27
Fri, Apr

හැම වාර විභාගයකම මම පන්තියේ පලමු වෙනියා.
අපේ අම්මට ඒඩ්ස් කියලා ප්‍රින්සිපල් මාව එලෙව්ව.
මම ශිෂ්‍යත්වය ලියන්න ආසයි , අනේ මට ඉස්කොලෙයක් දෙන්න .
මෙහෙම කියන්නේ
ගනේමුල්ල ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ අසරණ වූ දුවක්.

පසුගිය දවසක ⁣ වෙස්මුහුණු පැළඳ ගම්පහ ගණේමුල්ල කුඩාබොල්ලන ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන පුංචි දුවක් සිය අධ්‍යාපන අයිතිය ඉල්ලා ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාස කරන අන්දම අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැක්කා .

වෙස්මුහුණ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහායි .
හඳුනාගැනීම තර්ජනයක් නිසායි .
දස හැවිරිදි ඇය මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටින පන්තියේ පළමුවැනියා .
ඇත්ත ඇගේ අම්මාට HIV ආසාදනය වෙලා .
වෙඅන්නක් මේ සමාජය තුළ සිදු විය හැකියි
අම්මගේ ප්‍රශ්නයකට දරුවෙක්ට වග කියන්න බැහැ
එහෙත් පාසල් බලධාරීන් අයුක්ති සහගත ලෙස ඉල්ලන්නේ දරුවා⁣ගේ ජීවිතයය.
ඔවුන්ට අවශ්‍ය මේ අහිංසක දරුවා පාසලෙන් නෙරපන්න .
මේ අමනුශීය ක්‍රියාවලිය තුළ
නිලධාරින් නිහඬයි.
මාධ්‍ය නිහඬකුණු රසය හොයනවා .
අවිද්‍යාව ප්‍රබලවෙලා
මානව හිමිකම් නිහඩයි .

මේ ප්‍රශ්ණය මෙතනින් නවතිනවානම් අපට නිහඩව සිටින්න පුළුහන්
නමුත් එය එහෙම වෙන්නේ නැහැ
නැවතත් ඇවිත් තියෙන්නේ ඔබේ වාරය.
අහිංසක දරුවාගේ අධ්‍යාපන අයිතිය සඳහා හඬක් නගන්න .

අප සමාජයක් ලෙස කෙතරම් ලැජ්ජා සහගතවි තිබෙන්නේ ද යන්න පෙන්වා දෙන්නේ,
අප කෙතරම් වේගයෙන් මිලේච්ඡත්වය දෙසට ඇදී යන්නේ ද යන්න ඔප්පු කරන්නේ,
ඒ දියණිය සහ ඇගේ වෙස්මුහුණයි.

මෙවන් සමාජයක් තුළ ජීවත් වීම වෙනුවට ,
එය වෙනස් කිරීම වෙනුවෙන් ජීවිතය වෙන් කළ යුතු බව අපටම තහවරු කරන මිලියන ගණනක් උදාහරණ අතර මේ කුඩා දැරිය සහ ඇගේ වෙස් මුහුණ සමකාලීන මොහොතට බලපෑම්සහගතම උදාහරණයක්

ඇත්තටම ඇගේ මව ඒඩ්ස් රෝගයට ගොදුරක් වෙන්නේ මේ පවතින ජරා ජීර්ණ වූ සමාජ ක්‍රමය නිසා නෙවෙයි ද..?
ඒකට ඇයව අැද දමන්නේ සමානත්වයක් නැති ක්‍රමය නෙවෙයි ද. ?
ඇයට මුහුණ දීමට සිදු වූ මේ අසාධාරණ සමාජ ක්‍රමය වෙනස් කරන්න වෙර දරනවා වෙනුවට ,
ඇගේ පුංචි දැරියට පිහිටක් වෙනවා වෙනුවට ,
අපි කරන්නෙ ඔවුන් ව කොන්කර දැමීමක් නෙවෙයි ද?
ඒ දැරියගේ අධ්‍යාපන අයිතිය උදුරා ගන්න එක නේද..?

