22
Sun, Oct

රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානයේ නව සභාපතනිය ලෙස  ඩයනා ගමගේ  පත්කර  ඇත.

ඩයනා ගමගේ කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී භුමිකාවන් රාශියක් නියෝජනය කළ අතර ඇය කලා සංගම්හි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කොට ඇත. එසේම හේමන්තයේ වස්සානය, පුෂ්පරාජග, සිහන පවුරු, හා යර්ස් බොක්ස් යන ටෙලි නාට්‍යයන්හි නිළියක් ලෙස රඟ පා ඇති අතර ඇය ගීත ගායනයේද සුවිශේෂීතාවයක් ඇති තැනැත්තියකි.


රන්මිණි තැන්න ටෙලි හා සිනමා ගම්මානය මේ වන විට පරිහානීය තත්වයකට පත්ව ඇති අතර මෙය නගා සිටුවීම සදහා ඩයනා ගමගේ  විසින් සුවිශේෂි සැලසුම් ගොඩ නැගීම අත්‍යවශ්‍ය වන අතර කලාකරුවන්ගේ අභිවෘද්ධිය සදහා වැඩ කිරීම තුළ ඇයට එකී හැකියාව ඇති අතරම ඇය මේ සදහා තෝරාගැනීමේ සුවිශේෂීත්වයද මෙය බව වාර්තාවේ.


විවර  වෙත  අදහස්  පලකල  ඩයනා  ගමගේ  සඳහන්  කලේ  රන්මිණි තැන්න ටෙලි හා සිනමා ගම්මානය නගා  සිටුවීම  වෙනුවෙන් කල  හැකි  සියල්ල  සිදු  කරන  බවයි.

එක්සත්  ජාතික  පක්ෂයේ  කාන්තා  අංශයේ  නායිකාවක්  වන  ඩයනා  ගමගේ  ඒ  සියළු හැකියාවන්  රන්මිණි තැන්න සැබෑ  කලා කරුවන්ගේ  ස්ථානයක්  බවට  කිරීමට  යොදවන  බව පැවසීය.

 මෙකී පත් කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකොට ඇත.

 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කටයුතු සඳහා පිටස්තර පුද්ගලයින් මැදිහත් වන බව කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතස් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ දඹුල්ල ක‍්‍රීඩාංගණයේ පැවති පළමු තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය පිළිබඳ අදහස් දක්වමින්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සැලැස්ම පිළිබඳ අදහස් දක්වමින් ඔහු උදාහරණයක් ලෙස ප‍්‍රකාශ කර ඇත්තේ එහි ‘‘කෝකීන්’’ වැඩි බවයි.සෑම තරගයකටම පාහේ නවක ක‍්‍රීඩකයින් එක්වන බැවින් ක‍්‍රීඩකයින් කෙරෙහි නිශ්චිත අවධානයකින් කටයුතු කිරීම දුෂ්කර වී ඇති බවද නික් පෝතස් පවසනවා.

ඇතැම් තෝරාගැනීම් වැරදි සහගත බව පවසන ඔහු ඒවා මෙහිදී දැඩි ලෙස විවේචනය කිරීමද කැපී පෙනුන සිද්ධියක්.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සමහර ක‍්‍රීඩකයින් කණ්ඩායමේ සිටින්නේ දක්ෂතාවය නිසා නොවන බවත් දේශපාලනය වැනි වෙනත් හිතවත්කම් නිසා බවත් එම නිසා කණ්ඩායම් සැළසුම්කරණය අතිශය අපහසු බවත් ඔහු පවසනවා.

ඉන්දියාව සමග දඹුල්ලේ ඊයේ පැවති තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයකට මුහුණපෑමට සිදු වුණා. පසුව ක‍්‍රීඩා ලෝලීන් ක‍්‍රීඩාංගණය තුළ සහ ඉන් පිටත විරෝධතාවක නිරත වූයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලනය දැඩි ලෙස විවේචනය කරමින්.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විරෝධතාවයක නිරතවූහ.

අද(19)  දහවල්  ගලහ මංසන්දියේ පැවති මෙම විරෝධතාවය පැයක පමණ කාලයක් පැවතිණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  මහා ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය  හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් ගලහ ප්‍රදේශයෙන් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබිණී.

