27
Fri, Apr

ප්‍රංශයේ බැස්ටිල් දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (14) රාත්‍රී පැවති උත්සවයකට සහභාගී වූ පිරිසක් වෙත ලොරි රථයක් පදවාගෙන යෑමෙන් පුද්ගලයන් 84 ක්  මිය ගොස් 18 දෙනෙකු බරපතල තත්වයේ  පසුවෙන බව ප්‍රංශ ආරක්ෂක අංශයපවසයි . තවත් 120 පමණ අසන්න පිරිසක් විවිධ මාදිලියේ අනතුරු වලට ලක්වී සිටයි .මෙම ප්‍රහාරය සිදුවී තිබෙන්නේ ප්‍රංශයේ නීසා හිදීය .

මෙම ත්‍රස්ත ප්‍රහාරය සඳහා බාවිතා කල ලොරි  රථය ධාවනය කර තිබෙන්නේ ටියුනිස් ජාතිකයෙකි .ත්‍රස්ත ක්‍රියාවට බාවිතා කල ලොරි රථය පැයට කිලෝමීටර් 80 පමණ වේගයෙන් ධාවනය වී තිබේ .

ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්ඩේ ප්‍රහාරයෙන් පසු ප්‍රකාශයක් කරමින් මෙය ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් බව පැවසීය.

ප්‍රංශයේ, ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් සිටින්නේ ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

3

4

අයහපත් කාලගුණික තත්වය නිසා යුරෝපයේ රටවල් ගණනාවක් ගංවතුර තත්වයට මුහුණ පාමින්  සිටි .ප්‍රංශයට ඇදහැළුන  අධික වර්ෂාව හේතුවෙන් ප්‍රංශය හරහා ගලා යන සෙන්නා ගංගාවේ ජල මට්ටම මීටර් 4.9 දක්වා ඉහළ ගොස් ඇතිබව වාර්තා වෙනවා .එමෙන්ම හෙට වන විට ජල මට්ටම මීටර් 5.60  දක්වා ඉහළ යනු ඇතැයි පවසා තිබෙන අතර හදිසි ආපදා තත්වයක් ඇතිවෙතැයි සැක පළවී තිබේ . සෙන්නා ගංගාවේ ජල මට්ටම  මෙසේ ඉහළ නැග ඇත්තේ 2001 වර්ෂයට පසුවයි .

ජර්මනිය සහ බෙල්ජියමද අයහාපත් කාලගුණ තත්වයට මුහුණ දී  තිබේ. 

More Articles ...