21
Sat, Apr

ටිම්රාන් කීර්ති නම් වූ ප්‍රතිභා සම්පන්න නිර්මාණශීලී කවියා පසුගිය වර්ෂය වෙනුවෙන් පවත්වන ලද සාහිත්‍ය තරඟයෙන් හොඳම කවියා ලෙස පිදුම් ලබා ඇති බව විවිධ මාධ්‍ය ඔස්සේ දැන ගන්නට ලැබිණි. එම අවස්ථාවත් සමඟම නිර්මාණ කරුවා සහ පුද්ගලික ජීවිතය අතර ඇති සම්බන්ධය රාජ්‍යයට ගැටගසමින් පවත්නා සමාජ විෂමතාව පෙන්නුම් කර ඇත්තේ ලංකාවාවෙහි සාම්ප්‍රධායික ව්‍යුහයේ ඇති අඩු පාඩුවක් ලෙසය. එනම් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන පුද්ගලයෙකුට රජය නිසි සැලකීම කළ යුතුය යන ඉල්ලීම හෝ චෝදනාව නැගීමෙන්ය. 

 
රාජ්‍ය සම්මාන ලාභී කවියෙකු බවට ටිම්රාන් පත් වෙද්දී, සමාජය විසින් ඔහු ජීවත් වන විලාසය සඳහා වෙනත් ක්‍රමයක් ඉල්ලා සිටිමින් ජනාධිපතිට හා අගමැතිට ආයාචනා කරනු ලැබ ඇත. බොහෝ දුරට එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ටිමිරාන්ට වෙනත් රැකියාවක් ලැබෙනු ඇත. ඔහුද එය බාර ගැනීමට ඇති අවස්ථාව සිදු වන්නේ කෙසේ දැයි කිව නො හැකිය. එහෙත් ජනපති මන්දිරයේ හෝ අගමැති මන්දිරයේ කවියා ලෙස කෙසේ වුවද සම්බන්ධීකරණ නිලධාරියෙකු යන තනතුරක් හෝ ලබා දුන්නහොත් ඊට ලැබෙන ප්‍රතිචාර කෙසේ විය හැකි දැයි සිතාගත හැකිය.
 
කවියා විසින් ඉල්ලා සිටිය ද සිවිල් සමාජය විසින් ඉල්ලා සිටිය ද එය එසේ නොකළ යුතුය යන්න කියන්නට තරම් සමාජයක් අප සතුව නැති නිසා, එසේ කියන්නා අධමයෙකු විය හැකිය. එහෙත් විශ්වයේ අග්‍රගන්‍ය නිර්මාණ කරුවන්ගේ ජීවන චරිතාපදාන දෙස බැලුවොත් ඔවුන්ගේ ජීවන පැවැත්ම සඳහා රාජ්‍යයන්ගේ අනුග්‍රහය මෙන්ම නොසලකා හැරීම ද යන දෙයංශයම සම්බන්ධ ඉතිහාසයන් එමට ඇත. නිර්මාණකරුවන් වුවත් සමහරු පවත්නා ක්‍රමයට සේවය කිරීමේ සිට රජ වාසල හා බැදී කටයුතු කිරීමත්, රජ්‍ය අංශයට එක් වී කටයුතු කිරීමත් දැකිය හැකිය. එසේම එහි ප්‍රතිලෝමය ලෙස ඉතා දුෂ්කර ජීවිතයන් ද ගත කරමින් සාහිත්‍යකරණයේ නියැලීම ගැන ද නිදසුන් ඇති අධීන කවියන් සොයා ගත හැකිය. 
 
මෙහිදී ටිම්රාන් වැන්නෙක්ව අවධානයට යොමු වන්නේ කවියෙකු නිසාය. කවියා යන සංකේතීය වෘත්තිය පැරණි සමාජය තුල වටිනාකමක් හිමිවීම තුලය. පැරණි සමාජයන් නූතන සමාජයන් බවට පත්වෙද්දී කවිය හා කවියා යන සංකේතීය වටිනාකම පරිණාමය වී ඇත්තේ නිෂ්පාදනය හා වෙළෙඳපොළ ඉලක්ක කර ගැනීමෙනි. එවිට කවිය කොපමණ දාර්ශනික වුවත් නිර්මාණශීලි වුවත් වෙළෙඳ පොලෙහි අළෙවි වන භාණ්ඩයක් නො වන්නේ නම් ඊට ලැබෙන වටිනාකම හා ඉල්ලුම ඉතා අල්පය. මෙම තත්ත්වය යටතේ ඉල්ලුමක් නැති කවියට හා කවිය නිර්මාණය කරන පුද්ගලයා සඳහා ඉල්ලීමක් කරනු ලබන්නේ කුමන අර්ථයකින් ද යන්න කල්පනා කළ යුත්තකි. 
 
