21
Sat, Apr

දෙමළුන් මරා ඉතිරිවෙච්ච වෙඩි උණ්ඩ
පිරිත් කියා නිදිකරවපු තැන හට ගත් ගින්න
වියරු වෙලා ඈතට විසිකල ලොකු උණ්ඩ
දැක බිය වුණිද කිරිබත් කෑ ජනයිනි පිංවන්ත

දහක් ඇස් ඉකිගසන රෑකට
 සඳක්වත් නෑ අහසෙ තනියට
 වලාවට මුවාවුනු ගේකට
 වී ඉන්න හිත ඇතිද සඳකට

පස් කන්ද දියකරපු වැස්සට
 ආදරේ බෑ හරිනු දියකර
 තෙතබරිත සිත්සතන් සේරම
 මහවැස්සෙ ඇවිලුනේ කොහොමද

චතුර ජයන්ත

වෙඩි හඬට තැතිගත් මුවන් සේ

ඈතට දුව යයි

යුද්ධයෙන් පළා ගිය යුක්තිය

 

කාලයට නැගගත් අතීතය

කම්පනය දිය කර  පිටු ගණන වැඩි කරයි

ඊයේ නැඟූ හඬ සැකයෙන් අද බලයි

 

ඇත්තටම දැන්

යුක්තිය අවැසි කාටදැයි

යුක්තියම විමසයි

 

කළු නිල් තීන්තෙන්

රතු යටි ඉරිවලින්

සත්‍යයේ පැති පෙන්වමින්

රචනාව ලියවෙයි

දික්වෙන අතීතේ වසරින් වසර

 

එකම හෝඩිය විසින් දළුලන

ඉදිකළ ඉතිහාස  රූපක

නැණ පමණට ද

විශ්වාස දහමට ද

මත් කළ උමතුව ද

ප්‍රමාදව තැවෙන්නේ

නිමාවක් නැති යුක්තියේ නිමැවුම

 

බොඳ කළ අහස වන්නියට  

ජය පැන් සිහ නාද කොළඹට  

ද්වීමාන ස්මර්ණ  කැටයම

යුක්තියේ කඳුළු බර පින්සල

 

හෙමින් බැස යයි හැමදාම හිරු මඩළ  

කාලයෙන් වැහේවිද නොඋසුලන අපරාධ

ගිනිගත්ත හදවතේ කරඹ මල් සුදුපාට

කටු ඇනී වැටෙන්නේ ගැලූ ලේ කඳුළු කැට

 

සමතලා කළ බිමේ හුදෙකලා මිනිස්සූ

බිම හෙලා ජය ගත්ත සාමයේ මිනිස්සූ

පෙර කළා සේ යළිත් රවට්ටන මිනිස්සූ

යුක්තියට පණ දෙන්න ඉන්නවද මිනිස්සු

 

මෙල්ස් මාකැස්චේ

More Articles ...