23
Tue, Jan

ඉතාලිය

ඉතාලියේ රිය පදවන ඔබ දැනුවත් විය යුතු නව නීති කීපයක් පිළිබදව පසු ගිය දිනවල  ඉතාලියේ පුවත් හරහා කතා බහට ලක්විය. 

සෙරෙප්පු පැළද වාහන පැදවීම ඉතාලියේ තහනම් නීතියක් බව රිය පදවන ඔබ දන්නා කරුණක්  නමුත් මින් ඉදිරියට එම නීතිය ක්‍රියාත්මක නොවන බව  සඳහන්කර තිබිණි. ඒවගේම වාහනයක් පදවාගෙන යන අතර තුර අත එළියට  දමාගෙන වාහනය පදවාගෙන යෑමත් යුරෝ 40ක දඩයකට යටත් විය යුතු වරදක් බවත්  දුම්පානය කරමින් වාහනය පැදවීමත් දඩයකට යටත් වන තවත් වරදක් බවත් එම පුවත් වල සඳහන්ව තිබුණි . තමන් පදවන රිය තුළ කුඩා ළමුන් හා ගැබිණි මව් වරුන් සිටින විට දුම් පානයකිරීමත් දඩුවම් ලැබිය හැකි වරදකි.

රිය  කවුලු තුළින් කුණු කසල විසිකිරීම යුරෝ 300ක් දක්වා දඩයකට යටත්වන බවත් රථය රථ ගාලක නවතා යෑමේ දී කවුලු විවෘතව තබායෑමත් දඩයකට යටත් වන නීතියක් බව මෙම නව නීති මගින් හදුන්වාදී තිබේ .
         

Add comment


Security code
Refresh