මෙහිදී අංක එකට පෙළ ගැසෙන්නේ සිංහල භාෂාව හා එය කතා කරන ජනයා ඉතා කුඩා ප්‍රමාණයකින් යුතුව දූපතකට කොටු වී සිටීමය. එසේ නොවිනි නම් ටිම්රාන්ට හෝ වෙනත් සම්මාන ලාභී කවීනට ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති නො වනු ඇත්තේ පොකත් මුද්‍රණය කිරීමෙන් පසුව ලැබෙන කතෘ භාගය විසින් ඔහුට නිසි ජීවන පැවැත්මකට දොරටු විවර වන නිසාය.
 
දෙවන්න මාක්ස් සහ එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයේ සඳහන් ධනේෂ්වරය පිළිබඳ විස්තරයේ කොටසක් උපුටා ගත හැකිය. “ මේ තාක් ගරුත්වයට  භාජනය වූ ගෞරව සම්පන්න  විස්මයකින් සැලකූ සෑම වෘත්තියකම තිබූ ප්‍රභා රශ්මිය ධනපති පංතිය විසින් ඉවතලා ඇත. එය දොස්තරවරයා, නීතිවේදියා, පූජකයා, කවියා, විද්‍යාකටයුතුවල නියැලෙන්නා යන හැම කෙනෙක්ම වැටුප් ලබන ශ්‍රමිකයන් බවට පත් කර ඇත”
 
තුන් වැන්න රාජ්‍ය සම්මානයෙන් වසරක් පාසා ඇලයුම් ලබන්නේ කවීන් පමණක් නොව සාම්ප්‍රධායික කර්තන ශීල්පීන් හස්ත කර්මන්නත කරුවන් ඇතුලු නොයෙක් ශ්‍රෙණිවලය අයත් කලාකරුවන්ය. ඔවුන්ගේ බොහෝ දෙනෙක් ද රැකියාව අතින් ටිම්රාන්ට අසාමාන නොවන්නේ ය.
 
හතර වැන්න නම්, මෙවැනි නිර්මාණශීලි කවියෙකුගේ වටිනාකම සමාජයට වැදගත් නැති යථාරථය විසින් භේතික ජීවිතයට වටිනාකමක් ඉල්ලා සිටින්නේ ඔහුව අනෙක් කලා කරුවන් මෙන් රාජ්‍ය හා දේශපාලනය තුල සාමාන්‍යකරණය කිරීම පිණිසය. එවිට පරමාදර්ශ ඉතිරිවන්නේ නැත. අංකන් බවට පත් නොවනු ඇත.
 
පස්වැන්න නම්, පෙනෙන අන්දමට ටිම්රාම් තවමත් මේ පිළිබඳ සිය අදහස ප්‍රකාශ කර නැති නසා, ඔහු වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මතය හා ලෝක දැක්ම විසින් කියා පාන්නේ අතීත අත්දැකීම් විසින් සෙසු නිර්මාණකරුවන් රාජ්‍ය හා සම්බන්ධ වී ලබා ගත් දෑ විසින් මූර්තිමත් කරන සංකේත ප්‍රාග්ධනයය.
 
මේ නිසා නුදුරු දිනයක, මේ නිර්මාණකරුවා වේශනිරෑපණය වීමකට ඇති අවකාශය ඉතා වැඩිය. ඔහු සිටින කවියා මිය යෑම හෝ විපරිවර්තනය වීම ද හෝ නිහඬ වීම ද සිදු වීම කෙසේ විය හැකි දැයි කිව නොහැකිය. සහෘදයන් ලෙස කරන ඉල්ලීමට රජය අනුකූලතාවක් දැක් වීමේ දී, ඔහුට ඉටු වන්නේ සාධාරණයක් ද නැතිනම් ආසාරණයක්  ද යන මිණය හැකි කෝදුව ඔහුගේ ජීවන පැවැත්ම ද නැතිනම් කවිකම ද යන්න තීරණය වනු ඇත.
 
