Top Stories

Grid List

නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා නීති සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ නඩුවක් අවසන් වීම සඳහා ගතවන උපරිම කාලය වසර තුනක් දක්වා සීමා කිරීමට මෙමගින් හැකියාව පවතින බවයි.

හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව කියා සිටියේය.

විශේෂයෙන් ඉඩම් නඩු පරම්පරාවකින් පරම්පරාවක් දක්වා කල් යෑම දක්නට හැක්කකි. එසේම වරදකරුවන් නොවී සැකපිට වසර ගණන් බන්ධනාගාරගත වීමද එවැනිම නීති ක්ෂේත්‍රයේ ගැටළුවකි

නේපාල මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය බහුතර බලය සහිත ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.

මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව සෘජුව තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරුන් 165න් 116ක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත්ව සිටී.

ඉන්දීය හිතවාදී පාලනයක් අනුගමනය කරමින් සිටි පාලක කොංග්‍රස් පක්ෂය මැතිවරණයෙන් දරුණු පරාජයක් අත්කර ගෙන ඇති අතර මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස කද්ගා ප්‍රසාද් ඕලි පත්වනු ඇති බවට අනුමාන කෙරේ.

මැතිවරණය ජග්‍රහණය කිරීමෙන් පසුව අදහස් දක්වමින් වාමාංශික සන්ධානයේ නායකයින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉන්දීය විරෝධී හෝ චීන හිතවාදී පාලනයක් ගෙන යෑමට කිසිසේත් උත්සාහ නොකරන බවයි.

ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායකගේ මැර කණ්ඩායමක් විසින් බදුල්ල දෙමළ බාළිකා විද්‍යාලයේ විදුහල්පතිනිය පැහැරගෙන යාමට අද (19) උදයේ ගත් උත්සාහයක් ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම මත ව්‍යර්ථ වී ඇත.

අර්. භවානි නමැති මේ විදුහල්පතිනියට හමුවට බලහත්කාරි ලෙස පැමිණ ප්‍රධාන ඇමතිවරයා හමුවට යාමට සූදානම්වන ලෙස එම මැර පිරිස විසින් තර්ජනාත්මකව පවසද්දී ගම්වාසින් පැමින ඇය වෙනුවෙන් පෙනී සිටි නිසා ඔවුන් එතැනින් පලා ගොස් තිබේ.

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයට සිසුවකු ඇතුළත් කරන ලෙස ප්‍රධාන ඇමතිවරයා විදුහල්පතිනියට කළ බලපෑම් ඇය විසින් සැලකිල්ලට නොගැනීම නිසා ඌව පළාත් මහ ඇමතිවරයා පසුගිය දිනක එම විදුහල්පතිනිය තම නිල නිවසට කැඳවා බලහත්කාරී ලෙස දනගස්වා තිබුනු බව මාධ්‍ය වාර්තා පළ විය. අද උදෑසන යළිත් වරක් මහ ඇමතිවරයාගේ මැර කණ්ඩායමක් පැමිණ ඇත්තේ ඇයව බිය ගන්වා පැහැරගෙන යාමටය. පසුව එහි ළගාවූ මාධ්‍යවේදීන්ට විදුහල්පතිනිය මෙතෙක් බිය නිසා සගවා ගෙන සිටි සත්‍ය සිදුවීම් අනාවරණය කර තිබේ. තමන් වෙත දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කළ තර්ජන නිසා මහ ඇමතිවරයා ඉදිරියේ දනගසන්නට සිදුවූ බව ඇය වැළපෙමින් මාධය හමුවේ ප්‍රකාශ කළාය.

