22
Sun, Apr

දේශීය පරිසරවිනාශය

වසර ගණනාවක් තිස්සේ මීතොටමුල්ල කුණු කන්දට එරේහිව සටන් කල දයාබර සටන් සගයන් මියගොස් මෙම මස 14 වන දිනට වසරකි ග කුණු කන්ද එලෙස එතනමයග නමුත් කුණු ගැටළුවට විසදුමක් නොමැතග මීතොට මුල්ල වෙනුවට විකල්ප කුණු දමන ස්ථාන තොරාගන තවත් මීතොට මුල්ලවල් රටෙි අස්සක් මුල්ලක් නෑර නිර්මාණය කරමින් ඇත.

මියගිය සහෘදයන් මියගියේයග නමුත් ඔහුන්ගේ මිනියට පවා පාලකයන් වංචාකරමින් අත ්ගදෙනවා කියූ ගෙවල් වන්දි හරි හැටි ලැබී නොමැති අතර රටෙි බොහෝ ස්ථානවල නැවතත් කුණු කදු ගොඩ ගැසීමට පටන්ගේන ඇත.

මීතොට මුල්ල කූණු කන්දේ සිදුවූ ඉරණම මීලගට කොහේ හෝ සිදුවනු ඇතග නමුත් කුණු වලට විසදුමක් ක‍්‍රියාත්මක කිරීමට පාලකයන්ට උවමනාවක් නැතග රට පුරා ඇති වීශාල කුණු කදු නාය යෑම හෝ පුපුරා යාමට වැඩි ඉඩකඩක් ඇතග වර්ෂා කාලයේ ජලය කුණු කදුමතට අධික ලෙස එක් වීමෙන් ඇතිවන නාය යෑමෙි ස්භාවයන් නිසා හෝ මීතේන වායුව(CH4) එක් වී කුණු කදු ඇතුලත සිදුවන කුඩා පිපිරීමි නිසා ඇතිවන නාය යාමෙි තත්වයන් විය හැකිය ග දෙදහස් පහ වර්ෂයේ ජාවා හී එකසිය හතලිස් තුනකට ජීවිත අහිමි කරමින් එහි වීශාල කුණු කන්ද නාය ගියේ මීතෙන් වයුව සමග ඇති වූ පුපුරා යාමි නිසායග එමෙන්න 2017-03-12 වන දින ඉතියෝපියාවෙි අද්දීස් අබාබි හී (ADDHIS ABBAB) කුණු කන්ද පුපුරා ගොස් 120 වැඩි පිරිසක් මිය ගියේ මිතොටමුල්ලේ කුණු කන්ද පුපුර නාය ගිය විලසින්මය ග නමුත් මෙිවා උදාහරණ ලෙසවත් ගෙන ජන ජීවිත් ආරක්ෂා කිරීමට මෙරට පාලකයන්ට වුවමනාවක් නැතග න්‍සරක් ගත වුවද කූණු කදු රටවාටා ගොඩ ගැසූනා විනා කුණු වලින් ප‍්‍රයෝජනයක් ගැනීමට හෝ ඒවාගෙන් පොහොර නිස්පාදනය කර මෙරට ගොවිජනතාවට කාබණික පොහොර ලබා දීමට හො ආණ්ඩුවට හැකිය.

නමුත් ඒ කිසිවක් නොකර කූණු වලිනුත් කප්පමි ගෙන මිනිසුන් තවදුරටත් රවටමින් පරිසරයත් වනසමින් රටටම කුණු කන්දක් බවට මෙි වන විට පරිවර්ථනය කර ඇති අතර ලොව මුහුදට කුණු දමන රටවල් අතර පස්වන සිථානයට වාර්ථා තැබීමටද අපට හැකියාව ලැබී ඇත.

එක්දහස් නවසිය අසූනවය කාලයේ සිට මීතොට මුල්ල්ට කුණු ගෙනවිත් දැමිමට එවකට මුල්ලේරියාව ල කොළොන්නාවල කොටිකාවත්ත පළාත් පාලන ආයතන පටන් ගත් අතර ඒසේ කූණු දැමිම ආරමිබ කළේ කැළණි ගංගා නිමිනයේ ජල ගැලීම පාලනය කිරීමට තිබූ තෙත් බිමක් හා වෙල්යායකටයි.

මෙලෙස ආරමිබ වූ කුණු දැමිම දෙදහස් නවය වසරේ මහා පරිමාණ ලෙස සිදුකරන්නට පටන්ගත්තේ බිලුමැන්ඩන් හි කුණු දැමිම තහනමි වූ පසුවය ග ඒ එවකට අග විනිසුරු සරත් එන් සිල්වා විසින් කරන ලද නියෝගයකට නතු වෙමිනිග මුලින් මී තොට මුල්ල ප්‍රදේශයේ අක්කර දෙකකින් ආරමිබ වූ කුණු දැමිමි වසරින් වසර ගෙවි ගොස් දෙදහස් පහළව වන විට අක්කර දහනවයක් පුර පැතිර ගිය මීටර් තුන්සියයකට වඩා උස දැවැන්ත කුණු කන්දක් බවට පත් විය.

මෙම ප්‍රදේශයේ කුණු දැමිමට අවසර තිබුනේ කොළඔ නගර සභාවට පමණි ග නමුත් සෑම දිනකම රණාලල බියගමල කඩුවෙල ප්‍රදේශවල පුද්ගලික ආයතනවල වීෂ සහිත අපට්ව්‍ය මෙම කුණු ගෙඩට බාහැර කරණ ලදී ග ඒ රවින්ට් උදයශාන්ත ඇතුළු කප්පමි කරුවන්ට එක් ලොරියකින් දිනකට රුපියල් හාරදහසක පමණ මුදලක් කප්පමි වශයේන් ලාබාදීමෙනි.

කෙසේවෙතත් දිනකට මීතොට මුලුල කුණු කන්දට කුණු ටොන් එක් දහස් දෙසිය පණහකට වඩා වැඩි පරමාණයක් කොළඔ අවටින් ගෙන විත් දමන ලදිග මෙහි දීර්ඝ කාලීන ප්‍රතිලයක් ලෙස ජනතාව වීශාල වශයෙන් රෝගාතුරව සිටි අතර භූගත ජලය දූෂණය වීමෙි සිට නොයෙක් පාරිසරික ප්‍රශ්ණ මෙම ප්‍රදේශයේ පැන නගින්නට විය.

එය හොදින් දැනුන මීතොටමුල්ල ජනතාව විවිධ පාර්ශවයන් දැනුවත් කිරීමි වලින් අනතුරුව ව2013 වසරේත් 2015 වසරේත් උද්ඝොෂණ වලට යොමු වූ අතර ඒවට සවන් දෙනවා වෙනුවට පැවති හා පවතින රජයන් කලේ තම ජීවිත බෙිරාගැනීම වෙනුවෙන් සටන් කල ජනතාවට කුණු වලින් කොමිස් ගන්නා මැරයන් ලවා පහර දීමයි.

1mith

 Meethotamulla Garbage Mountain

මිතොටමුල්ලලකුරුණියවත්තල දහමිපුරල 101 වත්තල වැල්ලමිපිටියලපන්සල් හේනග නාගහවත්ත ඇත ජනතාවට පහර දී රෝහල් ගතකිරිමෙන් නොනැවතී ඔහුන්ව ඝාතනය කිරීමට අවශ්‍ය වට පිටාව මෙිතාක් පැවතී රජයන් විසින් නිර්මාණය කරන ලදී .
ජනතා විරෝධයන් මධ්‍යයේ කුණු කදු ගෙඩගසමින් ඔහුන්ට සවන් නොදී මීතොටමුල්ල ජනතාව මරණයට තල්ලු කල බලදාරීන් මීතොට මුල්ලේන නතර නොවී ඒකලලමුතුරාජවෙලලකරදියාන ප්‍රදේශයේ මෙම කුණු නැවත ගෙඩ ගසමින් ඇති අතර රටෙි අනොක් නගරවලත් සෑම තැනකම වීශාල කුණු කදු ගොඩ ගසා පරිසරය මෙන්ම ජන ජීවිතද අනතුරේ හෙළමින් ඇතගනමුත වගකිවයුතු උදවිය කුණු ප්‍රතිනිෂ්පාදන සදහා හෝ පොහෝර නිෂ්පාදනය සදහා භාවිතා කරන්නට අදහසක් නැත. වෙනත් රටකනමි කුණු යනු මහගූ සමිපතකිග එය ආදයමි උත්පාදනය වෙනුවෙන් යොදාගන්නා මහගු සමිපතකි.

නමුත් අවාසනාවකට මෙරට බලදාරින් කුණු කදු ගොඩ ගසමින් එය පාතලෙයේ එක් ආදායමි මාර්ගයක් බවට පත්කර ඇතග මිනිසුන්ගේ ජීවිත බිලිදෙමින් කුණු වලින් කප්පමි ගන්නා කප්පමි කරුවන් ආරක්ෂා කිරීම වෙනුවට පිටරටවලින් ගෙනෙන විද්‍යුත් අපදව්‍ය මෙරටට ගෙන ඒමට දැන් තිත තැබිය යුතුය. මෙරට එක්වන අපදව්‍ය කළමණාකරනය කර ප්‍රතිනිෂ්පාදනයන් සදහා යොදාගත හැකියග එයට අවශ්‍යය තාක්ෂණික දැනුම පරිසර අමාත්‍යංශයේ ආරමිබ වී වැළලා දැමූ පිළිසරු ව්‍යාපෘතියට පණදීමෙන් ලබාගත හැකිය .
එසේ නොකර ජනතාවගේ ජීවිතයට සොචිචමකින් වන්දී දී ඔහුන් විසින් සිදුකල මීතොට මුල්ලේ ඝාතන යටගැසීමට බැරිය . ඉදිරියේදී කුණු කදුවලට යටවී මැරන ජනතාවටත් මෙහුන් ඒසේම කරනු ඇතග නමුත් ඉදිරියට හෝ මෙවන් දේ සිදුවීමට ඇති ඉඩ කඩ අහුරා කුණු කළමණාකරනය වෙනුවෙන් අවශ්‍ය පියවරක් ගතයුතු නමුත් මහා ඛෙදවාචකයක් වී තිබියදීත් කුණු ගොඩිනුත් කප්පම ගනිමින් මෙරට මැති ඇමති වරු කුණු කදුවලට මිනිසුන් මෙන්ම මිළ කළනොහැකි ස්භාදම බිලිදෙමින් ඇත.

රවීන්ද්‍ර කාරියවසමි

Add comment


Security code
Refresh