22
Sun, Oct

Top Stories

Grid List

ජනවාරි 18 වනදා මධ්‍යම ඉතාලියේ බුකම්පන හතරක් සිදුවීය  . පළමු කම්පනය 18 වනදා දවල් 10.25 රික්ටර් 5.1 ලෙසද ,දෙවන කම්පනය දහවල් 11 . 15  රික්ටර් 5.4 ලෙසද ,තුන්වන 11.25 රික්ටර් 5.3 ලෙසත් ,හතරවැන්න14.34  රික්ටර් 5.1 ලෙසින් සටහන්වී තිබේ .

මේ වනවිටත් එම ප්‍රදෙස වලට මීටර් 2 වඩා උසට හිම පතිතවී තිබේ  .තව දුරටත් හිම වැටෙමින් තිබෙන අතර විටින් විට කුඩා ප්‍රමාණයේ බුකම්පන සිදුවෙමින් පවතියි .ඊයේ නැවතත් අනතුරට පත්වී සිටින්නේ පසුගිය අගෝස්තු ඇතිවූ බුකම්පනයෙන් දැඩි හානියට පත්වූ ප්‍රදේශවල ජනතාවයි .

1

ඉතාලි ව්‍යවස්ථා ජනමත විචාරණය - 2008 දී ආමරිකාවෙන් ආරම්භ වූ නව ලිබරල් ආර්ථික කඩාවැටීම යුරෝපය හා මුලූ ලෝකය හරහාම හඹායමින් තිබේ යුරෝපා සංගමයේ රටවල්ද මෙයට ගොදුරු වූ අතර මේ වන විට ඉන් ගොඩ ඒමට විවිධ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කරමින් තිබේ. අර්බුදයට ඇත්ත විසඳුම තිබියදී පවතින ක‍්‍රමය තුලම විසඳුම් සෙවීමට මේ සියලූ රටවල් දඟලමින් සිටී අප අද කථා කරන ඉතාලි ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විචාරණයද අප අවධානයට ගත යුත්තේ ඒ සන්දර්භය තුල.

නොවැම්බර් මස 27 වන ඉරිදා සවස 4.00 ට මිලානෝ සහ 4.30 ට නාපෝලි නගර වල 27 වන ඉල් මහා විරු සමරු දෙකක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් සංවිධානය කර තිබුණා. මිලානෝහි පැවතී සමරුවේ ප්‍රධාන දේශනය  පෙසප මධ්‍යම කාරක සභික රවින්ද්‍ර මුදලිගේ සහෝදරයා විසින් සිදුකළඅතර නාපෝලිහිදී පෙ.ස.ප. මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයා කළදේශනයේ වීඩියෝ පටයට සවන්දී  88 /89 අරගලය පිළිබඳ රැස්ව සිටි අයසමඟ සංවාදයක් පවත්වනු ලැබුවා ...

රවින්ද්‍ර මුදලිගේ සහෝදරයා කල සම්පුර්ණ   දේශනය

RaveendraMudalige

audio sawandenna

 

නාපෝලි

sa

0

2

3

7

2016 නොවැම්බර් 27 වන ඉරිදා මිලානෝ පැවතී 27වන ඉල්මහ විරු සමරුව

0

2

3

5

 

ප්‍රංශයේ බැස්ටිල් දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (14) රාත්‍රී පැවති උත්සවයකට සහභාගී වූ පිරිසක් වෙත ලොරි රථයක් පදවාගෙන යෑමෙන් පුද්ගලයන් 84 ක්  මිය ගොස් 18 දෙනෙකු බරපතල තත්වයේ  පසුවෙන බව ප්‍රංශ ආරක්ෂක අංශයපවසයි . තවත් 120 පමණ අසන්න පිරිසක් විවිධ මාදිලියේ අනතුරු වලට ලක්වී සිටයි .මෙම ප්‍රහාරය සිදුවී තිබෙන්නේ ප්‍රංශයේ නීසා හිදීය .

මෙම ත්‍රස්ත ප්‍රහාරය සඳහා බාවිතා කල ලොරි  රථය ධාවනය කර තිබෙන්නේ ටියුනිස් ජාතිකයෙකි .ත්‍රස්ත ක්‍රියාවට බාවිතා කල ලොරි රථය පැයට කිලෝමීටර් 80 පමණ වේගයෙන් ධාවනය වී තිබේ .

ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්ඩේ ප්‍රහාරයෙන් පසු ප්‍රකාශයක් කරමින් මෙය ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් බව පැවසීය.