එදා ඔවුන් තමන්ට තර්ජනය කළේ සිද්දිය ගැන මහ ඇමතිට විරුද්ධව සාක්ෂි නොදෙන ලෙස බවත් පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙකුත් තමන්ට එසේ බලපෑම් කළ බව ඇය හෙලි කළාය. කිව්වා. එහිදී තමන්ගේ කට උත්තරය ලියා දුන්නේ ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් බවද ඇය කියා සිටියාය.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසට ගෙන්වා තමාව දණ ගැස්වු බවට පසුගියදා එම සිද්ධියට මුහුණ දුන් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය අද(19) පිළිගනු ලැබිය.
ඌව ප්‍රධාන අමාත්‍යවරයාගෙන් සහ පළාත් අධ්‍යාපන ලේකම්වරියගෙන් එල්ල වු බලපෑම් හමුවේ දණ ගැස්සීමේ සිද්ධිය අනාවරණ කිරීමට නොහැකි වු බව ඇය අද හඬා වැලපෙමින් පවසා සිටියේය.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා නිර්දේශ කළ දරුවෙකු පාසලට ඇතුලත් නොකිරීම හේතුවෙන් බදුල්ල දෙමළ බාලික මහ විද්‍යාලයේ විදුහල්පතිනිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් සිය නිල නිවසට ගෙන්වා දණ ගස්සවා ඇති බවට පසුගිය 9 වැනිදා බණ්ඩාරවෙල පැවති ජන හමුවකදි ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මුල් වරට පවසා සිටියේය.

කෙසේ වෙතත් පසුව පළාත් අමාත්‍යවරයා අදාල චෝදනා ප්‍රතික්ෂේප කළ අතර පසුගිය 12 වැනිදා පැවති ඌව පළාත් සභා සැසියේදිද මේ පිළිබඳ සංවාදයට ලක් විය.
මේ අතර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණ ගැස්වු බවට පැවසෙන අදාළ විදුහල්පතිනි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එවැනි සිදු වීමකට තමන් මුහුණ නොදුන් බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් අද එම විදුහල්පතිනිය හමුවීමට අදාළ පාසලට පැමිණියේය.
එහිදි විදුහල්පතිනිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් තමාව දණ ගැස්වු බව හඬා වැලපෙමින් අනාවරණ කළේය.

එළෙස දණ ගස්වා තිබියදීත් එවැනි සිදුවීමක් සිදු නොවු බවට පසුගිය 12 වැනිදා මාධ්‍යයට ප්‍රකාශ කළේ මහ ඇමතිවරයාගේ සහ පළාත් අධ්‍යාපන ලේකම්වරියගේ බලපෑමට බව ද මෙහිදි විදුහල්පතිනිය පවසා සිටියාය.
මේ අතර බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ චාමර සම්පත් මහ ඇමැතිවරයා සිය ධුරයෙන් ඉවත් කර මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

විල්පත්තුව හා ඒ අවට අවශේෂ වනාන්තර වනසන තවත් දැවැන්ත සංහාරයක ආරම්බය යහපාලන රජය විසින් මෙි වන විට සනිටුහන් කර ඇත.මල්වතු ඔය කප්පචචි ප්‍රදේශයෙන් හරස් කර ඉදිකිරීමට සුදානමි වන දැවැන්ත වේල්ල හා ජලාශය නිසා තන්තිරිමලේ අවට ඇති අවශේෂ කැලෑ සහ විල්පත්තු යලිත් දැවැන්ත පාරිසරික අනතුරකට මුහුණ පා ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ සුරාසැල්වල සේවය කිරීමට අවසර දෙන ලද නීතිය ආපසු හරවා මතින් තොර රටක් සංකල්පය ශක්තිමත් කොට ඇත. නමුත් ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම තීන්දුව නිදහස, සමානාත්මතාවය හා යුක්තිය නොතකා හැරීමකි.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා බිල්ලට දී ජාම බේරා ගැනීම සදහා බැදුම්කර වාර්තාව නොමැතිව පාර්ලිමේන්තු සැසියක් පැවැත්වීමට ගොස් අද නැවත වරක් ලංකා පාර්ලිමේන්තුවේ පොර පිටියක් බවට පත්වී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ‘මහින්ද හොරා යැයි කෑගැසීමත් සමගම‘ එජාප මන්ත්‍රී මරික්කාර් හා ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ අතර ගුටි බැට හුවමාරුවක් සිදු විය. එයට චමින්ද විජේසිරි, මරික්කාර්, ජොන්ස්ටන්, හෙක්ටර් අප්පුහාමි ද එක් වූ අතර මන්ත්‍රීනි කවිරත්න මහත්මිය ඇතුළු මන්ත්‍රීවරු එයට මැදිවිය. සැලසුම් සහගත ලෙස පාර්ලිමේන්තු සැසිය කඩාකල්පල් කිරීමට උපදෙස් ලබාදීමෙන් පසුව මෙම ගැටුම ඇති වූ බව ඉතා පැහැදිලිව හදුණා ගත හැකිය.

