17
Sun, Dec

කැකිරාව අධ්‍යාපන කලාපයේ විද්‍යාලයක 10 ශ්‍රෙණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි පවසමින් ඇය පාසලින් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සිද්ධියට අදාල තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමත් සමඟ ඒ පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට උපදෙස් ලබා දී ඇත. අදාළ දැරිය ගැබ්ගෙන ඇති බව පවසමින් පදනම් විරහිත කරුණක් මත ඇය පාසලෙන් ඉවත් කර ඇති බවත්, වෛද්‍ය පරික්ෂණයේ දී එම සිසුවිය ගැබ් ගැනීමකට ලක්ව නොතිබූ බවටත් මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කර තිබුණි.

යහමගට ගැනීමට සහ ඔවුන් හොඳ පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා පාසල්වලට යොමු කෙරෙන දරුවන් මේ අයුරින් පාසල්වලින් ඉවත් කිරීමට යමෙකු අත්තනෝමතිකව ක්‍රියා කරයි නම්, පාසල් වලින් බලාපොරොත්තු වන කාර්යභාර්ය ඉටු වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ අධ්‍යාපන අමාත්‍යවරයා, මෙවැනි සිදුවීම් වලින් දරුවන් මුහුණ දෙන මානසික පීඩනයන්ගෙන් ඔවුන් මුදා ගැනීමටත්, ඔවුන්ට යහමග කියාදීමත් ගුරුවරුන්ගේ වගකීම සහ කාර්යභාර්ය බව ද අවධාරණය කළේය. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් කරුණු විමසූ අධ්‍යාපන ලේකම්වරයා මේ පිළිබඳ වහාම පියවර ගන්නා ලෙස ඇයට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අදාළ විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර වරදක් සිදු වී ඇත්නම් අදාල විදුහල්පතිවරියගේ වැඩ තහනම් කරන බවත්, දරුවාට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බවත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක විසින් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි වෙත දන්වා ඇත.

Ransomware නැමති වෛරසය ඇන්ඩ්රොයිඩ් දුරකථනවලට බලපෑම් ඇති කළ හැකි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT)පවසයි.

මෙම වෛරසය පරිගණකයේ හෝ ඕනෑම ජංගම උපාංගයක දත්ත වෙත පිවිසීමට පරිශීලකයින්ට බාධා ඇති කරන මෘදුකාංගයක් බව අනාවරණය වී තිබේ

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියන් තිදෙනෙකු ඊයේ(14) දින සිට අතුරුදහන්ව ඇති අතර ඔවුන් පිළිබඳව කිසිඳු තොරතුරක් මේ වන තෙක් වාර්තා වී නොමැති බව පැවසේ.

වයස අවුරුදු 14වන ශරිත්‍රා, වයස අවුරුදු 15ක් වන යසන්ති මදුශානි සහ වයස අවුරුදු 19ක් වූ මලිති වත්සලා යන අය මෙලෙස අතුරුදහන්ව ඇත.

යාබද නිවෙස් වල වෙසෙන යහළුවන් වූ මොවුන් තිදෙනා ඊයේ සවස 2.00ට පමණ ඇදුම් ගැනීමට බව පවසමින් පිටත්ව ගොස් ඇති අතර ඉන් පසු ඔවුන් පිලිබඳ කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බවත් ඔවුන් පිලිබඳ යම් තොරතුරක් දන්නේ නම් පහත අංකයට දැනුම් දෙන ලෙසත් දෙමාපියන් ඉල්ලා සිටී.

ශක්ති: 0711012537

ජසින්ඩා ආඩර්න්ගේ නායකත්වයෙන් වාමාංශයට ලැදි නව ආණ්ඩුවක් පිහිටුවීමට නවසීලන්තයේ ලේබර් පක්ෂය සූදානම් වෙයි.

තෙවසරක් නවසීලන්තයේ විපක්ෂනායක පදවිය හෙබැ වූ 37 හැවිරිදි ලේබර් පක්ෂ නායිකාව 1856 න් පසුව රටේ නායකත්වයට පත්වෙන ලාබාලම පුද්ගලයාය.
පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති මහ මැතිවරණයේ දී කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ අතර, ලේබර් පක්ෂය දෙවෙනි ස්ථානයට පත්විය.

ලේබර් පක්ෂයේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට එක්වීමට New Zealand First නම් කුඩා පක්ෂය එකඟතාව පළ කිරීමෙන් අනතුරුව ලේබර් පක්ෂය දැන් නව ආණ්ඩුවක් පිහිටුවීමට සැරසේ.
නවසීලන්තයේ හරිත පක්ෂය ද නව සන්ධානයට සහාය පළ කරයි.

