22
Sun, Apr

වසර කීපයක් වේදනාකාරී නිහඬතාවයකින් දිගටම පීඩා විඳින ශ්‍රී ලංකාවේ සමස්ත අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අභිලාෂයන්ට පුළුල් ප්‍රතිචාරයක් දැක්වීම අතින් තමන් විසින් සිදු කරන ලද සොයා ගැනීම් සහ ඒ මත කරන නිර්දේශයන් මගින් සෙතක් සැලසෙනු ඇති බවට ජාත්‍යන්තර රතු කුරුසය (ICRC) බලාපොරොත්තු පළ කරයි.


රතුකුරුසය එම අපේක්ෂාව පෙරට තබා ඇත්තේ ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණයේ දී අනාවරණය වූ කරුණු සහ ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ප්‍රකාශයට පත් කරමිනි.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම 2009 වසරේ නිම වීමෙන් අනතුරුව වසර ගණනක් ගත වී ඇති නමුත් 16000 කට අධික අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට අස්වැසිල්ලක් ලැබී නැති බවයි රතුකුරුස වාර්තාවේ දැක්වෙන්නේ.

සමස්ත දිවයින ආවරණය වන පරිදි සි2014 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2015 නොවැම්බර් තෙක් සිදු කොට ඇති එම සමීක්ෂණයේදී අතුරුදහන් වූවන්ගේ පවුල් 395 ක් මුණ ගැසුණ බව ජාත්‍යන්තර රතුකුරුසය පවසයි.

පොලිස් සහ හමුදාවේ අතුරුදහන් වීම්
යුද්ධය අවධියේ අතුරුදහන් වූ යුද හමුදා භටයන්ගේ සහ පොලිසියේ සාමාජිකයන්ගේ පවුල් ද ඊට ඇතුළත් වෙති.

රතුකුරුසය ඉහත කී සමීක්ෂණය මගින් අනාවරණය කර ගත් සිය සොයා ගැනීම් මත පදනම්ව, ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් සහ ඔවුන්ගේ පවුල්වලට සහනයක් සැලසීමට ඉදිරිපත් වෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන වලට මෙන්ම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ජාත්‍යන්තර සංවිධාන වලට ද ගත යුතු ඉදිරි පියවර නිර්දේශ කරනු ලැබීමක් ද සිදු කර ඇත.


අතුරුදහන්වූවන් පිළිබඳ ශ්‍රී ලංකා කමිටුව යාපනයේ රැස්වූ අවස්ථාවක් එසේම එම ප්‍රයත්නය පෙරට යන අතරවාරයේ අතුරුදහන් වී ඇති පුද්ගලයන්ට අත් වී ඇති ඉරණම අනාවරණය කර ගැනීමට සහ ඔවුන්ගේ පවුල් වලට උදව් වීම අතින් අතිරේක ප්‍රයත්නයක් දරන බවයි රතුකුරුස වාර්තාව පවසන්නේ.

අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් ඔවුන්ගේ දෛනික ජීවිතයේ දී මානසික වශයෙන් ඉතාම සංවේදී එසේම ආර්ථික නෛතික සහ පරිපාලනමය අතින් දුෂ්කරතාවයන් රැසක් ගිලී සිටින බව සමීක්ෂණයේ දී ඉදිරිපත් වූ කරුණු මත පිහිටා රතුකුරුසය නිගමනය කරයි.

ජාත්‍යන්තර මානවීය බැඳීමක් සන්නද්ධ ගැටුමේ ප්‍රතිවිපාකයක් වශයෙන් අතුරුදහන් වී ඇතැයි වාර්තා වෙන එම පුද්ගලයන් වෙනුවෙන් සියලු ප්‍රායෝගික පියවර ගැනීමට ගැටුමට සම්බන්ධ සෑම පාර්ශවයක් ම ජාත්‍යන්තර මානවීය නීතිය මගින් බැඳෙන බවයි රතු කුරුසයේ ප්‍රමුඛ නිර්දේශය වන්නේ.
එසේම එම පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා ගනු ලබන තොරතුරු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සැපයීම ජාත්‍යන්තර බැඳීමක් වන බවයි රතුකුරුසය නිර්දේශ කරන්නේ.
මේ සමීක්ෂණයේ දී අනාවරණය කර ගනු ලැබ ඇති කරුණු මත පදනම්ව ජාත්‍යන්තර රතුකුරුසය විසින් ප්‍රධාන කාරණා කීපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ අවධානය යොමු කරනු ලැබ ඇත.


