22
Mon, Jan

ජ.වි.පෙ පළාත් සභා මන්ත‍්‍රී අශෝක රංවල සහෝදරයාට පොලීසිය සිදුකළ පහරදීම හා සිරගත කිරීම තරයේ හෙළා දකින බව මාධ්‍ය වෙත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලහිරු වීරසේකරගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත්කර තිබේ .එම නිවේදනය පහත පළවේ .

මහින්ද රාජපක්ෂ ලාංකේය භූමිය තුළ දශකයක් පුරා ගෙන යන ලද දේශපාලන වැඩපිළිවෙලට විරුද්ධව ජනතාව රනිල්-මෛත‍්‍රී යහපාලන ආණ්ඩුව තෝරාගත්තේය. නැවතත් දේශපාලන ගිනි දළු  ඇවිලෙමින් මූලික සටන් පාඨ කිහිපයක් අරඹයා ශිෂ්‍යයන්, කම්කරුවන් තමන්ගේ වෘත්තීය ඉල්ලීම් රැුසක් මුල් කරගනිමින් දේශපාලන අරගලයකට මුල පුරා ඇත. මෙහි දේශපාලන වාසිය වඩා නිර්මාණශීලී තැනකට ගොනු කරගැනීම  උදෙසා වූ අරගලයක් සෑම ප‍්‍රගතිශීලී ක‍්‍රියාධරයෙක්ම අපේක්ෂා කරනු නියතය. මන්ද මෙහි එක් විශේෂත්වයක් වන්නේ පැන නගින අරගලයන්ගේ සටන්පාධයන්ගේ ස්වභාවයයි.
 
මූලික වශයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය ජනතාව විසින් එළවා දැමූ ආකාරය අපි විසින් මතක් කරගත යුතුව ඇත. දැවැන්ත මර්ධනය, නවලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාකාරකම්, කම්කරු-ශිෂ්‍ය ඝාතනයන්, නිර්ලජ්ජිත ලෙස ජාතිවාදී උසිගැන්වීම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මූලික අශිෂ්ට දේශපාලන මැදිහත්වීම් ලෙස ජනතාව දැකීය. ඒ නිසාම මහින්ද පාලනය පරාද කිරීම ලංකාවේ  ජනතාව මෙතෙක් ගත් ඉතා දියුණු දේශපාලන ජයග‍්‍රහණයද වන්නේය. අද අපි අත්වි`දිමින් සිටින්නේ මහින්ද පරාද  කිරීම අරඹයා ගොඩනැගී දේශපාලන විඥානයේ තව තවත් ශක්තිමත් වීමත් ඒ වටා ජනතාව බලමුළු ගැන්වීමත්ය.ke3
 
 
අපි හොදින්ම දන්නා පරිදි ලංකාව මත ගෝලීය බල දේශපාලනය හා ප‍්‍රාග්ධන මැදිහත්වීම් ආණ්ඩු මාරු වීමෙන් කෙළවරවන්නක් නොවේ. මුලින්ම චන්ද‍්‍රිකා ගෙන ආ වැඩපිළිවෙළ වඩාත් සංකීර්ණ හා දියුණු වී මහින්දත් රනිලුත් ඉටුකරමින් සිටින බව බොහෝ දෙනාට පැහැදිලිය. ලංකාවට උදව් කරන්නේ චීනයද, ඉන්දියාවද, යුරෝපයද, ඇමෙරිකාවද යන්නෙන් එකී ආර්ථික ප‍්‍රතිපත්ති වල මූලික දේශපාලන අර්ථය වෙනස් නොවන බව ජනතාව වටහාගනිමින් සිටියි. මෙහිදී එනම් ආණ්ඩු මාරුවෙදී ඇතිවන වෙනස වන්නේ ලංකාව තුළ දේශපාලන බලය කේන්ද‍්‍රගත වන්නේ ගෝලීය තත්වයත් කුළ කුමන කණ්ඩායමකට යන්නත් ලාභාංශ බෙදීයන්නේ කුමන ප‍්‍රාග්ධන හිමිකරුවන්ටද යන්නත් පමණි.
ලංකාව වැනි නිශ්පාදන ආර්ථිකයක් අහිමි ඔ්නෑම රටක තත්වය අවසාන වශයෙන් වනුයේ මිනිස් අයිතීන්, පොදු දේපල හෝ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය විසින් ස්ථාපිත කරන ලද සුභසාධන, ප‍්‍රාග්ධන හිමිකාරීත්වයට යටත් කිරීම පමණි. එයින් පිට නිර්මාණශීලී ආර්ථික ප‍්‍රතිපත්තියක් ගොඩනැගීම වෙනුවෙන් මේ කිසිදු ආණ්ඩුවක් සමත් නොවන බවත් ඒ ස`දහා නිර්මාණශීලී ලිබරල් බුද්ධිමතුන්ගේ දායකත්වයේ දුප්පත්කමද ඔවුන්නේ නොහැකියාවද ඉතාම හොදින් පෙන්නුම් කරමින් සිටින බව අපට පැහැදිලිය. ලිබරල් බුද්ධිමතුන් කියා මී හරක් එකෙක්වත් නොමැති අතර අපට දකින්නට ලැබෙන්නේ ඔ්නෑම කෙංගෙඩියකට එහෙයි කියන ආණ්ඩුවට කඩේ යන බත් බැලයන් පිරියක් පමණි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මතකයන් මේ ආණ්ඩුයේ සිදුවීම් වලට වඩා දශමයක්වත් හොද නොවේ. 
 
මූලික වශයෙන් ලංකාවේ දේශපාලන තුළ නැගෙමින් තිබෙන සටන්පාඨ යනු කුමන දේශපාලන අරමුණක් පෙරදැරිකරගත් ඒවාද යන්න අපි තේරුම්ගත යුතුය. නිදහස් අධ්‍යාපනය රැුකගැනීම, නිදහස් සෞඛ්‍ය රැුකගැනීම, පොදු දේපල ප‍්‍රාග්ධන හිමියන් යටතට පත් කිරීමට විරුද්ධ වීම, සම්පත් විකූණා දැමීමට විරුද්ධ වීම, දැවැන්ත කොමිස් කුට්ටි වෙනුවෙන් සිදුකරන පරිසර විනාශයට විරුද්ධ වීම, ප‍්‍රජාතන්ත‍්‍රවීරෝධී අත්අඩංගුවට ගැනීම්, නීතිය සහ යුක්තිසහගත භාවයන් සන්නද්ධ අංශ හරහා ආණුඩුවේ අවශ්‍යතාවයන්ට ගාල් කිරීම වැනි ලජ්ජිත කරුණු වලට විරුද්ධවීම වැනි වඩා ප‍්‍රගතිශීලී සටන්පාඨ ජනතාව විසින් පාරවල් දිගේ කෑගසා සටන් ක‍්‍රියාමාර්ග වලට අනුයුක්ත කරනු පෙනේ. 
 