ගැටුමක් ඇති කර ගැනීමේ මුලික අපේක්ෂාව සහිතව ‘ගුටි බැට හුවමාරුවක් ඇති කර ගත් පළමු අවස්ථාව ලෙස‘ අද පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුව ඉතිහාසයට එක්වනු ඇති අතර අග්‍රාමාත්‍යවරයෙකු විසින් ඒ සදහා පූර්ණ අනුග්‍රාහාත්මක ප්‍රවේශයක් දැරූ පළමු අවස්ථාව ලෙස ද එය ඉතිහාසයට එක් වනු ඇත.
කලකට පෙර මා ලියූ ‘ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය‘ ලිපිය මේ සමග නැවත අමුණා ඇත!
ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ, කොරිඩෝවේ, සහ ලොබියේ දී ඇති වූ ගුටි බැට හුවරමාර් පිළිබද කෙටි ඉතිහාසය අද සවස මරදාන සීඑස්ආර් හි පැවති පුවත්පත් සාකච්ඡාවක දී මා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

මලල්ගොඩ බන්දුතිලක මහතා ට මැතිවරණ පුරාණයේ හෝ කීර්ති තෙන්නකෝන්ට වාරණ පුරාණය‘ කෘතියේ ලියන්නට අවශ්‍ය නොවූ මේ කථාව මා අද ලියා තබන්නේ ලංකා ඉතිහාසයේ පළමුවරට සැලසුම් සහගතව, මන්ත්‍රීවරයෙකුට එරෙහිව තවත් මන්ත්‍රීවරුන් ප්‍ර‍චණ්ඩත්වය වැපිරවූ පළමු අවස්ථාව මෙය වන බැවිනි.

1. පිලිප් ගුණවර්ධන මහතා විසින් සර් ජෝන් කොතලාවල මහතා ට පාර්ලිමේන්තුවේ කොරිඩෝවේ දී සිදු කළ පහරදීම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර සිදු වූ පළමු ගුටි බැට හුවමාරුවයි.

2. 1956 ආණ්ඩුවේ මැද කොළඹ තුන්වන මන්ත්‍රී ඇම්.අස්.තේමිස් සර් ජොන් කොතලාව ට ‘හලෝ ජෝන්‘ යැයි ඇමතීමෙන් පසුව ඔහුට පහරදීමට කොතලාවල මහතා ඔහු බිත්තියට හේත්තුකොට ඇත. මේ ගැන බණ්ඩාරනායක මහතා පවසා ඇත්තේ “මමත් ජොන් ට කථා කරන්නේ සර් ජොන් කියාල යි. හලෝ ජොන් කිව්වාම නොගහ ඉදීද?” (කෙසේ නමුත් තමන්ට සර් ජෝන් පහර නොදුන් බව තේමිස් මහතා ඉතා මෑතක දී පුවත්පතකට ප්‍ර‍කාශ කොට තිබුණි)

3. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වූ විවාදය පැවැත්වෙන අතර තුර ඩඩ්ලි සේනානායක සහ මෛත්‍රීපාල සේනානායක මහතා ට පහරදීමට උත්සහ දැරීය. ඩඩ්ලි සේනානායක මහතා කථා කරමින් සිටින අතර මෛත්‍රීපාල සේනානායක මහතා අසා ඇත්තේ Who? (ඒ කවුද?) කියා ය. නමුත් එය ඩඩ්ලිට ඇසී ඇත්තේ YOU (ඔබ) කියාය. සාමාන්‍යයෙන් ඉතා නිහඩ පුද්ගයෙකු වූ ඩඩ්ලි තමන්ට ඇසුණු දේ වැරදියට වටහා ගැනීමෙන් කෝප වූ නිසා මෙම සිදුවීම සිදුවූ අතර ඉලංගරත්න මහතා වැනි කිහිප දෙනෙකු සිද්ධිය වළවක්වා ගෙන ඇත.

4. 1965-70 ආණ්ඩු සමයේ වලපනේ මන්ත්‍රී ටී.බී.එම්.හේරත් හා රඹුක්කන මන්ත්‍රී සමාජ සේවා අමාත්‍ය අශෝක කරුණාරත්න අතර කුල ප්‍ර‍ශ්ණයක් සම්බන්ධයෙන් වචන හුවමාරුවක් සිදු විය. සභා ගර්භයෙන් පිටතට පැමිණෙන තෙක් රැක සිටි හැඩි දැඩි අශෝක කරුණාරත්න ශරීර ප්‍ර‍මාණයෙන් කුඩා මිනිසෙකු වූ හේරත් මහතාට සැගවෙන තෙක් පන්න පන්නා පහර දුන්නේය.

5. 1974 දී සෞඛ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. පී.ජී. ආරියදාස මහතාට කර්මාන්ත අමාත්‍ය එස්.කේ.කේ.සුරිආරච්චි විසින් සිදු කළ පහරදීක් සිදු විය. එකම ආණ්ඩුවේ අමත්‍යවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ ගුටි ඇණගත් පළමු අවස්ථාව මෙය යි.

6. වාසුදේව නානායක්කාර මහතා ට ගාමිණී ලොකුගේ අතුළු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තුවේ දී පහරදෙනු ලැබූවේ වාසුදේව සොන්කෝලය ඔසවාගෙන යාමට උත්සහ දැරීමේ දී ය. 1992-1993 දී එම ප්‍ර‍හාරයට සම්බන්ධ වූ කිහිප දෙනෙකුම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

7. මර්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් ජාතික හෙළ උරුමය කොළාන්නාවේ සුමංගල හිමියන්ගේ ලිංගික අවයව මිරිකා පහර දෙනු ලැබූවේ ය. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වු බලවත්ම ප්‍ර‍චණ්ඩක්‍රියාව එය විය.

8. කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතාට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍ර‍සන්න රණවීර විසින් 2016 මැයි 4 දින පහරදීම හා පාලිත තෙවරප්පෙරුම සම්බන්ධ වූ ගුටි බැට හුවමාරුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකු ගේ ලේ සෙලවීම සිදු කළ පළමු අවස්ථාව යි.

ගොනු කළේ - කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්.

රට තුල නිර්මානය කරමින් පවතින ජාතීන් අතර බෙිදීම ඉබෙි ඇති වුවක් නොවන බව අප මනාව තේරුමි ගත යුතුය. ජාතික හා ජාත්‍යත්තර වශයෙන් ගැටුමි ඇතිවූ සෑම අවස්ථාවකම එය කුමක් හො කණඩායමකගේ හෝ ජාත්‍යන්තර සමාගමක ව්‍යාපෘතියක කෙටසක් ලෙස ඇති වුවකි.

මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමේ අරගලයෙ එක් පරිච්ජේදයක් අවසන්ව ඇත බව  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයනිවේදනයන් නිකුත් කරමින් කියා සිටියි . පහත පල වන්නේ එම නිවේදනයයි .