ඒවා අතර ප්‍රධාන නිර්දේශයක් වන්නේ අවිනිශ්චිත මානසිකත්වයක සිටින අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහනය සඳහා සියලු පියවර ගනු ලබන අතරවාරයේ සිදු වූ දේ හෙළිකර ගැනීමට පාර්ලිමේන්තු පනතක් මගින් ස්වාධීන යාන්ත්‍රණයක් පිහිටුවීමට පියවර ගැනීමයි.

එවැනි පියවරක අරමුණ වන්නේ අතුරුදහන් වී ඇති එක් එක් පුද්ගලයාට අත් වූ ඉරණම නිරාකරණය කර ගැනීම සහ එම තොරතුරු ඔවුන්ගේ පවුල් වලට දැනුම් දීමයි.

එහි තවත් අරමුණක් වන්නේ අතුරුදහන් වූවන්ගේ ජාතික ලැයිස්තුවක් පිළියෙළ කිරීමයි.
අතුරුදහන් වූවන්ගේ සිරුරු සොයා ගැනීම සහ ඒවා හඳුනා ගැනීමට අවශ්‍ය සෝදිසි කිරීම් සඳහා සුදුසු අධිකරණ වෛද්‍යමය මට්ටමේ තාක්ෂණයක් සහතික කිරීමට පියවර ගැනීම රතුකුරුස වාර්තාවේ තවත් නිර්දේශයකි.

අතුරුදහන්වූවන්ගේ මරණ සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පැවැත්වීම, හැකි අවස්ථාවන්හි සිරුරු ගොඩ ගැනීම හා හඳුනා ගැනීම සහ ඒවා ඔවුන්ගේ ඥාතීන්ට භාර දීම සඳහා අවසර ලැබෙන සුදුසු නෛතික රාමුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවත් රතුකුරුසය ශ්‍රී ලංකා බලධාරීන්ට නිර්දේශ කරයි.

අතුරුදහන්වූවන්ට අත් වූ ඉරණම පිලිබඳ තොරතුරු වඩාත් සාර්ථක සහ පලදායක මට්ටමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දැනුම් දීම වැඩි දියුණු මට්ටමකට ගෙන ඒම අතින් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන කොටස් අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාවයත් අදහස් හුවමාරු කර ගැනීමත් උදෙසා එවැනි නෛතික ආකෘතියක් ඉවහල් වෙන බවයි රතුකුරුස වාර්තාව කියා සිටින්නේ.


නෑදෑයන් සොයා යමින් සිටින කණ්ඩායමක්

අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආර්ථික අවශ්‍යතාවන්ට සහන සැලසීම ඔවුන්ගේ නෛතික සහ පරිපාලනමය ප්‍රශ්න වලට විසඳුම් දීම මෙන්ම යුක්තිය ඉටු කර ගැනීමේ අවශ්‍යතා වෙනුවෙන් එම පවුල්වලට උපදෙස් දීම සඳහා සංක්‍රමනීය අධිකරණ යාන්ත්‍රණයක් තහවුරු කිරීම වැනි තවත් කරුණු රැසක් ද රතුකුරුස නිර්දේශ අතර වෙති.
එසේම අතුරුදහන්වූවන්ගේ සියලු පවුල් අතර කිට්ටු සම්බන්ධයක් ඇති කරමින් ඔවුන්ට අහිමි වූ ඔවුන්ගේ ඥාතීන් සිහිපත් කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම වැනි පියවර මගින් එම පවුල්වල අභිලාෂයන් සුරක්‍ෂිත කිරීමේ අවශ්‍යතාව පිළිගැනීමකට ලක් කරනු ලැබීමේ දිශාවන් ද සැලකිල්ලට ගත යුතු බවයි රතුකුරුස වාර්තාව පවසන්නේ.

bbc

ලෝකය වෙනස් කරමින් අද්විතීය මත ඉදිරිපත් කළ විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් වටහාගත නොහැකි වූ සමාජය ඔවුන් පිස්සන් හෝ සිහින දකින්නන් ලෙස සලකා බැහැර කළ අවස්ථා විද්‍යා ඉතිහාසයේ සුලභව හමුවෙයි.

ගැලීලියෝ ගැලීලි, විලියම් හාවි වැන්නන්ට එකල සමාජය පරිභව කළ බව අපි අසා ඇත්තෙමු.

මේ අතර, 20 වන සියවසේ මහා ප්‍රාඥයා ලෙස පිළිගැනෙන අයින්ස්ටයින් ද මෙම පීඩාවට පත්ව ඇති බව ඇසුවහොත් ඔබ මවිතයට පත් වනු ඇත.

ආචාර්ය උපාධියක් වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ ක්වොන්ටම් නියමයට (E = mc2) අදාළ පර්යේෂණ වාර්තාව මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප වී තිබේ.

