22
Sun, Apr

ප්‍රධාන පුවත

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තෝරා ගත් රංජිත් සහෝදරයා මිය යන තෙක්ම ලෝකය වෙනස් කිරීමේ සිහිණය වෙනුවෙන් තම ජීවිතය ලබා දුන් සහෝදරයෙකි.
ජනතා විමුක්ති පෙරමුණේ විශාල වේදිකාවල් නිර්මාණය කරන්නේ කොලයට ගන්නා සැලසුමේ සිට මුල් යකඩ බටය සවි කිරීමේ සිට අවසන් සැරසිල්ල දකවා ලංකාව පුරා විසිරී සිටින සහෝදර සහෝදරියන්ගේ වෙහෙසින්ය.

එවන් මොහොතක 2007 වසරේ ජ.වි.පෙ. විසින් කොළඹ නගර සභා පිටියේ සංවිධානය කළ නියෝජිත සමුළුවක් සදහා සැරසිලි ඉදි කරමින් සිටියදී ඔහු ඉහළ ස්ථානයකින් ඇද වැටුණි.

workparty

එදා සිට ඔහු මිය යන අද දවස දක්වා ගෙවා දැමුවේ රෝද පුටුවකය. තමන්ගේ කාර්යන් වෙනුවෙන් ව්‍යාපාරයෙන් බොහෝ දේ ඉල්ලා සිටින යුගයක සේම, එවැනි කැපකිරීම් පමණක් නොව ලෝකය වෙනස් කිරීම වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කල කැපකිරීම් පවා සහමුලින් අමතක කල, පාවා දුන් රැසක් සිටින යුගයක රංජිත් සහෝදරයා ව්‍යාපාරයෙන් තමන් වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී තම මිය යන තෙක්ම තම ජීවිතය ගෙවා දැමුවේය.

මේ අපි සදා සමරමු සොහොයුරෝ කියනා මාසයකි.. පොදු අරමුණක් වෙනුවෙන් මිය ගිය සොහොයුරන් සමරණ සමරු වැඩසටහන් පැවැත් වූ මාසයකි.

රංජිත් සොයුරා මිය ගියේ අදය. පොදු අරමුණක් වෙනුවෙන් ජීවිතය දෙන මිනිසුන් තවමත් ඉතිරිය. සියළු වීරයන් විනාශ වී නැත.

ආදරණීය රංජිත් සොයුර ඔබට සුබ ගමන්.. ඔබ අපට ලබා දී යන පණිවිඩය, මොනම දුෂ්කරතා මතද තම අරමුණ විනාශ නොකරගත යුතු බවත්, තවමත් ඔබ වැනි මිනිසුන් ඉතිරි ඇති බවය.

Add comment


Security code
Refresh