අඹ මුල්කොට ගෙන මහාර්ඝ සංස්කෘතියක් ගොඩ නැගී ඇති බවට බෞද්ධ සංස්කෘතිය පාරම්බාන්නේ… ලංකාවේ වාසය කළ තිස්ස රජ්ජුරුවෝ මිහිදු හිමියන්ගේ අඹ ප්‍රශ්නයෙන් රජුගේ විචක්ෂණය කොතරම්ද යන්න තෙරුම් ගෙන බුද්ධාගම ලංකාවට ස්ථාපිත කරනු ලැබූ බවයි. එහෙව් පරම්බාන පෞඪ සංස්කෘතියක් හිමි රටේ අඹ නිසාම මහලු මවක් දිනයක් පුරා කිසිදු අහරක් නොමැතිව පොලිස් කූඩුවක රදවා තැබීමට තරම් සැහැසි එකී සංස්කෘතියේ ඵල විපාකයන් භුක්ති විදින හැගුම්බර රටවැසියන් ලෙස අපි හදුන්වමු..

‘රුසියානු විප්ලවයට සියවසයි, සමාජවාදයද? ම්ලේච්ඡත්වයද?‘ යන තේමාවෙන් සම්මන්ත්‍රණයක් ඔක්තෝබර් 17 වැනි දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ මහජන පුස්තකාලයේදී සංවිධානය කර තිබිණි.

විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය විසින් 2017.10.15 වැනිදා ප.ව. 2.00ට කොළඹ මහජන පුස්තකාලයේ ප‍්‍රවේශාගාරයේදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. එහිදී ඊට සහභාගි වූ නියෝජිතයෝ අදහස් පළකරමින්

‘රුසියානු විප්ලවයට සියවසයි, සමාජවාදයද? ම්ලේච්ඡත්වයද?‘ යන තේමාවෙන් සම්මන්ත්‍රණයක් ඔක්තෝබර් 17 වැනි දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ මහජන පුස්තකාලයේදී සංවිධානය කර තිබිණි.

විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය විසින් 2017.10.15 වැනිදා ප.ව. 2.00ට කොළඹ මහජන පුස්තකාලයේ ප‍්‍රවේශාගාරයේදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. එහිදී ඊට සහභාගි වූ නියෝජිතයෝ අදහස් පළකරමින්

අපිට තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කාරීත්වය සම්බන්ධයෙන් විවේචන , නමුත් ඒවා ජනතා විමුක්ති පෙරමුණට එරෙහි විවේචන නෙවෙයි .ඒවා පක්ෂයට මිතුරු විවේචන .ඒ විවේචන  පිළිගන්න රෝහණ විජේවීර කැමති වුනේ නැහැ .

අත්අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයන් වහා නිදහස් කරනු!

සයිටම් හොර උපාධි කඩයට සහ ශිෂ්‍ය මර්දනයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉතාලියේ සංවිධානය කරන උද්ඝෝෂණය හෙට, ජුලි 8 වැනිදා දහවල් 1.00 ට මිලානෝ සන්ත අගෝස්තීනෝපොළ අසලදී.

saitam ad

තවත් කම්කරු දින සැමරුමක් වෙනුවෙන් දින ලං වෙනවා .මේ  අතර දේශපාලන පක්ෂ වුර්තිය සමිති පුද්ගල කණ්ඩායම් කම්කරු දිනය වෙනුවෙන් සුදානම් වෙමින්  ඉන්නවා.

පසුගියදා ජනමාධ්‍ය වාර්ථා කර තිබුන ආකාරයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව යනුයේ ඉන්දීය අගමැති මෝදි මහතා හමුවී අපේ රටට තීරනාත්මකව බලපාන්නා වූ කාරනා කිහිපයකටම සිය අවසාන එකගතාවය පලකිරීමටය.