ප්‍රංශයේ, ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් සිටින්නේ ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

3

4

අයහපත් කාලගුණික තත්වය නිසා යුරෝපයේ රටවල් ගණනාවක් ගංවතුර තත්වයට මුහුණ පාමින්  සිටි .ප්‍රංශයට ඇදහැළුන  අධික වර්ෂාව හේතුවෙන් ප්‍රංශය හරහා ගලා යන සෙන්නා ගංගාවේ ජල මට්ටම මීටර් 4.9 දක්වා ඉහළ ගොස් ඇතිබව වාර්තා වෙනවා .එමෙන්ම හෙට වන විට ජල මට්ටම මීටර් 5.60  දක්වා ඉහළ යනු ඇතැයි පවසා තිබෙන අතර හදිසි ආපදා තත්වයක් ඇතිවෙතැයි සැක පළවී තිබේ . සෙන්නා ගංගාවේ ජල මට්ටම  මෙසේ ඉහළ නැග ඇත්තේ 2001 වර්ෂයට පසුවයි .

ජර්මනිය සහ බෙල්ජියමද අයහාපත් කාලගුණ තත්වයට මුහුණ දී  තිබේ. 

Existed diplomatic distinguished pitch snakes easier succession folk payment. Lid wright extremely factory pack avenue. Operate excited backward helva contrary farther happiness

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය මර්දනයට සහ අධ්‍යාපනය පුද්ගලීකරණයට එරෙහිව ලංඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් බහුජන සංවිධාන එක්ව ලංඩනයේ  ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට පෙත්සමක් භාරදීමට උත්සහ කළ අවස්ථාවේ මහකොමසාරිස් කාර්යාල බලධාරීන් විසින් එය වලකා ඇත.
 
විරෝධතාවයට සභාගි වූ සංවිධාන වල එක් නියෝජිතයා බැගින් සැදුම්ලත් කුඩා කණ්ඩායමක් තානාධිපති කාර්යාලයේ බලධාරීන් හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලා ඇතත් බලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කොට ඇත.  ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ දෙදෙනෙකුට පමණක් ඇතුළුවීමට අවසර දිය හැකි බවත් චයරුප ගැනීම තහනම් බවත්ත්ය.
 
බ්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිල වශයෙන් නියෝජනය කරන ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය තම රටේ ජනතාවගේ සංවේදී ප්‍රශ්නයක් මෙසේ නොතකා හරිම පිලිබදව රැස්ව සිටි බොහෝ දෙනෙක් තම විරෝධය හා කෝපය පල කළේය.
මෙම අවස්ථාවට සභාගි වූ බ්‍රතාන්‍යයේ සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජිතවරිය කියා සිටියේ මෙය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් තම රටේ ශිෂ්‍යන් වෙනුවෙන් හඩනගන ජනතාව තානාධිපති බලධාරීන් විසින් ත්‍රස්තවාදීන් ලෙස බැහැර කිරීම පිළිකුල් සහගත බවයි.
 
සයිටම් විරෝධී සිසු ජන සංවිධානයේ එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරයට  බ්‍රතාන්‍යයේ සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය, බ්‍රතාන්‍යයේ සමාජවාදී පක්ෂය සහ socialist fight සංවිධානය ඇතුළු පිරිසක් සාභාගී විය.

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම උදෙසා අරගල කරන විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය මගින් මුදාහරින මර්ධනකාරී වැඩපිළිවෙලට එරෙහිව සහ විශ්ව විද්‍යාල සිසුන් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් රහසේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව විශේෂ උද්ඝෝෂණයක් ලංඩන් නගරයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ජූලි 7වන  සිකුරාදා පස්වරු 1.30 ට පැවැත්වේ.

එංගලන්තයේ හදවත බඳු ලන්ඩන් නුවර නගරාධිපති ලෙස මුස්ලිම් සම්භවයක් ඇති පකිස්තානු සංක්‍රමණික පවුලකට දාව , පියා බස් රියැදුරෙකු ලෙස සේවය කල අට දෙනෙකුගෙන් යුත් පවුලකින් පැවත එන සදික් ඛාන් ( Sadiq Khan ) පත්වූ බව ඔබ දන්නවා ඇති..
 එංගලන්තයේ මෙතෙක් පැවති චාරිත්‍රයක් ලෙස බයිබලයට අත තබා තම දිවුරුම දිය යුතුය..

ඒ ගැන ඔහුගෙන් විමසූ විට ඔහු සිහිපත් කර සිටියේ , ඔහු 2009 දී තමන් රැජිනගේ ප්‍රීවී කවුන්සලයට ( Privy Council ) තේරී පත්වූ අවස්ථාවේ සිදුවූ සිදුවීමකි.. එහිදී රැජිනගේ නියෝජිතයන් ඔහුගෙන් විමසමින් ..
 .....
 " ඔබ රැජින ඉදිරියේ දිවුරුම් දිය යුතුයි ... ඔබට අවශ්‍ය කුමන වර්ගයේ බයිබලයක්ද ?"