ලංකාව තුළ ගොඩනැගෙන දේශපාලනයේදී දීර්ඝකාලීනව ලංකාවේ ආර්ථිකය මත බලපවත්වන නවලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති වලට එක`ග කිසිවෙකුට මේ සටන්පාඨ කරගැසීමට නොහැකි වේ. නමුත් අවසානයේදී සිදුවන්නේ කවුරු හෝ ගොබ්බ්යෙක් මේ සටන් පාඨවෙනුවෙන් පෙනී සිටිනවායැයි කියා සටන් ක‍්‍රියාමාර්ග ගොනාට ඇන්දවීමය. නමුත් අද වන විට ගොඩනැගී ඇති සාකච්ඡුාවන් වලට අනුව නවලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තීවලට විරුද්ධව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්පාඨ ද අත්පත් කරගනිමින් ජනතාව සංවිධානය වෙමින් පවතියි. 
මේ යුගයේ වාමාංශිකයන්ගේ ප‍්‍රධාන අරමුණ විය යුත්තේද මේ නවලිබරල් ප‍්‍රතිපත්තීන්ට විරුද්ධ, වඩා දියුණු  ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන්පාඨ හා ජනතාවගේ අයිතීන් වඩා සුරක්ෂිත කිරීමට අදාළ ජනතාවගේ බලමුළු ගැන්වීම වාමාංශික ආකෘතියක ස්ථානගත කිරීම හා සංවිධානය කිරීමයි. එසේ නොමැතිවන ඔ්නෑම අවස්ථාවක මෙහි දේශපාලන වාසිය මහින්ද රාජපක්ෂගේ ගොනාට ඇන්දවීම්වලට යටවෙනු ඇත. එසේ වුවහොත් දියව යන්නේ ජනතාව විසින් මේ අත්පත් කරගත් දේශපාලන විඥානයමය. එය දීර්ගකාලීන වශයෙන් වාමාංශයට සතුටුදායක තත්වයක් නොවනු ඇත.
 
මෙහිදී අපි විසින් කළයුතු ප‍්‍රධාන කාරණය වන්නේ ජවිපේ පෙසප ඇතුළු සියළුම වාමාංශිකයන්, කම්කරුවන්, වෘත්තීය සමිති, සිවිල් ක‍්‍රියාකාරිකයින් හා අලුතෙන් ගොඩනගන සටන්පාඨ වෙනුවෙන් ඒකරාශීවන ජනතාව සියල්ල වාමාංශික පොදුජන පෙරමුණක ස්ථානගත කිරීමය. එය රනිල්-මෛත‍්‍රී මර්ධනයටත්, මහින්ද විසින් ගොඩනගන අසංස්කෘතික ජරාජීර්ණ වූ සමාජතත්වයන්ටත් එකවර විරුද්ධව කරන අරගලයක් වශයෙන් ගොඩනැගිය යුතුව ඇත.
 
මෙම ලිපිය ලියන ප‍්‍රධාන කාරණයක් ලෙස අප විසින් මේ අරගලය උදෙසා එක් කරගත යුතු දැවැන්ත් සටන්පාධටක් ඇත. එය ජාතිවාදයට විරුද්ධ, ජාතීන්ගේ මර්ධනයට විරුද්ධ පෙරමුණකි. අප දන්නා පරිදි ඉතා දැවැන්ත අතුරුදහන් වූවන් ප‍්‍රමාණයක් උතුරු නැගෙනහිර මෙන්ම දකුණේද සිටිති. ඒ ස`දහා වන දැවැන්ත ව්‍යාපාරයක් මෙම සටන් සමගම ඒකාබද්ධ කළ යුතු අතර එය කරනවානම් කරන්නට සිටින්නේද වාමාංශය පමණි. ජවිපේ හා පෙසප මෙම සටන්පාඨ නැවත නැවත වරනැගිය යුතු අතර මේ මොහොතේ සිටින සටන්කාමීන් අතරටද මෙය ගෙන යා යුතුය. සයිටම් සටනේ ඒකාබද්ධ විපක්ෂයද සිටිනුයේ නම් නිශ්චිතවම දෙමළ හා මුස්ලිම් ජාතතාවට විරුද්ධව සිංහල ජාතිකවාදීන් ගෙන යන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී වැඩ පිළිවෙලට විරෝධීව ඔවුන් ද මේ සටනට එක් කර ගත යුතුය. ලංකාවේ අනාගතය තීරණය විය යුත්තේ සුළුජාතීන් ආන්තීකරණය වුණු දේශපාලනයකින් නොව කරට කර සටන්පාඨ ගෙන ආ හැකි ලෙස බලමුළු ගැන්වූ එකී ජාතීන්ගේ අභිමානවත්බාවය ප‍්‍රකාශ කිරීමෙන් පමනි. මහින්ද වෙන්දේසියේ දමා විකුණන සිංහල වර්ගවාදී සටන්පාධය අහෝසි කළ හැක්කේ සියළු ජාතීන් අරගල තුළට අන්තර්ග‍්‍රහණය කිරීමෙන් පමණි. මෙහි කාර්යයයේ දැවැන්තම කාර්යභාරය පැවරෙන්නේ ජවිපේ පෙසප හා වාමාංශික ක‍්‍රියාකාරීන්ටය. මේ ඇතිවී තිබෙන සටන් රැුල්ල වඩා දේ්ශපාලනය කිරීම කළ හැක්කේ ඒ ආකෘතියෙන්ම පමණි. උතුරේ තැන් තැන්වල වාඩිලා සිටින ජනතාව දකුණේ ජනතාව සමග ඒකබද්ධ කිරීම නොකරන්නේ නම් එය ඉදිරි දිනකදී ජවිපෙට හා පෙසපට නැවත වාරයක් ඔවුන්ව පාවාදීම දක්වා ගෙනයාම නැවැත්විය හැකි නොවේ. මන්ද මහින්දගේ ජාතිවාදී තර්කයන්ට වාමාංශය පිළිතුරු නොදෙන්නේ නම් ඔවුන්ගේ වාමාංශිකභාවයෙන් කිසිදු පලක් නැත.
මේ ආකාරයෙන් බලද්දී අප හමුවේ ඇති සටන්පාඨ මොනවාදැයි නැවත බැලිය යුතුය.
 