ඉකුත් සෙනසුරාදා (20) කතරගම දී සිදුවූ පොලිස් ඝාතනය හා පොලිසියේ හැසිරීමෙන් පැහැදිලිවන, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා දේශපාලන ප‍්‍රශ්නය ගැන කරුණු ඉදිරිපත්කිරීමට, අද (22) දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මාධ්‍ය හමුවක් පැවැත්විණි. එහිදි අදහස් පළ කළ පෙ.ස.ප. ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසූයේ, රටේ කි‍්‍රයාත්මක වන්නේ නීති පද්ධති දෙකක් බවය. එයින් පොලිසියේ අළුගෝසු සංස්කෘතිය කි‍්‍රයාත්මක වෙන්නේ රටේ සාමාන්‍ය පීඩිත ජනතාව මත බවත්, බැදුම්කර සිද්ධියේ චොදනා ලැබූ පුද්ගලයාට නිදැල්ලේ උඩුගුවනින් යෑමට තරම් ඒ අවස්ථාවලදී නීතිය නම්‍යශීලී බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

හඬ පටයට සවන්දෙන්න

2018 වසර සදහා තාවකාලික කොන්ත්‍රාත් පදනමට සහ ස්තිර කොන්ත්‍රාත් පදනම යටතේ ඉතාලියට විදේශීය කම්කරුවන් 30 000 ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය චක්‍රලේඛය පසුගිය දෙසැම්බර් මස ඉතාලි රජය විසින් ප්‍රසිද්ධ කරනු ලැබුවා .

2015 සිදුවූ දූෂිත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව දෙසැම්බර් 30 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත බාර දෙනු ලැබුවා .

ඉතිහාසයේ ඉඳලම සටන් කරලා දිනා ගත්තු පැය අටත් මේ ක්‍රමය ඇතුලේ නැති වෙලා තිබෙනවා. ඇත්තටම කිව්වොත් චන්ද කොමසාරිස් කියන චන්ද අයිතිය හම්බවෙනවද ? ඇත්තටම පීඩිතයගේ චන්ද අයිතිය කියන්නේ මොකක්ද ?

චන්ද එපා හෝ චන්ද වලට ඉදිරිපත්වෙනවද කියන ප්‍රශ්ණය නෙවයි එතන තිබෙන්නේ. ඒක තීරණය කරන්නේ පීඩිතයට ඒ හැකියාව ලැබෙනවද නැද්ද කියන තැනත් එක්ක.

ඒ දේශපාලන සංවාදය රැගෙනයාම තමයි අපේ දේශපාලන වැඩේ වෙන්න ඕනි.

සතියේ කාලීන කතා බහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධිර ගුණතිලක සහෝදරයා සමඟයි .

එම සංවාදයේ හඬ පටයට මෙතනින් සවන් දෙන්න


"වෙනසක තාරුණ්‍ය" සංවිධානය විසින් සංවිධානය කරන ලද "කූඹියෝ, සහෝදරයා, සහ වම" සංවාදශීලී කතිකාව දෙසැම්බර් 20 වනදා ජාතික චිත්‍රපට සංස්ථාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා .

මෙම සංවාදයේ අදහස් දැක්වීම සඳහා ප්‍රියාන් විජේබණ්ඩාර, විදර්ශන කන්නංගර හා පුබුදු ජයගොඩ යන සහෝදරවරු සහභාගී විය.

එම සංවාදයේ හඬ පටයට මෙතනින් සවන් දෙන්න

පාසල් පෙළ පොත් බෙදාහැරීම හා නිළ ඇඳුම් සම්බන්ධයෙන් මතුවී ඇති තත්ත්වය පිළිබඳ පක්ෂයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 2017 දෙසැම්බර් 21 (අද) දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ ප්‍රචාරත ලේකම් දුමින්ද නාගමුව විසින් සිදුතරන ලදී.