පසු කලෙක ලෝකය මවිත කළ ඒ මහා නියමය පිළිගත නොහැකි බව දන්වමින් ඇල්බර්ට් අයින්ස්ටයින්ට යැවූ ලිපියෙහි සඳහන් කර ඇත්තේ, එම නියමය යථාර්ථවාදී භෞතික විද්‍යාත්මක අදහසක් නොව හුදු නිර්මාණයක් බව ය.

එම සුවිශේෂී ඓතිහාසික ලිපිය පහත දැක්වේ.

letterEinstein

 

A4 කොළ හා සම්බන්ධයෙන් චීන තරුණියන් අතර මේ දිනවල පැතිර යන උන්මාදයක් සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නන්ගේ දැඩි විවේචනයට බඳුන්ව තිබේ.

මෙහි දී තරුණියන් කරනුයේ සිරස් අතට තැබූ A4 කොළයක් පිටුපස තමා සිට ගෙන සිටින ජායාරූපයක් සිය සමාජ ජාල වෙබ් අඩවි ගිණුමේ පළ කිරීමයි. මින් ඔවුන් දැක්වීමට අදහස් කරන්නේ සිය ඉඟටිය A4 කොළයටත් වඩා කුඩා බවයි.

මේ වන විට වෙඉබෝහි (වෙඉබෝ යනු චීනයේ ට්විටර් වෙනුවට භාවිතා වන සමාජ ජාල වෙබ් අඩවියයි) #A4Waist හෑෂ්ටැගය මිලියන 110කටත් වඩා වැඩි පිරිසක් නරඹා ඇති අතර එයට කමෙන්ටු ලක්ෂයකටත් වඩා ලැබී ඇති බවත් බටහිර මාධ්‍ය වාර්තා කරයි.

මේ උන්මාදය චීනයේ රජයට අයත් ආයතනවලට ද බෝවී ඇති බවක් දක්නට ඇත. චීන පොලිසියට අයත් ගිණුම්වල අනන්‍යතා සොරකම් වළක්වා ගැනීම, බීමත් රිය පැදවීමට පනවන දඬුවම් වැනි දෑ පිළිබඳ තොරතුරු අඩංගු A4 කොළ නිලධාරිනියන් සිය ඉඟ ඉදිරියෙන් තබා ගත් ජයාරූප දක්නට හැක. චීනයේ එක් පුවත්පතක් මේ උන්මාදය ගැන සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ මෙය "යෝග්‍යතා අභියෝගයක්" බවයි.

pravacyලංකාව නම්වූ දූපත් රාජ්‍යයේ මිනිසුන්ට ඉදිරි අනාගතයේදී තමන් පොකට්ටු තුල දමාගෙන සිටින පරණ, පැතලි ජාතික හැදුනුම්පත් වෙනුවට අළුත් කිරි කිරි ඉලෙක්ට්‍රොනික ජාතික හදනුම්පත් ලැබීමට නියමිතය. රටේ මැති ඇමතිවරුන් කියන ආකාරයට මේ හැදුනුම්පත ‘ඉලෙක්ට්‍රොනික්’ නිසා දුපතේ ජනයාගේ ජිවිත ‘මොඩ්’ වී,ලෙහෙසි පහසු වී අපේ සමාජය ලෝකයේ අවශේෂ ජනයා සමග  ඉදිරියට යනු ඇත. ධනවාදයේ අග්ගිස්සේ සිට පාරිභෝගික භාණ්ඩ සමග රාගික සම්බන්ධතාවයක පැටලී සිටින හුදී ජනයාට මේ හදිසි මොඩ් වීමේ අවස්ථාව දරා ගත නොහැකි චාන්ස් එකකි.

මේ වැඩේට අදාළ පනත්කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ පක්ෂ විපක්ෂ බේදයක් නැතිව සියළුම මන්ත්‍රීවරු ඊට පක්ෂව චන්දය දුන්නේ ජනතාවට මොඩ් වීමේ වරප්‍රසාදය ලබාදීමටයි. පාර්ලිමේන්තුවෙන් එළියේ සිවිල් සමාජයේ මහත්වරු ඇතුළු රටේ කිසිම සංවිධානයක් මේ හැදුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව වචනයක් පවා නොකියා අධෝ මුකයද වසාගෙන සිටියේ  මොඩ් වීමට ඇති කැමැත්ත ජනතාව සමග බෙදා හදා ගනිමිනි.

