22
Sun, Oct

බොහෝ සොයුරන් සිය මතවාදී ස්ථාවර ඉදිරිපත් කළ කරුණක් බවට ,රෝහින්යා සිද්ධිය පත්විය.ඉන් යම් පිරිසක් අහම්භයකින් ජිවිතය ගලවාගත් එක්සත් ජාතින් විසන් රටක් ලබාදෙනතුරැ රදවා සිටි දරැවන් 17ක් ඇතුලු 30 දෙනෙකු ඔවුන් මුස්ලිම් ජාතිකයින් වීම මත හිංසනයට ලක්කිරිම සාධාරණිකරණය කර ඇත.ඊට වඩා බහුතර පිරිසක් එම සිද්ධිය හෙලා දැක ඇත.තවත් පිරිසක් සංවාදය විතන්ඩවාදයකට රැගෙනගොස් ස්වයං නිර්ණය හෝ විශ්ව විද්‍යාල දේශපාලනය වැනි මාතෘකාද ඉදිරියට ගන්නා ලදි..


බිලියන 6000 ක ණය බරක් සහිත,ලොව වැඩිම මත්පැන් පරිභෝජනය කරන,වැඩිම සියදිවි නසාගැනිම් සහිත,අන්තර්ජාලය sex වචනය වැඩිස search කල මේ කේතුමති බෞද්ධ රාජ්‍යය විනාශ කිරිමට පැමිණි දරැවන් 17 දෙනා අවසන් වශයෙන් අමතමි.


හය හතර නොදන්නා නුඹලාට ත්‍රස්තවාදින් වන්නට බල කරන රටක හිද ජිවිතය බේරාගෙන තවත් රටකට ඒමට හැකි විය.නමුත් එම රටේද සුලු පිරිසක් නුඹලාට ත්‍රස්තවාදින් විමට බල කර ඇත.නමුත් දරැවනේ ඒ රටේම සිංහල මුස්ලිම් දෙමල මිනිස්සු 32 දෙදෙනෙකුගේ කුණු කන්දකට යටවුනු මලකදන් මා දුටුවෙමි.එදා මට ඔවුන් සමග සටන් කරද්දි ඔවුන් සියලු දෙනා මිනිසුන් මිස බෙදුනු ජාතිකත්වයන් ලෙස නොසිතුනි.මන්ද දේශසිමාක හිරවුනු එක් ජාතිකත්වයක් වෙනුවෙන් නොව මේ පුංචි ග්‍රහලෝකයේ සැම අස්සක මුල්ලකම සිටින මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් අරගල කල යුතු බවට වු දර්ශනයක් අකුරැ කර ඇති බැවිනි.


කෙසේ නමුත් බුස්ස බන්ධනාගාරයේ සිට හෙටදින නුඹලාව විදෙස් රටකට යවනු ඇත.නුඹලාට දැනුම් තේරැම් ඇති දවසක මේ ලෝකයට වෛර නොකරනු පිනිස ත්‍රස්තවාදින් නොවනු පිනිස එක් කරැණක් අවසන් වශයෙන් සටහන් කර තබමි.


ජනප්‍රිය නොවුනත්,කොතරම් අසිරැ තත්වයන් මත වුවත් නුඹලාගේ ජිවිත වෙනුවෙන් සටන් කල මිනිසුන් පිරිසක්ද ලංකාව නැමැති කේතුමති බෞද්ධ රාජ්‍යයේ සිටින ලදි....

මිරිහාන සංක්‍රමණික රැඳවුම් කඳවුරේ රඳවා සිටින රෝහින්ග්‍යා මුස්ලිම් තරුණියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය නියෝග කර තිබේ.
කඳවුරේ සිටින 21 හැවිරිදි දැරියක් අසනීප වී කළුබෝවිල රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා රෝහලට පැමිණ ඇය රැගෙනගොස් තිබෙන බව පැමිණිලිකාරියගේ නීතිවේදියා වන ෂිරාස් නූර්දීන් ප්‍රකාශ කර ඇත.
නීතිවේදියා පවසන පරිදි ඉන් අනතුරුව සැකකරු එම තරුණිය බොරලැස්ගමුවේ හෝටලයකට රැගෙන ගොස් දූෂණය කර තිබේ.

සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී සුනන්ද දේශප්‍රිය විරෝධය පළකිරීමෙන් අනතුරුව ලබන බ්‍රහස්පතින්දා (ජුනි 29) හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තුරු ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව ද නීතිවේදී ෂිරාස් නූර්දීන් පැවසීය.

'කඳවුරේ ආරක්ෂකයෙක්'
සැකකරු මිරිහාන රැඳවුම් කඳවුරේ සේවය කරන පොලිස් නිලධාරියෙකි.
එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බව සනාථ කළ පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන් කළේය.
නොදැනුවත්ව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වූ රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.
කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ද ඒ අතර සිටින අතර, ඔවුන් දැන් මිරිහාන සංක්‍රමණික කඳවුරේ රඳවා සිටිති.
කඳවුරේ ආරක්ෂාව භාරව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් තමන් දූෂණය කළ බවට පැමිණිලි කර තිබෙන්නේ ඒ අතර සිටින එක් තරුණියකි.
වසර පහක් ඉන්දියාවේ දිල්ලි අගනුවර අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ (UNHCR) ආයතනයේ රැකවරණ ලබා සිට පසුව තමිල්නාඩුවට පැමිණ තිබෙන මේ කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ අවස්ථාවේ ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී තිබේ.

ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස් ගණනින් මේ වන විටබංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව ආදී රටවලට පලා යමින් සිටින්නේ ජීවිතය බේරා ගැනීමේ අරමුණිනි. කුඩා දරුවන් පවා කපා කොටා දමමින්, හිස ගසා දමමින්, දැරියන් සහ කාන්තාවන් සමූහ දූෂණයන්ට ලක්කරමින් මේ නිරායුධ ජන වර්ගයට එරෙහිව ක්‍රියාත්මක වන්නේ මියන්මාරයේ බින් ලාඩන් ලෙස තමන්වම හදුන්වා ගන්නා කුප්‍රකට අශීන් විරතු හෙවත් මුස්ලිම් ජනයාට එරෙහි බෞද්ධ ව්‍යාපාරයේ නායක භික්ෂුවගේ සියලු ක්‍රියාකාරී මැදිහත්වීම් සහිත රාජ්‍ය ත්‍රස්තවාදයයි. මිලිටරි හමුදා විසින් සිදුකරන විනාශය සම්බන්ධයෙන් මුණිවත් රකින අවුං සාං සුකී නායකත්වය මේ මොහොතේ ලොව ඉදිරිපිට දැඩිව අභියෝගයට ලක් වන්නේ මිලියනයකට අධික රොහින්ගා ජනතාව ජීවත් වන රහයින් පළාතේ එම හමුදා විසින් ඇති කරන අමානුෂික භීෂණය හේතුවෙනි. පසුගිය දින කිහිපය තුළ මරා දමනු ලැබූ රොහින්ගා ජාතිකයින් ගණන සියයකට ආසන්නය. පසුගිය දින දහය තුළ කුසගින්නෙන් සහ අධිකතර පීඩාවන් විදිමින් බංග්ලාදේශය බලා පලාගිය ගණන 87,000 ඉක්මවයි. නාසි හමුදා විසින් යුදෙව්වන්ඝාතනය කරමින් කරන්නට උත්සාහ කළ ජන ශුද්ධිකරණයට (ethnic cleansing) සමාන අදහසක් දරමින් මියන්මාරය විසින් ඊළඟට එළඹෙන්නේ සමූල ඝාතනයකට බව එක්සත් ජාතීන්ගේ සංවිධානයආසියානු කලාපයට සහ ලෝක දේශපාලනික බලවතුන්ට අනතුරු අඟවමින් සිටියි. 

රොහින්ගාවරු

රොහින්ගා නැතහොත් ඇරකන් ඉන්දියානුවන් ලෙස හැඳින්වෙන මේ ඉන්දු-ආර්ය ජනවර්ගය මියන්මාරයේ රහයින් පළාතේ වසන්නේ පරම්පරා ගණනක් තිස්සේ රටක් අහිමි අනාථයින් ලෙසය. මිලියන 1.3 ක් වන මේ ජනතාව සමන්විත වන්නේ බහුතර මුස්ලිම්වරුන්ගෙන් සහ සුළුතරයක් වන හින්දුන්ගෙනි. ඉන්දියානු උපමහාද්වීපයේ සිටමියන්මාරයට (මීට පෙර බුරුමය ලෙස හැඳින්විණ.) ජනයා සංක්‍රමණය වීම සියවස් ගණනාවක් තිස්සේ සිදුවූවකි. මේ වන විට බංග්ලාදේශය සහ ඉන්දියානු රජයට අයත් බටහිර බෙංගාලය අතර බෙදී ඇති ඓතිහාසික බෙංගාලි කලාපය සහ මින් පෙර ඇරකන් ලෙස හැදින්වූ රහයින් පළාත සමග ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා තිබේ.බෙංගාලි බස කතා කරන පදිංචිකරුවන් පිළිබඳව ඇරකන් පළාතෙන් වාර්තා වන්නේ දාහත් වන සියවසේ සිටය. රොහින්ගා බස බෙංගාලි උප බසක් වන චිතගොං බසට නෑකම් කියයි. එක්දහස් හත්සිය අනූ ගණන්වල බ්‍රිතාන්‍ය පාලන සමයේදී පවා මෙම ජනවර්ගය රූයිංගානමින් ලේඛනගත කොට තිබුණ ද බුරුම ජාතිකවාදීන් මෙම මූලාශ්‍ර ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාවේ සිට බුරුමය වෙත සිදුවූ ජනසංක්‍රමණය වැඩි වූයේ බුරුමය බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබියදී ය. ඇරකන් පළාතේ ජනගහණය විශාල බ්‍රිතාන්‍ය ඉන්දියානු ප්‍රතිශතයකින් සමන්විත වූ අතර ඔවුහු කෘෂිකර්මාන්තයේ සහ වෙළදාමෙහි නියැළුණහ. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඇරකන් පළාතේ දෙවැනි විශාලතම ජනගහණය වූයේ ඉන්දියානු මුස්ලිම් ජනගහණයයි. 

රොහින්ගාවරුන්ට අනුව ඔවුන් බටහිර මියන්මාරයේ දිගුකාලීන පදිංචිකරුවන් වන අතර තම ජනගහණය පූර්ව යටත්විජිත මෙන්ම, යටත්විජිත වැසියන්ගෙන් ද සමන්විත ය. නමුත් මියන්මාර රජයට අනුව ඔවුන් බංග්ලාදේශයෙන් පැමිණි නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ය.


මියන්රමාර රජයට එරෙහි විරෝධතා (ඡායාරූපය-independent.co.uk)

රොහින්ගාවරුන්ගේ වත්මන් ඛේදවාචකය

සියවස් ගණනාවක් තිස්සේ මියන්මාරයේ ජීවත් වුවද මෙම ජන කොට්ඨාසයට පුරවැසිභාවය ලබා දීම මියන්මාර රජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. 1982 බුරුම පුරවැසි නීතිය යටතේ මෙම තීරණය නීතිගත එකක් බවට පත්වුනේ 1823 පසු සංක්‍රමණය වූ සියලු රොහින්ගාවරුන් හට පුරවැසි අයිතිය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කරමිනි. ඔවුන්ට රාජ්‍ය අධ්‍යාපනය ද කැමති තැනක ජීවත් වීමේ සහ රාජ්‍ය සේවයේ නියැලීමේ අයිතිය ද අහිමි ය. එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙකු වන යැංහී ලී ට අනුව රජයට සහ අඩ මිලියනයක් වන බෞද්ධ භික්ෂු බලවේගයට අවැසි සම්පූර්ණයෙන් ම රොහින්ගා ජනයාගෙන් තොර 'පිරිසිදු' මියන්මාරයකි. 

ඉතිහාසය පුරා සිදුව ඇති වෙන්කොට සැලකීම් සහ ඔවුන්ට එරෙහිව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා එක්හදහස් නවසිය හැත්තෑ ගණන්වල අග භාගයේදී තීව්‍ර වීමත් සමග පලා යෑම ඇරඹිණි. ගතවුණ වසර පණහ පුරා එසේ පලා ගිය මිලියනයක පමණ ජනතාවක් සරණාගතයින් ලෙසබංග්ලාදේශය, සවුදි අරාබිය, පාකිස්ථානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල ජීවත් වෙයි. බුරුම ජාතිකවාදයේ සහ ථෙරවාදී බෞද්ධ බලපෑමෙන් යුක්තව එක්දහස් නවසිය අනූවේ සිට දෙ‍දහස් එකොළහ දක්වා රට පාලනය කළ බුරුම ජුන්ටාව විසින් සුළුතරයක් වන රොහින්ගාවරුන් සේම චීන කෝකන් සහ පැන්තේ ජන කණ්ඩායම්වලට ද දරුණු ප්‍රහාරයන් එල්ල කරන ලදි. ඉන් පසුව පත්වූ රජයන් විසින් එවැනි ක්‍රියා තහනම් කළද 2012 වසරේදී උතුරු සහ දකුණු රහයින් ප්‍රදේශවල විසූ රොහින්ගානුවන් සහබර්මානුවන් අතර ඇතිවූ ගැටුම්වලින් දෙපාර්ශවයට ම හානි සිදුවිය. ඉන් අනතුරුව 2015 දී සිදුවූ පහරදීම් මත මෑත කාලීනව මියන්මාරයේ ඉතිරිව සිටින මිලියනයකට අධික ඉතිරි රොහින්ගාවරුන් ද ජීවිත අවදානම නොතකා සිරියානු සරණාගතයින් මෙන් බෝට්ටුවලින් මුහුදු මාර්ගයෙන් පලා යමින් සිටින්නේ දිනෙන් දින උත්සන්න වෙමින් පවතින භීෂණය මරණීය තත්ත්වයක් දක්වා ළඟා වී ඇති බැවිනි. ආසියානු රටවල සරණාගත ප්‍රතිපත්ති හේතුවෙන් වන ප්‍රතික්ෂේප කිරීම්, අනතුරුදායක මුහුදු ගමන ඇතුළත සිදුවන මරණ, සංක්‍රමණික ක්‍රියාවලිය තුළ සිදුවන රැවටීම් සහ පැහැර ගැනීම, වහල් සේවයේ යෙදවීම මෙන්ම ස්ත්‍රී දුෂණ ද ජීවිතය පිණිස කරන මෙම පලායාම ඔවුන්ට තවත් අසීරු කරමින් තිබෙයි. 

අන්තවාදී මිථ්‍යාවන්වලින් වසන යථාර්ථය

මියන්මාරය තුළ භීෂණය ක්‍රියාත්මක වන්නේ හුදෙක් මුස්ලිම්වරුනට එරෙහිව නොවේ. රොහින්ගා ජනවර්ගයට සහ කුඩා චීන ජන කණ්ඩායම්වලට එරෙහිව ය. පුරවැසි බව ලත් රොහින්ගා නොවන මුස්ලිම්වරුන්ට මෙතරම් ප්‍රබල තර්ජන නැත. රොහින්ගාවරුන්ගෙන් බහුතරය මුස්ලිම් වීම යන්න මුස්ලිම්වරුන්ට එරෙහි ජන සංහාරයක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කරමින් ජාතිවාදී ගැටළුවක් ලෙස විග්‍රහ කිරීම අන්තවාදී මුස්ලිම් සේම බෞද්ධ බලවේගවල ද කූඨ දේශපාලනික වුවමනාවක් මිස අන් යමක් නොවේ. රහයින් භූමිය පිළිබඳ ගැටළුවක්ව ඔඩු දුවන මේ සියවස් ගණනක් පැරණි තුවාලය පීඩිත ජනවාර්ගික ගැටළුවක් මිස ජාතිවාදී යමක් නොවන බව වටහා ගත යුතු අතර ලොව පුරා තැන් තැන්වල සිදුවන අන්තවාදී ISIS හෝ තලෙයිබාන් ක්‍රියාවන් ට පිළිතුරක් ලෙස පීඩිත රොහින්ගා ජන කොටස සමූල ඝාතනය කිරීමේ සැලසුම සාධාරණිකරණය කිරීම මනුෂ්‍යත්වයට මෙන් ම අවිහිසංවාදය විශ්වාස කරන බෞද්ධ දර්ශනයට ද පටහැණි ය. 

