22
Mon, Jan

පුවත්

දෙහිවල - ගල්කිස්ස නගර සභා බලප්‍රදේශය තුළ බාබුල් විකුණන අයට ව්‍යාපාරික බලපත්‍ර ලබානොදෙන බවත්,ඒවා තහනම් කරන බවත් පළාත්සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

බාබුල් යනු මෙම ප්‍රදේශයට පමණක් ආවේණික ප්‍රශ්නයක් නොව රටටම බලපවත්වන ප්‍රශ්නයක් බව අමාත්‍යවරයා කියා සිටියේ අද(05)ප්‍රදේශීය සංවර්ධන බලමණ්ඩල රැස්වීමේදීය.

බාබුල් ආහාරයට ගැනීමෙන් ළමුන්ගේ මනසට ඉමහත් බලපෑමක් සිදුවුවද,ඒවා මත්ද්‍රව්‍යයක් ලෙස තාමත් ප්‍රකාශයට පත්කොට නොමැති තත්ත්වයක් තුළ ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී පොලීසියද අසීරුතාවට පත්වන බවත්,ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් බාබුල් මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකාශයට පත්නොකරන්නේ මන්ද යන්න පිළිබඳ තමාට ගැටළුවක් පවත්නා බව මුස්තාපා මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත් රාජිත අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට තමාට නීතිඥයෙකු ලෙස පවත්නා සුළු නීති දැනුමද උපයෝගි කරගනිමින් බාබුල් රටේම තහනම් කිරීමට අවශ්‍ය නීතිමය වටපිටාව සකසන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Add comment


Security code
Refresh