27
Fri, Apr

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  එක්සත් රාජධානී කමුටිව විසින් සංවිධානය කරනු ලැබූ  28 වන ඉල්මහ විරු   සමරුව  ලන්ඩනයේ  Wembley   -  Vale Farm Sports Centre  හිදී පසුගිය 26 වනි  ඉරුදින    පැවැත්වුනි.  1988-89 කාල වකවානුවෙහි  ලාංකීය  අරගල භුමියේදී  මිය ගිය සුවහසක් සොයුරු සොයුරියන්  සිහිපත් කරමින් ඇරඹුනු  දේශපාලන සාකච්චාවක් සහ විමුක්ති ගී සමරු ප්‍රසංගයක්ද  පැවති  අතර ලංකාවේ සිට මෙම විරු සැමරුම් අවස්තාවට අන්තර් ජාල ස්කයිප් තාක්ෂනය ඔස්සේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත  සහෝදරයාද සහභාගී වීය. 

සුපුරුදු පරිදි වසරක් පාසා කරණු ලබන සම්ප්‍රධායික සමරු උත්සව සභා වෙනුවට   අරගලයක නිරත වූ පැරණි සඟයන් දේශපාලනිකව සිහිපත් කිරීමේ අර්ථය සමාජයක් ලෙස අප නැවත නැවත කියවා බැලිය යුතු අතර   ඔවුන් මිහිදන් වූයේත්  දිවි පිදුවේත්    පාලකයාගේ යදමට සිරවූ සුවහසක් පීඩිත    ජනයාට යහපත් සමාජයක් උරුම කරදීමේ ඒකායන පරමාර්ථයෙන්ම  බව  මෙහිදී පවසා සිටි චමීර කොස්වත්ත සහෝදරයා  එදා   අරගලය තුල උදාර අරමුණ  පෙරදැරි  කරගෙන තිබුනත්   අරගල මාදිලියේ සහ  අරගල වපසරියේ ගුණ දොස් පිලිබඳවද   අපගේ දේශපාලන සාකච්චාවන්ට බඳුන් කලයුතුව ඇතයිද කියා සිටියේය. 

 අධිරාජ්‍යවාදීන්ගේ නව  උපායන් මගින් ජනතාව තව තවත් පීඩනයට  ලක් කොට ඇති වත්මන්  සමාජයට අරගලයෙන් තොර යුක්තියක්  සාදාරණයක් නැති බව  එදා ඉල්මහ විරුවන්ගේ  අරගලයේ   අර්ථ ගැන්වීම අද වඩ වඩාත් පෙන්වාලමින් තිබෙන අතර   එකී  පන්නරය ලාංකීය  පොළොවෙහි පැළ කොට සිටියේ ඔවුන් බැවින් ඉල්මහේදී දිවි පිදූ වීරවරයින් හා වීරවරියන්  සැමරුමටකට  එහා ගිය භාවිතාවක් අද දවසේ සමාජය ඉල්ලා සිටිනු ඇතයිද  ඉල්විරුවන් පෙන්නූ මග අද මෙන්ම හෙටද  සමාජවාදී සමාජයක් ගොඩ නැගීම සදහා වන මූලයන්ට පන්නරයක් වන බවද චමීර කොස්වත්ත සහෝදරයා මෙහිදී සඳහන් කර සිටියේය.

 

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය මර්දනයට සහ අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව ලංඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් බහුජන සංවිධාන එක්ව ලංඩනයේ  ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට පෙත්සමක් භාරදීමට උත්සහ කළ අවස්ථාවේ මහකොමසාරිස් කාර්යාල බලධාරීන් විසින් එය වලකා ඇත.
 
විරෝධතාවයට සභාගි වූ සංවිධාන වල එක් නියෝජිතයා බැගින් සැදුම්ලත් කුඩා කණ්ඩායමක් තානාධිපති කාර්යාලයේ බලධාරීන් හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලා ඇතත් බලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කොට ඇත.  ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ දෙදෙනෙකුට පමණක් ඇතුළුවීමට අවසර දිය හැකි බවත් චයරුප ගැනීම තහනම් බවත්ත්ය.
 
