22
Sun, Apr

වෛද්‍ය අසංග විජයරත්න කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නා කියන කෙනෙක්. අපේ අහාර නිසා අපිට සිදුවෙලා තිබෙන ඛෙදාවාචකය ගැන අපට මුලින්ම රූපවාහිනියෙන් කියල දෙන්න පුංචි තිරයට ඩොක්ටර්ස්ලා එන සංස්කෘතිය නිර්මාණය කලේ වෛද්‍ය අසංග විජයරත්න.. කෝලා සමාගම් වලට මුලින්ම එක පිට එක පහර දෙන්න පටන් ගත්තේ ඔහු.. 

 

ව්‍යායාම කරන්න කිසිඳු හුරුවක් නොතිබුණු ලංකාව වැනි පසුගාමී සමාජයකට ව්‍යායාම විලාසිතාවක් පමණක් වුනු සමාජයට ඇත්ත ව්‍යායාම සංස්කෘතිය කියල දුන්නේ ඔහු. එහි අතිශය වැදගත් කම ගැන උදේ හවස කියල දුන්නේ ඔහු.. ජෝගින් පාක් වල නටන පිස්සු වෙනුවට එය ජීවිතේ යහ පැවැත්ම වෙනුවෙන් යොදා ගන්න කියල දුන්නේ ඔහු.

 

 

ලංකාව කියන්නේ බොහෝ වටිනා මිනිස්සු නැති කරගත්තු රටක්.. වෛද්‍යවරයාගේ ඉඳල මහාචාර්ය වරයා, කලාකරුවා, ජනමාධ්‍යවේදියා දක්වා ලංකාවෙන් යන්න පාර කැපුවේ අපේ රටේ පාලකයෝත් මිනිස්සුත්. කවදාවත් ලංකාවේ මිනිස්සුන්ට එවැනි දුලබ දක්ෂ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න තේරුමක් තිබුනේ නැහැ.

 

අපි මේ සටහන තබන්නෙත් තවත් එවැනි සුවිශේෂී මිනිහෙක් මේ පොළොවට නැති වෙයි කියන බියෙන්.. ඒ අන් කවුරුත් නොව අපි ඉහතින් කිව්ව  වෛද්‍ය අසංග විජයරත්න.. ඔහු ගැන ගිය දවස් කිහිපයේ අන්තර්ජාලයෙන් නොයෙක් ප්‍රචාරයන් නිකුත් වුණා.. ඔහු හොරෙක් තක්කඩියෙක් කියල සටහන් වෙලා තිබුන.

 

ඉතින් ලංකාවේ මිනිස්සුන්ට ඔහු කරපු තක්කඩිකම් මොනවද කියල අපි කියන්නයි මේ උත්සහ කරන්නේ..

 

 

අවුරුදු දහ තුනේදී ස්කොට්ලන්තයට යන වෛද්‍ය අසංග නැවත ලංකාවට එන්නේ ස්කොට්ලන්තයට  ගංගොඩවිල සෝම හිමි ගියපු මොහොතක ' ඩොක්ටර් දැන් ලංකාවට ඇවිත් ඒ මිනිස්සුන්ට මොනවහරි කලානම් මොකද ?' කියල කරපු ආරාධනාවකින්..

 

රටවල් අටක එතෙක් සේවය කරමින් ඉන්න වෛද්‍ය අසංග ඒ අනුව ලංකාවට එනවා. අපි කලින් සඳහන් කලා වගේම ඇවිදින මංතීරු වලට මිනිස්සු යන්න කැමති යුගයක් නෙවි.. ව්‍යායාම කිරීම සංස්කෘතික වෙලා තිබුණු යුගයක් නෙවි.. ඉතින් නිරෝගීව ජීවත් වෙන්න හරියට ව්‍යායාම කරන්න, හරියට ව්‍යායාම කරන රැල්ල හදන අරගලය ඇරඹුවේ මේ සුන්දර මනුස්සය.. ටයි දාගෙන උපදෙස් දෙන වෛද්‍යවරයා වෙනුවට ටී ෂර්ට් එකක් ට්‍ර්වුසර් එකක් ඇඳගෙන රුපවාහිනිය ඉදිරියට ඇවිත් ව්‍යායාම කරලා පෙන්නන්න නිහතමානි කම තිබුනේ මේ වෛද්‍යවරයට..