පනතේ සදහන් කරන පරිදි ඉලෙක්ට්‍රොනික හැදුනුම්පත් ලබාදීමට අමතරව තවත් බොහෝ අරමුණු මේ ක්‍රියාවලිය පසුපස ඇත. රටේ ජනයාගේ සියළු ජිව දත්ත එක්රැස් කොට ජාතික ආරක්ෂක මුලස්ථානයේ තැන්පත් කිරීම පනතේ ඇති තවත් අරමුණකි. මෙසේ කිරීමේ පදනම ජාතික ආරක්ෂාව බව රජය කියයි. එසේ කිරීම රටේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය සාධකයක් බව  මහජන නියෝජිතයන්, සිවිල් සංවිධාන සහ හුදී ජනයා නිහඩව සිට නොකියා කියයි.

ජනතාවගේ දත්ත එක්රැස් කිරීම සහ ඒ තුලින් ඔවුන්ගේ පුත්ගලිකත්වය අහෝසිවෙන ආකාරයේ චරපුරුෂ සේවා දියත් කිරීම ලෝකයේ බොහෝ රාජයන් මේ කාලයේ අත්හදා බලන කදිම ආරක්ෂක උපක්‍රමයකි. ඇමරිකාව සහ යුරෝපයේ බොහෝ රටවල් වල මිනිසුන්ගේ දත්ත, ඊ මේල් සහ පුත්ගලික කතාබස් පවා සවන්දීමට හැකි ලෝකයේ  විශාලතම මිනිස් දත්ත ජාලය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) මගින්  හොර රහසේම  නිර්මාණය කොට පවත්වාගෙන යන බව මෑත කාලයේ හෙළිදරවු විය. NSA ආයතනයේම සේවය කල එඩ්වර්ඩ් ස්නොර්ඩන් කල හෙලිදරව්වකට අනුව ලෝකයේ බොහෝ තීරණාත්මක පුත්ගලයින්ගේ දුරකථන සබදතා සහ ඊ මේල් මේල් ලිපින වලට ඔවුන් ඇතුළු වී ඔවුන් පිලිබදව තොරතුරු එක්රැස් කරයි. මේ හෙළිදරවුව නිසා ස්නොර්ඩන්ට තම ජිවිත ආරක්ෂාව පතා රුසියාවට පලා යෑමට පවා සිදුවිය.

 මිනිසාගේ පුත්ගලික නිදහසට එරෙහිව රාජ්‍යන් විසින් දියත් කරන ඔත්තු බැලීම් වලට එරෙහිව ලෝකය පුරා අප්‍රසිද්ධ සටනක් ඇවිලෙමින් පවතී. නිදහස අගයන මිනිසුන් සංවිධාන ගතවී රාජ්‍යන් වලට එරෙහිව බලපෑම් කරමින් සිටියි. මේ සම්බන්දයෙන් බලපෑම් කරන  Privacy international ආයතනය පවසන්නේ බ්‍රතාන්‍ය  ආණ්ඩුව විසින් එරට ජංගම දුරකථන සමාගම් වලට කරන ලද බලපෑමකට යටත්ව smurf  යනුවෙන් හදුන්වන, යමෙකුගේ ක්‍රියා විරහිත කර ඇති දුරකථනයකට පවා හොරෙන් ඇතුළු වී එහි දත්ත පරික්ෂා කිරීමට සහ දුරකථනයේ කැමරාව ක්‍රියාත්මක කොට වීඩියෝ කිරීමට හැකි තාක්ෂනය පණගැන්වීමට අවශ්‍ය කේත සහ මෘදුකාංග එකී දුරකථන සමාගම් විසින් බ්‍රතාන්‍ය රජයට ලබා දී ඇති බවයි.

එඩ්වර්ඩ් ස්නොර්ඩන්

snedඑසේම පසුගියදා ඇමරිකාවේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු වන  Syed Farook ගේ ජංගම දුරකථනය  පරික්ෂා කිරීම සදහා  එහි රහස් අංකය FBI ආයතනය විසින් APPLE සමාගමෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එය ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තම සේවාදායකයින්ගේ පුත්ගලික නිදහස රාජ්‍ය වෙත හෙළිදරවු කල නොහැකි බවයි.

බොහෝ රටවල් හොර රහසේ සහ නොනිල එකගතා මත එක්රැස් කරන සහ එක්රැස් කිරීමට උත්සහ කරන ජනතාවගේ පුත්ගලික දත්ත ශ්‍රී ලංකාවේදී  නීතිමය ආවරණයකුත් සමග නිදහසේ එක්රැස් කිරීමේ අවස්ථාව රාජ්‍ය වෙත ලැබී තිබේ.

