22
Sun, Apr

මෙම එක්සත් ඡනපදයේ නිවියෝක්හිදී ගත් ඡායාරැපය 2010 තරමි පැරණිය. එහෙත් එකී ඡායාරැපයෙන් ඇය අපට පවසන දේ කිසිදවසක පැරණි නොවෙි.

 

එක්සත් ඡනපදයේ නිවියෝක්හි පිහිටි Bronx නැමති නිවාස සංකීර්නයේ 2010 පෙබරවාරි 16 වැනි දින ගින්නක් පැතිර ගියේය. එය පස්වැනි මහල දක්වා වෙිගයෙන් පැතිර යද්දී මෙම ඡායාරැපයේ මවකගේ අතේ එල්ලී සිටින සින්වා නමි මාස 7 ක සිගිත්තියගේ පියා Michel Alexandra වෙනත් නිවසක ඡනේලයකින් පැන දිව ගිය බව අසල්වැසියෙකු වු Maya Tucker පවසා තිබිණි.. එහෙත් සිගිත්තියගේ මවත් සිගිත්තියගේ ඥාති සොහොයුරියත් සිගිත්තියත් ඒ වනවිට සිටියේ ගින්නට කොටුවීය. අධික දුම නිසා ඔවුනට හුස්මගත නොහැකිවු අතර මව කලේ සිය සිගිත්තියට හුස්ම ගත හැකි අයුරින් ඡනේලයෙන් පිටතට දමා වැරයේ අල්ලාගෙන හිදීමයි. මව ගින්නට අසුවු පසු බිලිදිය අතෑරෙනු ඇත. එහෙත් ඇය මිය යනතුරැම බිලිදා අත නොහරින බව අසල සිටි ඥාති දියනිය වු වැලෙන්සාට කියා ඇත.


මම කිවිවා ඇයට බබාව ඡනේලයෙන් විසි කරන්න . එහෙත් ඇය එසේ නොකලාය. නමුදු ඔවුන්ට මරණය එතරමි අකාරැණික වී නැත. ඔවුන් හුස්ම හිරවෙමින් දගලද්දී ගිනිනිවන භටයෝ ඉනිමං ආධාරයෙන් පැමින සියල්ලෝම බෙිරා ගනු ලැබ ඇත.
මෙය ඡායාරෑප ගත කලේ අසල්වැසි මායා ටර්කය.

ජාතීන් වඳ කිරීමේ කථාව නිවැරැදියි.
ඒක මගේ පුංචි මොළයට දැනුනා.
මං අපේ පරපුර ගැන හිතුවා.
උදාහරණ සහිතව ඒක ඔප්පු වුණා.

අධ්‍යාපනය යනු සමාජයක යහපත් පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. අධ්‍යාපනයේ  මිනිසුන් දහස් ගණනක් සොයාගත් දැනුම අත්දැකීම් අන්තර්ගතය. මේ හේතුවෙන් අධ්‍යාපනය යනු සමස්ත සමාජයක අයිතියකි.

"අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න.."
"හරි මහත්තයා... ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න..."

එවකට මා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ.. විදුලිය විසංඳි කරන්න, මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා.. විදුලිය සිඳලීමේ නියෝගය නිකුත්කර තිබුනු බැවින්..

මා යන විට තරමක් මහලු කාන්තාවක් කුඩා දරුවෙකුට කෑම කවමින් සිටියේ...
ඇය මාව ගනංගන්නේවත් නැතිව

"මහත්තයා ආපු වැඩේ කරලා යන්න"

කී අයුරින්ම මට කෘතුහලයක් ඇති උනා මේ කාන්තාවගේ කතාව සොයා බලන්න...

"ඇයි අම්මා එහෙම කියන්නේ.. ලයිට් කැපුවහම අම්මලාට කරදරයිනේ.. බැරිද මොකක්හරි කරලා මේ බිල ගෙවලා දාන්න"

"වැඩක් නෑ මහත්තයා මට ඕක ගෙවන්න විදියක් නෑ"

"ලයිට් කැපුවහම ආයේ අමුනන්නත් සල්ලි දෙන්න වෙනවා... මෙතන පොඩි ගානක් නේ ගෙවන්න තියෙන්නේ.."