 

මනුස්සයෙක් ලෙස අතිශයින් මිත්‍රශීලි නිහතමානි මේ වෛද්‍යවරයා ව්‍යායාම හරියට කරගන්න බැරි අහිංසක මිනිස්සු තමන්ගේ තැනකට ගෙනත් ලෙඩ දුක් වලට නොමිලේ ව්‍යායාම කියල දුන්නේ දෝරේ යන මනුස්සකම හිතේ පුරෝගෙන.

 

ව්‍යායාම ආයතන පවත්වාගෙන මුදල් හොයන මුදලාලිලාට බඩේ පාර වැදුනත් අහිංසක මිනිස්සුන්ට එය මහත් පිටුවහලක් වුණා.

 

 

ඒ වෛද්‍ය අසංග ලංකාවේ මිනිස්සුන්ට කරපු පළමු තක්කඩිකම....

 

 

ඊළඟට බෙහෙත් ජාවාරම.. ලංකාවෙත් බොහෝ වෛද්‍යවරු මෙකී බෙහෙත් ජාවාරමට සම්බන්ධ වෙලා ඉන්න බව ලෝකෙට බය නැතුව කිව්වේ ඔහු.

 

 

ඒ වෛද්‍ය අසංග ලංකාවේ මිනිස්සුන්ට කරපු තවත්  තක්කඩිකමක්....

 

ලංකාවේ ආර්ථිකය විවෘත වුනාට පස්සේ කෑම බීම සෑම ජරාවක්ම ජරාවක්ම එන්න පටන් ගත්ත. ගෙවුණු වසර කිහිපය තුල වේගයෙන් රුධිරයේ සීනි. කොලොස්ටරෝල්, ලෝකය පුරාම වගේම ලංකාව තුලත් වැඩි වුණා. බටහිර රටවල් ඉන් ආරක්ෂා වීමට සියළු ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් ලංකාවට සියලු ජරාවන් ගොඩ බස්වන එකට විරුද්ධව මුලින්ම  අරගල කරන්න පටන් ගත්තේ ඔහු.

 

මැගී නුඩ්ල්ස් වලට කොකාකෝලා සමාගම් වලට විරුද්ධව මෝල්ට් සමාගම් වලට විරුද්ධව මුලින්ම හඬ නගන්න පටන් ගත්තේ ඔහු.

 

 

 

දිනක් ඔහු නොමිලේ ඈත ගමක කරපු වැඩමුළුවකට අපි සහභාගී වූ මොහොතක් අපිට සිහි වෙනව. වෛද්‍යවරයා කියනවා එතන ඉන්න ඔක්කොටම නැගිටින්න කියල. ඔහු පසුව කියනවා දැන් ගැස්රයටීස්, කොලොස්ටරෝල්, සීනි නැති අය ඉඳ ගන්න කියල. ඉතුරුවෙන්නේ අවුරුදු පනහක් හැටක් වුනු කිහිප දෙනෙක් පමණයි. විශේෂය තරුණ සියලු දෙනා ඉන් කුමක් හෝ රෝගයක ගොදුරක්. ඈත ගමක් වෙලත් තත්වය ඒක.. 

 

ඒකට හේතුව මේ මොහොතේ කෑම වල ස්වභාවය.. ගමේ හැදෙන නමිනං ගෙඩියක් කෙසෙල් ගෙඩියක් පළතුරක් කන අය වෙනුවට ටවුමෙන් ගේන ඇපල් ගෙඩිය කන එක නතර කරන්න බල කලේ ඔහු.

 

සමහර ඇපල් වර්ග අවුරුදු දහය පහලව පරණයි කියල හෙළි කලේ ඔහු.. කෝල බීම සීනි වර්ග විසි හතක් කිව්වේ ඔහු. මෝල්ට් බීම සීනි ගොඩක් කිව්වේ ඔහු..

 

එනිසා වෛද්‍ය අසංගට දැනට සමාගම් හතලිස් හතක් දාපු නඩු තිබෙනවා.

 

 

ඔහුගේ සුදුසුකම් ඉදිරිපත් කරන්න කියන අයට මේ සටහන  සිහි කරනවා එතරම් මිනිසුන්ට ආදරය කිරීම තරම් තවත් සුදුසුකමක් තිබෙනවද ?

