ජ්‍යේෂ්ඨ ඉන්ජිනේරුවකු මේ බව සදහන් කළේය.ප්‍රධාන උමගට කාන්දුවන ජල ප්‍රමාණය මේ වන විට තප්පරයට ලීටර් 400 දක්වා අඩු වී ඇති බවයි ඉංජිනේරුවරුන් සදහන් කළේ.

මීට පෙර ප්‍රධාන උමගට තප්පරයට ලීටර් 1460ක පමණ ජලය ප්‍රමාණයක් කාන්දු වූ අතර එය මීට මාසයකට පමණ ඉහතදී තප්පරයට ලීටර් 550 – 600ත් අතර ප්‍රමාණයක පැවතිණි.ඒ අනුව ලබන ජනවාරි මාසය වන විට එම කාන්දුවන ජල ප්‍රමාණය තප්පරයට ලීටර් 200ක් පමණ දක්වා අඩු වනු ඇති බවයි ඉංජිනේරුවරයා සදහන් කළේ.දැනට සිදු කරන ඉදිකිරිම් හේතුවෙන් මෙම ජලය කාන්දුවීම නතර වී ඇති බව ද ඉංජිනේරුවරුන් සදහන් කර ඇත.

මේ අතර උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන වන්දි ලබා ගැනිමට ඇතැම් පුද්ගලයින් අකමැත්ත පල කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය.

තම නිවාස සදහා ලබාදී ඇති තක්සේරු වටිනාකම ප්‍රමාණවත් නොවන බවට ඔවුන් ප්‍රකාශ කරන බව ඔහු සදහන් කළේය.කෙසේවෙතත් වන්දි ලබාදීමට රජය මගින් ලබා දුන් මිලියන 6000ක මුදල ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලබාදී ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.

මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් කෙලින්  නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක්‌ දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය.


පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්‌තු වැඩිකර තිබේ. තැපැල් ගාස්‌තු, විදුලිය ගාස්‌තු, ජල ගාස්‌තු මේ නිසා ඉහළ යයි.

එසේම උප්පැන්න, විවාහ, මරණ සහතික ගාස්‌තු, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර ගාස්‌තු, උද්‍යාන වලට ඇතුළු වීමේ ගාස්‌තු ආදී රජයේ ගාස්‌තු ගණනාවක්‌ ද මේ නිසා ඉහළ යයි. මේ අතර ආණ්‌ඩුව සුඛෝපභෝගී වාහන බදු විශාල වශයෙන් වැඩි කිරීමත් සමඟ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර වලට අති විශාල වටිනාකමක්‌ ඇති වී තිබේ.

එසේම රජය මඟින් වසර පහකට වඩා පැරැණි වාහන වලට පනවා ඇති කාබන් බද්ද නිසා මෝටර් සයිකලයකට රුපියල් 62 ක්‌ ද කාරයකට රුපියල් 640 ක්‌ ද බස්‌ රථයකට රුපියල් 980 ක්‌ ද බදු වශයෙන් අය කෙරේ. මේ නිසා ප්‍රවාහන ගාස්‌තු ඉහළ යන අතරම රටේ සමස්‌ත ජනතාවට මෙය අඩුවැඩි වශයෙන් බලපායි.

මේ අතර ණය ආපසු ගෙවීමේ බද්ද ලෙස හඳුන්වා දෙමින් බැංකුවල සිදුවන ගනුදෙනු සඳහා රුපියල් දහසකට ශත විස්‌ස බැගින් රජය පනවා ඇති නව බද්ද සමස්‌ත බැංකු ක්‌ෂේත්‍රයටම අහිතකර ලෙස බලපානු ඇත.

මෙය අවසානයේ ජනතාවට ගෙවන්නට සිදුවුවහොත් ජනතාව බැංකු වලින් ඉවත් වීම සිදුවේ.

මේ අතර පැළ සහ මල්, ප්ලාස්‌ටික්‌ පබළු වර්ග, වීදුරු පබළු වර්ග, නූල්, රෙදි, ලී, ලී බඩු, ඩයි වර්ග, විදුලි භාණ්‌ඩ, ඇස්‌ කණ්‌ණාඩි, ඔර්ලෝසු, යන්ත්‍රොaපකරණ ආදියට වැට්‌ හා ජාතිය ගොඩනැඟීමේ බදු අයකිරීම නිසා එම භාණ්‌ඩවල මිල විශාල වශයෙන් වැඩිවනු ඇත.

දුරකථන කුලුනකින් රුපියල් ලක්‌ෂ දෙක බැගින් අයකිරීමේ බර අවසානයේ දරන්නට වන්නේ ද ජනතාවට ය. මේ නිසා දුරකථන ගාස්‌තු අනිවාර්යයෙන් වැඩිවනු ඇත. රජය මැදිහත් වී රටේ දෙස්‌ විදෙස්‌ ආයෝජන වැඩිකරන්නට යටිතල පහසුකම් ඇතිකරනු වෙනුවට මෙසේ බදු ගැසීමෙන් නව ආයෝජන අඩුවනු ඇත.