ගෙවන්න තිබුනේ රුපියල් තුන්දහස් ගානක්.. වෙන මිනිස්සු දස අතේ බොරු කියනවා ලයිට් කපන්නැතිව තියාගන්න... ඇත්තටම ඇයි මේ කාන්තාවට මේක ගෙවාගන්න බැරිඋනේ යන්න දැන ගැනීමේ උවමනාව හින්දාම මම ඇහුවා..

"මොක උනත් ඕවට ගෙවන්න තියා මේ පොඩි එකාට කන්න දෙන්නවත් මට විදියක් නෑ"

" ඇයි අම්මට මොකද උනේ... මේ දරුව කාගෙද.."

"මගේ කතාව අහන එක මහත්තයට වැඩක් වෙන්නෑ.. ඒ කතාව කාටවත් වැඩක් නෑ.."

ඇය ඉවත බලාගෙන... ඒ කියූ අයුරින්ම මගෙ හිත කීරිගැසී ගියා..
මා ඇගෙ කතාව අසා සිටියා...

"මහත්තයෝ මේ මගෙ දුවගේ දරුව..
ඒකි රට ගියා දැං ආගිය අතක් නෑ...
මං වැඩකලේ ගොවිපලේ... හැට පැන්න හින්දා පැංසන් ගියා...
තාම මගෙ පැංසන් පඩිය එවුං හදලා දුන් නෑ මහත්තයෝ..."

"මේ දරුවගේ ලේ වල පිලිකාවක්... "

ඇගේ ඇස් කෙලවරේ පුංචි කඳුළු බිඳුවක්..

"මං වැඩට යද්දි මේකගේ අම්මා.. මගේ දුව ගෙදර තනියමයි හිටියේ.."

"මගේ මිනිහ ලෙඩවෙලා මැරුණෙ ඒකිව හම්බවෙලා අවුරුදු දෙකකට විතර පස්සේ.."
"ටික කාලයක ගෙවල්වල වැඩ කරලා ඒ ඉඳුල්වලින් කෙල්ලව උස්මහත් කරා.." "ඒකිට හරියකට උගන්න ගන්නත් බැරිඋනා.."
"සල්ලි තිබ්බෙ නෑ මහත්තයෝ..."
"පස්සේ මං ගොවිපලේ වැඩට යද්දි ඒකි ගෙදර හිටියේ තනියම"

"මේකට තාත්තෙක් නෑ ... මෙහෙ වරෙන් මයෙ දෙයියා.."

ඇය දරුවව තුරුලට ගනිමින්... චීත්ත කෙලවරින් දෑස පිස ගත්තා...

"මේකගෙ ලෙඩේ වැඩි වෙලා මහරගම ඉස්පිරිතාලේ හිඩපු ඩිංගට මයේ ගේ ගිනිගත්තා... මට මුකුත් ඉතුරු වෙලා නෑ.. දෙයියනේ...
වටේපිටෙි උන්ටික එකතුවෙලා වහලෙ හෙවිල්ලා දුන්නා... ගේ හරියේ ඉඳගන්න පුටුවක්වත් නෑ මහත්තයෝ..."

එවිටයි මා ගෙට එබී බැලුවෙ.. නිදාගන්නා පැදුරු කෑල්ල පමනයි ගෙතුල තිබුනේ...

අහපු ටික හොඳටම ප්‍රමානවත්,

මෙතරම් දුකක් දරාගෙන මේ කාන්තාව මෙසේ ජීවත් වෙන්න තිබෙන දෛර්ය මොනතරම්ද... මගේ හදවතට මහා බරක් දැනුනා... වාහනයට ගොඩවී කාර්යාලයට එනකම්ම මහා මූසල ප්‍රදේශයයක් පසු කරනවා වගෙයි එදා දැනුනේ

"සර්... මේ ගෙදර ලයිට් කපන්න මට බෑ
පුලුවන්නම් මෙන්න මේ මුදල මගේ පඩියෙං මාස හයකින් කපා ගන්න..."