 

සේයා ඝාතනයත් ලිංගික හිංසනය ගැන අද ලොකු රැල්ලට විරෝධයක් හැදිලා.. හැම තැනම පාරක් තොටක් ගානේ. අන්තර්ජාලේ, පුවත්පත් වල රැල්ලක් හැදිලා. එත් වෙන්න ඕනි විනාශයන් සියල්ල සිද්ධ වෙනවා. ඒ මේ ජරාජීර්ණ සමාජ ක්‍රමයේ ප්‍රතිපල. එත් සමාජ ක්‍රමය වෙනස් වෙනකම් දරුවෝ අවධානමේ තියන්න ඕනි කියල මේ සටහන විස්වාස කරන්නේ නැහැ. එනිසාම දරුවෝ අම්මල එකතු කරලා  වෛද්‍ය අසංග ආරම්භ කරපු ළමා ලෝකය වැඩසටහන අපි සිහි කරනවා... දෙමව්පියන්ගේ නොසකිලිමත් කම එවැනි අවස්ථාවන් සාර්ථක කර ගන්න මහත් පිටුවහලක් වෙනවා. ඉහත වැඩසටහනින් අම්මල තාත්තලටයි මුල්ම අවධානය වෛද්‍යවරයා යොමු කලේ.. 

 

දරුවෝ වෙනම එකතු කරලා ඉතාමත් මනෝ විද්‍යාත්මකව එවැනි අවස්ථා ඇති විය හැකි අවස්ථා දරුවන්ට වෛද්‍යවරයා කියල දෙන්නේ එය කිසි දිනක අම්ම තාත්තට කල නොහැක්කක් නිසා. එවැනි අවස්ථාවක් ආවොත් යෝජනාවක් ආවොත් අම්මට තාත්තට කියන්න පැය ගණනක් ඇතුලත මනෝ විද්‍යාත්මකව කියල දෙන වෛද්‍යවරයා එවැනි අවස්තාවක දරුවන්ට ඇතිවන බියත් සමඟ නිහඩව සිටින සම්භාවිතාව වැඩි නිසා කෑ ගහන්නත් පුහුණු කරනවා.

 

ඔහු මේ සියල්ල සිදු කලේ නොමිලේ... 

 

ඒ වෛද්‍ය අසංග කරපු තක්කඩිකමක්.

 

 

දරුවෝ මල් වගේ.. ඒ  වගේම හැම දරුවෙක්ම මල් වගේ.. මන්ද මානසිකත්වයෙන් පෙලෙන දරුවෝ එකට එකතු කරලා එයාලගේ ජීවිතේ හැකියාවන් අලුත් කරලා එව්ව ලෝකෙට පෙන්වන වැඩෙත්. ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බොහෝ දේ සිදු කලෙත් වෛද්‍ය අසංග දෝරෙ යන මනුෂ්‍යත්වයෙන්... 

 

ඉතින් මේ සියල්ල කරපු මෙකී මිනිසාට බැට දෙන ප්‍රධානම හේතුව ඔහු නාමල් රාජපක්ෂ සමඟ සම්බන්ධතා පැවැත්වීම.

 

මේ සටහන් කරුට අනුවනම් කෙනෙක් නාමල් රාජපක්ෂ සමඟ සම්බන්ධතා පැවැත්වීම කිසිඳු වරදක් නැහැ.

 

එහෙත් ඉහත චෝදනා නගන්නන්ගේ චෝදනා වල අසත්‍යතාව වන්නේ, අන් යමක් නොව, සටහන් කරු හොඳින් දන්නා පරිදි නාමල්ට අයිතිව තිබු ක්‍රීඩා චැනලයේ වෛද්‍ය අසංග වෙනත් මාධ්‍ය වලට සහබාගි වනවා මෙන්ම සහබාගි වුවා හැර කිසිදු වෙනත් යාළුකමක් තිබුනේද නැත.. වෙනකක් තබා අප දන්නා පරිදි රාජපක්ෂ පවුලේ කිසිවෙක් විශේෂයෙන් හමුවීද නැත.

 

එසේම මව්බිම පුවත්පත තුලිනුත් විවර ඊ නිවුස් වෙබ් අඩවිය සමඟ සංවාදයකට එකතු වෙමිනුත් රග්බි ක්‍රීඩාව රාජපපක්ෂ පරම්පරාව විනාශ කරන ආකාරය රටටම හෙළි කලා අපට මතකය. එවැනි සම්බන්ධතා තිබුනේනම් එය කිසිවිටක සිදු කල නොහැක්කකි. ඔහු එකී ප්‍රහාරයන් එල්ල කරනු ලැබුවේ රාජපක්ෂ රෙජීමය බලවත්ව තිබු යුගයකය. එනිසාම වෛද්‍ය අසංග විවේචනය කරන්නන්ගෙන් මේ සටහන අසන්නේ කාගේ ලනුවක් කා මෙවැනි ප්‍රචාරයන් සිදු කරන්නේදැයි යන්නයි. 