අධ්‍යාපනය කියන්නේ හැම මනුස්සයෙක්ගෙම අයිතියක්.
ඒ අයිතිය මොනම හේතුවකටවත් විදුහල්පතිවරයාට හෝ උසස් අධ්‍යාපන කොමසාරිස්වරයාට හෝ අධ්‍යාපන ඇමතිවරයාටවත් උදුරාගන්න බැහැ.

අධ්‍යාපනය කියන්නේ මුළුමහත් සමාජයේම අයිතියක්
ඒක එක එක පුද්ගලයන්ට ඕන විදිහට පාවිච්චි කරන්න බැහැ .

අපි හිතුවද ඇයි මෙහෙම වෙන්නේ කියලා .?

ඒකට තවත් විශේෂ හේතුවක් තමයි අපේ රටේ සෑම පුද්ගලයකුටම ලිංගික අධ්‍යාපනය නොලැබෙන එක.
බාර් එකට ගිහින් පෝලිමේ ඉදල බෝතලයක් ගන්න මිනිස්සු ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ගන්න ඇබරෙන ඇබරිල්ල දැක්කම...කොයිතරම් අසරණ කමක් දැනෙනවා ද..?

අද ජීවන වියදම කරට අරන් තියෙන්නේ වැඩි හරියක් කාන්තාව .
ඉතින් මේ ධනේශ්වර ක්‍රමය තුල ඇයට ජීවත් වෙන්න , අන් අයව ජීවත් කරවන්න ඕනම දෙයක් කරන්න සිද්ද වෙනවා.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ,
ඒක නිසා තමයි අද කාන්තාවන් මැද පෙරදිග රටවලට වහල් සේවයට යන්නේ .
වෙනත් විදිහකට කියනවනම් මේ ක්‍රමය ඔවුන්ව වහල් සේවයට යවනවා
මොකද විදෙස් විනිමය වැඩිපුරම අපේ රටට ලැබෙන්නේ මේ වහල් සේවය කරන කාන්තාවන නිසා.
තව කී දෙනෙක් තමුන්ගෙ ශරීරය විකුණලා ජීවත් වෙනව ද.?
ඔබට කොටුවට රාත්‍රීයට ගියොත් පෙනේවි , කී දෙනෙක් පේමන්ට් එකේ නිදිද කියලා .. ඇයි මිනිස්සු හොරකම් කරන්නෙ ,
ඇග විකුණන්නෙ, වහල්සේවයට යන්නේ ?
ඒක තමයි මේ ධනේශ්වර පාලකයන් මේ සමාජයට ,
පීඩිත පංතියේ මිනිස්සුන්ට කියන්නේ ..
එයාල කියන්නේ ඇග විකුණන්න , හොරකම් කරන්න , වහල්ලු වගේ ජීවත් වෙන්න ,
එහෙමත් බැරි අයට ගගකට පැනල හරි , මැරෙන්න කියලා ,
එයාලගේ අමානුෂික සතුට වෙනුවෙන් අපේ ජීවිත බිල්ලට දෙන්න කියලා තමයි එයාල අපිට කියන්නේ ,

තමුන්ගෙ මවට ඒඩ්ස් කියලා පුංචි දැරියකව පාසලෙන් පිටමං කරන්න තරම් මේ ගුරුවරුන් විදුහල්පතිවරයාත් , දෙමාපියනුත් අමානුෂික වෙලා...
මේ වගේ දෙයක් සිදු වූ පලමු අවස්ථාව නෙවෙයි මෙය.
මෙයට කලිනුත් කුලියාපිටියේ විද්‍යාලයක මෙවැනි ම සිදුවීමක් අපි දැක්කා .
ඒඩ්ස් රෝගය වගේම මාරන්තික වකුගඩු රෝගයත් අද අපේ රටේ සීග්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා ,
විශෙශ්ෂයෙන් පොළොන්නරුව ප්‍රදේශයේ , දැන් කෙනෙක්ව විවාහ කර ගන්නෙත් පවුලෙ අයට වකුගඩු රෝගය වැළදී තිබෙනවා ද සොයා බලලයි..
මේ විදිහට ඉදිරියේදී වකුගඩු රෝගය ඇති පවුල්වල ලමුන්ව පාසල්වලින් පිටමං කරන්න ත් බැරි නැහැ..