සම්පුර්ණ හඬපටයට මෙතනින් සවන් දෙන්න

"කපුටා,සිටාණෝ සහ එරික්" සංවාදශීලී කතිකාවේ මහේෂ් කුමාර සහොදරයාගේ අදහස් දැක්වීම.

"කපුටා,සිටාණෝ සහ එරික්" සංවාදශීලී කතිකාවේ අනිල් නිශාන්ත ලොකුගමරාළගේ සහොදරයාගේ අදහස් දැක්වීම

මහා සඟ සමුලුව, සැප්තැම්බර් 20, මහරගමදී....

Weather

Paris France Mostly Cloud (night), 49 °F
Current Conditions
Sunrise: 8:32 am   |   Sunset: 5:33 pm
70%     14.0 mph     34.338 bar
Forecast
Mon Low: 49 °F High: 56 °F
Tue Low: 46 °F High: 55 °F
Wed Low: 53 °F High: 55 °F
Thu Low: 45 °F High: 52 °F
Fri Low: 43 °F High: 49 °F
Sat Low: 40 °F High: 47 °F
Sun Low: 41 °F High: 49 °F
Mon Low: 44 °F High: 51 °F
Tue Low: 44 °F High: 50 °F
Wed Low: 43 °F High: 48 °F
Advertisement

Top Stories

Grid List

ෆාමිඩා රියාස්

පකිස්ථානය වැනි දැඩි මතධාරී පුරුෂ මූලික සමාජයක් පවතින රටත් තුළ කිවිඳියක වීම පමණක් මහා කරදර ගොන්නකට අත වැනීමකි. එහෙත් ඇය, ෆාමිඩා රියාස් කිවිඳියක පමණක් නොව ස්ත‍්‍රීවාදි ක‍්‍රියාකාරිනියකි. ප‍්‍රගතිශීලී අදහස් දරන්නියකි, දැඩි මතධාරී, සාම්ප‍්‍රදායික ආකල්පවලට නොනවත්වා පහර ගසන්නියකි, සමාජ ව්‍යාපාර කිහිපයකම සක‍්‍රිය ක‍්‍රියාකාරිනියකි, මානව හිමිකම් වෙනුවෙන් හඬ නඟන්නියකි. ඉතින් ඇයට ජීවිතය කිසිසේත්ම ලෙහෙසි නොවීය. දැඩි මතධාරි, මර්දකාරී පාලනය ඇය නොකැළඹුණු, සැහැල්ලූ ආරකින් අභියෝගයට ලක්කළේ, ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙමින්, ඒ වෙනුවෙන් ගෙවීමට නියමිත මිල ද ගෙවා දමමිනි.

විල්පත්තුව හා ඒ අවට අවශේෂ වනාන්තර වනසන තවත් දැවැන්ත සංහාරයක ආරම්බය යහපාලන රජය විසින් මෙි වන විට සනිටුහන් කර ඇත.මල්වතු ඔය කප්පචචි ප්‍රදේශයෙන් හරස් කර ඉදිකිරීමට සුදානමි වන දැවැන්ත වේල්ල හා ජලාශය නිසා තන්තිරිමලේ අවට ඇති අවශේෂ කැලෑ සහ විල්පත්තු යලිත් දැවැන්ත පාරිසරික අනතුරකට මුහුණ පා ඇත.

අලි ඇතුන් ඇතුළු සංරක්ශිත වන සතුන් ඝාතනය කරන උන් කෙරෙහි තදබල විදිහට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා පරිසර හිතකාමීන් බිමේ සංවාදයක් කරන මොහොතක ගල්ගමු දළපූට්ටුවා අතුරුදන් වෙනව. පස්සෙ එයාගෙ දළ යුගලය හමුවෙනව මිනිස්සු අතේ තිබිලා . පස්සෙ ඇතුන් දහදෙනෙකු පමණ පෙළකට ඝාතනය වෙනව. ඇත් දළ පොළවෙ වලදාල තියෙද්දි අත්තඩංගුවට ගන්නව. කල්ලාරු රක්ෂිතය වාසභූමිය කරගෙන හිටපු දැවැන්තයෙක්ගෙ දළ උගුලපු හිස් කබලත් පුරුදු විදිහට හම්බුවෙනව.