01. නිදහස් අධ්‍යාපනය රැුකගැනීම හා ගුණාත්මකභාවය පිළිබද 
02. නිදහස් සෞඛ්‍ය හා එහි ගුණාත්මකභාවය පිළිබද 
03. දේපල පෞද්ගලීකරණයට හා නවලිබරල් ප‍්‍රතිපත්තිවලට එරෙහිවීම පිළිබද
04. අතුරුදහන් වූවන් පිළිබද
05. රාජ්‍ය මර්ධනයට එරෙහිවීම පිළිබද
06. මෙතෙක් දිනාගත් මිනිස් අයිතීන් කප්පාදුවට එරෙහිවීම පිළිබද
07. සියළු ජාතීන්ගේ සුරක්ෂිතතාව පිළිබද 
08. ඉතා ලාභ කොමිස් කුට්ටි මත පදනම්ව සිදුකරන ව්‍යාපෘතීන් විසින් සිදුවන පරිසර විනාශය පිළිබද
09. එකී පරිසර විනාශයන්ගෙන් අවතැන්වන ජනතාවගේ මූලික මිනිස් අයිවාසිකම් පිළිබදව
10. කුණු ප‍්‍රශ්නය වැනි සමාජයේ ආන්තීකරණයන්ගෙන් අවතැන් වුණු ජනතාවගේ අයිතිවාසිකම් පිළිබද
11. ලාභ සෙවීමේ පරමාර්ථයෙන් ප‍්‍රාග්ධන හිමියන් විසින් මිනිස් ජීවිත ඛේදවාචකයන්ට යොමු කරමින් වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග ඇතිකිරීමට අදාළ තත්වයට විරුද්ධවීම පිළිබදව වන සටන්පාඨ මේ ඒකාබද්ධ අරගලයන්හි මූලික සටන්පාඨ කරගත යුතුය. 
 