අද රජයේ කාර්යාලයක සේවකයගේ සිට හොර කමට , පුරුදු වෙලා,
හාෆ් සීට් එකේ ඉදන් කරන්නෙ ත් හොරකමක් තමයි , එහෙමත් නැත්නම් පගාව ගන්න පුරුදු වෙලා..
දරුවව පාසලට දාන්නත් පගාව දෙන්න වෙලා.. ඉතින් මේ ධනේශ්වර පාලකයන් හොදම දේ දරුවන්ට කියලා මේ සමාජයට ලබා දීලා තියෙන්නේ මොනවාද ?
මේ ධනේශ්වර ක්‍රමය අපිට තිලින කරලා තියෙන්නේ ඒ එකම එක දෙයක් පමණයි
ඒ ජීවත් වීමේ අයිතිය උදුරා ගන්න එක විතරයි .

මනුෂ්‍යත්වය වෙනුවෙන් අද අපි හඬක් නැගිය යුතුයි .
නමුත් අපිට එක පමණක් කරලා නවතින්න බැහැ
මේ අර්බුද ගොඩනගන මනුෂ්ෂත්වය හප කරන මේ නරුම ක්‍රමය වෙනස් කිරීමට පෙරමුණ ගත යුතුයි

චන්දි නානයක්කර

“මගේ ජීවිතය ගැන වද වෙන ඔය හැමෝටම තම තමන්ගෙ ජීවිත වලත් ප්‍රශ්න, කරදර ඇති කියල මම හිතනව.. ඒ නිසා මම ඔය හැමෝගෙන්ම ඉල්ලන්නේ කවදාවත් දැකල වත් නැති, කවදාවත් අඳුරගන්නවත් ලැබෙන්නෙ නැති දෙන්නෙකුගෙ ජීවිත ගැන වද නොවී අපේ ජීවත ගැන කතා වෙවී නිකරුනේ කාලය නාස්ති නොකර තම තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න පුලුවන් නම්, තම තමන්ගෙ වැඩක් කරගෙන ඉන්නව නම්, ඒක හැමෝටම ගොඩක් හොඳයි!!

‍මෙහෙම කියන්නේ පසුගිය කාලයේ වඩාත්කතා බහට ලක්වූ තරුණියක වන යාසාරා අබේනායකයි. ඇය එහෙම කියන්න හේතුව පසුගියදා ඇය ෆසීල් මරිජා සමග විවාහ වීමෙන් පසු ඔවුන් දෙන්නාගේ විවාහය ගැන සමාජ ජාල මාධ්‍යවල පළව තිබූ ප්‍රතිචාර විය හැකියි.

යාසාරා විවාහ ගිවිස ගැනීමෙන් පසු ෆේස්බුක් පිටුවේ නම යසාරා මරිජා ලෙස වෙනස් කරලා වගේම ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් විවාහය ගැන කතාවකුත් දාලා තියෙනවා.

පහත දැක්වෙන්නේ එම කතාවයි.