ලංකාවේ සමාජය ඉතා ප්‍රශ්නකාරී ලෙස තම පුත්ගලික නිදහස රාජ්‍ය වෙත ලබාදීමේ කොන්දේසිය වී ඇත්තේ ජාතික ආරක්ෂාවයි. රාජ්‍ය විසින් දියත් කරන ලද ජන සංහාර තුනක අවසානයේ සහ සමුලඝාතන කුරිරු යුද්ධයකට පසුව හුදී ජනයා තවමත් ඉතා නින්දිත ලෙස රාජ්‍ය වෙතින් ආරක්ෂාව යදිමින් සිටියි. නිදහස යනු භුමිය අත්පත් කරගැනීම යන හතරැස් කොටුව ඇතුලේ සිරවූ ලංකාවේ පොදු ජන සමාජයේ ‘නිදහස් සිතුවිලි’ රාජ්‍ය ඉදිරියේ නිරුවත් වී ඇත.

රටේ ජනතාවගේ දත්ත සහ තොරතුරු රාජ්‍යයේ දත්ත ගබඩාව තුලට ඒකරාශී වීම ඉතා සරල මෙන්ම ඉදිරිගාමී වැඩක් ලෙසට බොහෝ දෙනා කල්පනා කරයි. මෙසේ සරලකාමි මිනිසුන් උදාහරණයට ගන්නේ බටහිරයි. යුරෝපයේ බොහෝ මහජන ආයතන වල ඇගිලි සලකුණු ගැනීම ඉතා සරල සහ දිනපතා කටයුත්තකි. ඇතැම් ප්‍රාථමික පාසල්වලට පවා ළමුන් පාසලට ඇතුලත් වන විට ඇගිලි සලකුණු යන්ත්‍රයක සටහන් තැබිය යුතුය. ඒත් මේ සියළු දත්ත එක්රැස් කිරීම් එසේ එක්රැස් කරන ආයතනයේ භාවිතයට පමණක් සිමා වේ. උදාහරණයක් ලෙස  බ්‍රතාන්‍යයේ තිබෙන data protection act මගින් කිසිම ආයතනයකට තමන් එක්රැස් කරගන්නා මිනිසුන්ගේ ජිව දත්ත අනෙක් ආයතන සමග හුවමාරු කරගැනීම තහනම්ය.

එහෙයින් යුරෝපයේ සහ ඇමරිකාවේ මිනිසුන්ට එරෙහිව රාජ්‍යන්  විසින් චරපුරුෂ කාර්‍යයේ යෙදෙන්නේ හොර රහසේය. එඩ්වර්ඩ් ස්නොර්ඩන් හෙළිදරවු කලේ මෙයයි. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙම බරපතල අමානුෂික සහ මානව විරෝධී ක්‍රියාවලිය සදහා ලංකාව වැනි රටවල් වල හුදී ජනයා විසින් නීතිමය ලයිසන් තම රටවල් වල ආණ්ඩු වෙත ලබාදීමයි.

Privacy international ආයතනයේ ජෝර්ජ් කිංග් පවසන පරිදි මේ අනතුරේ අක්මුල් ඉතා භයානක අනන්තයක් කරා එල්ලවෙමින් පවතී. ලෝකයේ ප්‍රාග්ධනය අතිවිශාල බහුජාතික සමාගම් කිහිපයක් අතරට ගොනු වෙමින් පවතින ධනවාදයේ මෙම අවදියේදී ලංකාව වැනි  පුංචි රටවල ප්‍රාග්ධන ශක්තියට වඩා අතිශය ශක්තිමත් සමාගම් බිහිවෙමින් පවතී. මෙම සමාගම් විසින් කුඩා රටවල් වලට නියත සහ අනියත බලපෑම් එල්ල කිරීමේ ශක්තිය ලැබේ. මෙම බලපෑම් ඔස්සේ මෙකි රටවල මානව දත්ත පද්දති විශ්ලේෂණය කිරීමේ අවස්ථාව එකී සමාගම් වලට ලැබිමේ අවධානමක් ඇත. එවැනි විවර විමක නියත ප්‍රතිඑල වන්නේ රටේ සමස්ථ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්‍රියාවලිය බහුජාතික සමාගමක ලාභය වටේ බ්‍රමණය වීමයි.

ජෝර්ජ් කිංග් ට අනුව ඉන්පසුව රටවල්වල මිනිසුන් වෙනුවට නිර්වස්ත්‍ර හා පැටවූ හමුවෙනු ඇත.

 
සරද සමරසිංහ

පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින්  2016.05.29 රාත‍්‍රයේ දිවයින පුරා ජනතාව දැනුවත් කරණු වස් අලවමින් තිබූ "ගංවතුර ඇති කල මිනිස් ජීවීත නැති කල සංවර්ධන විනාශය තව ඔනේද?"

මේ දිනවල ඉන්දියාවේ මහරාස්ට්‍ර ප්‍රාන්තයේ පවතින දැඩි නියගය හේතුවෙන් බිමට වතුර සොයා යෑමත් ග්‍රාමීය සිදුවන විවහා මංගල උත්සවයක මනාල පාර්ෂවයේ විවහා කොන්දේසියක් බවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි.