සාර්ථක මැතිවරණ ප්‍රචාරයක් දියත් කිරීමට සහ දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමේ සිය හැකියාව ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) දැනටමත් ප්‍රදර්ශනය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පසුගියදා නව ව්‍යවස්ථා යෝජනා ගැන කතා කිරීමට යැයි ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසිණි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සමග ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභිකයන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, නිරෝෂන් ප්‍රේමරත්න, මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
.
කෙසේ වෙතත් මෙම හමුව ව්‍යවස්තාව සම්බන්දයෙන් සාකච්ජා කිරීමට යැයි ප්‍රකාශ කලද ඇත්ත වශයෙන්ම මේ මොහොතේ විමල් වීරවංශට අවශ්‍යව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන සමග යම් ගනුදෙනුවක් ආරම්භ කිරීම බව අනාවරනයවේ. ඊට හේතුවී ඇත්තේ වරතමානයේ ඔහු මුහුණදී ඇති දේශපාලන අර්බුදය බවද සදහන්වේ.
.
මෙම හමුවේදී ව්‍යවස්ථාවේ අඩුලුහුඬුකම් පෙන්වා දෙමින් විමල් වීරවංශ මහතා කීවේ මෙම යෝජනා ක්‍රියාත්මක කළහොත් රට බෙදෙන බවයි. වීරවංශගේ විග්‍රහයට සවන් දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තවමත් සාකච්ඡාවට බඳුන් වන්නේ ව්‍යවස්ථා යෝජනා පමණක් බවය. ඉදිරියේ දී මේ ගැන සාකච්ඡා කොට රටට වඩාත් හොඳ ව්‍යවස්ථාවක් සැකසීමට හැකි වෙතැයි මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත.
.
මෙහිදී ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණ සමයේදී විමල් විරන්වෂ මහතා වේදිකාවේ පලකල අදහසක් පිලිබදව විමසා සිටියේය.එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ
.
“මොකද විමල් ජන්දේ කාලේ වේදිකාවේ කෑ ගහලා මාව හෙව්වේ ?
එහිදී
.
''අනේ නැහැ
කියා සිනා සි එම ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් විමල් විරවංශ වැලකි සිටියේය.
.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති මෙම හමුවේදී ඉදිරි මැතිවරණ සුදානම පිලිබදවද සාකචිජා කරඇති අතර තම පක්ෂය කුමන පාර්ශවයක් සමග සංධාන ගතවන්නේදැයි තවම තීරනය කරනැති අතර එළබෙන තත්වයන් අනුව එය තීරනය කරන බවද විමල් වීරවංශ විසින් ජනාධිපතිවරයාට පවසා ඇති බවද වාර්තාවේ. ඒ අනුව පෙනී යන්නේ මෙම හමුව යොදාගැනීම හරහා විමල් වීරවංශ බලාපොරොත්තු වුයේ ජනාධිපතිවරයාට සමීපවීම සහ ඉදිරි මැතිවරණ වලදි යම් සංධානගතවිමකදී ඒ සදහාද ඉඩකඩක් නිර්මාණය කරගැනිම බව තහවුරුවේ. ඔහු මාධ්‍යයට ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සමග කථා නොකරන බව කියා සිටි අතර ඔහු වංගුවක් දමා මෛත්‍රී ට සමීප වීමට උත්සහකරන බව දේශපාලන විචාරකයින් පවසති.
.
මේ මොහොතවනවිට විමල් වීරවංශ එකාබද්ධ විපක්ෂයෙන් ප්‍රතිෂේපවීම සහ ඔහු නඩු කීපයකටම මැදි වේ සිටින නිසා තම දේශපාලන අනාගතය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සමීපවීමට උත්සහ කරමින් සිටී. පසුගිය කාලයේ ඔහු විසින් ඒකාබද්ධ විපක්ෂය සහ බැසිල් ප්‍රමුඛ පොදුජණ පෙරමුණේ නායකත්වයද විවේචනය කරමින් අවස්ථා කීපයකදීම අදහස් ප්‍රකාශ කර තිබුණි.
.
ජාතික නිදහස් පෙරමුණ පසුගියදා විහාරමහාදේවී උදයානයේ පැවති රැළියකදී දැඩිලෙස මහින්ද පාර්ශවය විවේචනය කරන ලදි. රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජයට එරෙහි සටන අතට නොගන්නා දේශපාලන සගයන් පිළිබඳ තවදුරටත් විශ්වාසය තබා ගෙන සිටීමට ජාතික නිදහස් පෙරමුණට උවමනා නැති බවත් විමල් වීරවංශ මෙහිදී අවධාරණය කළේය.’මේක තමයි අද තිබෙන කේන්ද්‍රීය සටන, මූලික සටන. මේ සටන තිබියදී වෙන වෙන සටන් කර තබා ගෙන නටලා වැඩක් නැහැ.මේ සටනට නොබසින සගයන් ගැන විශ්වාසය තබා ගෙන ඉන්න අපට ඕනේ වෙන්නේ නැහැ’ යනුවෙනු මෙහිදී සදහන් කලේ මහින්ද , බැසිල් ප්‍රමුඛ ඒකාබද්ධයේ නායකත්වයටය.