1

2

 

ශුද්ධ වූ සියල්ල කෙලෙසෙන්නේ යැයි මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශයේ ලිව්වේ 1848 දී. ඉන් ඔහු අදහස් කළේ ධනේශ්වර ක්‍රමයේ උච්චතම අවස්ථාවේදී සියලු දේ විකිණෙන්නට නියමිත බවයි. එහි සියලු දේ යනුවෙන් ඔහු අදහස් කළේ මානව සමාජයේ භෞතික හෝ ද්‍රව්‍යමය අවශ්‍යතා විතරක් නෙවෙයි. අධ්‍යාත්මික අවශ්‍යතාද ඊට ඇතුළත්. කලාව, දර්ශනය, ආගම පමණක් නෙවෙයි මිනිස් විෂයෙහි වඩා මූලික හා සංවේදී අවශ්‍යතාවයක් වූ ප්‍රේමයද ඊට ඇතුළත් වේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී කලාකරුවන්ට නැවත වරක් ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඒ කෞශල්‍යාගේ නාට්‍යයට හූ කීම සහ ගල් ගැසීම සම්බන්ධයෙන් සංවාදයක් ඇති කිරීමටත්, කලාව පිලිබඳ විකල්ප කතිකාවතක් ආරම්භ කිරීමටත් සකස් කළ ව්‍යාපෘතියේදීය. විකල්ප සහ නවීකාරක කලා භාවිතාවන් පිලිබඳ සංවාදයක් ගොඩ නැංවීමට මෙවර ශිෂ්‍ය සාහිත්‍ය උළෙලේදී ප්‍රමුඛත්වය ලබා දීමට ගත් තීරණයත් සමග බේකරියේ කට්ටිය ඇතුළු එම ප්‍රවණතාවයේ කලා නිර්මාණ වලට අවකාශය විවර කෙරිණි. දැන් ප්‍රහාරය එල්ලවී ඇත්තේ එම උත්සාහයටය.

එම ප්‍රහාරයේ පදනම බවට පත්ව තිබු සංස්කෘතික මතවාදයට අප කොහෙත්ම එකඟ නැත. එමෙන්ම සංස්කෘතික වටිනාකම් පිලිබඳ විවාද ප්‍රචණ්ඩත්වය භාවිතා කර අතින් පයින් බේරා ගැනීමේ සම්ප්‍රදායද වහා සමාජයෙන් පලවා හැරිය යුතු සම්ප්‍රදායකි. අප දකින්නේ මෙය හුදු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ පසුගාමීත්වය පිලිබඳ ගැටළුවක් ලෙස නොවේ. මෙහි එවැනි පැත්තක්ද තිබේ. ඊට අමතරව විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ ඇති යල්පැන ගිය සහ අවිචාරවත් අංගද, පොදුවේ ලංකාවේ ග්‍රාමීය පසුබිම් වලින් උපදින සංස්කෘතික ප්‍රශ්නද කාලයක් තිස්සේ එම ජන කොටස් අතර ආධිපත්‍යය උසුලන ජාතිකවාදී දේශපාලනයද ඊට බලපා තිබේ. ලංකාවට දශක ගණනාවකට පසුවත් සරච්චන්ද්‍රගේ කලා පෞරුෂය ඉක්මවාලන කලා පෞරුෂයක් බිහි කරගත නොහැකිවීම සහ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ වල ඇති ගතානුගතිකත්වය ආදියටද වගකීමෙන් නිදහස් විය නොහැකිය. ජාත්‍යන්තර වශයෙන් කලාවේ ඇතිවී තිබෙන වර්ධනයන් සහ විචාර කතිකාවත් ලංකාවේ ඒකභාෂීය තරුණයන්ට ආලෝක වර්ෂ ගණනාවක් දුරින් තිබීමද මේ ප්‍රශ්නයේ සැලකිය යුතු කොටසකි. තවමත් 'වල' පූජනීය ලෙස ආගමික අර්ථයකින් නාමකරණය වන්නේ ඒ නිසාය. ඒ සියල්ලටමත් වඩා ලංකාවේ විපර්යාසකාරක සමාජ සංවාදයක් සහ විප්ලවවාදී දේශපාලනයක් සක්‍රිය කිරීමේ අරමුණෙන් ක්‍රියා කරන, විශේෂයෙන් ශිෂ්‍ය ප්‍රජාව අතර අන් අයට සාපේක්ෂව වැඩි දේශපාලන ක්‍රියාකාරීත්වයක නිරත වන අප පක්ෂය ඉතාම බැරෑරුම් ලෙස මෙහි වගකීම භාර ගනී.