එසේම විදේශිකයන්ට ඉඩම් හා දේපළ බාධාවකින් තොරව මිලදී ගන්නට ඉඩදීමෙන් අවසානයේ රටේ ඉඩම් විදේශිකයන් සතුවීම පමණක්‌ නොව සාමාන්‍ය ජනතාවට ඉඩමක්‌ මිලදී ගැනීමට අපහසු තරමට ඒවායේ මිල ඉහළ යැම ද සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රිම බුද්ධි විද්‍යාගාරය මොරටුව විශ්වවිද්‍යාලයේදී විවෘත විය. රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව මෙම විද්‍යාගාරය විවෘත කෙරිණි. කොඩ්ජෙන් සමාගම මෙහි පෞද්ගලික හවුල්කරු වේ. ඒ සඳහා ඔවුන් රුපියල් මිලියන පහක ආයෝජනයක් කර තිබේ.


මේ පිළිබඳව ලක්බිම කළ විමසීමකදී මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඒ.කේ.ඩබ්. ජයවර්ධන මහතා පැවැසුවේ මෙම විද්‍යාගාරය මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන පිරිසට පර්යේෂණ කිරීමට යොදාගන්නා බවයි.


මෙය දියුණු රටවල තිබෙන ක්‍රමවේදයක් බවත් විශ්ව විද්‍යාලයක ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබාගනිමින් ආචාර්ය උපාධිය හදාරණ පිරිසට නව තාක්ෂණය ඔස්සේ පර්යේෂණ කිරීමට මෙහිදී හැකියාව ලැබෙන බවත් හෙතෙම පැවැසීය.


මෙහි අරමුණ නව තාක්ෂණය දියුණු කර රටේ ආර්ථිකය, කාර්මික ක්‍ෂේත්‍රයේ දියුණුව සඳහා නව තාක්ෂණය යෙදවීම බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය.

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් උපරිම බලය බෙදාහරින ලෙස රටවල් 7 ක්‌ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

මේ රටවල් අතරට ඉන්දියාවද සම්බන්ධ වී තිබේ. ඉන්දියාව ඉල්ලා ඇත්තේ 13 වැනි සංශෝධනය ඔස්‌සේ බලය බෙදාහැරීමට ක්‍රියාකරන ලෙසයි.

එසේම එල් ටී ටීමහවිරු සමරුවට ඉඩදිය යුතු බවට දැක්‌වෙන නිර්දේශ ඇතුළත් රජයේ සංහිඳියා බළකායේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසද ඔස්‌ටේ්‍රලියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

මෙයට අමතරව තවත් රටවල් 7 ක්‌ ශ්‍රී ලංකාව අන්තර්ජාතික යුද අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතියට අත්සන් කළයුතු බවට ඉල්ලීමක්‌ කර .ඇත.

මේ වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට උද්දමනය සියයට 8.8 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී උද්දමනය සටහන්ව තිබුණේ සියයට 05ක් ලෙසයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ඔක්තෝබර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්දමනය සියයට 6.4ක් ලෙසත්, ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය සියයට 2.4ක් ලෙසත් වාර්තා වී තිබේ.

පොල්, එළවළු, සහල් , අමු මිරිස්, කෙසෙල් , රතු ළූණු , දෙහි සහ තේ කොළ යන ද්‍රව්‍යවල මිල වැඩි වීම ආහාර කාණ්ඩයේ වියදම් වැඩීවීමට හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම පිණිස ගතයුතු නෛතික පියවර පිළිබඳ විමසුමක් කොට තමන් වෙත වහාම දැනුම් දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමකට උපදෙස් දී තිබේ.

ලබන පෙබරවාරි 04 වන දිනට පෙර කෙසේ හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි නිතීමය තත්වයන් විමසා තමන් වෙත දැනුම් දෙන ලෙසද ඔහු එම නීතිඥ කණ්ඩායමට උපදෙස් දී තිබේ. පළාත් පාලන ආයතන සීමා නිර්ණය කරමින් පසුගියදා නිකුත් කෙරුණු ගැසට් නිවේදනය දෙසැම්බර් 04තෙක් බල රහිත කරමින් අභියාචනාධිකරණය ලබාදුන් වාරණ නියෝගය මුල් කොට අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කොට තිබේ.

එහිදී ඔහු ප්‍රකාශ කොට ඇත්තේ කවර තත්වයක් යටතේ හෝ ප්‍රජාත්‍රන්ත්‍රවාදී මුලික ලක්ෂණයක් වන මැතිවරණ කල් දැමීම තමන් කෙසේවත් අනුමත නොකරන බවය.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය පිළිබඳව තමා කනගාටුවෙන් හා කලකිරීමෙන් පසුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
ලබන 25 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව රැස්‌වී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද එහිදී එළැඹෙන තීරණ අනුව කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.

මැතිවරණය කල් යැම සම්බන්ධයෙන් තමාට කීමට ඇත්තේ කිසිවක්‌ කීමට දෙයක්‌ නැති බව යෑයිද මහින්ද දේශප්‍රිය පවසයි.

ශ්‍රී ලනිපය ඒකාබද්ධය හා එක්වේ- ඊයේ රෑ ජනපති හා කළ සාකච්ඡාවේදී තීරණාත්මක තීන්දුවක් ගනී.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

ඊයේ(22) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ඊට අමතරව මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේය.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට මධ්‍යම කාරක සභාවේදී එකගතාව පළ වී තිබේ.
මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න  මේ බව සඳහන් කර  ඇත.

කෙසේවෙතත් වර්තමානයේදී ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේය.