මායාවේ කඩතුරාව හැර සැබෑවේ දෙනෙත් විවර කරන්නට සෑම සෙනසුරාදාවකම සිංහල බසින් ඔබ වෙත ගෙන එන ගුවන්විදුලි විකාශනය මෙතැන් සිට , මුල් වතාවට මේ තේමා පාධ්ය ගුවන සිසාරා පැතිරුනේ 1997 මාර්තු මාසයේ 1වෙනිදා රාත්රී 8:00 ටයි . ඒ අදින් වසර 20කට ඉහතදී ,Read more >>
අපේ හැකියාවන් ආසාවන් වලට එහා ගිය අරමුණක් අපිට තියනවා .
ඉතාලියට ගිය බොහෝ ලාංකිකයන් අනේක විධ දුක් විද තම පොකැට්ටුව තර කරගනිමින් ලංකාවේ තම ඥාතීන්ට සුඛිත මුදිත ජීවිත ගත කරන්නට හා ඉතාලියේ මෙන් සුවිසල් මාලිගා ඉදිකොට එවා වසා දමා නැවතත්ඉතාලියට ගොස් අදාළ රැකියා කරමින් ජීවත්වන පිරිසක් අතර සමාජ සංවිධාන ගොඩනගා ගනිමින් ඉතාලියට ගිය පිරිසේ දුක්විදින අපේ මිනිසුන් වෙනුවෙන් හඬක් නගන වෙබ් ගුවන්විදුලි නාලිකාවක් හා පුවත් වෙබ් අඩවියක් මෙන්ම පෙර පාසල් ආරම්භ කරමින් සමාජ සත්කාරයේ යෙදෙන පිරිසක් අපට හමුවිය. ඔවුන් පවත්වාගෙන යන වෙබ් අඩවියට පසුගියදා 20 වසක් සපිරිණි. ඒ විවර ගුවන් විදුලිය හා විවර වෙබ් අඩවියයි. මෙකී සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් අපි එහි ප්රමුඛ බලධරයෙකු සමග දොඩමළු වීමට උත්සාහ ගත්තෙමු. ඔහු නමින් හිල්මි සුපුන්ය. මේ අප සමග දොඩමළු වූ ඔහුගේ ජීවිතයේ අදහස් ගොන්නය.Read more >>