සුළු ජනවර්ගයක් පීඩනයට ලක්කොට අයිතිවාසිකම් අහිමි කිරීම සඳහා ජාතිවාදයේ (Racism) රුදුරු මැජික් යෂ්ටිය යොදා ගැනීම ලංකාවට ද අලුත් දෙයක් නොවේ. පසුගිය දශක පහක් තිස්සේ උතුරු නැගෙනහිරදෙමළ ජනයාට අත් වූ ඉරණම ද දෙමළ වතු කම්කරුවන්ට සියවස් පුරා පුරවැසි අයිතිය අහිමි වූයේ ද අදටත් ඔවුන් සමාජ ගෞරවය අහිමි පිරිසක් ලෙස ජීවත් වන්නේ ද ඒ ජනවාර්ගික (Ethnic) ගැටළුවේ ප්‍රතිඵලයක් ලෙසිනි. සවුදියේ වහාබ් නීතිය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ලංකාවේ සුළුතර මුස්ලිම් කණ්ඩායමක් උත්සාහ දැරීම මෙන්ම ISIS ක්‍රියාකාරකම්වලට පක්ෂ වීම ද බහුතර ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන් එරෙහි බව අපට නො පෙනෙන්නේ ද මෙම උපක්‍රමශීලී අර්ථ ගැන්වීම් හේතුවෙනි. අශීන් විරතුගේ ප්‍රචණ්ඩ බුද්ධාගම මෙන් ම ඥානසාරලාසහ ඩෑන් ප්‍රිසාද්ලාගේ මැර බුද්ධාගම ද අප ප්‍රතික්ෂේප කළ යුත්තේ ඒවා මියන්මාරය තුළ නිර්මාණය කරන ලද දේශපාලනික මිථ්‍යාවන් සේම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බැවිනි. ජනවර්ගය මත, ආගම, කුලය මත, ජීවත් වන ප්‍රදේශය මත හෝ ආවේ බෝට්ටුවෙන් ද නැවෙන් ද යන්න මත මිනිස් කුලකයක් පීඩාවට පත් කිරීමට හෝ මරා දැමීමට අනෙක් මිනිස් කණ්ඩායම්වලට හැකිවන්නේ නම් සියලු ආගම්වල සාරය රැගත් බවට බහුතරය විශ්වාස කරන මිනිස් ශිෂ්ටාචාරය පිළිබද අපේ විග්‍රහයන් ප්‍රශ්න කෙරෙන බව අප අමතක නොකළ යුතුය. 


(ඡායාරූපය -rfa.org)

රොහින්ගානු සංක්‍රමණික ගැටළුව සහ ලෝකය

කලාපයීය වශයෙන් ආසියනු රටවල් අතර සහසම්බන්ධිත හෝ නිශ්චිත ක්‍රමවේදයක් පෙනෙන්නට නැති අතර ඒ සඳහා ඒ රටවල ඇති නීතිමය රාමු ද ප්‍රමාණවත් ඒවා නොවේ. ඉන්දුනීසියාව, මියන්මාරය, තායිලන්තය සහ මැලේසියාව වැනි ආසියනු රටවල් සරණාගතයින් පිළිබඳ වන එක්සත් ජාතීන්ගේ ගිවිසුමට තවමත් එකඟතාව දක්වා නැතිකම තවත් ගැටළුවක් වන්නේ අදාළ මැදිහත් කිරීම් සඳහා එය බාධාවක් වන බැවිනි. නමුත් එය මේ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට සම්පූර්ණ බාධාවක් නොවන බව පෙනී යන්නේ දේශපාලනික වශයෙන් ඇති වුවමනාව ඇතැම් රටවල් කෙරෙන් දැකිය හැකි වන බැවිනි. බංග්ලාදේශය මේ වන විටත් ලක්ෂ පහක රොහින්ගානු ජනතාවකට රැකවරණය දෙමින් සිටියි. අන්තර්ජාතික සංවිධාන ද අමෙරිකානු එක්සත් ජනපදය ද මියන්මාර රජයට බලපෑම් කරමින් සිටින්නේ මේ සුළුතර ජන කොටස කෙරෙහි ඇතිකරන මරණීය පීඩාව ඉවත් කරගන්නා ලෙසට ය. දේශපාලනික විශ්ලේෂකයින් පවසන්නේ මේ පිළිබඳ මුළු වරද මියන්මාර රජයට පටවමින් නොසිට ගෝලීය සහ කලාපයීය වශයෙන් ක්‍රියාත්මක හැකි යථාර්තවාදී වැඩපිලිවෙලකට යා යුතු බවයි. 

මාලතී කල්පනා ඇම්බ්‍රෝස් boondi.lk

 

අම්පාර උහන මාර්ගයේ අධික වේගයෙන් ගමන්ගත් විමලවීර දිසානායක දිසානායක මන්ත්‍රිවරයාගේ ජීප් රථය අද(29) උදෑසන යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබේ.

කරන්ගාව නම් ස්ථානයේදී මෙම අනතුර සිදුවනවිට යතුරුපැදිය මෙන්ම අම්පාර දෙසට ගමන්ගත් ජීප් රිය අධික වේගයෙන් ගමන්කර ඇති බව පොලිසිය පවසයි. උහන ප්‍රදේශවාසියකු වන 36 හැවිරිදි යතුරුපැදිකරු මියගිය අතර ඔහුසමග ගමන්ගත් පුද්ගලයකු බරපතල තුවාල සහිතව රෝහල්ගතකර ඇත.

