21
Sat, Apr

ශිෂ්‍ය සුභසාධනය වෙනුවෙන් පිහිටුවා තිබෙන මහපොළ භාරකාර අරමුදලේ සිදුවී තිබෙන ඉතා බරපතල මුල්‍ය වංචාව සම්බන්ධයෙන් නෛතික කි‍්‍රයාමාර්ග ගත යුතු බවත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වෙන් වුණු මුදල් මෙසේ වංචා කිරීම සම්බන්ධව වර්තමාන ආණ්ඩුව සෘජුව වගකිව යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා බිල්ලට දී ජාම බේරා ගැනීම සදහා බැදුම්කර වාර්තාව නොමැතිව පාර්ලිමේන්තු සැසියක් පැවැත්වීමට ගොස් අද නැවත වරක් ලංකා පාර්ලිමේන්තුවේ පොර පිටියක් බවට පත්වී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ‘මහින්ද හොරා යැයි කෑගැසීමත් සමගම‘ එජාප මන්ත්‍රී මරික්කාර් හා ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ අතර ගුටි බැට හුවමාරුවක් සිදු විය. එයට චමින්ද විජේසිරි, මරික්කාර්, ජොන්ස්ටන්, හෙක්ටර් අප්පුහාමි ද එක් වූ අතර මන්ත්‍රීනි කවිරත්න මහත්මිය ඇතුළු මන්ත්‍රීවරු එයට මැදිවිය. සැලසුම් සහගත ලෙස පාර්ලිමේන්තු සැසිය කඩාකල්පල් කිරීමට උපදෙස් ලබාදීමෙන් පසුව මෙම ගැටුම ඇති වූ බව ඉතා පැහැදිලිව හදුණා ගත හැකිය.

ගැටුමක් ඇති කර ගැනීමේ මුලික අපේක්ෂාව සහිතව ‘ගුටි බැට හුවමාරුවක් ඇති කර ගත් පළමු අවස්ථාව ලෙස‘ අද පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුව ඉතිහාසයට එක්වනු ඇති අතර අග්‍රාමාත්‍යවරයෙකු විසින් ඒ සදහා පූර්ණ අනුග්‍රාහාත්මක ප්‍රවේශයක් දැරූ පළමු අවස්ථාව ලෙස ද එය ඉතිහාසයට එක් වනු ඇත.
කලකට පෙර මා ලියූ ‘ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය‘ ලිපිය මේ සමග නැවත අමුණා ඇත!
ලංකා පාර්ලිමේන්තුවේ ගුටි කෙළි පුරාණය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ, කොරිඩෝවේ, සහ ලොබියේ දී ඇති වූ ගුටි බැට හුවරමාර් පිළිබද කෙටි ඉතිහාසය අද සවස මරදාන සීඑස්ආර් හි පැවති පුවත්පත් සාකච්ඡාවක දී මා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

මලල්ගොඩ බන්දුතිලක මහතා ට මැතිවරණ පුරාණයේ හෝ කීර්ති තෙන්නකෝන්ට වාරණ පුරාණය‘ කෘතියේ ලියන්නට අවශ්‍ය නොවූ මේ කථාව මා අද ලියා තබන්නේ ලංකා ඉතිහාසයේ පළමුවරට සැලසුම් සහගතව, මන්ත්‍රීවරයෙකුට එරෙහිව තවත් මන්ත්‍රීවරුන් ප්‍ර‍චණ්ඩත්වය වැපිරවූ පළමු අවස්ථාව මෙය වන බැවිනි.

1. පිලිප් ගුණවර්ධන මහතා විසින් සර් ජෝන් කොතලාවල මහතා ට පාර්ලිමේන්තුවේ කොරිඩෝවේ දී සිදු කළ පහරදීම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර සිදු වූ පළමු ගුටි බැට හුවමාරුවයි.

2. 1956 ආණ්ඩුවේ මැද කොළඹ තුන්වන මන්ත්‍රී ඇම්.අස්.තේමිස් සර් ජොන් කොතලාව ට ‘හලෝ ජෝන්‘ යැයි ඇමතීමෙන් පසුව ඔහුට පහරදීමට කොතලාවල මහතා ඔහු බිත්තියට හේත්තුකොට ඇත. මේ ගැන බණ්ඩාරනායක මහතා පවසා ඇත්තේ “මමත් ජොන් ට කථා කරන්නේ සර් ජොන් කියාල යි. හලෝ ජොන් කිව්වාම නොගහ ඉදීද?” (කෙසේ නමුත් තමන්ට සර් ජෝන් පහර නොදුන් බව තේමිස් මහතා ඉතා මෑතක දී පුවත්පතකට ප්‍ර‍කාශ කොට තිබුණි)

3. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වූ විවාදය පැවැත්වෙන අතර තුර ඩඩ්ලි සේනානායක සහ මෛත්‍රීපාල සේනානායක මහතා ට පහරදීමට උත්සහ දැරීය. ඩඩ්ලි සේනානායක මහතා කථා කරමින් සිටින අතර මෛත්‍රීපාල සේනානායක මහතා අසා ඇත්තේ Who? (ඒ කවුද?) කියා ය. නමුත් එය ඩඩ්ලිට ඇසී ඇත්තේ YOU (ඔබ) කියාය. සාමාන්‍යයෙන් ඉතා නිහඩ පුද්ගයෙකු වූ ඩඩ්ලි තමන්ට ඇසුණු දේ වැරදියට වටහා ගැනීමෙන් කෝප වූ නිසා මෙම සිදුවීම සිදුවූ අතර ඉලංගරත්න මහතා වැනි කිහිප දෙනෙකු සිද්ධිය වළවක්වා ගෙන ඇත.

4. 1965-70 ආණ්ඩු සමයේ වලපනේ මන්ත්‍රී ටී.බී.එම්.හේරත් හා රඹුක්කන මන්ත්‍රී සමාජ සේවා අමාත්‍ය අශෝක කරුණාරත්න අතර කුල ප්‍ර‍ශ්ණයක් සම්බන්ධයෙන් වචන හුවමාරුවක් සිදු විය. සභා ගර්භයෙන් පිටතට පැමිණෙන තෙක් රැක සිටි හැඩි දැඩි අශෝක කරුණාරත්න ශරීර ප්‍ර‍මාණයෙන් කුඩා මිනිසෙකු වූ හේරත් මහතාට සැගවෙන තෙක් පන්න පන්නා පහර දුන්නේය.

5. 1974 දී සෞඛ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. පී.ජී. ආරියදාස මහතාට කර්මාන්ත අමාත්‍ය එස්.කේ.කේ.සුරිආරච්චි විසින් සිදු කළ පහරදීක් සිදු විය. එකම ආණ්ඩුවේ අමත්‍යවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේ ගුටි ඇණගත් පළමු අවස්ථාව මෙය යි.

6. වාසුදේව නානායක්කාර මහතා ට ගාමිණී ලොකුගේ අතුළු කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තුවේ දී පහරදෙනු ලැබූවේ වාසුදේව සොන්කෝලය ඔසවාගෙන යාමට උත්සහ දැරීමේ දී ය. 1992-1993 දී එම ප්‍ර‍හාරයට සම්බන්ධ වූ කිහිප දෙනෙකුම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

7. මර්වින් සිල්වා ඇතුළු කණ්ඩායමක් ජාතික හෙළ උරුමය කොළාන්නාවේ සුමංගල හිමියන්ගේ ලිංගික අවයව මිරිකා පහර දෙනු ලැබූවේ ය. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වු බලවත්ම ප්‍ර‍චණ්ඩක්‍රියාව එය විය.

8. කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතාට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍ර‍සන්න රණවීර විසින් 2016 මැයි 4 දින පහරදීම හා පාලිත තෙවරප්පෙරුම සම්බන්ධ වූ ගුටි බැට හුවමාරුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රීවරයෙකු තවත් මන්ත්‍රීවරයෙකු ගේ ලේ සෙලවීම සිදු කළ පළමු අවස්ථාව යි.

ගොනු කළේ - කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්.

අඹ මුල්කොට ගෙන මහාර්ඝ සංස්කෘතියක් ගොඩ නැගී ඇති බවට බෞද්ධ සංස්කෘතිය පාරම්බාන්නේ… ලංකාවේ වාසය කළ තිස්ස රජ්ජුරුවෝ මිහිදු හිමියන්ගේ අඹ ප්‍රශ්නයෙන් රජුගේ විචක්ෂණය කොතරම්ද යන්න තෙරුම් ගෙන බුද්ධාගම ලංකාවට ස්ථාපිත කරනු ලැබූ බවයි. එහෙව් පරම්බාන පෞඪ සංස්කෘතියක් හිමි රටේ අඹ නිසාම මහලු මවක් දිනයක් පුරා කිසිදු අහරක් නොමැතිව පොලිස් කූඩුවක රදවා තැබීමට තරම් සැහැසි එකී සංස්කෘතියේ ඵල විපාකයන් භුක්ති විදින හැගුම්බර රටවැසියන් ලෙස අපි හදුන්වමු..

අසල්වැසියා තමාට සිදු වී ඇති අකරතැබ්බය ගැලවුම්කාරයාට විස්තර කළා.�”අපේ ගෙදර කට්ටිය වැඩියි. ගේ ඉඩ මදි. එහෙන් නැන්දම්මා එක එක දේවල් කියනවා. මෙහෙන් බිරින්දෑගෙ කං කරච්චලේ. ළමයින්ට හැරෙන්නවත් ඉඩ නෑ කියලා රොස් පරොස්. මට කනක් ඇහිල්ලේ ඉන්න විදියක් නෑ.”�”තමුසෙ ගාව කුකුළො කී දෙනෙක් ඉන්නවද?” �”වැඩිය නෑ. දහයක් දොළහක් විතර.”�”අන්න හරි. උන් කූඩුවෙ තියන්නෙ නැතිව ගෙට ගනින්.”�”එතකොට තවත් ඇහිරෙනව නෙ.”�”උඹේ ප‍්‍රශ්නෙට උත්තරයක් නෙ ඇහුවෙ. කැමති නම් මං කියන විදියට කරහං.”�යාළුවා ගෙදර ගියා. කුකුළන් නිවසට එකතු කර ගත්තා. පසුවදා ඔහු උගතාට පැමිණිලි කළා.�”ඔහේ කියපු විදියට මං කුකුළො ටික ගෙට ගත්තා. දැන් මළ කරදරයක්. උන් පෑගෙයි කියලා වෙනදාට වඩා පරිස්සමින් අඩිය තියන්න වෙලා. කුකුල් බෙටි හැමතැන ම. උන් ජරා කරන ගානට ශුද්ධ කරන්න වෙලා. නැන්දම්මා ආඩපාලි කියනවා. ළමයි කුකුළො අල්ලන්න යනවා. උන් හැරිච්ච හැරිච්ච පැතතට පියාඹනවා. පිඟන් කෝප්පවල හැපුන ම එ්වා වැටිලා කැඩෙනවා. බිරින්දැගෙ බැනුම් කෝටිය යි. මට දැන් ගෙදර ඉන්නත් එපා වෙලා.”�”එළුවො ඇති කරනවා නේද?”�”හය දෙනෙක්. ඉස්තරම් ම එවුන්.”�”උන් හය දෙනත් ගෙට ගනින්.”�”තමුසෙගෙන් උපදෙස් ඇහුවට වැඩිය හොඳයි බූරුවෙකුට මගේ දුක් ගැනවිල්ල කිව්වා නම්.”�”පණ්ඩිතය නො වී, මං කියන දේ කරලා බලනව කො. ප‍්‍රශ්නෙ හරියට ම විසඳෙනවා.”�යාළුවා එළුවො හතර දෙනාත් ගෙට ගත්තා. ගෙදර අර්බුදය උත්සන්න වුණා. පහුවදා ඔහු උපදේශකයා මුණ ගැහෙන්න ගියේ ලුනු ඇඹුල් ඇතුව හොඳට දෙහි කපන්න බලාගෙන. එ්ත් අනෙකා ඉස්සර වුණා.�”දැන් මොකෝ යාළුවා තත්ත්වෙ. බිරින්දෑ එළුවොයි කුකුළොයි අරන් ඔහේටත් ගෙදරින් යන්න කිව්වද? නැන්දම්මා වෙනදාට වඩා ගස්සන්න, ඔරොවන්න, ගොරවන්න පටන් අරගෙන ද?”�”මං ඔළුව ගිනි අරන් ඉන්නවා. තමුසෙ පේන කියන්න පටන් අරගෙන. තමුසෙ තමයි මාව අමාරුවෙ දැම්මෙ.”�” ඕයි. මේ අහනවා. ලෙඩක් වුණත් එක බේත් වේලෙන් සනීප වෙන්නෙ නෑ. බේත දැන් තමයි ඇඟට අල්ලන්නෙ. හෙට උදේ වෙනකොට සනීප වෙයි.”�”එ් කොහොමද?”�”අද ගෙදර ගියා ම එළුවා හතර දෙනා ආපහු ගාලට ගෙනිහින් දානවා. කුකුළො කූඩුවට දනවා. බලනවකො ප‍්‍රතිඵල.”�යාළුවා උපදෙස් පිළිපැද්දා. ඊළඟ දවසේ සිනාමුසු මුහුණින් උපදේශකයාට ප‍්‍රතිඵල විස්තර කළා.�”ළමයින්ට හරි සතුටුයි. එ් ගොල්ලන්ට හොඳට ඉඩකඩ තියෙනවා සෙල්ලම් කරන්න. බිරින්දෑ මාව බදාගත්තා. නැන්දම්මා ලොඹු කට උල් කරගෙන ආවා මව ඉඹින්න. මං දුවලා ආවා. ඇත්තට ම එ්ක නම් අපූරු විසඳුමක්.”�”මේක ලංකාවේ ක‍්‍රමය. එ් රටේ පාලකයො ප‍්‍රශ්න විසඳන්නෙ මේ විස්මිත ක‍්‍රමයට තමයි.”�”එ් කොහොමද?”�”මිනිසුන්ගේ දත කට පූට්ටු වෙනකම් හිර කරලා දානවා. චන්දයක් කිට්ටු වුණා ම හිර කරපුවා බුරුල් කරනවා. ටක්කෙට ම හරි. මිනිස්සු පොර ක-කා ගිහින් චන්දෙ දෙනවා.”

උපුටා ගැනීමකි 

රට තුල නිර්මානය කරමින් පවතින ජාතීන් අතර බෙිදීම ඉබෙි ඇති වුවක් නොවන බව අප මනාව තේරුමි ගත යුතුය. ජාතික හා ජාත්‍යත්තර වශයෙන් ගැටුමි ඇතිවූ සෑම අවස්ථාවකම එය කුමක් හො කණඩායමකගේ හෝ ජාත්‍යන්තර සමාගමක ව්‍යාපෘතියක කෙටසක් ලෙස ඇති වුවකි.

දෙසතියකට පමණ ඉහතින් යාපනයේ ගිය බැසිල් රාජපක්ෂ මහත් ආන්දෝලනයකට ලක් විය. එය ආරම්භ වූයේ යුධ අපරාධ සම්බන්ධයෙන් ඔහු කියූ කතාවකට අදාලව රජයේ මාධ්‍යයෙහි පළවු ප‍්‍රවෘත්තියක් මුල්කර ගෙනය.

එක්තරා FM රේඩියෝ චැනලයක් විසින් නිතර විකාශය කරන, සමාජ මානසිකත්වය රෝගී කරවන එහි වැඩසටහන් පිළිබඳව පූර්ව දැනුම්දීම් කිහිපයක් ශ්‍රවණය කිරීමට පසුගියදා මා හට සිදුවුණි. පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා විට මුහුණ පෑමට සිදුවන එවැනි අමිහිරි අත්දැකීමට ප්‍රතිචාර වශයෙන් කරුණු කිහිපයක් පෙළගැස්වීමට නිමිති කර ගනිමින් ඒ පූර්ව ප්‍රචාරක දැනුම් දීම් මෙසේ පහත දක්වමු.

"ඔබේ නිවසේ වසන සියලු දෙනාට බලපාන සියලු දෝෂ, අනවින, කොඩිවින, හුනියම් අපල-උපද්‍රව දුරු කරන මහා බලගතු පිරිත් සජ්ජායනය අලුයම 3:00 සිට මෙම FM රේඩියෝ චැනලය ඔස්සේ ප්‍රචාරය කරවන බැවින් එය ඔබේ නිවසේ ශ්‍රවණය කරන්න."

"ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ඔබේ දරුවා ඉහළින් සමත් කරවන මහා ආශිර්වාද බෝධි පූජාව ‘අහවල් හිමියන්ගේ’ සාභාගිත්වයෙන් පැවැත්වෙන අතර එය ශ්‍රවණය කොට ආනිසංස ලබා ගන්න."

"ඔබේ ව්‍යාපාරය වැඩිදියුණු කරවන, නිවාස, වාහනය ආදිය ආරක්ෂා කරන මහා බලගතු ‘අහවල්’ පිරිත් සජ්ජායනය අසවල් වෙලාවේ සිට ඇසෙන්නට සලස්වන්න; එයින් ඔබ මහත් ආනිසංස ලබා ගන්න."

(පිරිත් යනු යම් අපේක්ෂාවන් ඉටුකර ගැනීමට කරන ජප කිරීමක් ද යන්න පැහැදිලි කර දීමට කිසිදු උගත් හිමි නමක් ඉදිරිපත් නොවීම ඛේදවාචකයකි. මේ සරල කාරණය පවා වටහා ගත නොහැකි වීම අරබයා බෞද්ධ සමාජය ලජ්ජා විය යුතුය.)

දෙවැනි වර්ගයේ සමාජ සත්කාර මාධ්‍ය මෙහෙවර මෙවැනි ආකාරයේ එකකි;

"දියවැඩියාව නිට්ටාවටම සුව කරන අසවල් වෙද මහතාගෙන් අදම ප්‍රතිකාර ලබාගෙන සුවය ලබා ප්‍රත්‍යක්ෂ කර ගන්න."

(අපේ විශේෂඥ වෛද්‍යවරුනට දෛනික චැනල් සේවයේ රාජකාරි බහුල බැවින් -ඔවුන්ට වෘත්තීය අභිමානයට වඩා මුල්‍ය ප්‍රතිලාභය වැදගත් බැවින්- මෙවැනි තක්කඩීන් සමාජයට සන්නිවේදනය කරන කෙබර වලට උත්තර දීමට වෙලාවක් නොමැති නිසා මෙවැනි දේ අපට ඉවසා වදාරන්නට සිදුව ඇත!)

නොමිලේම උදාකරන තවත් සමාජ සත්කාර මාධ්‍ය මෙහෙවරකි මේ;

"අසවල් ග්‍රහ මාරුව ඔබට, රටට බලපාන්නේ කෙසේද යන්න අවබෝධ කරගන්න ‘මහාචාර්ය මන්ත්‍රාචාර්ය’ අහවල් ජ්‍යෝතිෂඥයාගේ විග්‍රහයට සවන් දෙන්න."

(මේවා අපේ ‘සංස්කෘතික සම්ප්‍රදායන්’ ලෙස මෝඩ දේශපාලඥයින් සලකන බැවින් ඊට අත තැබීම නොහොබී!)

හුනියන් කැපීම, සෙත්කවි, ග්‍රහ-අපල දුරුකිරීම්, ජ්‍යෝතිෂය, ආශීර්වාද පූජා ආදිය යනු, තක්කඩීන් හා තමන් හට යම්කිසි බලයක් හෝ "වරමක්" ඇතැයි සිතාගෙන සිටින මානසික රෝගීන් පිරිසක් විසින් (තමන්හට ඇති රෝගය පිලිබඳ වැටහීමක් නොමැතිකම නිසා) පවත්වාගෙන යන ජාවාරමක් බව විචාරශීලී සමාජය හමුවේ දෛනිකව හෙළිදරව් වෙමින් ඇත. තමන් හට හැකියැයි උදම් ඇනු හපන්කම් කිසිවක් සනාථ කල නොහැකිව කට්ටඩින් බොහෝ දෙනෙකු මේවනවිට අනාථවී කිච වී, පච වී, පජාල වී සිටින තත්වයක මේ තක්කඩින් හා හවුලේ හුදී ජනයා ගසා කන ජනමාධ්‍ය කට්ටඩින් හට තිබෙන හොඳම ගුබ්බෑයම මේ FM චැනලයයි.

මාධ්‍ය ආචාරධර්ම පිලිබඳ සාක්ෂරතාවයක් නොමැති ජනතාවක් සිටින, සාමාන්‍ය මානව ගරුත්වය පිලිබඳ අදහසක් හෝ වගවීමක් නැති බුද්ධි හීන මාධ්‍ය කරුවන් බහුතරයක් ඇති අපේ රටේ මෙවැනි ආචාරධර්ම විරෝධී, සමාජ විරෝධී දේවල් වලට ක්ෂේම භූමියකි; ධනය උපාය ගත හැකි ඉල්ලමකි. ආත්ම ගරුත්වය මුදලට යටකළ මාධ්‍ය හිමිකරුවන් පමණක් සිටින අපේ රටේ, පුරවැසියන් හට හා මාධ්‍ය සමාජයට ගැලපෙන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ධාරානිපාතය අතර මෙම ජාවාරම්කාර FM රේඩියෝ චැනලය ඉහලින්ම වැජඹෙන බව ද සහතිකය.

ලිංගික කර්මාන්තයෙන් ජීවත්වන කෙනෙකු විපතේ හෙලන්නේ තම පුද්ගලික ආත්ම ගෞරවයයි. එවැන්නන් නිසා සමාජයට සිදුවන බලපෑම මහත් නොවේ. එහෙත් පොදු සමාජයට ඉමහත් අගතියක් අත්කර දෙන මෙවැනි තක්කඩි මාධ්‍ය සම්ප්‍රදායක් තුලින් සමාජයක් විපතේ හෙලන පරිමාව ඊට වඩා විශාල වෙයි. මේ තත්වයට නොවැටී සිටින්නට විභවයක් ඇති මහජන මාධ්‍ය (Public media) ආයතන වලට, වඩා යහපත් ප්‍රමිතියක් සහ වඩා යහපත් ශ්‍රාවක-ප්‍රේක්ෂක සමාජයක් නිර්මාණය කල හැකි වේ නම් පමණි අප වැනි සමාජයකට ශිෂ්ඨ මිනිසුන් බිහිකළ හැක්කේ.

boondi.lk

මාළඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමේ අරගලයෙ එක් පරිච්ජේදයක් අවසන්ව ඇත බව  අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයනිවේදනයන් නිකුත් කරමින් කියා සිටියි . පහත පල වන්නේ එම නිවේදනයයි .

තාප්පයට "සිරකරුවෝද මනුශ්‍යයෝය" මනුශ්‍යයන් සිටී දැයි එහි ඇතුලට එබී බලන්න.
(සහන් හේවාදලුගොඩ)

සිරකරුවන් යනුවෙන් හැඳින්වෙන මිනිස් කොටස යනු වෙනම සත්වයින් පිරිසක් නොවේ. ඔවුන් සමාජයේම කොටසකි. ඒ නිසාම ” සිර කරුවෝද මනුෂ්‍යයෝ ය” යනුවෙන් හැඳින්වුවත් ඔවුන්ගේ සිරගත ජීවීතය දන්නේ එහි වෙසෙන්නන්මය. එහෙත් රාජ්‍ය විසින් තනා ඇති සිර ගෙවල්වලට නීති පණත් සැකසී ඇත. එය ලංකාවට ඉංග්‍රීසි පාලන කාලය තුල දී ඇතුළත් වී ඇති අතර එය කෙනෙකු කියවනු ලැබුවොත්, ඔවුන්ට හිමි අයිතිවාසිකම් කුමක් දැයි වටහා ගත හැකි වුවත් නීතිය විසින් උරුම විය යුතු අයිතිවාසිකම්වලින් ඔවුනට අත්වන්නේ කොපමණ ප්‍රමාණයක් දැයි ගණන් බැලීමට වඩා පැවැසිය හැකි වන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් එකහෙළාම උල්ළංඝණය වී ඇති බවය. පහත සටහන පසුබිම් සපයන යථාර්ථයේ අංශු මාත්‍රයක් පහතින් කිය විය හැකි වේ.ලංකාවේ බන්දනාගාර වල ඇති ගැටලු සම්බන්දයෙන් දේශපාලන රැදවියකු ලෙස (2007 -2014 ) වසර 08 කාලයක් වැලිකඩ,මහර,අනුරාදපුර සහ යාපනය යන බන්ධනාගාර තුල රදවා සිටි මාගේ අත් දැකීම් ආශ්‍රයෙන් කරනු ලබන කරුනු පැහැදිලි කිරිමකි

වැලිකඩ බන්දනාගාර තුල ඇති රැදවියන් මුහුන දෙන ගැටලු

කාමර පහසුකම්

මුලික රදවා තැබිය හැකි ජාතන්තරව පිලිගත් කුමවේදයන්නට අනුකුල නොවන ආකාරයෙන් විශාල රැදවියන් ප්රනමානයක් රදවා සිටින අතර මෙහි ඉඩකඩ ප්‍රමානය රදවා සිටින රැදවියන් ගණනට වඩා අතිශයින්ම සිමිතය.


මෙම කාමරයක රදවා තිබිය හැක්කේ එක් සිරකරුවෙකු පමනක් වුවවත් දැනට මෙම වර්ග අඩි 6-10 කාමරයක රැදවියන් 3-8 ත් අතර ප්රාමානයක් රදවා තබා තිබෙන අතර එය බන්දනාගාර ආඥාපනත අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරිමකි. තවද මෙම කාමරයක රදවනු ලබන රැදවියෙකු සදහා අනිවාර්යෙන්ම පැදුරක් හා කොට්ටයක් ලබා දිය යුතු වුවත් එවැනි දැ ලබාදෙනු නොලැබේ. මේ නිසා රැදවියන් මුහුනපාන ගැටලුව ලෝක නිතයට අනුව පවා මනුෂත්වයට කරනු ලබන අවමානයකි. යම් රැදවියෙකු බන්දානාගාර ගතකල විට නිතියට අනුව එම සිරකරුට ජම්පර් ඇදුමක් පිගානක් හා කෝපයක් ලබා දිය යුතු වුවත් එවැනි දැ ලබා දෙනු නොලබයි. නිදසුනක් ලෙස එදිනෙදා අලුතෙන් සිරගතවන ඇතැම් රැදවියන් සිලි සිලි මලු වලට ආහාර ගෙන කැම කන අවස්තා අනත්තවත් ඇත.

prirooms
ආහාර හා ඔලුවට රැපියල.


බන්දන්නාගාර දෙපාර්තුමේන්තුවේ හා ආමාත්‍යාන්ශයේ ඉහල නිලයන්ගේ සිට පහලම නිලයන් දක්වා සැම සිරකරුවකුගේම දිනක බත් පතින් රුපියල් 5 සිට බන්දනාගාර අදිකාරී දක්වා එන විට රුපියල් 01 ක් දක්වා ගසා කන බන සිපිරි ගෙදර ප්‍රසිද්ද රහසක්ය. ලංකාව තුල සිර හා සැක කරුවන් 20000 කට අදිකය. ඉහල සිට පහලට නිලදාරින් 05 ස් දෙනුකු එසේ ගසා කනු ලබුව හොත් සිරකරුවාගේ දිනක අහාර වේලෙන් කොපමන මුදලක් දැයි සිතා බලන්න. අතේ ඇගිලි ගානටත් අඩු නිලදාරීන් ඇරෙන්නට අනෙකුත් නිලදාරින් එම ගසා කෑම සිදුකරයි.බන්දනාගාරයට ආහාර සපයන ටෙන්ඩර් කරුවන් විසින් සිරකරුවාට ලබාදෙන අහාර ප්‍රමාන වලින් හෝ ගුනයෙන් අඩු ආහාර ප්‍රමන ලබාදී ඉහත නිලයන්ගේ මනදොල සපුරන අතර ටෙන්ඩර් කරුවාද එම තත්වයන් ප්‍රයෝජනයට ගෙන දෙල් කාලෙට දෙල්ද බතල කාලෙට බතලද වශයෙන් කුනුකොල්ලයට ලබාදියහැකි ආහර සිරගෙදරට නිකුත් කරනු ලැබේ.සිරකරුවකුගේ ආහාර වට්ටෝරුව ප්‍රමිතිගත එකක් වුවද ජරාවට යටවුනු නිලදාරීනට ටෙන්ඩර් කරුවා අභියෝගයට ලක් කරන්නේ නැත.


සියලු රැදවියන්ට තුන්වේල කැම ලබාදෙනු ලබන නමුත් ලබා දෙන ආහාර නියමිත ප්‍රමිතියෙන් හා ප්රසමානවලින් මෙන්ම පෝෂණ ගුනයෙන්ද තොරය.ආහාර පිසින විට අඩංගු කල යුතු කලමනා නිසි අයුරින් නොයෙදීම හේතුවෙන් එම ආහර වල කිසිදු රසයක් නොදැනෙන අතර උදාහරනයක් ලෙස මිනිසුන්ට අනුබව කල නොහැකි ලෙස බතල මඤ්ඤොක්කා වැනි දෑ හොදි හදා ආහාරයට දෙන අවස්තා ඇත.සිරකරු ආහාර වට්ටෝරුව නිසි ලෙස මුදල් ප්‍රතිපාදන බන්දනාගාර දෙපාර්තුමේන්තුවට රජයෙන් වෙන් වන නමුදු බන්දනාගාරයට අරක්ගත් ටෙන්ඩර් මාෆියාව හා නිලදාරින්ගේ ගසා කෑම් නිසා සිරකරුවා අතට පත්වන ආහාර පත වතුරයි බතුයි තත්වයට පත්ව ඇත.අවසානයේ සිරකරුවන්ටත් සිදුව ඇත්තේ බන්දනාගාර මුලුතැන් ගෙයි නිලදාරීන්ට හෝ එහි වැඩවල නියුතු සිරකරුවන් ට අයතා ලෙස මුදල් ලබා දී තමාගේ ආහාර වේලට අවශ්‍ය කලමනා (තුනපහ,මිරිස්,පොල්)ලබාගෙන බන්දනාගාරයෙන් පිස ලබාදෙන ආහාර වෙලට අව්ශ්‍ය කලමනා එකතුකොට නැවත හොර රහසේ පිස ගැනීමටයි.මුදල් හදල් ඇති අතලොස්සක් සිරකරුවන් එම කාර්‍යයේ නිරත වන අතර ඔවුන් දිනකට එකවේලක් හෝ බන්දනාග්ගරය පිස ලබාදෙන ආහාර වේල සිරකරුවන් කිහිප දෙනෙක් එකතුවී එලවලු හා බත් වෙන වෙනම ලබාගෙන එවා අවශ්‍ය කලමනා එක් කොට නැවත පිස ආහාරයට ගනී.පොදු වේ බොහෝ හිරකරුව්න් දෙන දෙයක් කා නිහඩව සිටී.ආහර ගැන මැසිවිලි නගන හා ඒ සම්බන්දව නිරන්තරයෙන් ප්‍රශ්න කරන සිරකරුවන්ට තාඩන පීඩනයෙන් හා වෙනත් බන්දනාගාර වලට මාරු කර හිරිහැරයට ලක් කිරීමෙන් ප්‍රශ්නය මගහැරීමට බන්දනාගාර නිලදාරීන් කටයුතු කරයි. නිසි පෝෂණයෙන් තොර ආහාර ලබා දෙන නිසා රැදවියන් කායික හා මානසික රෝගින් බවට පත්විම වැලැක්විය නොහැක.

prifood

සනිපාරක්ෂක පහසුකම්


මේ අනුව මුලිකවම වැසිකිලි පහසුකම් රදවා සිටින රැදවියන් ගනනට සමානව කිසිසේත්ම ප්රරමානවත් නැත. නිදසුනක් ලෙස පැයක් වැනි කාලයක් තුල තම ශරීරකෘතිය කර ගැනීමට රැදවියන් 2500 කට ආසන්න ප්‍රමානයට ඇත්තේ වැසිකිලි 50 කට ආසන්න ප්රනමානයකි. වැලිකිසි තුල ජල පහසුකම් නොමැති අතර වෙනත් ස්තානයකින් වතුර පනිට්ටුවක් රැගෙන ගොස් වැසිකිලි යාමට හා මුහුන සේදිමට සිදුව ඇත. වැලිකඩ බන්දනාගාරයේ චැපල් අංශයේ රදවා සිටින රැදවියන් හවස 5 ට පමන සිරමැදිරි තුලට ගාල්කල පසු නැවත එම කාමර අරිනු ලබන්නේ පාන්දර 6ට පමනය. රැදවියන් සිරමැදිතුල සිටින මුලු රාත්රි ය පුරා වැකිකිලි හා කැසිලිකි පහුසකම් ලබාගත නොහැකි අතර මුත්රා කිරිමට සිදු වන්නේ ප්ලාස්ටික් බෝතල් හා වැලිකඩ බන්දානාගාරයෙන් ලබාදෙන පනිට්ටුවකටය. මිට අමතරව වැසිකිලි යාමට සිදුවන විට එයද එවැනිම ආකාරයෙන් කාමරය තුල පනිට්ටුවකට සිදුකල යුතුය. එක් රැදවියෙකු රදවා තැබිමට සාදා ඇති කාමරයක 5 -8 ප්‍රමානයන් හෝ ඉට වැඩි ගනනක් රදවා සිටින විට මේ පිරිස මුලු රාත්‍රිය පහන් කල යුතු ආකාරයේ කටුක බව වචනයෙන් විස්තර කල නොහැක.
දිනකට එක් සිරකරුවෙකුට ස්නානය කිරිම සදහා ලබා දෙන වතුර ප්‍රමානය කිසිසේත් ප්රදමානවත් නැත. මේ අයට ලබාදෙන වැලිකඩ බන්දනාගාරයේ නිෂ්පාදිත සබන් කිසිදු ප්රදමිතියක් නොමැති අතර රෙදිසේදිමට පවා ඒවා සුදුසු නොමැත. අධික කෝස්ටික් සෝඩා ප්රපමානයක් ඇති එම සබන් ඇගේ ගැ විට හම ගැලවි යයි. එම සබන් පවා එක් සිරකරුවෙකුට ලබා දෙන්නේ සති දෙකකට එක් කුඩා සබන් කැටයකි. හිසේ ගාන්නට සති දෙකකට පොල්තෙල් මේස හැන්දක් පමනක් ලබාදෙනු ලබයි.කොලඹ රිමාන්ඩ් බන්දනාගාරයෙ තත්වය ඉතා නරක අතර බොහෝ සැකරුවන්ට කකුස්සියට යාමට පවා වතුර ලබා ගැනීමට වර ලත් සිර කාක්කන්ට අල්ලස් ලබාදිය යුතුය.

pripeople
වෛද්‍ය පහසුකම්


සිරකරුවන් අතර බෝවන රෝග හා චර්ම රෝග බහුලව දක්නට ඇත ඊට හේතුව වන්නේ ආහාර වල පෝෂණ ගුනය අඩුකම ඇදුම් පිරිසිදු කිරිමට ඇති අඩු පහසුකම් හා රැදවියන්ට පිරිසිදුව ඉන්ට තරම් ජල පහසුකම් නොමැති නිසා රැදවියන් දෛනිකව රෝගි වෙයි. බන්දනාගාරය තුලට දෛනිකව පැමිනෙන වෛද්යලවරුන් එහි රැදි සිටින්නේ සිමිත වේලාවකි. තවද මෙම වෛද්යනවරුන් නියමිත සුදුසුකම් සහිත අය නොවන අතර බන්දනාගාර රෝහල පිහිටා ඇත්තේ වැලිකඩ බන්දනාගාරයෙන් පිටත වන අතර හදිසි රෝගි තත්ත්වයකදි සියලු නෛතික විදි විදාන අනුගමනය කර රෝහලට රැගෙන යන විට පැයකට ආසන්න කාලයක් ගත වන අතර ඒ නිසා බෝහෝ රෝගින් මිය යයි.තවද වෛද්‍ය වරුන් සිරකරු රෝගීන් පරීක්ශාවට ලක්කරන විට ඇතැම් වෛද්‍ය වරු සිරකරුවා දෙස පිලිකුලෙන් යුතුව බලා නිසි පරරීක්ශාවක් පව සිදුකරන්නේ නැත.රෝගියා තම ලෙඩේ කියන්නටත් පෙර දොස්තර බෙහෙත් ලියා දෙන අවස්තාද එමටය.බන්දනාගාරය තුල අත්‍යාවශ්‍ය බෙහෙත් නොමැතිකමද බරපතල ගැටලුවකි.
අනිත් අතට බන්දනාගාර රෝහල තුල සැත්කම් සදහා පහසුකම් මෙන්ම සමහර රෝහලක තිබිය යුතු මුලික පහසුකම් පවා නොමැති නිසා ජාතික රෝහලෙන් එය ලබා ගැනිමට සිදුවෙයි. එහිදි ජාතික රෝලහට රැදවියන් ඉදිරිපත් කිරිමේ දි බන්දනාගාර දෙපාර්තමේන්තුවේ ඇති පරිපාලන අඩුපහඩු හා නොසැලකල්ල නිසා ද රැදවියන් මිය යන අවස්තා ඇත. බන්දනාගාරය තුල ලිංගාශ්‍රියත රෝග ව්යඅප්තිය ඉතා වැඩි අතර ලිංගාශ්රියත රෝග බෝවිමට බහුල ඉඩක් ඇත.නිසි පුනරුත්තාපන ක්‍රම වේදයක් හා නිදහස උදෙසා බලාපොරොත්තුවක් හෝ අහිමි දිර්ගකාලීනව හිරගෙදරටම සින්නවී ඇති සිරකරුවන් සමලින්ගික කාර්‍යන් මගින් හෝ තම ලිංගික අවශ්‍ශ්‍ය තාවයන් ඉටු කර ගන්නා අතර අලුතෙන් බන්දනාගාරයට පැමිනෙන රැදවියන් ඔවුන්ගේ ගොදුරු බවට පත්වීම සුලබ කාරනයකි.ලිංගික අඩන්තේට්ටම් සම්බන්දයෙන් නිලදාරින්ගේ අවදානය ලක්වන්නෙම නැත.රෝගි සිරකරුවන් අනෙක් සිරකරුවන්ගෙන් වෙන්කර රදවා තැබිමේ නිසි ක්‍රමවේදයක්ද නැත.
නඩුකටයුතු නිසා සිදුවන අසාධාරනකම්
අධිකරනවලින් ලැබෙන අසාධාරන තින්දු වලට ලක්වුවන්ට නිති ආධාර ලබා ගැනිමට හැකි නිසි ක්රවමවේදයක් ක්රිනයාත්මක නොවිම නිසා රැදවියන් දිර්ග කාලිනව බන්දනාගාර ගතවිම. නිදසුනක් ලෙස මහේස්ත්රා්ත් අදිකරනයේ කමිස 12ක් සොරකම් කල අයෙකුට එක් කමිසයකට වසර 2ක බැගින් වසර 24 ක සිර දඩුවමක් ලබා දිම. මෙවැනි රැදවියන්ට මුදල් වියදම් කර අභියාචනා කිරිමේ හැකියාවක් ද නැත.එක් රැදවියකුට මහේස්ත්‍රාත් අදිකරන කිහිපයක් සමාන කරුනු මත ලබාදෙන බොහෝ සිරදඩුවම් එකට එකතු වූ විට වසර 100 ඉකමවා සිරදඩුවම් නියම වන සිරකරුවන් සිටින්නේය.(උ/හ. හොරකම් නඩු, මුදල් වන්චා සිදුකරන්නන්) මොවුන්ගේ නඩු සියල්ල එකට එකතුකොට මහාදිකරනයකට ඇපෑලක් දමන්නේ නම් එම දඩුවම් යම් ප්‍රමානයකට ලිහිල් වී ඔවුනටද සමජගතවීමේ අවකාශ සැලසෙන්නේය.එහෙත් ඒ සදහා නීති ආදාර සපයා ගත නොහැකි සිරකරුවන්ට එම කටයුතු කරගැනීමට සහයෝගය ලබාදීමද පුනරුත්තාපනයේම කොටසක් බව බන්දනාගාරයටත් නීතී ආදාර ලබා දෙන ආයතන වලටත් මගහැරී ඇත.සමහර සිරකරුවන්ට ලබාදී ඇති සිරදඩුවම් යාවත්කාලීන නොවන්නේය.බෝහෝ විට දෙපාරක් ඉපදී මියගියත් එම දඩුවම් ගෙවා නිම කල නොහැක.දඩුවමත් හා ඉලකම් මගිනුත් මිනිසුන්ගෙන් පලිගත හැකිය යන චේතනාවෙන් මිස එවැනි සිරදඩුවම් පමුනු වන්නේ කුමන චේතනාවකින්දැයි සිතා ගත නොහැක.දේශපාලන හෙන්චයියන් කරන හොරකම් වල හා අපරාද වල දිග පලල දිහා බලන විට මොවුන් වංචා කල හෝ හොරකම් වල වටිනාකම් මොනවාදැයි සිතෙන්නේය. හොරකම මොකා කරත් වැරදිය. එහෙත් කෝටිගන් ගසා කා තම වත්කම් සගවන සරන ගුනවර්දනලාට වසර රැ 2000ක දඩයකුත් ලලිත් වීරතුන්ගලාට වසර 3ක සිරදඩුවම් ලැබෙන විට පොදු ජනයා වරද කට දඩුවම් ලබන විට ඔවුන්ට ජීවිතකාලයම හිරගෙවල්වල සිටින්නට දඩුවම් පමුනු වන්නේය.කුසගින්නට පොල්ලගෙඩියක් කොස්ගෙඩියක් අල්ලපු වැටෙන් කඩා ගත් එකාගේ ජීවිතයම කම්මුතු වන්නට දඩුවම් දෙන ආඩම්බර අදිකරන පද්දිතියක් අපට ඇත.
බන්ධනාගාර අඥාපනතේ අන පනත් හා සිකරකරු ප්‍රතිපාදන ක්‍රියාත්මක නොවීම.
වසර 1994 ට පෙර ක්‍රියාත්මක වු රැදවියන් පුනරුත්තාපනය කර නැවත සමජගත කිරිමේ ක්රිමවේදය ඇතුලත් බන්ධනාගාර ආඥා පනතේ 40 වගන්තිය දැනට අක්රි්යව තිබිම. චන්දිකා පාලන සමය තුල එකල අමාත්‍ය බැටී වීරකොන් විසින් සිරකරුවාට හිමි වරප්‍රසාදය අහිමි කොට ඇත. බන්දනාගාරයෙන් පිටත වැඩ සහන සදහා යොදවා ඇති රැදවියන්ට නියමිත යම් යාවත්කාලින වැටුපක් ලබා දෙනු ලැබුවද ඒහා සමාන සේවාවක් බන්දනාගාරය තුල සේවය කරන රැදවියන්ට ලබා නොදිම.ඇතුලත වැඩෙහි නියලෙන සිරකරුවාගේ දෛනික වැටුප රැපියක් 2ක් ඉක්මවන්නේ නැත.එමෙන්ම පුනරුත්තාපනය කරනු ලබන රැදවියන්ටද තම දඩුවම් කාලය ගෙවා යලි සමාජගත වන්නට ඇති අවස්තාව ඉතා සිමිත විම නිසාම මේ රැදවියන්ගේ පවුල් වල අය විශාල අගතියකට මුහුන දිමට සිදුව ඇත.


රැදවියන් සියලු දෙනාම අධිකරනයෙන් වරදකරුවෙකු කල පසු ඒ අයගේ තරාතිරම කල අපරාදය සලකා ඒ අයට අසාමන ලෙස සැලකිමට බන්දනාගාර නිලධාරින්ට හැකියාවක් නැත. කල වරද මත පදනම් වන්නේ නම් අඩුම තරමේ මේ අය වෙන වෙනම රදවා තැබිය යුතුය. මේ නිසා අධිකරනයෙන් වරදකරු වු රැදවියන් බන්දනාගාරය තුලදි නැවත අනියමින් දඩුවමකට යටත් කිරිම සිදුවිම අසාධාරනය. අනෙක් අතට මරණීය දන්ඩනයෙන් සිර දඩුවම් ලැබුවන් කිසිදු පුනරුත්තාපන ක්රිනයාදාමයකට යටත් නොවන අතර මේ රැදවියන් දිර්ග කාලයක් නිකරුනේ ගාල්කර තැබිම. ජනාධිපති විසින් ව්යිවස්ථාවට අනුව ලබාදෙන පොදු සමාව නිතිපති දෙපාර්තමේන්තුව විසින් කල වරද අනුව වර්ග කර ඇතැම් වරදවල් අනුව ජනාදිපති පොදු සමාව අහිමි කිරිම කටයුතු සම්පාදනය කිරීම
තවද මේ වන විටත් මෙම ජනාධිපති පොදු සමාව යටතේ මහින්ද රාජපක්ෂට හිතවත් බොහෝ අපරාධකාරයන් නිදහස් කර තිබෙන අතර අහිංසක කිසිවක් කර කියාගත නොහැකි රැදවියන් නිකරැනේ අපාදුක් විදීමත්ය.බන්දනාගාර පනතේ ඇති විදි විදාන පොදුවේ සියලු සිරකරුවන්ට ලබා දීමට කටයුතු කරන්නේ නම් බන්දනාගාර තදබදය සහ සිරකරුවාත් රජයත් මුහුන දෙන ගැටලු බොහෝ නිරාකරනය වන්නේය. බොහෝ වරප්‍රසාදිත සිරකරැවන් හා එසේ නොවන සිරකරුවන් දෙකොටසක් ලෙස සමා ක්‍රම ක්‍රියාත්මක වීම තුල පොදු හිරකරුවා කබලෙන් ලිපට වැටී ඇත.


මරන දන්ඩනය නියම වූවන් සහ ජීවිතාන්ත රැදවියන්.


කුමන්ත්‍රන කොට සාහසික මිනිස් ඝාතන සිදු කර (වෙඩි තබා ඝාතන කිර්‍රිම් හා මත්ද්‍ර්ව්‍ය ඇතුලුව) ඉහත දන්ඩනයට ලක්වූවන් බන්දනාගාර තුල සිටිනේ අතලොස්සක්‍ ය.ඒ භාරත ලස්ක්මන් ඝාතනය, රෙගූ නිලදාරියා ඝාතනය, ඇතුලු කිහිපයක්ය.වසරකට ලංකාව තුල කුමන්ත්‍රනකාරීව වෙඩි තබා ඝාතනය කිරීම් කීයක් සිදුවෙනවාදැයි සිතා බල්න්න.එම අපරාද කරුවන් දේශපාලන හයියෙන් හෝ ලංකාවේ නීතිය තුලින් කෙසේ හෝ කනෙන් රින්ගා නිදහසේ සිටිනිවා විය යුතුය. වැටට ඉන්නට කොස්ගෙඩියට මිනීමරාගත් දුශ්කර පෙදෙස් වල නූගත් අති බහුතර මරන දන්ඩන සිරකරුවන් අතර 5% ක අනුපාතයකට හෝ කුමන්න කාරී නියම අපරාද කරුවන් නොමැත.මරනීය දන්ඩනය ලැබූ සිරකරුවන්ගෙන් 80% ක් නැවත පුනරුත්තපන ක්‍රමවේදයකට අනුව සමාජ ගත කල හැකි අයවලුන්‍ ය.වසර 15 -20 -25 වශයෙන් දඩුවම් ගේවා දමන එම රැදවියන්ගේ ජීවිත අගාදයෙන් අගාදයටම යවනවා මිසක ඔවුන්ට සමාජගත වීමට නිසි ක්‍රමවේදය්ක් නොමැත. බලයට එන ආන්ඩුවල වුවමනා එපා කම් මත කලින් කලට වෙනස්වන අයුරින් සිරකරුවගේ ජීවිත ඉරනම තින්දු කිරීම ක්ෲර සහගතය.බවුද්ද රටක් නිසා ඔවුන් එකවර එල්ලා මරා දමන්නේ නැත. දීර්ගකාලීනව සිරකරුවන් බලාපොරොත්තු විරහිතව මර මරා රදවා තබා ගැනීමේ ක්‍රමවේදයෙන් බවුද්ද කම රෙද්ද පල්ලෙන් බෙරෙන්නේය.

pridead
පුනරුත්තාපනය
බන්දනාගාර නිලදාරීන් පුනරුත්තාපනය යැයි සිතාසින්නේ හිරකරුවා පෝය දිනයට බලහත් කාරයෙන් හෝ සිල් ගැන්වවීමත් ජෝතිශ්‍ය වැනි හොර තක්කඩි ජවාරම් කිරීමට සිරකරුවා යොමුකරවීමත්‍ය. මෙමගින් එලියේත් හොරතක්කඩි වැඩ කර හිරේට එන මිනිසුන්ට කරදරයකින් තොරව නීලකාස ජාවාරන් ඉගැන්වීමකි. ඉහත සිල් නොගන්නන්ට නිවාස නිවාඩු හා බලපත්‍ර මන්ඩල අහිමි වෙන අතර ඒ හේතුවෙන් කුමන දුශ්කරතා මැද වුවද භාවනා වැටසටහන් හා සිල් සමාදන් වීම වැනිදේ සිරකරුවා සහභාගී වීම අනිවර්‍යය.(හිරගෙදර භාශාවෙන් කියන්නේ නම් එම සීල භාවනා වැඩසටහන් හිරකරුන් විසින් හදුන්වන්නේ බයිබෝස් සිල් කියාය.ඉහත දීර්ග වශයෙන් සදහන් කර ඇති දුශ්කර තා රැසක් මැද සිටින මිනිසුන්ට මොන භාවනා දැයි පොඩි දරුවකුට හෝ අවබෝද වුවද එම කටයුතු පුනරුත්තාපනයක් නොවන බව එහි සිටින කද බඩයි පමනක් ඇති වගකිවයුත්තන්ට අවබෝද්යක් නොමැත.
හිර ගෙදර නැටුම් හා සංගීත කන්ඩායම් වලට බැදෙන සිරකරුවන් යම්තාක් දුරට හෝ දැනුමක් අත්පත් කර ගනු ලබයි.හිරගෙදර සෑම සිරකරුවෙකුම කුමක් හෝ වැඩබිමකට යොමුකරනු ලබන අතර කම්මල්,ලොන්ඩ්‍රි,කොසු ඉදල් තැනීම,ටේලර් අංශය,වගා අංශය,විදුලි අංශය,වඩු අංශය, ජලනල අංශය,පෙදරේරු යන අංශ පැවතියත් ඒම අංශවල වැඩ වලට සක්‍රීයව දායක වන්නේ ඒ සදහා පෙර වුර්තීය නිපුනත්වයක් ඇති අයවලුන්‍ පමනි.ඉහත සියලු වැඩ අංශ වල බහුතර සිරකරුවන් නිකරුනේ කාලය ගෙවන අතර ඉහත වුර්තීන් නවක සිරකරුවන් හට ඉගැන්වීමක් කෙරෙන්නේ නැත. විදුලි,ටේලර්,පෙදරේරු ,වඩු යන අංශ සදහා ලංකාවේ බන්දනාගාර කිහිපයක කලාතුරකින් වුර්තිය පුහුනු පාඨමාල පැවැත්වෙන අතර ඒවාද සීමිත පිරිසකට පමනක් සීමාවේ. අද කාලයට සරිලන පරිදි හිරකරුවකුට සුදුසු වුර්තීය පුහුනුවක් ලබාදෙන්නේ නම් සිරකරුවාගේ අනගතය යහපත් වනු ඇත. උදාහරනයක් ලෙස වැලිකඩ බන්දනාගාරය තුල ඇති බේකෙරිය තුල දැනටමත් පාන් ,පේස්ට්‍රි ,කේක් වැනි බොහෝ නිශ්පාදන සීමිත වශයෙන් බන්දනාගාර අලෙවිසැලේ අලෙවියට නිශ්පාදනය කරන අතර එය වඩා පුලුල් මට්ටමින් බාහිරට අලෙවි කිරීමටත් එම ක්‍රියාවලිය තුල එම අංශයේම නවක සිරකරුවන් එම කාර්‍යන් තුලයොදවා පුහුනුවකුත් ලබාදීමත් බන්දනාගාරය පැත්තෙන් ආදායමක් ලැබාගැනීමේ හැකියාවද ඇත.ගැටලුව ඇත්තේ තිබෙන සම්පත් වලින් හෝ සිරකරුවාට ප්‍රයෝජනවත් දෙයක් බිහිකරලීමේ නව්‍යතා අවබෝද කරගත් බන්දනාගාර පරිපාලනයක් බිහි නොවීමයි.සුද්දා 1948 හිරගෙවල් අපට ආපසු භාර දී යන මොහොත දක්වා සිරකරුවාගේ වුන්නතියට බිහි කරලූ ක්‍රීයාවන් එතනින් එහාට අඩියක් ඉදිරියට තබන්නට ලාංකීය පාලන තන්ත්‍රයන්ගේ නොහැකියාව ඒදා සහ අද තත්වයන් සලකා බලන කල මැනවින් පැහැදිලිවේ. සුද්දා අප රටේ හිරගෙවල් පාලනය කල කාලය තුල ඔවුන්ගේ රටවල් වල සිරකරුවන්ට සැලසූ සහන හා දඩුවම යන අර්තකතන වල වෙනස් කිරීම් පවා අප රටේ සිරකරුවන්ටද බුක්ති විදීමට අවස්තා03 කදී පමන කටයුතු කොට ඇති අතර ඒවා සුද්දන් විසින් කොමිසන් වාර්තා මගින් බන්දනාගාර පනතට ඇතුලත් කොට සිරකරුවාට සහන සලසා ඇත. සුද්දාගෙන් පසු අප සිරකරුවාට ලාබාදී ඇති කිසිවක් නොමැත.කර ඇත්තේ සිරකරුවාගේ සොච්චම් අයිතිවාසිකම් ටික කප්පාදු කොට සිරකරුවා පීඩ්නයට ලක්කිරීම පමනි.


අප සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලෙස,


ඉහත තත්වයන් සම්බන්ධයෙන් බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සදහා වන කමිටුව වශයෙන් පසුගිය කාලය තුල අප දිගින් දිගටම ගෙන ගිය අරගලයේ ප්‍රතිපලයක් ලෙස යහ පාලන රජය මරනදන්ඩය හා ජීවිතාන්ත සිරකරැවන්ට යම් සහන කිහිපයක් ලබාදීමට කටයුතු කර තිබුනනද එම ක්‍රියාවලීන් වඩා පුලුල් ලෙස ක්‍රියාත්මක කරවීම මිනිසුන් වන අප සැමගේම වගකීමයි.
ලංකාවේ බහුතරයක් සිතන්නේ බන්ධනාගාර ගත කරන්නේ වරදකරැවන් නිසා ඔවුන් වෙඩ් තබා මැරැවත් ඔවුනට කන්න නොදුන්නත් නාන්න නොදුන්නත් කිසිදු ගැටලුවක් නොවන බවය. නමුත් අප සැවොම කල්පනා කළ යුත්තේ මේ හිරගෙවල් වල හෙට දින අපට ඉන්නට සිදුවීම සිදුවිය හැකි බව නොවෙද? අප විසින් අද දින ලෝක සිරකරු දිනය යෙදී ඇති සැප්තැම්බර් 12 වැනි දින දහවල් වැලිකඩ බන්ධනාගාරය අසලට රැස්ව යහ පාලන ආණ්ඩුවට බල කරනු ලැබූයේ සිරකරැවන් මනුෂයණයන් බව පිළිගන්නවා නම් බන්ධනාගාර රැදවියන්ට මනුෂ්යණයන්ට හිමි මූලික පහසුකම් හෝ ලබා දෙන ලෙසය. නැතිනම් බන්ධනාගාර තාප්පයේ ඇති දැන්වීම් පුවරැව සිරකරැවන් අමුනුෂ්යනයෝය ලෙස වෙනස් කරන ලෙසය. අද දින වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණ අප සමග එක්වුනු සියලු මානව හිතවාදීන්ට ක්ෘත්ඤ වන අතර සිරකරුවනුත් මිනිසුන් ලෙස ජිවත් විය යුතුය හා ඔවුන්ටද සමාජගත වීමට ඇති අයිතිය හිමි කරදීමේ අපේක්ශාවෙන් ඉදිරියටද නිරන්තර අරගලයේ යෙදෙන්නට අප පසුබට වන්න්නේ නැත.
(සුදේශ් නන්දීමාල්)
(සේනක පෙරේරා)
(තුශාර එන් දස්කොන්)
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව.