23
Tue, Jan

ඉතාලිය

දකුණු ඉතාලියේ මගී දුම්රිය දෙකක් එකට එක ගැටීමෙන් පුද්ගලයන් විසි පස්දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදු වී ඇත.

ඉතාලියේ පුල්ලිආ  ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක මුහුණට මුහුණලා ගැටුණු දුම්රිය දෙකේ ගමන් ගත් මගීන් ගලවා ගැනීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතියි.

අනතුර සිදු වූ එක දුම්රියක් අධ්වේගී වන අතර  එහි උපරිම බලයෙන් ධාවනය වෙමින් තිබුණි.  අනතුරෙන් දුම්රිය දෙකේම පළමු මැදිරි සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ .

මේ අනතුරට හේතුව තවමත් පැහැදිලි නැති අතර අනතුර පිළිබඳව විශේෂ පර්යේෂණයක් කඩිනමින් අරඹන බව ඉතාලි රජය පවසයි .

max TRENI SCONTRO PUGLIA 5 ANSA

treno2

max TRENI SCONTRO PUGLIA 6 ANSA

Add comment


Security code
Refresh