17
Sun, Dec

හින්දු බැතිමතුන් වන්දනා කරන ගනේෂ දෙවියන් බැටළු මස් බුදින ආකාරය දැක්වෙන වෙළෙඳ දැන්වීමක් පිළිබඳව ඉන්දීය ආණ්ඩුව ඕස්ට්‍රේලියාවට සිය විරෝධය පළ කර තිබේ.
විවිධ ආගම් අදහන පිරිසක් එකම මේසයක වාඩි වී භෝජනයක් රස විඳින ආකාරය ඕස්ට්‍රේලියාවේ මස් කර්මාන්තය ප්‍රවර්ධනය කරන සංවිධානයක් විසින් සකස් කරන ලද එම වෙළෙඳ දැන්වීමේ දැක්වේ.
එහෙත් ගනේෂ දෙවියන් මස් බුදින බවක් මීට ඉහතදී කිසිදු තැනක සඳහන් වී නොමැති බැවින් එම වෙළෙඳ දැන්වීම ඕස්ට්‍රේලියාවේ හින්දු බැතිමතුන්ගේ දැඩි විරෝධයට ලක්විය.
එබැවින් එම දැන්වීමට එරෙහිව සිය විරෝධය ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ ආයතන තුනකට දැනුම් දුන් බව කැන්බරා අගනුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එමෙන්ම එම වෙළෙඳ දැන්වීම "අපහාසාත්මක සහ තමන්ගේ ආගමික විශ්වාසයන්ට රිදවන්නක්" ලෙස බොහෝ දෙනා විශ්වාස කරන බැවින් එය ඉවත් කරන මෙන් ඕස්ට්‍රේලියාවේ අදාළ දෙපාර්තමේන්තුවෙන් (Meat & Livestock Australia - MLA) ඉල්ලීමක් කළ බව ද මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ඒ හැරුණු විට ඉන්දීය ප්‍රජා සංවිධාන ගණනාවක් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට සිය විරෝධය පළ කර ඇති බව ද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ සහ සයන්ටෝලොජි නිකායේ නිර්මාතෘවරයා ඇතුළු ආගමික නායකයන් එකම මේසයක අසුන් ගෙන භෝජනයක් භුක්ති විඳින ආකාරය එම රූපවාහිනී වෙළෙඳ දැන්වීමට ඇතුළත් වේ.
මහමත් නබි තුමන්ට භෝජන සංග්‍රහයට "සහභාගි විය නොහැකි වූ" බව ද දැන්වීම අතරතුර සඳහන් වේ.

2014 දී බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි බ්‍රිතාන්‍ය කාන්තාවක ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම සංවාදයට බඳුන් විය,

එයට එරෙහිව "විවිධ ආගම් භක්තිකයන්ගෙන්" 30 කට අධික පැමිණිලි ලැබී තිබෙන බව වෙළෙඳ දැන්වීම් පිළිබඳ ප්‍රමිති කාර්යාංශය (Advertising Standards Bureau) පවසයි.

බැටළු මස් බුදීම ප්‍රවර්ධනය පිණිස ගනේෂ දෙවියන්ගේ රූපය යොදාගත් "හෙළා දැකිය යුතු උත්සාහයක්" ලෙසින් ඕස්ට්‍රේලියාවේ හින්දු සභාව පවසන අතර, එම වෙළඳ දැන්වීම තහනම් කරන මෙන් ඉල්ලා ආරම්භ කරන ලද අන්තර්ජාල පෙත්සමකට මේ වන විට 4400 කට වැඩි පිරිසක් අත්සන් තබා තිබේ.

එහෙත් ඕස්ට්‍රේලියාවේ විවිධත්වය සහ එකමුතු බව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එය නිර්මාණය කරන ලද පවසමින් MLA ආයතනය පසුගිය සතියේ එය ආරක්ෂා කර තිබුණි.
බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි බ්‍රිතාන්‍ය කාන්තාවක ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන්නැයි මහේස්ත්‍රාත්වරයකු නියෝග කිරීම මීට වසර කිහිපයකට ඉහතදී ආන්දෝලනයකට ලක් විය.
නෙලුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් අත් අඩංගුවට ගත් පොලිසිය අධිකරණයට කියා සිටියේ, එය මහජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවයි.
පොලිසියේ කරුණු දැක්වීමට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා තමන් පිටුවහල් කරන මෙන් නියෝග කළේ තමන්ගෙන් කිසිදු කරුණු විමසීමක් පවා නොකර බව නයෝමි කෝල්මන් ප්‍රකාශ කර තිබුණි.