අපි විසින් එරෙහි හෝ පක්ෂපාතීත්වය දැක්විය යුත්තේ හුදු නමකට හෝ පුද්ගලයකුට නොව ගොඩනගාගත් අදහසකට හෝ ප‍්‍රතිපත්තියකටය. මේ මොහොතේ පවතින ආණ්ඩුව ආරක්ෂාකරන්නන් මහින්ද රාජපක්ෂව ගෙදර යවා තිබෙන්නේ රනිල්-මෛත‍්‍රී රැුකගැනීමට විනා මර්ධනයට එරෙහිව හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යහපාලනයට පක්ෂන නොවේ. ඔවුන් නොදන්නේ මහින්ද හෝ රනිල් හෝ කවුරු හෝ වේවා සිදු කරන මර්ධනය යනු මර්ධනය වන බවයි. පුද්ගල නාම පිටුපස වැටුණු  මස්කටු ලොවිනවා විනා ඔවුන් වෙනත් කිිසිදු දේශපාලන දැක්මක් නැත. මහින්ද රාජපක්ෂගේ කාලය තුළ ඔහුගේ දෙකකුල් ලෙව කෑවා අපි ඡුායාරූපවලින්ම දුටුවෙමු. එවැනිම නිර්ලජ්ජිතයෝ පිරිසක් ඔවුන්ගේ දෙකකුල් ලෙවකනවා අපි නිතරම දුටිමු.
මේ දේශපාලන මොහොත ඉතා විචක්ෂණව වාමාංශිකයන් අතට පත් කරගත යුතු අතර එයට ජවිපේ පෙසප ඇතුළු සියළුම වාමාංශික පක්ෂ හා සංවිධාන එක්ව සටන් කළ යුතුය. 2020 මැතිවරණයේදී අපගේ සටන්පාඨ නවලිබරල් සමාජදේහයේ විනාශයට විරුද්ධව පෙළගැස්විය යුතුව ඇත. රනිල්-මෛත‍්‍රී හවුල විසින් මර්ධනය දියත් කරද්දී අපි සිහියට නගාගත යුත්තේ රතුපස්වල පානීය ජල ප‍්‍රශ්නය, නිදහස් වෙළ`ද කලාපයේ අරගලය, ධීවරයින්ගේ අරගලයට පසුගිය ආණ්ඩුව මර්ධනදය දියත් කළේ කෙසේද යන්නය. එපමණක් නොව මහින්ද රාජපක්ෂ රජය දෙමළ ජනතාව තවදුරටත් ධීන ජාතියක් බවට පිරිහෙලීමේ සිට මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී කෝලාහල ඇතිකරමින් ජනතාව අශිශ්ට ජාතියක් බවට පිරිහෙලීම පවා අපි විසින් මතක් කරගත යුතුව ඇත. 
 
තවදුරටත් පවසන්නේ නම් මෙකී  නවලිබරල් තක්කඩි ආණ්ඩු පාලනයට විරුද්ධව සියළුම වාමාංශිකයන්, ප‍්‍රගතිශීලීන්, වෘත්තීය සමිති හා කම්කරුවන් එක් පෙරමුණකට පෙළගැස්විය යුතු අතර එහි සියළුම සටන්පාධයන්ගේ දේශපාලන බලය කේන්ද‍්‍රීය කරගත යුතුව ඇත. සටන් කාමී වෘත්තීය සමිතීන්ටත්, සටන්කාමී ශිෂ්‍යයන්ටත්, ප‍්‍රගතිශීලීත්වයේ නව අරුණළු වෙනුවෙන් කැපවෙන සියළුම වාමාංශිකයන්ටත් ප‍්‍රගතිශීලීන්ටත් අපගේ සහෝදරත්වයේ දෑත් දිගුකළ යුතුව ඇත. මේ සහෝදරත්වයේ හා පේ‍්‍රමයේ දෑත් සහෝදරවරුනි, ඔබ වෙනුවෙනි.
 
- කැළුම් නවරත්න

ඔක්තෝබර් විප්ලවය මිනිස් ඉතිහාසයේ ශේෂ්ට විප්ලවයක් ලෙස නම්කිරීම යුක්ති සහගතය.නිවැරදිය.එනමුදු එම කීර්තිය පසුපස හඹා ආ මහා ඝන වලාකුලකින් පසු කාලයක විප්ලවයේ කීර්තිය බිහිසුණු ලෙස වැසී ගියා පමණක් නොව

පසුගිය දින කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට ආශ්‍රිතව ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය සහ ජාතිවාදී- ආගම්වාදී ගැටුම්කාරීත්වයක් වර්ධනය වීම පිළිබඳව සම අයිතිය ව්‍යාපාරය ලෙස අපි සමාජයේ දැඩි අවධානය අපේක්ෂා කරමු. වාර්තා වන අන්දමට මේ වනවිට සිංහල සහ මුස්ලිම් ජනතාවගේ නිවාස ගණනාවකට සහ අනෙකුත් දේපල වලට හානි සිදුවී තිබෙන අතර ජීවිතයක්ද අහිමිවී තිබේ. 

