26
Thu, Apr

වෙනත්

අනාරක්ෂිතව රිය පදවා පුද්ගලයකු ඝාතනය වීමට සැලැස්වු බවට චෝදනා එල්ලවු ඉන්දීය සුපිරි නලු සල්මන් ඛාන් සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.

 

මුම්බායි මහාධිකරණය විසිනුයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ.

 

2002 වසරේ සැප්තැම්බර් 28 වනදා අලුයම සිදුවු අදාළ රිය අනතුරින් මියගොස් තිබුනේ මාර්ගයේ පසෙක නිදා සිටි කම්කරුවෙක්.

 

එම මරණය සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේදීයි ඉන්දීය අධිකරණයක් විසින් සල්මන් ඛාන්ට චෝදනා ගොනු කරනු ලැබුවේ.

 

මාර්ගය අසල නිදා සිටි කම්කරුවන් 5 දෙනෙකු අනතුරට ලක්කර නොනවත්වා රථය ධාවනය කල බවට සුපිරි නලුවාට ඉන්දීය අධිකරණය චෝදනා එල්ලකර තිබුනා.

 

කෙසේවෙතත් මුම්බායි මහාධිකරණය ප්‍රකාශකර ඇත්තේ සල්මන් ඛාන්ට එරෙහි චෝදනා නිසියාකාරයෙන් ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අපොහොසත් වී ඇති බවයි.

 

සල්මන් ඛාන්ට චෝදනා ගොනුකල අධිකරණය නීතිය පිළිබඳ මුලධර්මවලට අනුව කටයුතු කර නොමැති බව ද මුම්බායි මහාධිකරණ විනිසුරුවන් ප්‍රකාශකර තිබෙනවා.

 

ඉන්දීය සුපිරි නලුවාට එරෙහිව ජීව විද්‍යාත්මක සාක්ෂි ගොනු කිරීමේ ක්‍රියා පටිපාටිය ද නිවැරදිව සිදුව නොමැති බවයි අධිකරණය පෙන්වාදී ඇත්තේ.

 

එමෙන්ම සල්මන් ඛාන්ගේ ආරක්ෂකයාගේ සාක්ෂි පිළිගැනීමට හැකි බව ද විනිසුරුවන් ප්‍රකාශකර ඇතැයි ඉන්දීය පුවත් සේවාවල සඳහන්.

 

මෙම නඩුවේදී සල්මන් ඛාන් නිවැරදිකරු බවට ඔහුගේ රියදුරා ද අධිකරණය හමුවේ පාපොච්චාරණය කර තිබුනා.

Add comment


Security code
Refresh