තමන් ශ්‍රද්ධාවන්ත බෞද්ධයකු බව ද ඇය සඳහන් කළාය.
කෙසේ නමුත් පිටුවහල් කිරීමේ නියෝගය පමණක් නොව ඇය අත් අඩංගුවට ගැනීම පවා නීති විරෝධී බව මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ ඒ අවස්ථාවේ පවසා ඇත.

බැංකු නිළධාරීන් ලෙස පෙනි සිටිමින් ඒ ටී එම් යන්ත‍්‍ර මගින් මුදල් වංචාකරන කල්ලියක් පිළිබඳ නාඋල රාජ්‍ය බැංකුවක් මහජනතාව දැනුවත් කරයි.

බැංකු පරිශ‍්‍රයේ ඇති දැන්වීම් පුවරු මගින් සඳහන් කර ඇත්තේ බැංකු නිළධාරීන් යැයි සඳහන් කරමින් ටයි පටි පැළද මුදල් ලබා ගැනීමට උදව් කරන මුවාවෙන් මොවුන් මුදල් සොරකම් කරන බවට තොරතුරු ලැබී ඇත බවයි.

ඒ ටී එම් යන්ත‍්‍ර මගින් මුදල් ලබාගැනීමට නොහැකි පිරිස් බොහෝ අවස්ථාවල දී බැංකු ආරක්ෂක අංශයේ හෝ නිළධාරීන්ගේ සහාය අපේක්ෂා කරති.
මෙම තත්ත්වය අවබෝධ කරගත් කිසියම් පිරිසක් සංවිධානාත්මකව මුදල් වංචා කරන බවට බැංකු කළමණාකාරිත්වයට තොරතුරු අනාවරණය වී තිබේ.

බැංකුවල පවතින ඒ ටී එම් යන්ත‍්‍ර මගින් මුදල් ලබාගැනීමට උපකාර කරන මුවාවෙන් ක‍්‍රියාත්මක මෙම කල්ලිය ඉතා සුක්ෂම ලෙස ඒ ටි එම් කාඞ්පතේ රහස් අංකය ලබාගනිමින් ගිණුම් හිමිකරුට නොදැනෙන ලෙස මුදල් වංචා කරන බවට තොරතු වාර්තා වී තිබේ.

මාලඹේ SAITM ආයතනය වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් කොළඹ කොටුව ඉදිරිපිට සිදු කරනු ලබන අඛණ්ඩ උපවාස ක්‍රියාමාර්ගය සඳහා අද(01) දින ගුරු විදුහල්පති සංගම් වල සහාය හිමි වී තිබුණි.

මෙම ක්‍රියාමාර්ගයේ 102වන දිනය සඳහා මෙලෙස උපවාස අට්ටාලය සමඟ සම්බන්ධ වෙමින් සිය සහයෝගය ලබා දී තිබු අතර සිසු ජන ව්‍යාපාරය විසින් එම ස්ථානය ඉදිරිපිට මාර්ගයේ අඩි 60ක් දිගැති දැවැන්ත බැනරයක් ද  ප්‍රදර්ශනය කරන ලදි.

තවමත් ආණ්ඩුව SAITM විරෝධය පිලිබඳ කිසිවක් නොදකින ලෙස මුනිවත රකිමින් කටයුතු කරන අතර දැවැන්ත ගැටළු සහ චෝදනාවන් ගණනාවක් මඟහරිමින් SAITM ආයතනයේ ආරක්ෂාව සහ පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වෙමින් සිටින බව මනාව පැහැදිලි වේ.

යාපනය බලකොටුව ඓතිහාසික නටබුන් සහිත ස්ථානයක් බැවින් යාපනය කොටුව තුළ යුධ හමුදා කඳවුරු ස්ථාපිත කිරීමට සුදානම් වීම අනුමත නොකරන බව ඊ.පි.ඩි.පි. නායක ඩග්ලස් දේවානන්ද පැවැසීය.
යාපනය සිවිල් ජනතාවගේ ඉඩම් තුළ පවතින ආරක්ෂක අංශ කඳවුරු ඉවත් කොට අක්කර 45 කින් පමණ සමන්විත යාපනය කොටුව තුළ යුධ හමුදා කඳවුරු ස්ථාපිත කිරීම අසාධාරණ නොවන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පසුගියදා පැවැසීය.