கேப்புலாபுலவு மக்களில் காணிகளை - வாழ்விடத்தை திருப்பிக்கொடு . போராட்டத்துக்கான அழைப்பு . நாளை 27.06.2017 அன்று கொழும்பு கோட்டை

තම දේශපාලන ප්‍රතිවාදියාගෙන් හෝ ප්‍රතිවාදින්ගේ අතින් මීට වසර විසි ගණනකට පෙර වෙඩි කා මල ලලිත් ඇතුලත්මුදලි නම් දේශපාලකයා පිළිබඳව කතාවක් මේ දිනවල Talk of the town  වී තිබේ.

දේශපාලන සිරකරුවන් කියන්නේ තමන් දරන දේශපාලන අදහස නිසාවෙන් සිරගත කර ඇති පුද්ගලයින්. ලංකාවේ සිටින බහුතරයක් දේශපාලන සිරකරුවන් දෙමළ ජාතිකයින්. වාර්ගික ප්‍රජාවන් අතර ආතතීන් පවතින හා වාර්ගික අසමානතාව මත රාජ්‍යය සංවිධානය වෙල තියෙන අවස්ථාවන්වලදී එම අසමානතාවන්ට එරෙහිව සටන් කරන්නන් දේශපාලන සිරකරුවන් බවට පත් කෙරෙන අවස්ථාව ඉතිහාසය පුරාවටම ගෝලීයව අපි දකිනව. පලස්තීන ජාතිකයින් ඊශ්‍රායලයේ දේශපාලන සිරකරුවන් බවට පත් වන්නේත් දකුණු අප්‍රිකාවේ කලු ජාතිකයින් දේශපාන සිරකරුවන් බවට පත් වන්නේත් ඒ ලෙසයි.

මේ සිරකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මාර්ගයෙන්. කිසිදු අධිකරණයකින් නියෝගයක් නොමැතිව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කරන රදවා තබා ගැනීමේ නියෝගය මතයි ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ. යුද්ධය පැවති කාලයේදී සිදු වූ සිද්ධීන්වලට වැරදිකරුවන් ලෙස තමයි ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ. නමුත් ඒ සාමාන්‍ය නීතිය යටතේ නෙවෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රාජ්‍යයට එරෙහිව කටයුතු කිරීමේ චෝදනවා මත ඕනෑම කෙනෙක්ව අත්අඩංගුවට ගෙන රැදවීම් නියෝග මත වසර එකහමාරක් තබා ගත හැකියි. ඒ විතරක් නෙවෙයි. සාමාන්‍ය නීතිය යටතේ මෙහෙයවිය නොහැකි සාක්ෂි වන පාපොච්චාරණ මේ නීතිය යටතේ මෙහෙයවිය හැකියි. ඇත්තටම ඔවුන් මේ සිද්ධිවලට සම්බන්ධද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. පොලිසියෙන් අත්අඩංගුවට ගෙන වධබන්ධනයන්ට ලක් කර පාපොච්චාරණ ලබා ගැනීමෙන් පසුව නඩු පවරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගත කර ඇති නිසා ඔවුන්ට ඇප ලැබනේනේත් නැහැ. නඩු කල් දමමින් ඇප නොදී වසර ගණනාවක් ඔවුන්ව තබා ගන්නවා. වැරදිකරුවන් කවුද නිවැරදිකරුවන් කවුද කියලාවත් මේ ක්‍රමය යටතේ හොයන්නට බැහැ.

