27
Fri, Apr

ප්‍රංශය

ප්‍රංශයේ බැස්ටිල් දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (14) රාත්‍රී පැවති උත්සවයකට සහභාගී වූ පිරිසක් වෙත ලොරි රථයක් පදවාගෙන යෑමෙන් පුද්ගලයන් 84 ක්  මිය ගොස් 18 දෙනෙකු බරපතල තත්වයේ  පසුවෙන බව ප්‍රංශ ආරක්ෂක අංශයපවසයි . තවත් 120 පමණ අසන්න පිරිසක් විවිධ මාදිලියේ අනතුරු වලට ලක්වී සිටයි .මෙම ප්‍රහාරය සිදුවී තිබෙන්නේ ප්‍රංශයේ නීසා හිදීය .

මෙම ත්‍රස්ත ප්‍රහාරය සඳහා බාවිතා කල ලොරි  රථය ධාවනය කර තිබෙන්නේ ටියුනිස් ජාතිකයෙකි .ත්‍රස්ත ක්‍රියාවට බාවිතා කල ලොරි රථය පැයට කිලෝමීටර් 80 පමණ වේගයෙන් ධාවනය වී තිබේ .

ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්ඩේ ප්‍රහාරයෙන් පසු ප්‍රකාශයක් කරමින් මෙය ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් බව පැවසීය.

ප්‍රංශයේ, ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් සිටින්නේ ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

3

4

Add comment


Security code
Refresh