විද්‍යුත් හැදුනුම්පතට විරුද්ධ වෙන්නෙ තාක්ෂනයට විරුද්ධ අය කියලා සමහරු කියනවා. හැදුනුම්පත ඩිජිටල්කරණය වුනාම ඉන්න තැන හොයාගන්නත් පුලුවන්නෙ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඒකට බය නිසා විරුද්ධලු....

නමුත් කතාව ඒකමද?

විද්‍යුත් හැදුනුම්පත පමණක් අරගෙන කතා කරන එක වැරදියි. ඒ සමග පාස්පෝට්, සම්බන්ධ වෙනවා. ඒක වගේම බැංකු කාඩ්, ජංගම දුරකථන ජාල සම්බන්ධ වෙනවා. මේවා එක වරම වෙන්නෙ නෑ කියන තර්කය හරි. නමුත් වුණාට පස්සෙ වෙච්ච දේ ඒඩව්ඩ් ස්නෝඩන් අපට කිව්වා. පුද්ගලික දත්ත හැදුනුම්පතට කොහොමටත් එනවා. නමුත් ජෛවමිතික ලක්ෂන සහිත දත්ත පද්ධතියක් සකස් කරමින් විද්‍යුත් හැදුනුම්පත ඉදිරියෙදි හදුන්වා දෙන්නෙ. එහෙම එක් එක් පුද්ගලයා රජයට කැමැති විදියට කැමති  වෙලාවට සර්ච් කරන්න දෙන එක තමයි මෙම ජාල පද්ධතියෙන් කෙරෙන්නෙ. ඒක එක් අතකට තර්ක කරන්න පුලුවන් අපේ ජිවිත පහසුකරවන්න වාසිදායකයි. නමුත් එහි දත්ත පද්ධතිය රහස් ඔත්තු සේවා සමගත් සම්බන්ධ කරනවා. රාජ්‍ය මර්දන යන්ත්‍රය තම විරුද්ධ මතධාරින්ගෙ තොරතුරු දැනගෙන ඒවා අනුව මර්දන/හිංසක ක්‍රියාමාර්ග ගන්නවා. අනතුරක් තියෙන්නෙ එවැනි අයට. රජයට විරුද්ධ වෙන එය ගැන අපට කරන්න දෙයක් නෑ කියලා සතුටු වෙන්න පුලුවන්. පුද්ගලිකව මගේ ජංගම දුරකථනයට සවන් දෙනවා කියන එක ඔබට ගැටලුවක් නොවෙන්නත් පුලුවන්.

රාජපක්ෂ පාලනය යටතෙ මට ඒක ජීවිත අවදානමක් වුණා. එහෙම දෙයක් අද නෑ කියලා මට කියන්න බෑ. ඒ බිහිසුනුකම දන්නෙ ඒකට මුහුන දුන් අය. 2010 ජනවාරි 29 වැනිදා මාව අත්අඩංගුවට අරගෙන කොළඹට ආසන්න නගරයක් දක්වා ජීප් එකේ අරගෙන ගිය විශේෂ අංශයෙ නිලධාරින් වරින් වර වට පිට බලමින් ගියා. පස්සෙ ඒ අය පාර අයිනෙ නතර කළා. ඇහුවම කිව්වෙ කවුරු හරි පස්සෙන් එනවා වගේ කියලා. ඇයි ඉතින් ඒ අය කලබල වුනේ? විමර්ශනයට සම්බන්ධ නිලධාරියෙක් පස්සෙ වෙලාවක මට කාරනේ කිව්වා. ‘සමහර අංශ විමර්ශනයක් නීත්‍යනුකූලව කරලා යුක්තිය ඉටු කරන්න සූදානම්. නමුත් දේශපාලනයට සම්බන්ධ අංශ කරන්නෙ එක බුලට් එකෙන් විමර්ශනය අවසන් කරනවා.‘ ආයුද පෙන්වන්න ගිය අය මාංචු පිටින් වෙඩි කෑව හැටි රහසක් නෙවෙයි. දැන් මේ කතාව අහලා “ඕව ඉතින් රාජපක්ෂලාගෙ කාලෙ වෙච්ච වැඩනෙ“ කියලා සාමාන්‍යකරණය කරන්න පුලුවන්. නමුත් වර්තමාන පාලනය විසින් කිව්ව දේම කරනවද? බුද්ධි අංශ වහලද? විරුද්ධ මතධාරින්ට සනීපෙට ඉන්න පුලුවන්ද?