 

ඒ අන් කිසිවක් නිසා නොව වෛද්‍ය අසංග කිසිදු දේශපාලන ගොදුරක් නොවුණු බව අපි දන්නා නිසාවෙනි.. 

 

 

 

ඔහුගේ සුදුසුකම් ප්‍රශ්න කරන්නට උවමනා වී තිබෙන්නේත් මාධ්‍ය ආයතනවලට, අපි හොදින් හදුනන  ඇතැම් වෙබ් අඩවි වලට, වැරදි තොරතුරු ලබා දෙන්නෙත්, වෛද්‍ය අසංග ගැන මඩ ප්‍රචාර අවශ්‍ය වන්නේත් අන් කවරකුටවත් නොව කෝලා සමාගම් වලට සහ මෝල්ට් සමාගම් වලටත්, බෙහෙත් ජාවාරම්කරුවන්ටත් ඔවුන්ගේ ගෝල බාල වෛද්‍යවරුන්ටත් බව අපි දනිමු.. ඒ ගැන අප විමසු මොහොතේ නිහතමානි සිනහවකින් වෛද්‍ය අසංග ප්‍රකාශ කලේ අදාළ ආයතන වගකිවයුත්තො ඇහුවොත් මම එව්ව ඉදිරිපත් කරන්නම් යනුවෙනි..

 

ඔහු එසේ කීවද අප මතු කල සියලු කරුණු සලකා බලන කල්හි මිනිසුන්ට ආදරය කල වෛද්‍ය අසංග බොහෝ දේ කියා දුන් වෛද්‍ය අසංගට කුමන ලියකියවිලි ඉදිරිපත් කලද නැතිවද මිනිසුන් ආදරය කරනු ඇත..

 

එසේම මේ සියල්ල කල සුන්දර මිනිසාට ඉතා අසාධාරණ ලෙස ලංකාවේ ජනතාව කාලගුණ සලකා ඇත. ඔහුගේ දරුවාගේ සහ බිරිඳගේ චායරුප යොදාගෙන ඊමේල් පණිවිඩ සකස් කර බෙදා හැර ඇත.. 

 

කෙටිකලක් තුල සිදු විය හැක්කේ ජාවාරම්කරුවන් සමග කොතෙක් සටන් කලද පාලකයන්ගේද සහය ඇතුව මෙවැනි මිනිසෙකුට සිදුවන කෙනෙහිලිකම් මධ්‍යයේ ඔහු මෙරට අතහැර යාමය..

 

ඉතින් සටහන්කරු මෙලෙස සටහනක් තබන්නෙමු... මිනිසුන් මරා දැමිය හැක.. පරාජය කල නොහැක.. වෛද්‍යතුමනි අපි  තදින් වැළඳගෙන ඔබ ලගින්ම සිටින්නෙමු.. අපි ඔබව මේ ලාංකීය පොළොවට රැකගන්නෙමු..

 

Laoreet tempus vestibulum in tortor tortor aenean fames id wisi enim. Quis id consequat nulla tempus maecenas est lorem parturient ante pretium. Lacinia faucibus consectetuer vestibulum elit quisque at et ultrices sed libero. Ut nam eu nunc enim curabitur non metus eu turpis eget. Aenean laoreet vitae morbi vestibulum vestibulum sociis tellus interdum cras.

Laoreet tempus vestibulum in tortor tortor aenean fames id wisi enim. Quis id consequat nulla tempus maecenas est lorem parturient ante pretium. Lacinia faucibus consectetuer vestibulum elit quisque at et ultrices sed libero. Ut nam eu nunc enim curabitur non metus eu turpis eget. Aenean laoreet vitae morbi vestibulum vestibulum sociis tellus interdum cras.

Ut ridiculus condimentum Phasellus ut tellus Curabitur sed ut at Sed. At dui non justo quis Curabitur Nam sagittis habitant aliquet et. Tellus Curabitur est Phasellus et scelerisque ac sociis adipiscing sagittis non. Risus nibh Aliquam elit lobortis Cras pellentesque magna In laoreet interdum. Ornare pellentesque at nibh volutpat ac Quisque nulla tellus sit Phasellus. Aenean interdum et.

Laoreet tempus vestibulum in tortor tortor aenean fames id wisi enim. Quis id consequat nulla tempus maecenas est lorem parturient ante pretium. Lacinia faucibus consectetuer vestibulum elit quisque at et ultrices sed libero. Ut nam eu nunc enim curabitur non metus eu turpis eget. Aenean laoreet vitae morbi vestibulum vestibulum sociis tellus interdum cras.