ඊටත් වඩා බරපතල කාරණය වන්නේ ත්‍රස්තවාදීන් ලෙස නම්කර මිනිසුන්ව හෙළා දැකීමට අපිව ආණ්ඩු විසින් පුරුදු කරවා ඇති ආකාරයයි. අධිකරණය නියෝග, පොලිසිය, හමුදාව අපි අරගල කරද්දී කොහොමද හැසිරෙන්නේ කියලා අපි දන්නවා. නමුත් දෙමළ ජාතිකයින් දෙස සැකයෙන් බැලීමට අපිව පුරුදු කරවලා තියෙනවා. සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන නිදහස වෙනුවට සිරකරුවා දෙමළ වූ විගස අපි හොයන්නේ ඔහු හෝ ඇය ත්‍රස්තවාදියෙක්ද යන්නයි. රාජ්‍යයට එරෙහිව දෙවරක් දකුණේ ජනතාව සන්නද්ධ කැරලි දියත් කරා. ඒවාට සම්බන්ධ වූවන් දේශපාලන සිරකරුවන් ලෙස රදවා තබාගෙන සිටියදී කම්කරු පංති නායකයින් එයට විරුද්ධ වුණා. ඔවුන්ව නිදහස් කර ගැනීමට අරගල කලා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීතිගත කිරීමේ කම්කරු නායකයින්ට එයට විරෝධය පල කලා. මේ රාජ්‍යය අපේ රාජ්‍යයක් නොවන බවත් අද දෙමළාට එරෙහිව යොදවන නීතිය හෙට අපේ අරගලයන්ට එරෙහිව යොදවන බවත් ඔවුන් තේරුම් ගත්තා. අවාසනාවකට 80 දශකයේ ඇති වූණු ප්‍රචණ්ඩ දේශපාලනය විසින් ජාතිවාදයට එරෙහිව සියලු පීඩිතයින් වෙනුවෙන් සටන් කරන ලද කම්කරු පංති ව්‍යාපාරය විනාශ කර දැමුවා.

අද ලහිරු, රයන් හා සුගතානන්ද හාමුදුරුවෝ ඇප රහිතව සිරගත කරගෙන සිටිනවා. ඔවුන්ද දේශපාලන සිරකරුවන්. කම්කරු අයිතිවාසකම් වෙනුවෙන් සටන් කරන සහෝදරවරන්ගේ රස්සා නැති කරනවා, අධිකරණය නියෝග මගින් වෘත්තීය සමිති මර්දනය කරනවා. මේ රටේ නීතිය සාධාරණ නැති බව අපි දන්නවා. දමිළ දේශපාලන සිරකරුවා රදවා තබා ගැනීමෙන්, ඔවුන්ට එරෙහිව රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක නොකර විශේෂ නීති ක්‍රියාත්මක කිරීමෙන් අපිට ලැබෙන්නේ මොනවාද? ඒ ජනතාවට නිදහස අහිමි කිරීමෙන් අපිට නිදහස හමු වෙයිද? මම හිතන්නේ අපි ජනතාව හැටියට එකිනෙකාගේ අරගලවලට ඇහුම්කන් දෙන්න අවශ්‍යයි ජාති බේදයක් නැතිව. වසර 70ක් තිස්සේ රාජ්‍යය විසින් අපිට කිසිදු දෙයක් කරලා නැහැ කියලා.  එතකොට අපිට  පෙනෙයි දෙමළ සිරකරුවාව ත්‍රස්තවාදියෙක් හැටියට නොව තමන්ට තිබුණු ප්‍රශ්නයක් වෙනුවෙන් දේශපාලනය කරන ලද පුද්ගලයෙක් හැටියට.

ලක්මාලි හේමචන්ද්‍ර.

අද (23) දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගරයේදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය (SITP) විසින් මාධ්‍ය හමුවක් කැදවා තිබිනි. එහිදී එට්කා ගිවිසුම පිටුපස ඇති ආර්ථික ඝාතක භූමිකාව,