අදාළ ප‍්‍රකාශයට පිළිතුරු දෙමින් දේවානන්දා මහතා සඳහන් කළේ යාපනය බලකොටුව තුළ පෞරාණික නටබුන් රැසක් පවතින අතර, යාපනය කොටුව පුරාවිද්‍යා සංරක්ෂිත ප‍්‍රදේශයක් වන බවයි.
එබැවින් ඒ තුළ යුධ හමුදා කඳවුරු ස්ථාපිත කිරීම තුළින් ඓතිහාසික නටබුන් විනාශවීමේ අවධානමක් පවතින බවද හෙතෙම සඳහන් කරයි.

යාපනය යුධ හමුදා කඳවුරු සිවිල් ජනතාවගේ ඉඩම් තුළින් ඉවත් කොට යාපනය ප‍්‍රදේශයේ පවතින වෙනත් රජයේ ස්ථානයක ස්ථාපිත කිරීම සිදු කළ යුතු වුවත් යාපනය කොටුව තුළ යුධ හමුදා කඳවුරු ස්ථාපිත කිරීම සුදුසු නොවන බව ඔහු වැඩි දුරටත් පැවැසීය.

සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්විමට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අද උතුරු පළාත් සභාවට ඉදිරිපත් කිරිමට නියමිතවේ.

මීට අදාල විවාදය අද පැවැත්වෙන බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වි.කේ. සිවඥානම් සදහන් කළේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සහයෝගය ලබාදීමට හැකියාවක් නොමැති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මීට පෙර සදහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරතන්ට එරෙහි විශ්වසාභාංග යෝජනාවක් කතානායකවරයා වෙත බාර දී තිබේ.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 39 දෙනෙකු අත්සන් තබා ඇත.

මේ අතර ඊයේ (24) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන  කියා සිටියේ, මෙම විශ්වාසභංගය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

අමාත්‍යවරයෙකු වශයෙන් රාජිත සේනාරත්න මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් මුලික කරුණු 11 ක් පාදක කර ගනිමින් මෙම විශ්වාසභංගය ඒකාබද්ධය විසින් ගොණු කර තිබේ.

බැදුම්කර වෙන්දේසිවලදී ලංසු තැබිය යුතු මිල ගණන් සහ අනුපාත සම්බන්ධයෙන් මහබැංකුවේ සහ තවත් රාජ්‍ය ආයතන සතු සංවේදී රහසිගත තොරතුරු පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොෂියස් ට ලැබී ඇති බව අද(06) බැදුම්කර කොමිසම හමුවේ අනාවරණ විය.

එමෙන්ම අද කොමිසමට ඉදිරිපත් වුණ දුරකථන සංවාද හරහා තහවුරු වු‍ණේ මහබැංකු අධිපතිවරයෙකු විසින් අවසන් තීරණය ගනු ලබන භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියක කඩඉම් අනුපාතය සම්බන්ධයෙන්ද අර්ජුන් ඇලොෂියස් දැනුවත්ව සිටි බවයි.

මේ අතර අර්ජුන් ඇලෝෂියස්ට බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද කොමිසම නිකුත් කළ නොතීසිය භාරදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් ඔහුගේ නිවස වෙත ගියද ඇලොෂියස් සම්බන්ධ කර ගැනීමට නිළධාරීන්ට හැකියාව ලැබී නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට දැනුම් දී තිබේ.

පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම සිය පද්ධතියෙන් මකා දමා තිබූ දුරකථන සංවාදවලට නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් ඊයේ(05) සවන් දී තිබූ අතර එම සංවාද අතරින් කිහිපයක් සම්බන්ධයෙන් පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් සල්ගාදුගෙන් අද ප්‍රශ්න කරනු ලැබීය.

ඒ අතර එක් දුරකථන ඇමතුමක් තුළින්,7 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට කසුන් පළිසේන ලබා දුන් ප්‍රකාශය එම කෝප් කමිටුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකගේ පුත්‍රයෙකු විසින් අර්ජුන් ඇලෝෂියස් ට ලබාදී ඇති බව අණාවරණ විය.