 

ශාන්ත  රණබාහු 

ඔක්තෝබර් විප්ලවය පිළිබද අප සාකච්ඡා කරනවිට සමහරු සෝවියට් දේශය පරාදයි නේද? සමාජවාදය අවලංගුයි නේද වැනි ප්‍රශ්න විමසන බවත් ඒ වෙනුවට එම සිදුවීම නමුත් ඔක්තෝබර් විප්ලවය වැනි සිදුවීමක් නිශ්චිතව පරාජය වී නැති බව බොහෝ දෙනා අමතක කරන බවද එය දැනගන්නට හැකිවන්නේ සියවසකට පසුව හෝ අධ්‍යයනය කිරීමෙන් පමණක් බවද පෙ.ස.ප දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත පවසයි.

කිසියම් පුද්ගලයෙකුගේ රුචිකත්වය ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක ආදී සාධක ගණනාවක් මත තීරණය කරනු ලබයි. පුද්ගල රුචිකත්වයන් පාලනය කිරීමට සමාජවාදී රජය කිසිවිටකත් අදහස් නොකරයි. පුද්ගලයා පුද්ගලික නිදහස භුක්ති විඳිය යුත්තේ කෙසේද යන්න තීරණය කිරීම රජයට අයත් කාරණයක් නොවේ. ඒ නිසා සමාජවාදය පිළිබද දුර්මත වීසි කරන්නටත් ඔක්තෝබර් විප්ලවය දේශපාලනික වශවයන් කියවිය යුතු බවද චමීර කොස්වත්ත විසින් අවධාරණය කරන ලදී.

 

මේ වසරේ ගත වූ මාස 9 තුළ මෙරට දුම්රියවල සහ දුම්රිය මාර්ගවල සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමෙන් තරුණ තරුණියන් 24ක් මරුමුවට පත්වී ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

වසරෙන් වසර දුම්රිය මගෙහි සිදුවන අනතුරු වැඩිවෙමින් පවතින බවත්, 2016 වසරේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේදී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරු 436කින් පුද්ගලයින් 180ක් මියගොස් 256 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම සභාව සඳහන් කරයි.

දුම්රිය හරස් මාර්ගවලදී වාහන දුම්රියේ ගැටීමෙන් අනතුරු 84ක් සිදුවී තිබේ.

දුම්රියේ ගමන් කරද්දී බිමට ඇද වැටීමෙන් 76 දෙනෙකු ඉකුත් වසරේ මියගොස් ඇත.

මෙවැනි දුම්රි අනතුරු අවම කිරීම පිණිස දුම්රිය ගමන් මාර්ගයන් ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැනුවත් කිරීම සඳහා පරාවර්තික පුවරු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

එහි ප්‍රථම වැඩසටහන හෙට20 පෙ.ව. 8.30ට නාරාහේන්පිට දුම්රිය ස්ථානයේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට පියවරගෙන ඇතැයි ද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව නිවේදනය කරයි.

කියුබාවට ඒරෙහිව අමෙරිකා ඒක්සත් ජනපදය අැතුළු අධිරාජ්‍යවාදී බලපෑම්වලට හා සම්බාධකවලට ඒෙරහිව ෙපරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (17) විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණී.
කියුබාවේ ජනතාවට ඒරෙහිව දසක ගනනාවක් පවත්වාගෙන ගිය ඒක්සත් ජනපද සම්බාධකවලට ඒරෙහිව ඒක්සත් ජාතීන්ෙග් ෙයා්ජනා සියල්ල සෑම වසරකම ජයගනිද්දී අධිරාජ්‍යවාදී රටවල් ඒම සම්බාධක පවත්වාෙගන යමින් සිටී. අාර්ථික සම්බාධක නිසා කියුබාව මහත් අසීරු තත්වයක පවතින අතර ට්‍රම්ප් පාලනය විසින් ඒම පිලිවෙත තවදුරටත් ශක්තිමත් කර අැත. ෙමම තත්වයට ඒරෙහිව පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඒක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේ සටන් පාඨ මෙසේය.

අධිරාජ්‍යවාදී ආක්‍රමණ පරදවමු!
කියුබාවට අත නොතබනු!
කියුබාවට එරෙහි සම්බාධක හකුලා ගනු!
කියුබානු සහයෝගීතාවය වෙනුවෙන් එක්වෙමු!

තම ඉල්ලීම් ලැබෙන තුරු වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ පවසයි.
දුම්රිය රියදුරු සහායකවරුන් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කරන ලෙස බල කරමින් දුම්රිය රියදුරෝ ඊයේ (11) පස්වරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළහ.

මේ අතර අද(12) පෙරවරුවේ පොල්ගහවෙල, මහනුවර, හලාවත , මහව, ගාල්ල, පාදුක්ක, කොස්ගම සිට දුම්රිය 8ක් පමණ කොළඹට ළඟාවූ බවත් කොටුවේ සිට පානදුර දක්වා දුම්රියක් ධාවනය කළ බවත් දුම්රිය පාලක කාර්යාලය පවසයි.