මිතුරනි, වෙන දෙයක් වෙච්චාවෙ කියලා අපට බලා ඉන්න බෑ. පහර පිට පහර කෑ රාජපක්ෂ මර්දනයේ අත්දැකීම හෙට නවීනතම ඩිජිටල් තාක්ෂනයෙන් වෙනත් සමාජ ක්‍රියාකාරිකයෙතුට හිමිකරන්න, එහෙම නැත්නම් අපිටම එල්ල කරගන්න අපි සූදානම්ද ?

චන්දන සිරිමල්වත්ත

ටීවී එකෙ ප්‍රවෘත්ති මැද්දෙන් කොල්ලෙක් අඬනවා. "මම වැස්ස වෙලාවෙ කඩෙට යන්න එළියට බැස්ස. අම්මා එතකොටත් කිව්වා ඉක්මනට එන්න කියලා. පොඩ්ඩක් පහළට ආවා විතරයි ලොකු සද්දයක් එක්ක දුමක් වගෙ ආවා, පැත්තම වැහුණා. කන්ද කඩාගෙන එනවා. මං ඒත් හිතුවා අපෙ ගෙවල් යටවෙලා නැතුව ඇති කියලා. මං එවෙලෙම එතනින් පැනලා ගෙවල් පැත්තට දිව්වා, ඒත් එතන ගෙදර තිබුණෙ නෑ ... මගෙ අම්මයි, තාත්තයි, අක්කගෙ දුවයි ..." කොල්ලා ඉකිගහනවා....

මගෙත් පපුව හෝස් ගාලා පත්තු වෙනවා. එහෙම බලා ඉන්න දුරකදි වගෙ පවුල පිටින් වැළලිලා ගියාම ... මනුස්සයෙක් ඒක දරාගන්නෙ කෝමද ? ඌත් එක්ක මාත් හදවතින් ඉකි ගහනවා, ඒ අස්සෙ ඔළුව තවත් පුංචි දෙයක් මතක් කරනවා. මිනිහෙක්ගෙ වේදනාව, කඳුළු මෙහෙම ප්‍රසිද්ධියේ මාධ්‍යකින් මූණ පෙන්නලා විකුණන එක හරිද ?

ශෝකයත් රසයක්ද ? බලන අපි කරන්නෙ අර කොල්ලාගෙ අම්මා අප්පා නැතිවුණු ශෝකය රස විඳින එකද ? ටීවි එකෙන් අපිට ඒක විකුණන්නෙ අපි ඒක ඉල්ලන නිසා නෙවෙයිද ? සංකීර්ණ හැඟීම් ගොඩාක් ...

දෙවැනි කතාව, උදේ ඉඳන් මට ලියාගන්න බැරිව දඟළපු එක.

අවුරුදු හතකට කලින් මේ ආසන්නම දවසක්. තැන මැණික්ෆාම් ආනන්ද කුමාර්ස්වාමි අනාථ කඳවුරේ ප්‍රධාන ගේට්ටුව ළඟ. පිටින් එන අයට කඳවුරට ඇතුළු වීම සපුරා තහනම්. එළියෙ ලෝකයත් කඳවුරු ලෝකයත් අතරෙ පනින්න බැරි උසට කටුකම්බි පොටවල් 10ක් ගහපු වැට වල් දෙකක් ම තියෙනවා. ආධාර අරගෙන ආපු වෑන් එකක් ගේට්ටුව ගාව නතර කරනවා, ඒකෙන් බහින්නෙ සැපට හැදුණු බව පේන උස මහත හාමුදුරු නමක්. ගෙනෙන ආධාර බාර දෙන්න එළියෙන් වෙනම තැන් හදලා තිබුණත් මෙයා මෙතෙන්ට ම පාත්වෙන අරමුණ තේරුණේ ඊළඟට වෑන් එකෙන් බැහැපු කැමරා නඩය නිසා. ආධාර ගේට්ටුව බාර දීලා පිටත් වෙන්න කියලා ගේට්ටුව බාර නිලධාරියො බොහොම ගෞරවයෙන් හාමුදුරුවොන්ගෙන් ඉල්ලනවා. කට්ටියක් වෑන් එකෙ තිබ්බ පෙට්ටි බාන අතරෙ හාමුදුරුවොත් ඒකෙන් එකක් අරන් එතනම කඩනවා, කඩලා ඒකෙන් ගත්තු බිස්කට් පැකට් ටිකක් ගේට්ටුව අස්සෙන් කඳවුර ඇතුළෙ කටේ ඇඟිලි ගහන් බලා හිටපු පොඩ්ඩො ටිකක් දිහාවට විසි කරනවා.. පොඩ්ඩො බිස්කට් පැකට් එකට පොරකනවා .. මට ... මට කරකියා ගන්න දෙයක් නැතුව මොහොතකට ඔහේ බලා ඉන්න වෙනව, වචනෙන් කිව්වොත් ඒක දැක්කම සසර කළකිරෙනවා .. සංකීර්ණ හැඟීම් ගොඩාක් ...