කසුන් පළිසේන සහ නුවන් සල්ගාදු අතර සිදුවන එම සංවාදයේදී එම දුරකථන සංවාදයේදී කසුන් පළිසේන නුවන් සල්ගාදු මහතාට පවසන්නේ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියගේ පුත්‍රයා විසින් අර්ජුන් ඇලෝෂියස්ට ලබා දී ඇති කොප් කමිටු ප්‍රකාශය සහිත ලියවිල්ල එවකට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබාදිය යුතු බවයි.

මේ අතර 2016 ‍මාර්තු 29 වන දා පැවති භාණ්ඩාගාර වෙන්දේසිය පැවැත්වෙන අතරතුර පර්පෙචුඅල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ ඒ මොහොත වන විට සිංගප්පූරුවේ රැදී සිටි අර්ජුන් ඇලෝෂියස් අතර සිදුවන දුරකථන සංවාද දෙකකට කොමිසමේ වැඩි අවධානයක් යොමු විය.

ඒ අනුව එම වෙන්දේසියේදී සේවක අර්ථසාධක අරමුදල සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ලංසු තබන අනුපාතයන් සම්බන්ධයෙන් සංවාදය අතරතුරදී අර්ජුන් ඇලෝෂියස් කසුන් පළිසේනට තොරතුරු ලබාදෙන අතර වෙන්දේසියේ ලංසු භාරගන්නා කඩඉම් අනුපාතය සම්බන්ධයෙන්ද තොරතුරු ලබාදෙන බව කොමිසමට අනාවරණ විය.

කෙසේ ‍වෙතත් වෙන්දේසියකදී ලන්සු භාරගන්නා කඩඉම් අනුපාතය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ මහබැංකු අධිපතිවරයා විසින් නොවන්නේ දැයි කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ අතර ඔහු පැවසුවේ තමා දැනුවත් ආකාරයට අධිපතිවරයා එම තීරණය ගන්නා බවයි.

එමෙන්ම පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝෂියස් කසුන් පලිසේනට ලබාදුන්නේ නීතිවිරෝධි තොරතුරු බව තබා දැනසිටියේ යැයිද එම සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් සල්ගාද මහතා බැඳුම්කර කොමිසමට පැවසීය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ ඇලෝෂියස්ට අභ්‍යන්තර තොරතුරු ලබාදීම සඳහා සේවක අර්ථසාදක අරමුදලේ මෙන්ම රාජ්‍ය ආයතනවලද නිලධාරීන් කටයුතු කළ බව තමා දැන සිටි බවයි.

කෙසේවෙතත් 2016 ‍මාර්තු 29 වන දා වෙන්දේසියේදී බිලියන 77ක ලංසු භාරගැනීමට මහබැංකුව කටයුතු කළ අතර ඉන් බිලියන 40ක්ම පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගමේ ලන්සු වෙයි.

එය බාරගත් මුළු ලන්සු ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස 52%ක් වීමද විශේෂත්වයක්.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා සාක්ෂිකරුට යෝජනා කළේ 2015 සිට වසර 2ක් ඇතුළතදී පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම අසාමාන්‍ය ලාභයක් උපයා ගනු ලැබුවේ එහි හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ට මහබැංකුවේ සහ රාජ්‍ය ආයතනවල රහසිගත තොරතුරු ලැබුණු නිසා සහ එම තොරතුරුවලට අනුකූලව බැඳුම්කර වෙන්දේසි වලදී ලන්සු තබා ඇති නිසා බවයි.

එහිදී සාක්ෂිකරු එම ප්‍රකාශය පිළිගනු ලැබු අතර සාක්ෂි ලබාදීම අතර තර තමන් දේශපාලනඥයින්ගේ නම් හෙළිකර නිසාවෙන් තම ආරක්ෂාව සම්බන්ධයෙන් තමා තුළ බියක් පවතින බව කොමිසමට පැවසීය.

එහිදී කොමිසම සඳහන් කළේ සාක්ෂිකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොමිසම අවශ්‍ය නියෝගයන් ඉදිරියේදී සිදුකරන බවයි.

මේ අතර අර්ජුන් ඇලෝෂියස්ට බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද කොමිසම නිකුත් කළ නොතීසිය භාරදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් ඔහුගේ නිවස වෙත ගියද ඇලොෂියස් මහතා සම්බන්ධ කර ගැනීමට නිළධාරීන්ට හැකියාව ලැබී නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට දැනුම් දුන්නා.

ඒ අනුව කොමිසමේ සමාජිකයින් ඇලෝෂියස් මහතාගේ නීතිඥයින්ට දැනුම් දුන්නේ සිය සේවා දායකයාට කොමිසම නොතීසි නිකුත් කර ඇති බැවින් වහාම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙන ලෙසයි.