මම මගේ ප්‍රධානියා ඉදිරියේ පෙනී හිටියේ එසේ කියමින්..
එතුමා වික්ෂිප්ත උනා

"ඇයි සරත් මොකද්ද ප්‍රශ්නේ.. "

එතුමාගේ පෙරෙත්තය මත මා සියල්ල පවසා සිටියා...

"සරත් ඔයා හිතන්නේ මට හිතක් පපුවක් නෑ කියලද..."

ඔහු එම බිල රතු පෑනෙන් කපා දැම්මා...

--------------------------

මාස කිහිපයකට පසුව මට පනිවිඩයක් ආවා,

"සරත් අයියා අන්න ඔයාවද මන්දා හොයනවා, වයසක අම්මා කෙනෙක්"

මගේ වැඩටික නිමාකර, මා පැමිණියා කාර්යාලයේ ඉදිරිපිටට.. තරමක් දැක හුරු අම්මා කෙනෙක්....
මතක්උනා...

"මහත්තයට මාව අඳුරගන්න පුලුවන්ද.."

අතේ තිබුනු පාර්සලය මවෙත දික්කරමින් ඇය ඇසුවා...

"මගේ පැංසන් එක හම්බඋනා මහත්තයෝ..."

"මට දැං කාත් කවුරුවත් නෑ... කොලුපැටියත් නැතිඋනා.. අනේ මට ඌට හරිහමන් බෙහෙතක් හේතක් කරගන්නවත් බැරිඋනා.."

"මගෙ ජීවිතේටම මංගැන අනුකම්පා කරපු එකම එක්කෙනා මහත්තයා විතරයි.."

"මේං මේ අලුව පාර්සලේ මහත්තයට ගෙනාවේ..."

"හා හා ගොඩාක් ස්තූතියි... ඔහොම්මම එන්නකො ඇතුලට.."

මම ඇයව මගේ ප්‍රධානියා ගාවට රැගෙන ගියා...
ඇයව අදුන්වා දුන්නා..
ලොක්කා කී ලෙසම කාර්ය මණ්ඩලයේ සියලුදෙනාව එයාගේ කාමරයට රැස් කලා..
කට්ටියම අලුව කාලා තේ කහට බිව්වා.. අර අම්මත් සමග...
අපි හිනාවුනා... අම්මගේ රැලිවැටී වේලිලා තිබුනු මුහුන කොනකත් පුංචි සිනා රැල්ලක්... ඇස් දිලිසුනා...
------------------------

සරත්චන්ද්‍ර සහෝදරයාගේ රැකියා ජීවිතේ මතක අත්දැකීමක් ඇසුරිනි

2030 වර්ෂය වනවිට පිළිකාවෙන් වසරකට මිය යන කාන්තාවන් ගණන මිලියන 5.5 ක් වනු ඇති බවට නවතම අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබෙනවා. එම අගය දශක දෙකකට අඩු කාලයක් තුළ පිළිකාව හේතුවෙන් මිය යන කාන්තාවන් ගණන 60෴ ක ප්‍රතිශතයකින් වැඩිවීමක් පෙන්නුම් කරන බවයි පර්යේෂණය සිදුකළ ඇමෙරිකානු පිළිකා සංගමය සඳහන් කරන්නේ.

ගෘහ සේවයට පිටරට ගිහින් කප්පරක් දුක්විඳලා මළමිනියක් ගෙදරට ආවම, ආණ්ඩුවේ ඇමතිවරු ගෙදරට ඇවිල්ලා මාධ්‍යවලට පේන්න දුක අහගෙන ඉඳලා, දුක් මූණ පෙන්නලා, පොඩි වන්දියක් දුන්නාම ප‍්‍රශ්නේ අවසානදැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ප‍්‍රශ්න කරයි.

ලන්ඩන්  හී වෙසෙන ශ්‍රී ලාංකික දරුවෙක් වන සෙනිත් කේනුල සුමනසිරි දරුවා ලියුකේමියා රෝගයෙන් පෙලෙන අතර ඔහුට Bone Marrow Transplantation (BMT) ප්‍රතිකාරය කිරීමට අවශ්‍ය බව දොස්තරවරු පවසයි. කේනුලට ගැලපෙන BMT දායකයෙකු බ්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව තුලින් සොයා අවශ්‍ය ප්‍රතිකාරකය කිරීම ඔහුගේ ජීවිතය බේරාගැනීමට කලයුතු කඩිනම් අවශ්‍යතාවයක්ව පවතී.

