Exhibition

ඉතාලියේ බ්‍රෙෂියා විවර පාසල හා වෙරෝනා ප‍්‍රගති පාසල එක්ව සංවිධානය කරන ලද උක්ත තරඟයේ ප‍්‍රතිඵල මේ වන විට ප‍්‍රකාෂයට පත්කර ඇත. මෙහි පළමු ප‍්‍රදර්ශණය බ්‍රෙෂියා විවර පාසල් පරිශ‍්‍රයේ අප්‍රියල් මස 10 වෙනි දින පැවති අතර දෙවෙනි ප‍්‍රදර්ශණය මැයි මස 29 වන ඉරුදින වෙරෝනා ප‍්‍රගති පාසල් පරිශ‍්‍රයේදී පැවැත්වුනි.

මෙය කාණ්ඩ 3ක් යටතේ විවිධ තේමාවන් ඔස්සේ සංවිධානය කර තිබූ අතර ඒ අනුව බ්‍රෙෂියාල වෙරෝනා නාපෝලි හා ලංකාවේ ස්ථාන කීපයකින්ම නිර්මාන ලැබී තිබුනි.

කාණ්ඩ හා තේම්මාවන්

පළමු කාණ්ඩය
පළමු කාණ්ඩය වයස අවුරුදු 3, 4, 5 ළමුන් නියෝජනය කල අතර තේමාව ලෙස විශේෂ මාතෘකාවක් ලබා නොදී කැමති චිත‍්‍ර දෙකක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබුනි.

දෙවන කාණ්ඩයට
දෙවන කාණ්ඩයට අයත් වූයේ වයස අවුරුදු 6, 7, 8, 9,10 ළමුන් වන අතර  "මිතුරන් සමග ජීවිතය" හා "අප අවට පරිසරය" යන තේමාවන් ඔවුන්ට ලබා දී තිබුනි.

තෙවන කාණ්ඩය
 තෙවන කාණ්ඩය ලෙස වයස අවුරුදු 11, 12, 13, 14 දක්වා ළමුන් අයත් වූ අතර "බඩගින්න"  "යුධවදින ලෝකය" හා "ආදරය" යන තේමාවන් ලබාදී තිබුනි.

මෙම කාණ්ඩ තුනම යටතේ  චිත‍්‍ර 330 ප‍්‍රමානයක් ලැබී තිබූ අතර ඒ සියල්ල විනිශ්චය සඳහා යොමුකෙරිනි. එහිදී නම් ගම් ඉදිරිපත් නොකර සංකේත නාම පමනක් යොදා විනිශ්චයට යොමුකල අතර ඒ සඳහා ලංකාවේ ප‍්‍රවීනයින් කීප දෙනෙක්ම සම්බන්ද කරගැනීමට කටයුතු යොදා තිබුනි. එමෙන්ම මෙම කාර්යයේදී මෙය සුලූකොට සලකන්නේ නැතිව දැඩි අවධානයෙන් යුතුව එම කාර්යය විනිෂ්‍ය මණ්ඩළය විසින් ඉටුකර දුන් බව ඔවුන්ට ගෞරවයක් පිනිස සඳහන් කල යුතු බව සංවිධායකයින් පැවසීය. ඊට අමතරව ප‍්‍රදර්ශන අවස්ථාවන්හිදී නරඹන්නන්ගේ රුචිකත්වය අනුව චිත‍්‍ර තේරීමටද අවස්ථාවක් සලසා තිබුනි.

විනිෂ්‍ය මණ්ඩලය

එම කාර්යයේ මූලිකත්වය දැරුවේ මේ වන විට ළමා චිත‍්‍ර පිළිබඳව ලංකාවේ ප‍්‍රවීනතමයෙක් වන ජාතික චිත‍්‍ර ර්මූතිනුම අණ්ඩළයේ හිටපු සභාපතිල විශ‍්‍රාමික චිත‍්‍ර අධ්‍යක්ෂක හා කථිකාචාර්ය උපාලි කරුණාරත්න මහතා වන අතර එයට සහභාගිවූ අනෙක් ප‍්‍රවීනයින් තිදෙනා වූයේ ලංකා කලා සංගමයේ සභාපති  මුද්දර නිර්මාණ ශිල්පී පුලස්ති එදිරිවීර මහතා , චිත‍්‍ර කලා ගුරු උපදේශකල මහනාම විදුහලේ විශ‍්‍රාමික ගුරුවර විමල් ධර්මසිරි මහතා හා බාටා සමාගමේ පාවහන් නිර්මාණ ශිල්පී කලා සංගමයේ හිටපු ලේකම් ලක්දාස අබේවර්ධන මහතා ඇතුලූ පිරිසය.

