21
Sat, Apr

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බැවින් පෙත්සමින් ඉල්ලා ඇති සහනය දැනටමත් ලැබී තිබීම මත පදනම්ව අභියාචනාධිකරණය අද(05) පෙත්සම තවදුරටත් විභාග කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

කොළඹ කොටුව ආශ්‍රිතව අද (21) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සයිටම් විරෝධී උද්ඝෝෂණයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබා දී තිබේ.

ඒ අනුව අදාළ පෙළපාලිය, උද්ඝෝෂණය සාමකාමීව හා නීත්‍යානුකූල අයුරින් පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මහජනයාට සහ වාහනවලට බාධාවක් ඇති නොවන ආකාරයෙන් අදාළ උද්ඝෝෂණය පැවැත්විය යුතු අතර ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් සහ සාමය කඩවන ආකාරයෙන් ඇතුල්වීම වලක්වාලමින් එම නියෝගය ලබා දී තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා විශ්වවිද්‍යාල භික්ෂු මණ්ඩලය විසින් අදාළ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

vivara199820වසරකට පෙර

මායාවේ කඩතුරාව හැර සැබෑවේ දෙනෙත් විවර කරන්නට සෑම සෙනසුරාදාවකම සිංහල බසින් ඔබ වෙත ගෙන එන ගුවන්විදුලි විකාශනය මෙතැන් සිට , මුල් වතාවට මේ තේමා පාධ්ය ගුවන සිසාරා පැතිරුනේ 1997 මාර්තු මාසයේ 1වෙනිදා රාත්රී 8:00 ටයි . ඒ අදින් වසර 20කට ඉහතදී ,Read more >>

 

 

20wasara hilඅපේ හැකියාවන් ආසාවන් වලට එහා ගිය අරමුණක් අපිට තියනවා .
ඉතාලියට ගිය බොහෝ ලාංකිකයන් අනේක විධ දුක් විද තම පොකැට්ටුව තර කරගනිමින් ලංකාවේ තම ඥාතීන්ට සුඛිත මුදිත ජීවිත ගත කරන්නට හා ඉතාලියේ මෙන් සුවිසල් මාලිගා ඉදිකොට එවා වසා දමා නැවතත්ඉතාලියට ගොස් අදාළ රැකියා කරමින් ජීවත්වන පිරිසක් අතර සමාජ සංවිධාන ගොඩනගා ගනිමින් ඉතාලියට ගිය පිරිසේ දුක්විදින අපේ මිනිසුන් වෙනුවෙන් හඬක් නගන වෙබ් ගුවන්විදුලි නාලිකාවක් හා පුවත් වෙබ් අඩවියක් මෙන්ම පෙර පාසල් ආරම්භ කරමින් සමාජ සත්කාරයේ යෙදෙන පිරිසක් අපට හමුවිය. ඔවුන් පවත්වාගෙන යන වෙබ් අඩවියට  පසුගියදා 20 වසක් සපිරිණි. ඒ විවර ගුවන් විදුලිය හා විවර වෙබ් අඩවියයි. මෙකී සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් අපි එහි ප්‍රමුඛ බලධරයෙකු සමග දොඩමළු වීමට උත්සාහ ගත්තෙමු. ඔහු නමින් හිල්මි සුපුන්ය. මේ අප සමග දොඩමළු වූ ඔහුගේ ජීවිතයේ අදහස් ගොන්නය.Read more >>

උතුරු පළාත සම්බන්ධයෙන් අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ කොමිසමේ කටයුතු අවසන් කර ඇති බව එම කොමිසමේ ලේකම් එච්.එබ්ලිව් ගුණදාස මහතා පවසයි.

නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක දෙකක පැමිණිලි විමර්ශනය කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව ලේකම්වරයා පවසයි.

නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සැළකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් ඒ සඳහා දින 06ක කාලයක් වැය කිරීමට නියමිත බව එච්.එබ්ලිව් ගුණදාස මහතා පවසයි.

වරෙන්තු ලබා සිටියදී අධිකරණයට බාරවූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙර ඇප මත නිදහස් කර තිබේ.

ඒ අනුව පසුගිය 15 වන දින අධිකරණය හමුවේ පෙනී නොසිටි වරදට ඥානසාර හිමියන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් තීරණය කර  ඇත.

එදින ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටියේ උන් වහන්සේගේ ජීවිතයට තර්ජනයක් පැවති හෙයින් බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටි බව සඳහන්නය.

ඒ අනුව අදාළ නඩුව අගෝස්තු 09 වන දින කැඳවීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරිය, එදිනට ඥානසාර හිමියන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද (21) දිනයේ දී විභාගයට ගැනීමට නියමිත බව සඳහන්ය.

කෙසේ වෙතත් අධිකරණය මගහැර සිටි ඥානාසාර හිමි ආරක්ෂාව තහවුරු වුවහොත් තම සංවිධානය විසින් ඥානාසාර හිමි අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ඊයේ දිනයේ බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර තිබිණි.

අයි. පී. එල්. කි‍්‍රකට් තරගාවලියේ 22 වැනි තරගය ලෙස සන්රයිසස් හද්‍රාබාද් කණ්ඩායම සහ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම අතර හද්‍රාබාද්හිදී පැවැති තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 34 ක ජයක් අත්කර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම සමත් විය.

More Articles ...

Page 1 of 2