මාලඹේ SAITM ආයතනය වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් කොළඹ කොටුව ඉදිරිපිට සිදු කරනු ලබන අඛණ්ඩ උපවාස ක්‍රියාමාර්ගය සඳහා අද(01) දින ගුරු විදුහල්පති සංගම් වල සහාය හිමි වී තිබුණි.

මෙම ක්‍රියාමාර්ගයේ 102වන දිනය සඳහා මෙලෙස උපවාස අට්ටාලය සමඟ සම්බන්ධ වෙමින් සිය සහයෝගය ලබා දී තිබු අතර සිසු ජන ව්‍යාපාරය විසින් එම ස්ථානය ඉදිරිපිට මාර්ගයේ අඩි 60ක් දිගැති දැවැන්ත බැනරයක් ද  ප්‍රදර්ශනය කරන ලදි.

තවමත් ආණ්ඩුව SAITM විරෝධය පිලිබඳ කිසිවක් නොදකින ලෙස මුනිවත රකිමින් කටයුතු කරන අතර දැවැන්ත ගැටළු සහ චෝදනාවන් ගණනාවක් මඟහරිමින් SAITM ආයතනයේ ආරක්ෂාව සහ පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වෙමින් සිටින බව මනාව පැහැදිලි වේ.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අඛණ්ඩ උපවාසයක් අද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කරන ලදී.
අද උදෑසන කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී මෙම උපවාසය ආරම්භ කර ඇත.


මේ සඳහා දේශපාලනඥයින්, කලාකරුවන්, සිවිල් සංවිධාන ඇතුළු බාහිර පාර්ශව ද එක්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

බැඳුම්කර කොමිසම භාරයේ පවතින අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ජංගම දුරකථනයේ දත්ත අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තු නිළධාරීන් උපුටාගන්නා අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතාගේ නීතීඥයෙකුට එම සථානයේ රැදී සිටීමට අවසර ලබාදෙමින් කොමිසම අද නියෝගයක් නිකුත් කර තිබේ..

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරතන්ට එරෙහි විශ්වසාභාංග යෝජනාවක් කතානායකවරයා වෙත බාර දී තිබේ.

මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 39 දෙනෙකු අත්සන් තබා ඇත.

මේ අතර ඊයේ (24) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන  කියා සිටියේ, මෙම විශ්වාසභංගය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

අමාත්‍යවරයෙකු වශයෙන් රාජිත සේනාරත්න මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් මුලික කරුණු 11 ක් පාදක කර ගනිමින් මෙම විශ්වාසභංගය ඒකාබද්ධය විසින් ගොණු කර තිබේ.

රයන් ජයලත් ශිෂ්‍යයාගේ මව්පියන්ට දිනපතාම පාහේ පොලිසියෙන් හා වෙනත් පුද්ගලයන් විසින් හිරිහැර සිදුවන බවත් පුත්‍රයා යෙදී සිටින කටයුතුවලින් වළක්වා නිවසට කැදවාගන්නා ලෙස සහ එසේ නොකළහොත් කරදර වියහැකි බවට තර්ජනය කර ඇත.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා පසුගියදා තමන්ට එරෙහිව සෞඛ්‍ය බලධාරින් ගොනුකළ චෝදනා සම්බන්ධ නඩු විභාගයකට පෙනී සිටි අවස්ථාවේ ඔහු අගෝස්තු 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එසේ වුවද පොලිසිය දිනපතා ඔහුගේ නිවසට ගොස් මෙසේ තර්ජනය කරන බවත් මීට පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සිදුව ඇති දේ කල්පනා කරන ලෙසත් ඔවුන් මව්පියන් හමුවේ තර්ජනාත්මකව ප්‍රකාශ කර තිබේ.

සමෘද්ධි ප‍්‍රතිලාභය ලබන කිසිවෙකුගෙන් එය කපා දැමීමට හෝ අඩු කිරීමට රජය කටයුතු නොකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.සමෘද්ධි ප‍්‍රතිලාභය හිමිවිය යුතු එහෙත් නොලැබෙන විශාල පිරිසක් රට තුළ සිටින අතර, ඔවුන්ට අලුතින් එම වරප‍්‍රසාදය ලබා දෙනු විනා කිසිඳු අවස්ථාවක කප්පාදුවක් සිදු නොකරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.