රැකියාව කුල ක්‍රමය විසින් ස්ථරායනය වී ඇති සමාජයක රුකියාවෙහි ගරුත්වය ඇත්තේ කරන රුකියාව මත නොව ගෙවන වැටුප තුලය. අධ්‍යාපන සුදුසුකම නිර්ණායක්යක් කර ගන්නේ නම් ඊට සුසුදු වටිනාකම් නොලැබුණු මිනිසුන් නහුතයක් ජීවත්වන රටකි ලංකාව. එයට කවියෙකු ඇතුලත් වීම තුලින් ප්‍රබල නිර්මාණවත් බිහි වීම සතුටු විය හැක්කක් මිස කණගාටු විය යුතු නැතැයි කිව නොහැකි ද. මෙහි දී මා හට ඇතිවන හැඟීම හා යෝජනාව වන්නේ ටිමිරාන් සිටිනුයේ නියම තැනය. ඉදිරියේ දී ඔහුට තෝරා ගැනීම් පැමිණෙනු ඇත. එවිට ඔහු කවියෙකු ලෙස අසරණ විය හැකිය. ඉන් මිදීම කළ හැක්කේ කවියෙකුට නොව දර්ශනවාදී කවියෙකුටය. එය ඔබට පහල වේවා..
 
උදය ආර්. තෙන්නකෝන්
 
මෙම ලිපියට අදාල තවත් සටහන්
 
ජනපති තුමනි, අගමැති තුමනි, කථානායක තුමනි, රාජ්‍ය සම්මාන දිනූ කවියකුගේ ඉරණමට මැදිහත් වන්න!
 චාමර ලක්ෂාන් කුමාර සහ තිඹිරියාගම බණ්ඩාර –
 