මෙහිදී විවිධ අය විවිධ ස්ථාවර වල සහ විවිධ දේශපාලන ව්‍යාපෘති වල සිට මේ ප්‍රශ්නය විග්‍රහ කරයි. ඇතැමුන්ට අවශ්‍ය වී තිබෙන්නේ මේ අවස්තාව භාවිතා කර අවලාද ප්‍රහාර එල්ල කොට ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීමටය. තවත් අයට මෙය අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමේ නව ලිබරල් ව්‍යාපෘතිය සුජාතකරණය කිරීමට ලද අවස්ථාවකි. තවත් අය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ පසුගාමීත්වය සහ අගතීන් උඩ දමමින් තමන්ගේ පසුගාමීත්වයන් සහ තමන්ගේ අගතීන් වසා දැමීමේ උත්සාහයක නිරතව සිටී. තවත් ඇතැමෙකුට මෙය සිය හීනමානයන් සපුරා ගැනීමට සහ 'ආතල් ගැනීමට' ඇති නිමිත්තකි. මේ අතර තව පිරිසක් උදේ හවස කොළඹ සිට පේරාදෙනි යමින් මේ සිසුන් අන්දවා, ඔවුන්ගේ සංස්කෘතික සීමාවන් සාධාරණීකරණය කරමින්, ඔවුන් කළමනාකරණය කර අත්පත් කර ගන්නා දේශපාලන බලයකට කෙල හලයි. ඒ වෙනුවට අපට මෙය ඉතා බැරෑරුම් නිමිත්තකි.


ඒ මේ අර්ථයෙනි. අද ඉදිරිපත් වී තිබෙන බොහෝ ව්‍යාපෘති වලින් සිදු වන්නේ ග්‍රාමීය අතරමැදි පාන්තික තරුණයන්ගේ උන්නතිකාමී කොටස් සහ විකල්ප කලාව- සංස්කෘතික ඉදිරිගාමීත්වය අතර ඇති සම්බන්ධය කැඩීමයි. අපට අවශ්‍යව ඇත්තේ මේ තරුණයන් වෙනස් කර, ඔවුන්ට මිනිස් සංහතියේ සංස්කෘතික නිධානයන්ට දොර වැසීමට ඉඩ නොදී, ප්‍රගතිශීලී කලාව ප්‍රතිගාමීත්වයක් ලෙස පෙනෙන කන්නාඩි ගලවා විසි කර ඒ සම්බන්ධය ගොඩ නැගීමටය. ඒ සඳහා අප අත්හදා බැලු ආකෘති අසමත්ව ඇත. අපි ඒ අසමත්කමේ වගකීම භාර ගනිමු. අප දකින දේ- අප සිතන දේ සහ අපේ හැකියාවන්- අපේ නිර්මානශීලීත්වය අතර ඇති විශාල පරතරය අපි වටහා ගෙන සිටිමු. ඒ නිසා එම වගකීමද අපි ඉතා බැරෑරුම් ලෙස භාර ගනිමු. කිසිවක් සඟවන්නට අවශ්‍ය නැත. සංස්කෘතික ක්ෂේත්‍රයේත් ශිෂ්‍යයන් අතරත් අපේ ව්‍යාපෘතිය එයයි. එය යතාර්ථයක් කර ගැනීමට බාධාවක් වී ඇති අපේ සීමාවන් මේවායි. ඒ සියල්ල විවෘතව සමාජයට පැවසීමට අපට විචිකිච්ඡාවක් නැත. සැබෑ වාමාංශිකයන්ගේ කුස තුළ සැඟවුණු බිජු තිබිය නොහැකිය. අප මේ සමස්තයේ වගකීම භාර ගන්නේ, පහර කෑමට ලක්වූ කලාකරුවන්ගේ මෙන්ම පහර දීමට පැමිණි ශිෂ්‍යයන්ගේත් වගකීම භාර ගන්නේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයට වගකීම පවරා අත පිසදා ගැනීමට බලා සිටින කුහකයන්ගේ සතුට වෙනුවෙන් නොව, වාමාංශයට පන්ති වගකීමක් පමණක් නොව සමස්ත මිනිස් ශිෂ්ටාචාරයක් ගොඩනැංවීමේ වගකීමක් ඇති බව අප සිතන නිසාය.