ගමට අවශ්‍ය පොල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලබන සති දෙක තුන ඇතුළත පොල් මිලෙහි යම් අඩුවීමක් බලාපොරොත්තු වන බවත් වැවිල් කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසයි. සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"පොල් ක්ෂේත්‍රයේ හිඟයක් ඇති වෙලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම විවෘත ආර්ථිකයේ තියෙන පොදු දෙයක්.

අපිට විවෘත ආර්ථිකයේදී මිළ සම්පුර්ණයෙන්ම පාලනය කරන්න බැහැ. 2015 සහ 2016 දී දැඩි නියඟයක් තිබුණා. ඒ නියඟය නිසා අපේ පොල් නිෂ්පාදනය අඩු වුණා.

ඒ නිසා අවශ්‍ය පොල් ප්‍රමාණය වෙළඳපොළට යන්නේ නැහැ. එම නිසා තමයි මිළ වැඩිවීමක් වෙලා තියෙන්නේ. දෙවෙනි හේතුව තමයි අතරමැදියා.

අපි ගණන් හදලා තියෙන විදිහට අතරමැදියා රුපියල් 30ක වෙනසක් තියාගන්නවා.

පොල් මිළ රුපියල් 50 නම් අතරමැදියා නිසා පොල් ගෙඩියක් රුපියල් 70,80 වෙනවා. අපි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කළා විශේෂ වැඩපිළිවෙලක් යොදවන්න.

අපි ලබන සතියේදී ඒකට කැබිනට් පත්‍රිකාවක් යොදවනවා. විශේෂයෙන්ම ඒ ඒ ගම් අතරට අවශ්‍ය පොල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව ලබන සති 02,03 ඇතුළත පොල් වල මිළ යම් කිසි අඩුවීමක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එවැනි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් අපේ අමාත්‍යාංශයට තියෙනවා."

බැඳුම්කර ගනු දෙනු සම්බන්ධයෙන් විමසීමට පිහි‍ටුවා ඇති ජනාධිපති බැඳුම්කර කොමිසම දේශපාලන වුවමනාවක් මත පවත්වාගෙන යන මෙහෙයුමක් බවට විවෙච්න ඉදිරිපත්ව තිබෙන අතර අද දින ඒ සනාත කරන සාක්ෂියක් හසුවී තිබේ.

මහ බැංකුවේ නියොජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද දින බැඳුම්කර කොමිසම් ශාලාව සමඟ පිහි‍ටුවා තිබෙන නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල තුල එහි නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටි බව අනාවරණය වී ඇත. මෙම බැඳුම්කර සිදුවීමේදී චෝදනා ලත් පාර්ශ්ව ලෙස මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ද නම් කර තිබෙන අතර නන්දලාල් වීරසිංහද එවැන්නකි. ඔහුට කොමිසම හමුවේ නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයන් සිදුකරන ප්‍රශ්න කිරීමවලට පිලිතුරු දෙනවා විනා ඔවුන්ගේ කාර්යාලයට ගොස් කසු කුසු ගෑමේ හැකියාවක් නැත. නනදලාල් වීරසිංහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහයකයා ලෙස කටයුතු කළ අයෙකු වන අතර වත්මන් යහපාලන ආණ්ඩුව බිඳවීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නෙකු බවට චෝදනා ලබා ද තිබේ.

මොහු නීතිපතියේ නීතිඥයන් සමඟ රහස් ගනු දෙනු පවත්වන බවට මීට පෙරද තොරතුරු එළිදරව් වී තිබුණද ඒ අතටම අසු වූයේ අද දිනය. මේ අතර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අද දින ප්‍රශ්න කිරීම සඳහ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ව කැඳවා තිබුණද නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයන් පවසා ඇත්තේ තමන් ඊට සූදානම්ව නොපැමිණි බවය.. මේ පුදුම සහගත තත්වයකි. මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරන්නේම අර්ජුන් මහෙන්ද්‍රන් ව ප්‍රශ්න කිරීම ඉලක්ක කරගෙනය. නීතිපති නීතිපති නීතිඥයන් සැදී පැහැදී සිටියේ ඒ වෙනුවෙන්ය. එහෙත් තමන්ට අද දින ප්‍රශ්න කරන්න්ට දෙයක් නැතැයි කීම විහිලුවක් නොවේනම් වෙන ගේමකට සූදානම් වීමකි. නන්දලාල් වීඑරසිංහ එම නීතිඥයන් හමුවීමද එවැනි කුමන්ත්‍රණකාරී මෙහෙයුමක කොටසක් ද විය හැකිය.