ටිම්රාන් කීර්ති නව පරපුරේ විශිෂ්ට කවියෙකි. ඔහු 2015 වසරෙහි විශිෂ්ටතම කවියා ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද ගොඩගේ ජාතික සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. ඔහු පන්නල ප්‍රදේශයේ රත්මහර නම් දුෂ්කර ගම්මානයෙහි ජීවත් වන්නෙකි. ජාතික මට්ටමෙන් අවධානයට ලක් වුව ද, සම්මාන නිවසෙහි මුල්ලකට දමා ඔහුට අද සිදු ව ඇත්තේ ජීවත්වීම සඳහා දුෂ්කර සටනක යෙදෙන්නට ය. දෛනික වේතනයක් සඳහා අධිකව බර එසවීම හේතුවෙන්, ඔහුගේ දකුණතෙහි හිරි වැටීමේ ආබාධයක් ඇතිවෙමින් පවතී. කිරි එකතු කෙරෙන මධ්‍යස්ථානයක ඔහුගේ ගතේ ඩාබිඳු පොළොව උරද්දී පිරිසුදු කිරි විශාල බඳුන්වලින් කිරිපිටි කම්හල වෙත යයි.
රසික හදවත් කම්පනයට පත් කරන ගැඹුරු සියුම් කවි පද ලියැවෙන ටිම්රාන් තරුණ කවියාගේ ජීවන අරගලය දෙස සානුකම්පිතව බැලිය හැකි හදවතක් දේශපාලන අම්බරයෙහි තව ම පායා නොමැතිවීම සැබවින් ම කනගාටුදායකය.
ප්‍රදේශයෙහි දේශපාලන පක්ෂ ක‍ාර්යාලයක ක්‍රියාකාරිකයන් ටිම්ගේ රැකියා අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇත්තේ පක්ෂයට වැඩකර ඇති බවට ලියුමක් අවශ්‍ය බව කියමිනි. පක්ෂය හැදීමට වඩා රට හැදීම වැදගත් යැයි ප්‍රකාශ කරන නායක දෙපළක් යටතේ සම්මුතිවාදී ආණ්ඩුවක් ක්‍රියාත්මක වන සමයක රාජ්‍ය සම්මාන ලාභී තරුණ කවියකු පක්ෂ දේශපාලනයේ කෙවිටෙන් තළා පීඩාවට පත් කිරීම පැහැදිලිවම දුෂ්ට ක්‍රියාවකි.
ටිම්රාන් කීර්තිදේශපාලන අනුග්‍රහයෙන් රාජ්‍ය සේවා පත්වීම් ලැබූ ඇතැම් නූගතුන්ට වඩා සංවේදීකමක් කුසලතාවක් මෙන් ම සුදුසුකම් ද ටිම්රාන්ට නොඅඩුව තිබේ. ඔහු අපොස උසස් පෙළ කලා අංශයෙන් ඉහළින් සමත් ය. කාව්‍ය සංග්‍රහ දෙකක් පළ කර තිබේ.
පසුගියදා රජයේ පාසල් සඳහා කම්කරුවන් වශයෙන් ස්ථිර පත්වීම් ලබාදී ඇති දහස් ගණනක් අතරට ටිම්රාන් කීර්තිගේ නම ද ඇතුළත් වූවා නම් ඔහුට අවම මට්ටමේ යුක්තියක්වත් ඉෂ්ට වූවා යැයි හිත හදා ගන්නට තිබිණ. එය ද සිදුවුනේ නැත. රාජ්‍ය සම්මාන දිනූ තම පළාතේ තරුණ කවියකු ජීවත් වීමේ අර්බුදයකට මුහුණ පා සිටින බව සංස්කෘතික කටයුතු ඇමතිවරයා ද නොදැන සිටිනවා වන්නට බැරි ය. එසේම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කථානායකවරයාට සමීපව සිටින ලේඛකයන් හා මාධ්‍යවේදීන් ටිම්රාන් කීර්ති පත්වී සිටින දුෂ්කර තත්ත්වය නොදන්නවා වන්නට බැරිය.
ටිම්රාන් ශිෂ්ට සම්පන්න රටක ජීවත් වූවා නම් මෙසේ අනුකම්පාවට ලක්වනු වෙනුවට ආත්ම ගරුත්වය ඇතිව සුදුසු ජීවන වෘත්තියක යෙදීමේ භාග්‍ය උදාවනු ඇත. මේ රටේ සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ කුමකට ද? ටිම්රාන් කීර්ති කවියාට තම ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයෙහි සුදුසු වෘත්තියක නියැළීමේ අයිතියක් නැද්ද? කවියා ප්‍රජාපතී යැයි පෙරදිග සාහිත්‍යයෙහි හැඳින්වේ. එහෙත් අපේ කවියා තම බිරිය, සිඟිති පුතු හා නූපන් දරුවා වෙනුවෙන් කුලී මෙහෙවරෙහි යෙදෙන අතරතුර, පුස්සෝ දේශපාලන අනුග්‍රහය ලැබ යෙහෙන් වැජඹෙති. ගරු ජනපති තුමනි, අගමැති තුමනි, කථානායක තුමනි, අනෙකුත් වගකිව යුතු මහජන නියෝජිතයනි, මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ කවියාගේ හෘදය සාක්ෂියේ හඬට කන් දෙන්න. ඔහුගේ විශිෂ්ට කවිත්වය සහ ජීවන පසුබිම සලකා මේ මොහෙතෙහි ඔබේ දයාබරත්වය ඔහුට පුදන්න. ඔහුට ජීවිතය දීම සඳහා ඔබේ යහපාලන ආකල්පය අවදි කර ගන්න!!
