24
Wed, Jan

මේ ඇමරිකාවේ අම්මා කෙනෙක්, ඇය ජිවත් වෙන්නේ Florida වේ. ඇයට තම දරුවා බිහි කරන්න සිදු වුනේ කාර්එක ඇතුලේ ඉදලා. ඒත් අන්තිමේට හොස්පිටල් බිල ආව. බලනකොට ඒ සදහා වන වියදම බේබි රෑම් එකකදි දරුවෙක් බිහි කරපුවාම ලැබෙන සම්පූර්ණ මුදල. ඇමරිකන් ඩොලර් 7000යි. ලංකාවේ රුපියල් වලින් 1,035,666.89 (ලක්ෂ 10යී, ඒ කියන්නේ මිලියන 1යි.) කොහොමද සෙල්ලම. ඇමරිකාවේ නිදහස් සෞඛ්‍ය නෑ, තියෙන්නේ ‘ඔබාමාකෙයාර්“ කියන රක්ෂණ ක්‍රමයක්. වත්මන් ආණ්ඩුව පහුගිය කාලේ ලංකාවටත් යෝජනා කළේ ඔය විධිය රක්ෂණ ක්‍රමයක්. ලංකාවේත් නිදහස් සෞඛ්‍යක් නොතිබුණානම්,
බබා හම්බවෙයි....

Paula D’Amore told WPTV that her husband did not even have time to park the car and she was forced to deliver her baby in Boca Raton Regional Hospital’s parking lot in April.
“We drove up, my husband ran out and I said she’s crowning and her head came out,” D’Amore recalled.
Nurses rushed out to help with the delivery but D’Amore said that she was shocked when the hospital charged her the full $7,000 fee even though she never made it to the delivery room.
“I mean like yes, charge, but not $7,000,” she remarked. “They are basically saying that everything was billed appropriately.”

උපුටා ගත්තේ නිශාන්ත බණ්ඩාරගේ ෆේස්බුක් පිටුවෙන්

පාසලේ දී තමන් කැමති ගැහැණු හෝ පිරිමි වැසිකිළියකට හෝ නාන කාමරයකට යාමට සංක්‍රාන්ති ලිංගික සිසු සිසුවියන්ට අවස්ථාව ලබා දිය යුතු බව ඇමරිකාවේ ඔබාමා පාලනය පාසැල් බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම නියෝගය ට පටහැණිව කටයුතු කරන පාසැල් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති අතර පළාත් පාලන ආයතන මගින් ලබා දෙන ආධාර කප්පාදු කිරීම් වලට ලක්වීමට ඉඩ ඇති බවයි අධ්‍යාපන සහ අධිකරණ දෙපාර්තමේන්තු පවසන්නේ.

ඇමරිකාවේ නීතිපති ලොරේටා ලින්ච් පවසන්නේ සංක්‍රාන්ති ලිංගික සිසුසිසුවියන් වෙනස්කොට සැලකීමට ලක්වීමෙන් සහ අනෙක් සිසුන්ගෙන් හිරිහැරයට ලක්වීමෙන් වැළැක්වීමට මෙම නීතිය මගින් පිටුවහලක් වන බවයි.

උතුරු කැරොලිනා ප්‍රාන්තයේ බලධාරීන් සහ පළාත් පාලන ආයතන දැනට පවතින නීතිය වන තම උප්පැන්න සහතිකයේ සඳහන් ලිංගිකත්වයට අනුව වැසිකිළි භාවිතයට දී ඇති අවසරය වෙනස් කර ගැනීමට කරන අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම උපදෙස් නිකුත් වී ඇත්තේ.

අනාරක්ෂිතව රිය පදවා පුද්ගලයකු ඝාතනය වීමට සැලැස්වු බවට චෝදනා එල්ලවු ඉන්දීය සුපිරි නලු සල්මන් ඛාන් සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.

 

මුම්බායි මහාධිකරණය විසිනුයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

 

2002 වසරේ සැප්තැම්බර් 28 වනදා අලුයම සිදුවු අදාළ රිය අනතුරින් මියගොස් තිබුනේ මාර්ගයේ පසෙක නිදා සිටි කම්කරුවෙක්.

 

එම මරණය සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේදීයි ඉන්දීය අධිකරණයක් විසින් සල්මන් ඛාන්ට චෝදනා ගොනු කරනු ලැබුවේ.

 

මාර්ගය අසල නිදා සිටි කම්කරුවන් 5 දෙනෙකු අනතුරට ලක්කර නොනවත්වා රථය ධාවනය කල බවට සුපිරි නලුවාට ඉන්දීය අධිකරණය චෝදනා එල්ලකර තිබුනා.

 

කෙසේවෙතත් මුම්බායි මහාධිකරණය ප්‍රකාශකර ඇත්තේ සල්මන් ඛාන්ට එරෙහි චෝදනා නිසියාකාරයෙන් ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වී ඇති බවයි.

 

සල්මන් ඛාන්ට චෝදනා ගොනුකල අධිකරණය නීතිය පිළිබඳ මුලධර්මවලට අනුව කටයුතු කර නොමැති බව ද මුම්බායි මහාධිකරණ විනිසුරුවන් ප්‍රකාශකර තිබෙනවා.

 

ඉන්දීය සුපිරි නලුවාට එරෙහිව ජීව විද්‍යාත්මක සාක්ෂි ගොනු කිරීමේ ක්‍රියා පටිපාටිය ද නිවැරදිව සිදුව නොමැති බවයි අධිකරණය පෙන්වාදී ඇත්තේ.

 

එමෙන්ම සල්මන් ඛාන්ගේ ආරක්ෂකයාගේ සාක්ෂි පිළිගැනීමට හැකි බව ද විනිසුරුවන් ප්‍රකාශකර ඇතැයි ඉන්දීය පුවත් සේවාවල සඳහන්.

 

මෙම නඩුවේදී සල්මන් ඛාන් නිවැරදිකරු බවට ඔහුගේ රියදුරා ද අධිකරණය හමුවේ පාපොච්චාරණය කර තිබුනා.

More Articles ...