21
Sat, Apr

අම්මිට........

ඇය තමා අපේ කිරිල්ලිය
කූඩුව අසල රැඳෙන්නිය
නිදහසේ තටු සලන්නිය
පැටවුන්ගෙන් තොර ලොවක් නැත්තිය

දරන්නී, නම් ඇය ය
පොළවටත් එතරම් බැරිය
මගෙ, මවුන් සෙනෙහසට
ගෝනි බිල්ලොත් බය ය

අපේ ලෝකේ රැජිණ
හදවතත් අනා කවන
මගේ අම්මගෙ සුවඳ
පේරාදෙණියෙවත් නොමැත

ඇගේ තටුයට තවම
ආදරය දුං දමනවාය
මායි මල්ලී නමට හැමදා
ඇගේ උකුලත ලියලනවාය

එකපාර නැතත් හැමදාම
ඇයත් වයසට යනවාය
ඒත් සෙනෙහස් ගීතය
අලුත් ස්වරෙන් ගයනවාය

- දුවාගෙන් -

 

සසංකා විතානගේ 

2017/08/23 රාත්‍රී 12 ට පමණ සුළු පැමිණිලි අංශයේදී

මහත්තයො මගෙ පොඩි කෙල්ල 
යාන්තම් විසි එක පිරුණ විතරයි 
මූණත් පුරහඳ වගේ 
මට වඩා චුට්ටක් මිටියි කෙට්ටුයි

හැමදාම පංතියෙ පලවෙනිය 
ගියේ නමය වසරට පමණයි 
කතාවෙන් භාගයයි ලියවුනෙ 
කොපි පොතේ පිටු ඉවරයි

තාත්තත් නරක නෑ 
ප්‍රශ්න දවලා විතක් මධු පෙරුවයි 
ඇගෙන් කඳුළක් වැටුනනම් ඒ 
මට ගහද්දී විතරයි

ගාමන්ට් ගිහිනුත් අනුන්ටයි රෙදි මැහුවෙ 
කව්රුවත් ඇඟ දැකල නෑ සත්තයි 
කෙල්ල දන්නව හඳට බල්ලෝ බිරුවෙ 
වළාවෙන් මිදුනාම කියලයි

කරේ මාලය තිබුන 
අනේ ඒකත් පවුමයි 
ටිකක් අඬලා ඉල්ලුවොත් එය 
ගලවලා දෙන තරම් බොළඳයි

හවස් වෙද්දිම ගෙදර එන ඇය 
තාම නැති එක පුදුමයි 
සැක කරන්නට දෙයක් නෑ මට 
මේ තරම් දුක ඒකයි

මහත්තයො මෙය ලියාගත්තද
සොයා දී පින් ගන්නයි 
තවත් වරුවක් බලන් හිටියොත් 
නැතිවෙන්නෙ මගෙ හුස්මයි

ඉලක්ෂා  ජයවර්ධන..

මිතුර !
නුඹ වෙනුවෙන් අඩන්නට හැකිය මට
එත් මා සතුව
කදුළු ඉතිරිව නැත

ආරියකුලමේ බුදුන්ගෙන්
නුඹ වෙනුවෙන් අද
යදින්නම් මම
මා රැක නොගත් බෝ රාජාණෝ
රැකගනීවා නුඹව හෙට !ù

උපුටාගැන්ම Sivalingam Anu. මුහුණු පොතෙණි

එක් කුරුල්ලෙකු
රතු පාටින් නෑවී
නන්දිකඩාල් ගොඩ මඩෙහි
සුනු සුනුව විසික් වී
තිබෙනු
නෙත් යොමා
බලනු බැරි

More Articles ...