යකෝ, ඒ කරේ සත්තු වත්තෙ වඳුරන්ට කඩල විසි කරනවා වගෙ වැඩක් නෙවෙයිද ? තවත් මනුස්සයෙක්ගෙ අසරණකම, බඩගින්න මෙහෙමත් පාච්චල් කරන්න පුළුවන්ද ? ඒකත් යුද්දෙක ගොදුරු බවට පත් වෙලා සබ්බ සකලමනාව ම නැතිවෙච්ච මිනිස්සුන්ගෙ ?

කැමරාවට පේන්නත් තමුන්ගෙම මොකක් හරි ආසාවක් පිරිමහ ගන්නත් ඒ බිස්කට් වීසි කරේ මිනිහෙක්ද ? එතකොට අපි මිනිස් කමට කොච්චර නම් ඈතයි ද ?

මේවා ලියන්න වුණෙ දැනට සහ මින් ඉදිරියට අන්තිම නින්දිත තැනට වැටෙන්න නියමිත 'සහනාධාර දීමේ මාධ්‍ය සහ දේශපාලන මෙහෙයුම්' නිසා. අවුරුදු හතකට කළින් වගෙම රූපවාහිනි මාධ්‍ය වලට දැනටත් තියෙන්නෙ මුලින් ම මළමිනී පෙන්නන තරගයක්. දේශපාලකයො චන්ද ලකුණු ගහපු බත්පැකටුත් බෙදාවි. කැමරා ටීම් පරක්කු නම් බත් පිළුණු වෙනකල් හරි තියාගෙනත් ඉඳිවි.

ලක්ෂ ගාණක් අපි වගෙම මිනිස්සු අවතැන් වෙලා ඉන්න මොහොතක, කරන්න පුළුවන් උදව්වක් පුළුවන් තරමින් කරමු. ඒකට භේදයක් නැහැ. පුංචිම දේ පවා මේ වෙලාවෙ වටිනවා ... ඒත් මනුස්සකම් පෙන්නන්න ගිහින් මනුස්සකම් වහන නහන උදවිය ගැනත් තේරුම් ගමු.

තවත් එක ඉල්ලීමක් ... කරුණාකරලා පස් අදින හැටි ගස් කපන හැටි ඔරු පදින හැටි බලලා ආතල් ගන්න නම් ඒ පළාත් වලට යන්න එපා, ඒක සහන කටයුතුවල යෙදෙන මිනිස්සුන්ට කියාගන්න බැරි තරම් කරදරයක් !!

රුවන් නෙලූ

රනිල් හාමු සහ ඥානිස්සර දාස මේ අහන්න ...

අපි රජ්ජුරුවන්ව තල්ලු කළේ අතින්...

හාමුලාට ගහන්නේ පයින්...

 

.

ලංකාවේ බහුතරයක් දුප්පත් ළමයි මහණ වෙන්නෙ 

ගෙවල්වල තියෙන නැතිබැරිකම් හින්දා කියලා

හැමෝම වගේ දන්නවා. ඒත්...

පස්සේ කාලෙක ඒ දුප්පත් ළමයි ලොකු හාමුදුරුවරු වෙලා 

රටේ දේශපාලනයත් මෙහෙයවනවා කියලා නං 

හුඟ දෙනෙක් දන්නේ නැහැ.

.

ගලබොඩ ඥානිස්සර ඊයේ ගංගාරාමෙදී ලොකු කතාවක් කළා.

රනිල් වික්රමසිංහ ඇමතුවේ 'රනිල් හාමු' කියලයි.

ගලබොඩ ඥානිස්සරගෙ තත්ත්වේ එතනදී පැහැදිලි වුණා.

.

හැබැයි ...ගලබොඩ ඥානිස්සරටත්, රනිල් වික්රමසිංහටත්,

අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි...

.

ඔය රෙද්දෙ හාමුකං අපිත් එක්ක හරියන්නේ නැහැ කියලයි.

අපි රජ්ජුරුවන්ව තල්ලු කළේ අතින්...

හාමුලාට ගහන්නේ පයින්...

.

පිනට දෙන දේවල්වලින් කාලා බීලා බඩුත් ගහනවා මදිවට 

තව හාමුලාවත් හදන්න එනවා...

 

 

 

මහින්ද  රාජපක්ෂ  පාලනය  වෙනස්  කරමින්  අද්‍යතන  ආණ්ඩුව  ගෙන  ඒමට වෙහෙස  වූ  ක්‍රියාදරයෙක්  වූ 

 

සේපාල්  අමරසිංහ ගේ  මුහුණු  පොතේ  පළවූ  සටහනකි.