බ්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිල වශයෙන් නියෝජනය කරන ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය තම රටේ ජනතාවගේ සංවේදී ප්‍රශ්නයක් මෙසේ නොතකා හරිම පිලිබදව රැස්ව සිටි බොහෝ දෙනෙක් තම විරෝධය හා කෝපය පල කළේය.
මෙම අවස්ථාවට සභාගි වූ බ්‍රතාන්‍යයේ සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජිතවරිය කියා සිටියේ මෙය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් තම රටේ ශිෂ්‍යන් වෙනුවෙන් හඩනගන ජනතාව තානාධිපති බලධාරීන් විසින් ත්‍රස්තවාදීන් ලෙස බැහැර කිරීම පිළිකුල් සහගත බවයි.
 
සයිටම් විරෝධී සිසු ජන සංවිධානයේ එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරයට  බ්‍රතාන්‍යයේ සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය, බ්‍රතාන්‍යයේ සමාජවාදී පක්ෂය සහ socialist fight සංවිධානය ඇතුළු පිරිසක් සාභාගී විය.

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම උදෙසා අරගල කරන විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය මගින් මුදාහරින මර්ධනකාරී වැඩපිළිවෙලට එරෙහිව සහ විශ්ව විද්‍යාල සිසුන් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් රහසේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව විශේෂ උද්ඝෝෂණයක් ලංඩන් නගරයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ජූලි 7වන  සිකුරාදා පස්වරු 1.30 ට පැවැත්වේ.

එංගලන්තයේ හදවත බඳු ලන්ඩන් නුවර නගරාධිපති ලෙස මුස්ලිම් සම්භවයක් ඇති පකිස්තානු සංක්‍රමණික පවුලකට දාව , පියා බස් රියැදුරෙකු ලෙස සේවය කල අට දෙනෙකුගෙන් යුත් පවුලකින් පැවත එන සදික් ඛාන් ( Sadiq Khan ) පත්වූ බව ඔබ දන්නවා ඇති..
 එංගලන්තයේ මෙතෙක් පැවති චාරිත්‍රයක් ලෙස බයිබලයට අත තබා තම දිවුරුම දිය යුතුය..

ඒ ගැන ඔහුගෙන් විමසූ විට ඔහු සිහිපත් කර සිටියේ , ඔහු 2009 දී තමන් රැජිනගේ ප්‍රීවී කවුන්සලයට ( Privy Council ) තේරී පත්වූ අවස්ථාවේ සිදුවූ සිදුවීමකි.. එහිදී රැජිනගේ නියෝජිතයන් ඔහුගෙන් විමසමින් ..
 .....
 " ඔබ රැජින ඉදිරියේ දිවුරුම් දිය යුතුයි ... ඔබට අවශ්‍ය කුමන වර්ගයේ බයිබලයක්ද ?"

" මම මුස්ලිම් ..මම කුරාණයට අත තබා දිවුරුම් දීමට කැමතියි..."

" අප ලඟ බයිබලය මිස කුරාණයක් නැත... ඔබ එන විට කුරාණයක් රැගෙන ආ හැකිද?"

"මා කුරාණයක් රැගෙන බකිංහැම් මාලිගාවට ගියා.. ඉක්බිතිව එය ආපසු මා වෙත නැවත දෙන විට මා කියා සිටියේ .... නෑ ..! මෙය මෙහිම තියාගන්න .. මොකද ඊලඟට එන කෙනෙකුට මෙය අවශ්‍ය විය හැකියි කියා.."

කලක් ඇවැමෙන් ඔහුම ලන්ඩන් නුවර නගරාධිපති විය.. බකිංහැම් මාලිගාවේ තබා ගිය කුරාණය පසුව ඔහුටම අවශ්‍ය වින..

නගරාධිපති ලෙස ලන්ඩන් නුවර සවුත්වෝර්ක් ක්‍රිස්තියානි ආසන දෙවුමැදුරේදී සර්වාගමික චාරිත්‍රානුකූලව ඔහුගේ දිවුරුම් දීම සිදු විය..

ඔහු ලන්ඩන් වැසියන් අමතමින් කියා සිටියේ.." ඔබලා වෙන්ව සිටීම වෙනුවට එක්ව සිටීම තෝරා ගෙන තියෙනවා ...... මා හට ලබා දුන් අවස්ථාවෙන් හැම ලන්ඩන් වැසියෙකුටම එකසේ සේවය කිරීම මගේ අරමුනයි..

මෙි එංගලන්තයේය.. අප ශ්‍රී ලාංකිකයෝය.

13112883 972756982822836 926626182839613907 o

උපුටා දැනීම Shyaman Hemakody FB පිටුවෙන්

More Articles ...