ලියුකේමියා රෝගියෙකුට BMT ප්‍රතිකාරකය කිරීම මේ කාලයේ ඉතා පහසු මෙන්ම ආරක්ෂාකාරී ක්‍රියාවලියකි. ඉස්සර මෙන් ඒ සදහා ශරීරයේ ඇට මිදුළු පසාරු කිරීමක් කරන්නේ නැත. BMT දායකයාගේ එක් අතකින් රුධිරය ලබාගෙන යන්ත්‍රයක් මාර්ගයෙන් එහි ඇති stem ලබාගෙන යලිත් රුධිරය දායකයාගේ ශරීරය වෙත ලබාදේ. මෙය පැයදායක 4 -5 ක ක්‍රියාවලියක් වන අතර එහිදි කුඩා තාවකාලික තෙහෙට්ටුවක් මිස කිසිදු හානියක් දායකයාට සිදු නොවේ. තෙහෙට්ටුව උවද පැය කිහිපයකින් සමනය වේ.

කේනුල දරුවාට ගැලපෙන BMT දායකයෙකු සොයාගැනීම සදහා මැදිහත්වී ක්‍රියාකරන සංවිධානයක් වන WE DELETE BLOOD CANCER ( dkms.org.uk ) ආයතනය විසින් ගැලපෙන BMT දායකයෙකු සොයාගැනීමේ මෙහෙයුමක් අරබා ඇත. එම ආයතනයේ නියෝජිතයන් සමග සම්බන්ධ වී කේනුල දරුවාගේ ජීවිතය වෙනුවෙන් ඔබටත් යමක් කල හැකිය. DELETE BLOOD CANCER ආයතනය සමග සම්බන්ධ වී, සරල ඉල්ලුම්පත්‍රයක් පුරවා ඔබේ කෙල සාම්පලයක් ඔවුන් වෙත ලබා දී BMT දායකයෙකු ලෙස ඔබට ලියාපදිංචි විය හැකිය.

බ්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධ ආගමික හා වෙනත් උත්සව පවතින ස්ථානවලට පැමිණ ඔබව දැනුවත් කිරීමට සහ කැමති පිරිස් ලියාපදිංචි කරගැනීමට ඔවුන් සුදානමින් සිටී. මේ සදහා සම්බන්ධ වී කේනුලගේ ජීවිතය බේරා ගැනීමට උපකාර කරන ලෙස ඔහුගේ පවුලේ සමීපතයන් ඉල්ලා සිටී.

වැඩි විස්තර ; සුනෙත් සුමනසිරි 07912377148

Joseph Hallett, Senior Donor Recruitment Manager, DKMS, Ashburnham House Castle Row
Horticultural Place
London W4 4JQ
020 8747 5632, 07782416892, 07896964698, 07951322712

3නත්තල ළඟ  ළඟ  එන සුභ  ආරංචිය  ලෝකවාසී ජනතාවට ව්‍යාපාරික ප්‍රජාව  කියන්නට  ගත්තේ නොවැම්බර් මස  මුල සිටය .බහුජාතික සමාගම්ද , මහා පරිමාණ ව්‍යාපාරිකයන්ද , සුළුපරිමාණ වෙළඳුන්ද , පෙට්ටි කඩ කරුවන්ද , පේමන්ට් වෙළෙන්දන්ද මේ සුභ ආරංචිය  තමතමන්ගේ ප්‍රාග්ධන හැකියාවන් මත ජනතාව වෙත ගෙන ගියහ .ජේසු තුමන්ගේ උත්පත්තිය සමරන හැටි එකිනෙකා පරයමින් ජනතාවට පාඩම් කියා දුන්හ .