" මම මුස්ලිම් ..මම කුරාණයට අත තබා දිවුරුම් දීමට කැමතියි..."

" අප ලඟ බයිබලය මිස කුරාණයක් නැත... ඔබ එන විට කුරාණයක් රැගෙන ආ හැකිද?"

"මා කුරාණයක් රැගෙන බකිංහැම් මාලිගාවට ගියා.. ඉක්බිතිව එය ආපසු මා වෙත නැවත දෙන විට මා කියා සිටියේ .... නෑ ..! මෙය මෙහිම තියාගන්න .. මොකද ඊලඟට එන කෙනෙකුට මෙය අවශ්‍ය විය හැකියි කියා.."

කලක් ඇවැමෙන් ඔහුම ලන්ඩන් නුවර නගරාධිපති විය.. බකිංහැම් මාලිගාවේ තබා ගිය කුරාණය පසුව ඔහුටම අවශ්‍ය වින..

නගරාධිපති ලෙස ලන්ඩන් නුවර සවුත්වෝර්ක් ක්‍රිස්තියානි ආසන දෙවුමැදුරේදී සර්වාගමික චාරිත්‍රානුකූලව ඔහුගේ දිවුරුම් දීම සිදු විය..

ඔහු ලන්ඩන් වැසියන් අමතමින් කියා සිටියේ.." ඔබලා වෙන්ව සිටීම වෙනුවට එක්ව සිටීම තෝරා ගෙන තියෙනවා ...... මා හට ලබා දුන් අවස්ථාවෙන් හැම ලන්ඩන් වැසියෙකුටම එකසේ සේවය කිරීම මගේ අරමුනයි..

මෙි එංගලන්තයේය.. අප ශ්‍රී ලාංකිකයෝය.

13112883 972756982822836 926626182839613907 o

උපුටා දැනීම Shyaman Hemakody FB පිටුවෙන්

මේ ඇමරිකාවේ අම්මා කෙනෙක්, ඇය ජිවත් වෙන්නේ Florida වේ. ඇයට තම දරුවා බිහි කරන්න සිදු වුනේ කාර්එක ඇතුලේ ඉදලා. ඒත් අන්තිමේට හොස්පිටල් බිල ආව. බලනකොට ඒ සදහා වන වියදම බේබි රෑම් එකකදි දරුවෙක් බිහි කරපුවාම ලැබෙන සම්පූර්ණ මුදල. ඇමරිකන් ඩොලර් 7000යි. ලංකාවේ රුපියල් වලින් 1,035,666.89 (ලක්ෂ 10යී, ඒ කියන්නේ මිලියන 1යි.) කොහොමද සෙල්ලම. ඇමරිකාවේ නිදහස් සෞඛ්‍ය නෑ, තියෙන්නේ ‘ඔබාමාකෙයාර්“ කියන රක්ෂණ ක්‍රමයක්. වත්මන් ආණ්ඩුව පහුගිය කාලේ ලංකාවටත් යෝජනා කළේ ඔය විධිය රක්ෂණ ක්‍රමයක්. ලංකාවේත් නිදහස් සෞඛ්‍යක් නොතිබුණානම්,
බබා හම්බවෙයි....

Paula D’Amore told WPTV that her husband did not even have time to park the car and she was forced to deliver her baby in Boca Raton Regional Hospital’s parking lot in April.
“We drove up, my husband ran out and I said she’s crowning and her head came out,” D’Amore recalled.
Nurses rushed out to help with the delivery but D’Amore said that she was shocked when the hospital charged her the full $7,000 fee even though she never made it to the delivery room.
“I mean like yes, charge, but not $7,000,” she remarked. “They are basically saying that everything was billed appropriately.”

උපුටා ගත්තේ නිශාන්ත බණ්ඩාරගේ ෆේස්බුක් පිටුවෙන්

පාසලේ දී තමන් කැමති ගැහැණු හෝ පිරිමි වැසිකිළියකට හෝ නාන කාමරයකට යාමට සංක්‍රාන්ති ලිංගික සිසු සිසුවියන්ට අවස්ථාව ලබා දිය යුතු බව ඇමරිකාවේ ඔබාමා පාලනය පාසැල් බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම නියෝගය ට පටහැණිව කටයුතු කරන පාසැල් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති අතර පළාත් පාලන ආයතන මගින් ලබා දෙන ආධාර කප්පාදු කිරීම් වලට ලක්වීමට ඉඩ ඇති බවයි අධ්‍යාපන සහ අධිකරණ දෙපාර්තමේන්තු පවසන්නේ.