මුහුණු පොතේ සටහන්
පත්තර වල ගිය ටිමාගෙ පොටෝ ඌ වත් වෝල් එකේ දාන් නෑ මොකක්ද මේ කරන අපරාධය .අපි උගේ ගමේ යාලුවො ඌ කාටවත් අතපාන එකෙක් නෙමේ.
 Mandawala Rashmika අැයි ලැජ්ජ වෙන්නේ??? මම කුණු ටැක්ටරේ ගියත් මං සතුටුයි කටක් අැරල මගේ රස්සාව මේක කියල කියන්න.. ලැජ්ජ වෙන්න ඔ්න හොර මැරකම් කරන මිනිස්සුයි.. ටිමා ගැන අාදරේ තවත් වැඩිවෙයි මිනිස්සුන්ට.. මන් දකින්නේ ඒහෙමයි..
Nayanasena Wanninayake ඌ අතපාන එකෙක් නෙවි තමා ඒත් මේ රටේ වග කිවයුතු කොටසක් ඉන්නවා කවියෙකුගේ ආත්ම අභිමානය රකින්න වැඩපිළිවෙලක් යොදන්න. ටිමාට විතරක් නෙවි අනෙක් කලාකරුවන්ටත්. අපේ සල්ලි වලින් සුරසැප ගන්නේ පරපුටු හැත්තක්. මේක ටිමාට විතරක් නෙවි රටේ පොදු ප්‍රශ්නයක්. එත් ටිමාට ආදරේ නිසා තමා අපි සුදුසු රැකියාවක් හොයා ගන්නවත් උදව් කල යුත්තේ.
 Gayan Buddhika අපිට වමද ,දකුණද අදාල නැත, දේශපාලනය හා කලාව යනු දෙකකි, කලාව කියා ටිම්රාන් අයියාගේ දුක කියා රටටම පේන්න දානවට වඩා ටිම්රාන් අයියාට උදවු කරපල්ලා
Kaushi Dissanayake
 බලය ඇත්තනි සිතාපල්ලා...
හිස් කළය බොරුවට නොසොල්ලා
" කළාවට " ඉණිමං තියල්ලා 
නිදියෑව ඇති! ඇහැරියල්ලා...
Timran Keerthi කියන්නෙ රාජ්‍ය සම්මාන දිනූ කවියෙක්......අපේ එකෙක් !කවියන් " ගැන ඔබ මීට වඩා සිතිය යුතුයි.ඔවුන් රැක ගත යුතුයි.චන්දෙ කාලෙට වැඳ වැටෙන, සියළුම බලය ඇත්තන්ගේ සහ, ඔවුන්ට කඩේ යන සහචරයන්ගේද, කළාවට මීට වඩා දෙයක් කල හැකි, උස් පුටුවල වාඩි වී සිටින, සීතළ කාමර වල හිඳගෙන, මිනිස්සුන්ගේ දුක ගැන කතා ලියන, කතා කරන මහත්තුරුන්ගේ අවදානය පිණිසයි.
මොණරු විසික් කරමින්, කළාවත්, කළාකරුවනුත් අත්ලේ නටවන්නට හදන " පෝසතුන් " බිහිවෙන යුගයක, සල්ලි විසික් කරමින් ප්‍රසිද්ද වෙන්න දඟලන කවිකාරයෝයැයි හඳුන්වාගන්නා පිරිස් ඉන්නා යුගයක , ආදරණීය Timran Keerthi උඹේ මේ හිතේ හයිය ගැන
කියන්න , ලියන්න වචන නැති තරම්.ඇත්ත ඇති සැටියෙන් කියන එක නිහතමානීත්වය.උඹට වරදින් නෑ මගේ සහෝදරයා. වගකිව යුතු, බලය ඇත්තො නිදි.උන්ට ඇහැරෙන්නෙ මළගෙදරකදි බොරුවට ගුණ වයනකොට විතරයි.එහෙමත් නැත්නම්, සම්මාන උත්සවයක් තියෙනකොට විතරයි.ඒත් නැත්නම්, කාගෙ හරි බැළුන් වලට හුළං ගහන්න ආරාදනා ලැබුනම.පොඩ්ඩක් පොළවෙ අඩිය ගහල බලන්න.රැකියාවක අවශ්‍යතාවය ගැනයි මේ කියන්නෙ.නැතුව අනුකම්පාව ,කඳුළු,සෝ සුසුම් වැඩක් නෑ.මීට වඩා කවියො ගැන සිතන්න.ටිමාට ඕන , ඉගෙනගත්තු දේට රැකියාවක් ! පිනට යමක් නෙවෙයි ! "කවියො" කියන්නෙ හිත හයිය ඇති, ආත්මගරුත්වය ගැන හිතන කශේරුව හයිය තියෙන පිරිසකට.ඒකයි ටිමා උනත් කාටවත් ඔළුව නොනමා, අත නොපා තාම, කිරි බාල්දි උස්සන්නෙ.ඉක්මන් සුවය මගෙ සහෝදරයා ! උඹට තෙරුවන් සරණයි !
කෞශි දිසානායක.
Hattiarachchige Davendra Deshapriya සංස්කෘතිය භාරව ඉන්නේ එස් බි නාවින්න එයාට සංස්කෘතිය ගැන ගානක්වත් නැ.ඊට වඩා ඉල්ලම් තියන අමත්‍යංශ කිපයක් බාර දිලා තියනවනේ.