අපට ශිෂ්‍යයන්ට කියන්නට ඇත්තේ මෙපමණකි. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට දැන් දියත් වන නව ලිබරල් ව්‍යාපෘතිය පරාජය කිරීමේ වගකීමක් ඇත. එහිදී සමාජයට නායකත්ව භූමිකාවක් සැපයීමේ විභවතාවයක්ද ශිෂ්‍ය ව්‍යාපාරයට තිබේ. එය කළ හැක්කේ සමාජයට පසුපසින් අමාරුවෙන් ගාටමින් නොව සමාජයට ඉදිරියෙන් යන්නන් සහ සියලුම හොඳ දේවල සමාරම්භකයන් වීමෙනි. පවතින විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුළ ඊට බාධාකාරී ලෙස පවතින පසුගාමී අංගලක්‍ෂණ ඉවත් කර නොගෙන එම ඉලක්කයට ලඟා විය නොහැක. එනිසා සමස්ත සමාජයේ පිරිහීම් ගැන කියමින් ශිෂ්‍ය ප්‍රජාවේ පිරිහීම් වසා ගැනීමට ශිෂ්‍ය ව්‍යාපාරයට අයිතියක් නැත. මේ සියල්ල පිලිබඳ දැවැන්ත සංවාදයක් අවශ්‍ය වේ. ඒ සඳහා පොලු මුගුරු වෙනුවට දනුමේත්, විචාරයේත්, පරිකල්පනයේත් අවි රැගෙන පැමිණෙන්නැයි අපි ශිෂ්‍ය ප්‍රජාවට ආරාධනා කරමු. අවිචාරශීලී ප්‍රචණ්ඩත්වයට කළ හැකිදේ ඉතාම සීමිතය. කලාවත් සංස්කෘතියත් පිලිබඳ අප දරන අදහස, මාක්ස්වාදී අදහස වෙනුවෙන් පොර බැඳීමට අපි සුදානමින් සිටිමු. අවම වශයෙන්, තමන් 'වල කෙලෙසීමක්' ගැන කියමින් කලාකරුවන්ට පහර දෙද්දී අනුගමනය කරන්නේ එදිරිවීර සරච්චන්ද්‍රගේ සම්ප්‍රදායද, නැතිනම් සරච්චන්ද්‍ර ඇතුළු කලාකරුවන්ට කානුවක දමා පහරදුන් ජේ.ආර්.ගේ සම්ප්‍රදායද යන කරුණ ගැනවත් ශිෂ්‍යයන් විචාරාත්මකව කල්පනා කළ යුතුය.

අද සංස්කෘතික ක්ෂේත්‍රය තුළ කැපී පෙනුණු අන් මත වලට මතවාදයෙන් නොව ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමේ ප්‍රවණතාව දේශපාලන ක්ෂේත්‍රය තුළදී මීටත් වඩා භයානක ප්‍රතිවිපාක අත්පත් කරදෙනු ඇත. නිදසුනක් ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ දයා පතිරණ ඝාතනය මෙවැනි සංස්කෘතික හේතු මතම සිදුවූවක් නොවුවත් එහි මෙකී පසුගාමී පදනම් තිබිණි. මේ ප්‍රශ්නයේ වගඋත්තරකරුවන් පහරදීම් වලට භාවිතා වූ අත් වල හිමිකරුවන්ම නොවේ. ප්‍රශ්නය පුද්ගල ප්‍රශ්නයකට ලඝු කළ නොහැක. මෙය එතනින් ඔබ්බට ගිය දේශපාලනමය- සංස්කෘතිකමය- සමාජමය ප්‍රශ්නයකි. මේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන ගියහොත් ශිෂ්‍ය ව්‍යාපාරයට වඩවඩාත් කළු පැල්ලම් එකතු වනු ඇත. අප මේ බව පුනපුනා පවසන්නේ එවැනි කළු පල්ලම් වලින් සතුටු වන්නන් ලෙස නොව ඒවා වැලක්වීමට සිතන මිතුරන් ලෙසිනි. විසඳුම් සෙවීමටනම් පළමුව ප්‍රශ්නය තේරුම් ගත යුතුය. පහරදීමට පැමිණි ශිෂ්‍යයන්ට පමණක් නොව මෙතෙක් කල් කලාවේ, දේශපාලනයේ, කලා විචාරයේ, සමාජ ක්‍රියාකාරීත්වයේ යෙදුනු අප කාහටත් මේ වැරැද්දෙන් කොටසක් උරුමව ඇත. කිසිවක් නොකර තමන්ගේ වැඩක් බලාගෙන සිටි අයගේ කොටස ඊටත් වඩා විශාලය.


මේ ප්‍රශ්නය අප දකින්නේ මුහුණු පොත තුළ චෝදනා-ප්‍රති චෝදනා සහ විතණ්ඩවාදී උත්තර ආදියෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් ලෙස නොවේ. පේරාදෙණියේ ශිෂ්‍යයන් පෙන්වූ සංස්කෘතික නොදියුණුකම් වර්ණනා කරමින්, ඔවුන් අන්දා කෙසේ හෝ බලය ඇල්ලීමෙන් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත. එහි අනෙක් පැත්ත ලෙස පේරාදෙණියේ සිසුන් ලාදුරු රෝගීන් මෙන් කොන්කර ඔවුන්ට කලාවේ නව ප්‍රවණතා වලට දොර වැසීමෙන්ද ප්‍රශ්නය විසඳෙන්නේ නැත. ඒ සියල්ලෙන් වනුයේ ප්‍රශ්නය වර්ධනය වීමයි. මෙහිදී අප තෝරාගනුයේ අරගලයේ මාවතයි. පසුගාමීත්වය සහ සෑම පැත්තකම අගතීන්ට එරෙහි අසම්මුතිකාමී අරගලයයි.

පේරාදෙණිය 'වලෙන්' දෙවරක්ම ඇසුනේ එලාම් ඔරලෝසුවක සීනු නාදයකි. ඒ සීනු නාදය මිහිරි සීනු නාදයක් නොව අමිහිරි සීනු නාදයක් බව සැබෑය. එහෙත් ඒ අමිහිරි සීනු නාදය අපට සිහිපත් කරන්නේ වාමාංශික ව්‍යාපාර ඉදිරියේ ඇති අභියෝගය කෙතරම්ද, එය ජය ගැනීමට කොපමණ ප්‍රතිභාවක් සහ නිර්මානශීලීත්වයක් වර්ධනය කරගත යුතුද, විශ්වීය මානව වටිනාකම් ලංකාවේ සමාජයේ පැල කිරීමට කොතරම් දරා ගැනීමක්- කැප කිරීමක් අවශ්‍යද ආදී බාධකයන්ය. අපි එලාම් ඔරලෝසුව කුඩු කිරීම නොව එහි පණිවුඩය තේරුම් ගැනීමේ මාර්ගය තෝරා ගැනීමට තීරණය කර සිටින්නෙමු. එබැවින් අපේ ප්‍රවේශය අනෙක් බොහෝ දෙනාගේ ප්‍රවේශයට වඩා වෙනස් වනු ඇත. නමුත් අපට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එකට වැඩ කිරීමට පොදු සටන් බිම් ඕනෑ තරම් ඉදිරියේදී හමුවනු ඇත.

පුබුදු  ජයගොඩ , 

Page 1 of 2