තරඟය පිළිබඳ විනිෂ්‍ය මණ්ඩ්ඩළයේ අදහස

ඒ වගේම එම විනිශ්චය කටයුතු පිළිබඳවත් ඔවුන් අදහස් එකතුකර තිබුනි. චිත‍්‍ර නිර්මානයන් පිළිබඳවත් නිර්මානයක් හරහා ප‍්‍රකාෂිත හැකියාවන් හා කුසලතාවන් හඳුනා ගැනීම පිළිබඳවත් ආදී කරුණු රාශියක් සියලූ දෙනාගේ අවබෝධයට ලක් කර තිබුනි. එමෙන්ම මෙම කාර්යයේදී ඔවුන් මුහුණ දුන් ගැටලූ පිළිබඳවද සඳහන් කර තිබූ අතර ඔවුන් මුහුණ දුන් අසීරුම අවස්ථාව ලෙස දැක්වූයේ එක් කාණ්ඩයක් තුල විවිධ වයස් සීමාවන් වල ළමුන්ගේ නිර්මාණ ගොනුකර තිබීමයි. මෙසේ කාණ්ඩ ගොඩනැගීමේදී විවිධ වයස් පරාසයන් වල ළමුන් එක් කාණ්ඩයකට ගොනු කර තිබීම නිවැරදි නොවන බවද ඔවුන් අදහස විය. නිදසුනක් ලෙස වයස අවුරුදු 6ක ළමයෙකු සහ අවුරුදු 10ක ළමයකු අතර කුසලතා හා හැකියාවන් කිසිසේත්ම සමාන නොවන බැවින් එක් කාණ්ඩයක් තුල ඔවුන් නියෝජනය වීමෙන් තේරීමේදී නිවැරදි ලෙස එම කාර්ය  කල නොහැකි බවටත් ඉදිරි අවස්ථාවකදී මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙසටත් පැහැදිළි කිරීමක්ද සිදු කර තිබිනි.

සංවිධානයක් ලෙස මෙවන් කාර්යයක් කිරීමේදී මුහුණ දෙන සංවිධානමය තත්වයන් නිසා කාණ්ඩ ප‍්‍රමානය වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවන බවත් කෙසේ වෙතත් ඉදිරි අවස්ථාවකදී  විනිෂ්‍ය මණ්ඩළයේ අදහස් සැලකිල්ලට ගෙන මෙම කටයුත්ත සංවිධානය කිරීමට ඔවුන් අවධානය යොමු කරන බවත් පැවසීය.

ජයග්‍රහී ජයග්‍රහිකාවන්

මෙම තරඟයේ විනිශ්චය අනුව ඒ ඒ කාණ්ඩ යටතේ ලැබූ ජයග‍්‍රහණයන් පහතින් දැක්වෙන අතර ප‍්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් ජයග‍්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් ප‍්‍රධානය කෙරෙන බවත් ඊට අමතරව දසදෙනෙකුට කුසලතා සහතික පත් පිරිනැමීමද සිදු කෙරෙන බවත් සංවිධායකයින් පැවසීය.

ජයාරූප සමගින් වැඩි විස්තර නැරබීමට පහත LINK වලින් ඇතුලට පිවිසෙන්න

පලමු කාණ්ඩයේ ජයග්‍රහක ජයග්‍රහිකාවෝ
දෙවන කාණ්ඩයේ ජයග්‍රහක ජයග්‍රහිකාවෝ
තෙවන කාණ්ඩයේ ජයග්‍රහක ජයග්‍රහිකාවෝ


ජයග‍්‍රාහකයින් වෙත ත්‍යාග හා සහතික පත් ලබාදීමට  කටයුතු කරන බව සංවිධායක මණ්ඩළය පවසන අතර මෙම කටයුත්ත සාර්ථකව පැවැත්වීම සඳහා නන් අයුරින් සහයෝගය හා දායකත්වය ලබාදුන් බාල මහලූ වැඩිහිටි සැමට තම කෘතඥ්ඥතාවය පිරිනමන බවද ප‍්‍රකාෂ කර සිටී. මෙම චිත්‍ර තරඟාවලියේ සංවිධාන කටයුතු බ්‍රෙෂියා විවර පාසල වෙරෝනා ප‍්‍රරගති පාසල ඉතාලි ශ‍්‍රී‍්‍ර  ලංකා සහයෝග්ගිතා සංවිධානය විසින් සිදුකරණු ලැබිය .

 

 

 

 

 

Add comment


Security code
Refresh