නොවැම්බර් මස මැදවනවිට ලොව පුරා ඇති කඩ සාප්පු ඇතුළට ධාරණීපාත හිම පතන පතිතවන්නට විය .නේක වර්ණ විදුලි බුබුළු ඒ හිම මත ගැස්සී ගැස්සී නටන්නට විය .නත්තල් සීයා මහමඟ  වීදිදිගේ ඇවිද ඇවිද සමාගම් වෙළද නම යටතේ සේල් සේල් කියමින් භාණ්ඩ විකුණන්න විය .පොඩි දරුවන්ගේ මනස් කොල්ල කන  වෙළද දැන්වීම් රුපවාහිනී තිර මත දිස්වන්නට විය .

දෙසැම්බර් මැදවනවිට පාරිභෝජන වාදයෙන් තොර නත්තලක් නැති බව  ජනතාවට ඒත්තු ගන්වන්න මේ වෙළද දේවදූත ප්‍රජාව සමත් විය . නත්තල කිට්ටුවෙත්ම උසම නත්තල් ගස්ද ,ලොකුම ගවලෙන්ද ඉදිකරන්නට වූ අතර රාජ්‍ය අනුග්‍රහයේන් , පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මංමාවත්  පාට පාට විදුලි බුබුලින් ආලෝකමත් වන්නට විය .

නත්තල් සියාවෙත නත්තල ලංවෙත්ම පොඩි දරුවන් සෙල්ලං බඩු තෑගි ඉල්ලා දිනපතාම ලියුම් ලියනට විය ... දිනෙන් දින ඉහළ  යන ඉල්ලුමේ තරමට සැපයුම් කිරීමට නත්තල් සීයාට කොන්දේසි විරහිතව ශ්‍රමය සුරා කන්න සිදුවිය .

24 එළබෙත්ම දරුවන් බලා සිටියේ නත්තල් සීයා තමන් ඉල්ලූ තෑගිත් අරන් කොයි මොහොතේ පැමිණේද කියායි .පසුගිය වසරේදී තමන්ගේ ඉල්ලීම ඉටුකරන්නට අපෝසත් වූ නත්තල් සීයා මේවසරේ තමන් ඉල්ලු දේ ලබාදේයැයි සිතමින් නොඉවසිල්ලෙන් සිටියහ .එනමුත් දෙමවුපියන් දරුවන්ට හොරෙන් තමන්ගේ හැකියාවට අනුව එදින නත්තල් ගස යට තෑග්ගක් තැබුහ.බොහෝ දරුවන්ට තමන් කැමතිම ,ආසම තෑග්ග ලැබුනේ නැත .ඔවුහු තෑගි දැක ඇඩුහ. බොහෝ දෙමවුපියන් එදින දරුවන් අඩනු දැක තව තවත් කනස්සලු සිතින් දුක්  බර විය . අතලොස්සක් දරුවන්ට නත්තල් සීයා යහමින් තෑගි ගෙනත් දුන්නහ . ඔහු වෙනදාටත් වඩා එදින සතුටින් සිනහා මුසු මුහුණින් නත්තල් සමරුහ .

බෙත්ලෙහෙමේද  ,පලස්තීනෙද, සිරියාවේද ,ඉරාකයේද ලෝකයේ බොහෝ තැන්වලදී තෑගි භෝග රැගෙන එන නත්තල් සීයා වෙනුවට පොඩි දරුවන්ව සොයාගෙන ආවේ කුරිරු වෙඩි උණ්ඩය .... දිළින්දාට නත්තලේ වෙනසක් දැනුනේ නැත ....5

ගරු ඝාම්බීරව අහස උසට නැගී  සිටි දේව මන්දිර වල ක්‍රිස්තු උපත මහා ඉහලින් සැමරූහ . ඒ දේවමන්දිරයේ දොරටුව අභියස අඩන්තේට්ටම් විදිමින් පරුෂ වචනයෙන් බැණුම්අසමින් අසරණ දිළින්දෝ දේව මන්දිරය ඇතුළටයන්නට අවසර නොමැතිව ලෝක ගැලවුම්කරුවාගේ උපත සිහිපත් කරන ධනවතුන්ගේත් සිඟමන් යැදියහ . ඔහු ලද සිඟමන් වෙනුවෙන් පොහොසතුන්ට  දේව ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරමින් පිංසිද්දවේවා යැයිකීහ. ඔහූ  ලෝකවාසී සැමට සුභ නත්තලක් ප්‍රර්ථනා කළහ ..