එමෙන්ම අර්ජුන් ඇලෝෂියස් සතුව නෛතික විදේශ ගමන් බලපත්‍ර ද්විත්යක් පවතින අතර ඒවායේ බලපත්‍ර අංක කොමිසමට භාරදෙන ලෙසද බැඳුම්කර කොමිසම අද නියෝග කළේය.

රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයේ නව සභාපතනිය ලෙස  ඩයනා ගමගේ  පත්කර  ඇත.

ඩයනා ගමගේ කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී භුමිකාවන් රාශියක් නියෝජනය කළ අතර ඇය කලා සංගම්හි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කොට ඇත. එසේම හේමන්තයේ වස්සානය, පුෂ්පරාජග, සිහන පවුරු, හා යර්ස් බොක්ස් යන ටෙලි නාට්‍යයන්හි නිළියක් ලෙස රඟ පා ඇති අතර ඇය ගීත ගායනයේද සුවිශේෂීතාවයක් ඇති තැනැත්තියකි.


රන්මිණි තැන්න ටෙලි හා සිනමා ගම්මානය මේ වන විට පරිහානීය තත්වයකට පත්ව ඇති අතර මෙය නගා සිටුවීම සදහා ඩයනා ගමගේ  විසින් සුවිශේෂි සැලසුම් ගොඩ නැගීම අත්‍යවශ්‍ය වන අතර කලාකරුවන්ගේ අභිවෘද්ධිය සදහා වැඩ කිරීම තුළ ඇයට එකී හැකියාව ඇති අතරම ඇය මේ සදහා තෝරාගැනීමේ සුවිශේෂීත්වයද මෙය බව වාර්තාවේ.


විවර  වෙත  අදහස්  පලකල  ඩයනා  ගමගේ  සඳහන්  කලේ  රන්මිණි තැන්න ටෙලි හා සිනමා ගම්මානය නගා  සිටුවීම  වෙනුවෙන් කල  හැකි  සියල්ල  සිදු  කරන  බවයි.

එක්සත්  ජාතික  පක්ෂයේ  කාන්තා  අංශයේ  නායිකාවක්  වන  ඩයනා  ගමගේ  ඒ  සියළු හැකියාවන්  රන්මිණි තැන්න සැබෑ  කලා කරුවන්ගේ  ස්ථානයක්  බවට  කිරීමට  යොදවන  බව පැවසීය.

 මෙකී පත් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකොට ඇත.

 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කටයුතු සඳහා පිටස්තර පුද්ගලයින් මැදිහත් වන බව කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතස් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ දඹුල්ල ක‍්‍රීඩාංගණයේ පැවති පළමු තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය පිළිබඳ අදහස් දක්වමින්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සැලැස්ම පිළිබඳ අදහස් දක්වමින් ඔහු උදාහරණයක් ලෙස ප‍්‍රකාශ කර ඇත්තේ එහි ‘‘කෝකීන්’’ වැඩි බවයි.සෑම තරගයකටම පාහේ නවක ක‍්‍රීඩකයින් එක්වන බැවින් ක‍්‍රීඩකයින් කෙරෙහි නිශ්චිත අවධානයකින් කටයුතු කිරීම දුෂ්කර වී ඇති බවද නික් පෝතස් පවසනවා.

ඇතැම් තෝරාගැනීම් වැරදි සහගත බව පවසන ඔහු ඒවා මෙහිදී දැඩි ලෙස විවේචනය කිරීමද කැපී පෙනුන සිද්ධියක්.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සමහර ක‍්‍රීඩකයින් කණ්ඩායමේ සිටින්නේ දක්ෂතාවය නිසා නොවන බවත් දේශපාලනය වැනි වෙනත් හිතවත්කම් නිසා බවත් එම නිසා කණ්ඩායම් සැළසුම්කරණය අතිශය අපහසු බවත් ඔහු පවසනවා.

ඉන්දියාව සමග දඹුල්ලේ ඊයේ පැවති තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයකට මුහුණපෑමට සිදු වුණා. පසුව ක‍්‍රීඩා ලෝලීන් ක‍්‍රීඩාංගණය තුළ සහ ඉන් පිටත විරෝධතාවක නිරත වූයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය දැඩි ලෙස විවේචනය කරමින්.