මාස ගනනාවක් තිස්සේ මෙම කොමිසම පවත්වාගෙන ගියද මෙතෙක් අදාල බැඳුම්කර ගනුදෙනු 2 තුල වංචාවක් සිදුව ඇති බව ඔප්පු කිරීමට තරම් නිශ්චිත සාක්ෂියක් ලැබී නැත.දේශපාලනික හෙතූන් මත විවිධ පුද්ගලයන්ට අදාල නැති චෝදනා එල්ල කිරීම මිස වෙන කිසිවක් සිදුව නොමැත. මේ අනුව පැහැදිලි වන්නේ මේ අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සිදුවන දැනුවත් කුමන්ත්‍රණයක් බවය.

හවානා අගනුවර පිහිටි සිය තානාපති කාර්යාලයේ නිලධාරීන් 'ශබ්ද ප්‍රහාර' (sonic attacks) මගින් පීඩාවට පත් වීමෙන් අනතුරුව ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඉවත් කර ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනපද බලධාරීන් පියවර ගත් බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.

'ශබ්ද ප්‍රහාර' (sonic attacks) සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින් සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් 60%ක් පමණ ඉවත් කර ගන්නා බව නම සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියාසිටි බව එම නිලධාරියා උපුටා දක්වන මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

ශබ්ද ප්‍රහාරයක් (sonic attacks) යනු යම් ප්‍රදේශයක් හෝ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් අති ධ්වනි ශබ්ද තරංග (ultrasound)මුදා හරිනු ලැබීමයි.

'ශබ්ද ප්‍රහාර' (sonic attacks) වලට ගොදුරු වූ පුද්ගලයකු මස්තිෂ්කයේ ඇතිවෙන බරපතළ නොවන කම්පන ,කණ ඇසීම පිළිබඳ ගැටළු ,කරකැවිල්ල සහ වමනය වැනි ආබාධ රාශියකට ගොදුරු වීමට ඉඩකඩ ඇත.

ජනාධිපති ඔබාමාගේ ඓතිහාසික කියුබානු සංචාරය

ව්‍යාධීන්ට ගොදුරු වීම හැරුන විට පුද්ගල මරණයකට පවා එවැනි ශබ්ද ප්‍රහාරයක් හේතුවිය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඇමෙරිකානු මූලාශ්‍ර මගින් ප්‍රකාශ වෙන ආකාරයට හෝටල් වැනි ස්ථාන වලත් එවැනි ප්‍රහාර වාර්තා වී ඇති හෙයින් කියුබාවේ සංචාරය කිරීමෙන් වළකින මෙන් බලධාරීන් සිය ජනතාවට දැනුම් දී ඇත.

කියුබාවේ දී 'ශබ්ද ප්‍රහාර' (sonic attacks) වලට ගොදුරු වූ ඇමෙරිකානු තානාපති නිලධාරීන් විසි දෙනකු පමණ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දී සිටිති.

එහෙත් එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කියුබාවේ බලධාරීහු පවසති.

හවානා නගරයේ පිහිටි සිය තානාපති කාර්යාලය වසා දැමිය යුතුද? නැද්ද? යන්න දිගටම සැලකිල්ලට ගනිමින් පවතින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් (Rex Tillerson ) පසුගිය සතියේ ප්‍රකාශ කර තිබුණි.

කැනඩා ජාතිකයන් දෙදෙනකුත් එවැනි ආබාධවලට ගොදුරු වී ඇතිබව වාර්තා වෙයි.

ට්‍රම්ප් ඔබාමාගේ කියුබානු පිළිවෙතට එකඟ නැත

'අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය හැර සෙසු නිලධාරීන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද කැටුව හවානා නගරයෙන් පිටවිය යුතු යයි එක්සත් ජනපද බලධාරීන් උපදෙස් දී ඇතැයි නිලධාරීන් උපුටා දක්වන Associated Press මාධ්‍ය ආයතනය වාර්තා කරයි.