Rohini Jayanthi Liyanage මෙහෙම කියනව‍ට වඩා හොද නැද්ද ටිමා අයියණ්ඩි වෙනුවෙන් අපේම අය ටික එකතුවුණානම්. ආපදාවලදි මෙච්චර හෙදෙට යමක් සංවිධාය කරන්න හැකි වුණානම් අපේ කෙනෙක් වෙනුවෙන් සංවිධානය නොවී ඉදියිද? අපේ අයට මේ දේශපලෙන ඇත්තන්ට වඩා යමක් කරන්න හැකි නේද?
 Sajani Randima Jayakody ඇයි අපි හැමදේටම හැමදාමත් දේශපාලකයන් පස්සේ යන්නෙ.. මේවා ඔවුන්ගේ වගකීම්. ඔවුන්ගෙ වගකීම හැමදාමත් ඇගිල්ලෙන් ඇන ඇන මතක් කරන්න ඕනද? 
Kashyapa Kuruppuarachchi with Timran Keerthi.
සම්මානනීය සොයුර ඔබ අකුරු කලේ ඔය කිරි කඳුල බව දනිමි. කෙතරම් කිරි දෙව්වද අවසන ගොම බිංදුවකින් හෝ එය අපිරිසිදුවන මොහොත ඉතා ඛේදනීයජනකය. රාජ්‍ය සම්මානයට ප්‍රාත්‍රවූ සාහිත්‍යධරය ඔබවැන්නකුගේ ජීවන ඉරණම මේ ආකාරයෙන් උත්කර්ෂවත් කිරීමට සිදුවීමම මේ රටේ පාලක පාර්ශවයන් හඬනඟා හැඬිය යුතු තත්වයකි. කෙසේවෙතත් ඔබ වෙනුවෙන නැඟෙනා ජනහඬ පෙරදැරිව සියලු ලෝක ශක්තීන් එකතුවී මහ පොලව මත ඔබගේ පන්හිඳ මත සාධනීය සාධාරණීත්වය ඉෂ්ඨකරත්වා ! ඔය කඳුලට සදා ජය පතමි. Nayanasena Wanninayake with Timran Keerthi.
ආදරණීය ටිමා,
උඹේ කවි ලියන, කිරි වතුරෙන් වෙන් කරන සුරත, ගිලන් වී ඇතැයි අපි දැන ගත්තේ අපේ තිඹිරියාගම බණ්ඩාර, චාමර ලක්ෂාන් කුමාර කලා හිතැති සංවේදී සහෘදයන් ලියූ ලිපියෙන්.
මේ ලිපිය ගැනත් මෙය යහළුවන් අතර බෙදා දීම ගැන අපේ සමහර මිතුරන් උරණ වෙලා.
ටිමා, උඹ කියන්නේ උඹ විතරක් නෙවි. උඹ ගැන කතා කරන්න අපටත් අයිතියක් තියෙනවා. උඹේ කවිවලින් අපට කියා දුන්නේ එයයි.
තරහ අවසර මිතුරණේ,
මෙතෙක් කල් ඔහු සිය ජීවිතය ගොඩ නගා ගන්නට දහිරිය ගත්තා වගේම ඉතිරි ටිකත් කිසි කෙනෙකුට කරදරයක් නොවී ගෙවන්නට වගේම පැමිණි දුක් පැණි රසයි කියා තනිවම වළඳන්නට ඉපදිච්ච එකෙක් වග නොදන්නවා නොවේ.
ටිමාට කියන්නට ඇති දේ කිව්වේත් ඔහුගේ කවිය මිසක් ඔහු නොවෙයි.
මේ ලිපිය ලියූ තිඹිරි ලිපියෙන් විතරක් නොනැවතී අදාළ බලධාරීන් මුණගැසී මේගැන දැවැන්ත උත්සාහයක් ගත්තා විතරක් නෙවි තාමත් ගනිමින් සිටින බව මා පුද්ගලිකව දන්නවා. හුදෙක් රටේ වග කිවයුතු අය සුපුරුදු පරිදි තම සුඛ විහරණය සඳහා ගෙන්වන වාහන ගැන තරමට වත් රාජ්‍ය සම්ම්නාලාභී කලාකරුවන් ගැනවත් හොයා බලන්න උනන්දු නොවෙන බව නොදැන නෙවි මෙය ලියන්න ඇත්තේ.
එත් ටිමා වටින්නේ අපට. කාට හෝ කියා මෙවන් සම්පත් අපි රැක ගත යුතයි නේද? ටිමාට තවදුරටත් 'ගට' තියෙනවා කියා හිරිවැටෙන කරගැට අත් වලින් කිරි අදින කවි ලියනවා බලා ඉන්න අපට පුලුවන්ද?
ටිමාට ආදරය කරන හිත මිතුර දැනටමත් ඔහුට උදව් පදව් නොකරනවා නොවේ. ඔහුගේ සම්මානලාභී "යන්නම් චන්දරේ" පොත මුද්‍රණය වෙන්නෙත් එම උදව් නිසාමයි. එහි දෙවන මුද්‍රණයටත් උදව් කලේ යහළු මිතුරන්. මෙහිදීත් අපේ සංවේදී මිතුරන් ඔහුට උදව් පදව් කරාවි.
මෙය කලාකරුවන් අසරණ වුණු පළමු හෝ අවසාන අවස්ථාව නොවේ. ඇයි අපේ රටේ වග කිවයුතු ආයතන තියෙනවා නේද ? සදාටම මේවා හිත මිතුරනට විසඳිය හැකි දේවල් නොවේ. තිඹිරි ගේ උත්සාහය වුයේ එම අවධාරණය කරන්නයි.
ඌට අපහාසක් කියා මොරදෙන මගේ යාලුවනේ. ඌට සුදුසු රැකියාවක් හොයාගන්න උදව් කරපල්ලා. 
ටිමා, 
උඹේ හිත හයියයි කියා අපි දන්නවා. 
උඹේ අතටත් ඉක්මන් සුව.
තවත් විස්තර සඳහා 

 

පොකුරු ගැහී හැංගුනෙ නෑ  ජීවිත යට ගුලි වී

අකුරු සොයා බියෙන් බිඳෙන යුද අහසක්  නොවිණී

කපුරු සුවඳ පැතිරී ගිය ශාන්තියක් තිබිණී

නපුරු නොවී පොකුරු පොකුරු ගිනි බිඳ නෑ සතුනී

 

කදුරු මලින් රොන් ගෙන බැඳි මී මැසි පැණි කැලකි

රුදුරු අණක් නැති තෙරුවන් සිල් ගත් යුද රැයකි

සතුරු සිතක් නැති උතුරක කිසිවකු මිය නොයෙති

බුරුතු පිටින් මැරුවේ නැත උන් නින්දක වෙසෙති

 

පොකුරු කියා නම් බට බැඳ ගහන්නේ ඇයි බෝම්බ

මිතුරු අපේ උත්තරයට දැම්මෙ නිකං  කෝම්බ

දුරුතු මහෙන් ඉපදී ඇති සාමය ගත් නෑම්බ

පතුරු ගසා හාරනව ද යුක්තිය නැති කෝම්බ

 

මදුරු මැසි වගේ මැරුව ද නො මිනිස් ලෙස මිනිසුන්

ගොහොරු බිමක කොටු උනා ද දිවි ඉල්ලූ මිනිසුන්

වඳුරු පරපුරෙන් ආවේ මානූශීය මිනිසුන්

සොඳුරු යුද්ධයකි කෙරුවේ කිරිබත් කෑ මිනිසුන්

 

උදය ආර්. තෙන්නකෝන්

නිරාශ ගුණසේකරගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය වන ‘මැරිලින් මොන්රෝ නුඹ සහ මම’ පිළිබඳව

දීප්ති කුමර ගුණරත්න සහෝදරයාගේ විචරාත්මක සංවාදය.

පහත  ලින්ක් එකෙන්  ත්‍රිමාණ වෙබ්  අඩවියෙන්  අදාළ  සංවාදයට  සවන්  දෙන්න .

 http://3mana.com/news/wp-content/uploads/2016/06/Poem-Critique.mp3

නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව

 පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
 වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
 බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
 නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

 තනේ කඩා විසිකර පත්තිනි වී නම්
 අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
 වණේ පාරන්නේ වන පල විස වී නම්
 නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
 කතා හදන උන් සේරම බෝසත් ද
 යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
 කතන්දර එපා! වැඳපන් අම්මාට....

 දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
 ලොකු හාමුදුරුවොත් අණකර බන පද එව්වා
 මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
 අම්මා බන කතාවක් බුදු මැදුරෙත් ලිව්වා

 රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
 මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
 ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
 පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

 ටිම්රාන් කීර්ති

More Articles ...