ඇමරිකාවේ නීතිපති ලොරේටා ලින්ච් පවසන්නේ සංක්‍රාන්ති ලිංගික සිසුසිසුවියන් වෙනස්කොට සැලකීමට ලක්වීමෙන් සහ අනෙක් සිසුන්ගෙන් හිරිහැරයට ලක්වීමෙන් වැළැක්වීමට මෙම නීතිය මගින් පිටුවහලක් වන බවයි.

උතුරු කැරොලිනා ප්‍රාන්තයේ බලධාරීන් සහ පළාත් පාලන ආයතන දැනට පවතින නීතිය වන තම උප්පැන්න සහතිකයේ සඳහන් ලිංගිකත්වයට අනුව වැසිකිළි භාවිතයට දී ඇති අවසරය වෙනස් කර ගැනීමට කරන අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම උපදෙස් නිකුත් වී ඇත්තේ.

අනාරක්ෂිතව රිය පදවා පුද්ගලයකු ඝාතනය වීමට සැලැස්වු බවට චෝදනා එල්ලවු ඉන්දීය සුපිරි නලු සල්මන් ඛාන් සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.

 

මුම්බායි මහාධිකරණය විසිනුයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

 

2002 වසරේ සැප්තැම්බර් 28 වනදා අලුයම සිදුවු අදාළ රිය අනතුරින් මියගොස් තිබුනේ මාර්ගයේ පසෙක නිදා සිටි කම්කරුවෙක්.

 

එම මරණය සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේදීයි ඉන්දීය අධිකරණයක් විසින් සල්මන් ඛාන්ට චෝදනා ගොනු කරනු ලැබුවේ.

 

මාර්ගය අසල නිදා සිටි කම්කරුවන් 5 දෙනෙකු අනතුරට ලක්කර නොනවත්වා රථය ධාවනය කල බවට සුපිරි නලුවාට ඉන්දීය අධිකරණය චෝදනා එල්ලකර තිබුනා.

 

කෙසේවෙතත් මුම්බායි මහාධිකරණය ප්‍රකාශකර ඇත්තේ සල්මන් ඛාන්ට එරෙහි චෝදනා නිසියාකාරයෙන් ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වී ඇති බවයි.

 

සල්මන් ඛාන්ට චෝදනා ගොනුකල අධිකරණය නීතිය පිළිබඳ මුලධර්මවලට අනුව කටයුතු කර නොමැති බව ද මුම්බායි මහාධිකරණ විනිසුරුවන් ප්‍රකාශකර තිබෙනවා.

 

ඉන්දීය සුපිරි නලුවාට එරෙහිව ජීව විද්‍යාත්මක සාක්ෂි ගොනු කිරීමේ ක්‍රියා පටිපාටිය ද නිවැරදිව සිදුව නොමැති බවයි අධිකරණය පෙන්වාදී ඇත්තේ.

 

එමෙන්ම සල්මන් ඛාන්ගේ ආරක්ෂකයාගේ සාක්ෂි පිළිගැනීමට හැකි බව ද විනිසුරුවන් ප්‍රකාශකර ඇතැයි ඉන්දීය පුවත් සේවාවල සඳහන්.

 

මෙම නඩුවේදී සල්මන් ඛාන් නිවැරදිකරු බවට ඔහුගේ රියදුරා ද අධිකරණය හමුවේ පාපොච්චාරණය කර තිබුනා.

Market Movers

NMS : YHOO - 31 Dec,
+0.00 (+0.00%) After Hours:
Open Mktcap
High 52wk Hight 57.39
Low 52wk Low 35.05
Vol 0 Avg Vol 19.80M
Eps 0.71 P/e
Currency:

Alphabet Inc.

NMS : GOOG - 20 Oct, 4:00pm
988.20
+3.75 (+0.38%) After Hours:
Open 989.44 Mktcap 684.70B
High 991.00 52wk Hight 997.21
Low 984.58 52wk Low 727.54
Vol 1.18M Avg Vol 1.42M
Eps 30.64 P/e 35.81
Currency: USD

Apple Inc.

NMS : AAPL - 20 Oct, 4:00pm
156.25
+0.27 (+0.17%) After Hours:
Open 156.61 Mktcap 807.07B
High 157.75 52wk Hight 164.94
Low 155.96 52wk Low 104.08
Vol 23.97M Avg Vol 27.60M
Eps 9.01 P/e 17.74
Currency: USD
Advertisement
Sign up via our free email subscription service to receive notifications when new information is available.