එවැනි ප්‍රහාර පිටුපස කියුබානු ආණ්ඩුව නොමැති බවට ජනාධිපති රාවුල් කස්ත්‍රෝ හවානා නගරයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්යභාර ප්‍රධානියාට කලින් පෞද්ගලික සහතික වීමක් සිදු කර තිබුණ බවක් ද වාර්තා වෙයි.

දශක ගණනාවක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපැවති කියුබාව සහ එක්සත් ජනපදය අතර තානාපති සබඳතා ඇතිකර ගන්නා ලද්දේ බරක් ඔබාමා පාලන සමය තුළයි.

පසුගිය ජුනි මාසයේ ප්‍රකාශයක් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපති ඔබාමාගේ කියුබානු පිළිවෙතට පහර දුන් නමුත් හවානා නගරයේ සිය තානාපති කාර්යාලය වසා නොදමන බව කියා සිටියේය.

 

BBC

යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව ලබා දී තිබේ.

ඒ අනුව විත්තිකරුවන් වූ පුද්ගලයින් 7ට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදහස් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ඇයගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ.

එමෙන්ම මෙම මරණ දඬුවම සමඟ අවුරුදු 30ක සිර දඬුවමක්ද නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ප්‍රකාශයට පත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය - කයිට්ස් - පුන්කුඩතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්වීස් කුමාර්, පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයකුමාර්, පූබාලසිංගම් තවකුමාර්, මාහලිංගම් ශෂීන්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රිහාසන්, සිවදේවන් දූෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන් සහ ජෙයතරන් කෝකිලන් යන 09 දෙනාට එරෙහිව යාපනය මහාධිරකණය හමුවේ නඩු පවරා තිබුණි.

අධිකරණ ඉතිහාසයේ පළමුවරට යාපනය මහාධිකරණයේදී ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරුණි.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වූයේ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන විනිසුරුවරුන්ය.

විද්‍යා දැරිය ඝාතනය සැලසුම්සහගතව සිදුකර ඇති බවට නඩු විභාගය අතරතුර අනාවරණය වූ අතර නඩුවට අදාළ පැමිණිලි පාර්ශවයේ, රජයේ සාක්ෂි හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් කෙරුණි.

ඒ අනුව පිටු 332 කින් සමන්විත නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද පෙරවරුවේ ආරම්භ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන්වන දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දෙනු ලැබ තිබේ.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් ක්‍රීඩකයන්ට චෝදනා කරමින් පසුගිය ඉන්දීය සංචාරය පිළිබඳව කළ ප්‍රකාශයක අඩංගු කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මෙම ලිපිය මගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයෝ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිති.

මෙම ලිපියේ සඳහන් වන්නේ හිටපු වේගපන්දු ක්‍රීඩකයකු හා තේරීම් කමිටු සාමාජිකයකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෑතකදී මාධ්‍යකට කළ ප්‍රකාශයන් සම්බන්ධයෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම "අස්වාභාවික ලෙස තරග පරාජය" වන බවටත් තරගවල ගත් ඇතැම් තීරණ ක්‍රීඩාගාරයේ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවටත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ චෝදනා කර තිබුණි.
කෙසේ නමුත් මෙම චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් හෝ ක්‍රීඩකයන් කවුරුන්දැයි ඔහු හෙළිකර නැත.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් එල්ල කරනු ලැබූ චෝදනා ප්‍රතික්ෂේප කරන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ එවැනි චෝදනා මගින් කණ්ඩායම දැඩි අපහසුතාවකට පත්වන බවය.
මේ චෝදනා ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළිකරන ලෙසත් එම පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන්ගේ සම්පුර්ණ සහය ලබාදෙන බවත් ක්‍රීඩකයන් මෙම ලිපියේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.
මෙවන් ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට තහවුරු කළ අතර ඉදිරියේදී ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කරනු ඇතැයි ඔහු පැවසීය.

එම ලිපියේ අරමුණ පැහැදිලි කරමින්, නම සඳහන් කිරීමට අකමැති වූ ක්‍රීඩකයෙකු බීබීසීයට කියා සිටියේ "ඔහුට ඇත්ත තොරතුරු තියෙනවනම් ඔහු ඒවා නිසි ලෙස හෙළිකළ යුතුයි. නම් සමග අදාළ තැන් වලට පැමිණිලි කළ යුතුයි. මොකද නිකං චෝදනා කිරීම වැරදියි." යනුවෙනි.