21
Sat, Apr

අද මැයි 17  සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට ආණ්ඩුවද බල කෙරෙන විරෝධතාවක් අන්තරය විසින් සංවිධානය කර තිබුණි . මේ උද්ගෝෂණයට  පොලිසීය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය .

වයස් වැට ඉම් පසු කරද්දී
සියක් දුක් ගිනි මැද වැඩෙද්දී
සෙයක් දුටුවා ඔහේ දුවද්දී
අම්ම හිටියා මං වැටෙද්දී

බතක් ඉදිලා බෙරි ගැහෙද්දී
කටක් කන්නට කට අරිද්දී
ඇස කොනේ කදුළක් නැගෙද්දී
අම්ම සිටියා කෑම කද්දී

මගේ පැටව් අකුරට ඇදෙද්දී
පෑන් පැන්සල් විසි කරද්දී
උන්ව අරගෙන ගෙදර එද්දී
අම්ම හිටියා ගෙදර මැද්දේ

මගේ පුතා ලෙඩවී හඩද්දි
මැදියමේ රෑ උණ බලද්දී
අත්ල ගෙන හිස අතගාද්දී
අම්ම සිටියා දිවි ඔසුව වී

කඩුලු එකි නෙක පහු කරද්දී
දිනුම පැරදුම මං පෙළද්දී
නහර අතරින් පපුවටම වි
අම්ම සිටියා ජීවිතේ වී...

සැපක් දෙන්නට කල් අරිද්දී
දුකක් විදගෙන සිනා සෙද්දී
ළයක් නැති උන් සේ සිටිද්දී
අම්ම සිටියා අපට සැපදී

සිව්වසක් කාලය ගෙවෙද්දී
ගව් ගණන් දුර ඈත ඉද්දී
අම්ම ගෙදරයි සෙ දැනෙද්දී
අදත් අම්මා මගේ ලගනේ

තුසිත පතිරණ

ආදරණීය අරුණ ට,

සැනින් පතිත වූ රුදු හෙණයක් සේම
ඉතින් මේ පුවත අදහන්නද කෝම
නෙතින් ගලන මතකය ගඟුලකි තාම
හිඳෙන්නැති උඹේ හිනහව හිත ගාව

උනුන් අසරණව එක පොකුරට යාව
අතීතය කියා කිව්වැකි එක දාක
හොයන් යන විටදි හසරක් අපි රෑන
හැඳින්නෙමු හිතක් උණුසුම් උඹ ගාව

කලක් සිටියමුත් ගව් ගණනක් ඈත
දැනන් සිටිමු උඹ සටනක බව තාම
දණින් නොවැටෙනා දිවියක් නිවුණාම
කියන් තවත් අදහන්නද අපි කාව

මිනිසුන් අතර සෙනෙහෙන් ගැහුණු හදවතේ
කොතෙකුත් බෙදා දුන්නද නොනිමි ආදරේ
තුරුවැල් පවා පවසාවි ඇතුගල්පුරේ
දුයිෂෙන් කෙනෙක් සිටි බව මෙබිම ගම් දොරේ

පාළුව ගලන මේ මිටියාවත පතුලේ
සුන්දර කවි හදක් දිගු නින්දක සැතපේ
පාළුව මකන්නට මේ අඳුරත සැඟවී
තව එක වරක් ඇවිදින් යනවද මිතුරේ

-සුමිත් චාමින්ද
මාර්තු 25, 2017

මහ පොළව තරං
මහා බරක් දරන්
ඉන්නවා මමත්
නිළ  ඇදුම දරන්

දුර ඈත තියා
මං දුටුවා උඹ  එනවා
පෙළපාලියේ නියමුවෙක් වෙලා

පුතේ එපා ලංවෙන්න
හදවතින්  මොර දිදී
මං හිටියේ උඹ දිහා බලන්

උඹේ  ලයෙන්
මගේ නෙත්
සමුගන්න කලින්
අණ ලැබුණා
"Fire"කියා

අණ ඇහුන සැනින්
ගැස්සුනා කොකා
මගේ නෙත් ඉලක්කය
තිබුනේ උඹේ  ලය මත කියා
අමතක වුනා සැනින්

සමාවෙයන් මට
නිළ  අණට අපි
හුරු වෙලා පුතේ
උඹේ  ලය පලන්
වෙඩි උණ්ඩය ගියේ
මගේ තුවක්කුවෙන්

හිල්මි සුපුන්
20170203

More Articles ...