මේක මහ හු......... රටක් අමරෙ... පින්කෙත හෙළ රන් දෙරණ හුකාරිස් දැන් ඉවරයි ...

චතුර ජයනාත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  එක්සත් රාජධානී කමුටිව විසින් සංවිධානය කරනු ලැබූ  28 වන ඉල්මහ විරු   සමරුව  ලන්ඩනයේ  Wembley   -  Vale Farm Sports Centre  හිදී පසුගිය 26 වනි  ඉරුදින    පැවැත්වුනි.  1988-89 කාල වකවානුවෙහි  ලාංකීය  අරගල භුමියේදී  මිය ගිය සුවහසක් සොයුරු සොයුරියන්  සිහිපත් කරමින් ඇරඹුනු  දේශපාලන සාකච්චාවක් සහ විමුක්ති ගී සමරු ප්‍රසංගයක්ද  පැවති  අතර ලංකාවේ සිට මෙම විරු සැමරුම් අවස්තාවට අන්තර් ජාල ස්කයිප් තාක්ෂනය ඔස්සේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත  සහෝදරයාද සහභාගී වීය. 

සුපුරුදු පරිදි වසරක් පාසා කරණු ලබන සම්ප්‍රධායික සමරු උත්සව සභා වෙනුවට   අරගලයක නිරත වූ පැරණි සඟයන් දේශපාලනිකව සිහිපත් කිරීමේ අර්ථය සමාජයක් ලෙස අප නැවත නැවත කියවා බැලිය යුතු අතර   ඔවුන් මිහිදන් වූයේත්  දිවි පිදුවේත්    පාලකයාගේ යදමට සිරවූ සුවහසක් පීඩිත    ජනයාට යහපත් සමාජයක් උරුම කරදීමේ ඒකායන පරමාර්ථයෙන්ම  බව  මෙහිදී පවසා සිටි චමීර කොස්වත්ත සහෝදරයා  එදා   අරගලය තුල උදාර අරමුණ  පෙරදැරි  කරගෙන තිබුනත්   අරගල මාදිලියේ සහ  අරගල වපසරියේ ගුණ දොස් පිලිබඳවද   අපගේ දේශපාලන සාකච්චාවන්ට බඳුන් කලයුතුව ඇතයිද කියා සිටියේය. 

 අධිරාජ්‍යවාදීන්ගේ නව  උපායන් මගින් ජනතාව තව තවත් පීඩනයට  ලක් කොට ඇති වත්මන්  සමාජයට අරගලයෙන් තොර යුක්තියක්  සාදාරණයක් නැති බව  එදා ඉල්මහ විරුවන්ගේ  අරගලයේ   අර්ථ ගැන්වීම අද වඩ වඩාත් පෙන්වාලමින් තිබෙන අතර   එකී  පන්නරය ලාංකීය  පොළොවෙහි පැළ කොට සිටියේ ඔවුන් බැවින් ඉල්මහේදී දිවි පිදූ වීරවරයින් හා වීරවරියන්  සැමරුමටකට  එහා ගිය භාවිතාවක් අද දවසේ සමාජය ඉල්ලා සිටිනු ඇතයිද  ඉල්විරුවන් පෙන්නූ මග අද මෙන්ම හෙටද  සමාජවාදී සමාජයක් ගොඩ නැගීම සදහා වන මූලයන්ට පන්නරයක් වන බවද චමීර කොස්වත්ත සහෝදරයා මෙහිදී සඳහන් කර සිටියේය.