22
Sun, Apr

දේශපාලන

වමක් කියන්නේ ලෝකය මේ ගදගහන ලෝකය අලුත් හුස්මකින් පුරවන්න පුලුවන් වැඩපිළිවෙලකට. ඒ අලුත් හුස්ම කියන්නේ කරපු වැඩ සහ සිදුවුනු වැඩ ගැන කලකිරීමක්වත් නෙමෙයි. සහෝදරයා කියල ටෙලිය පුරාම වමක් ගැන අදහසකට වැඩිය මට පේන්නෙම ලිබරල් බුද්ධාගමේ අදහස්. කථාව පුරාම අරගලය කරන කැපකිරීම් කියල පෙන්වන්නේ බොහොම ශ්‍රන්‍යාත්මක ක්‍රියාවලියක්. විශාල ප්‍රරාසයක කථාකිරීම තුළින් සෑම විටම නවතින්නේ මං කියන තැත. සියල්ලේ කේන්ද්‍රිය ප්‍රශ්ණය මම බවට පත්වීම. මේක නාමල් දැනගෙන නොදැන ලිව්වද මං දන්නේ නෑ. නමුත් මේ එන්නේ අපි වම කියලා වැරදියට වටහාගත්ත බෞද්ධ හෙජමොනිය විසින් අපිව කොලනයිස්කරපු විදිහ.කථාවේ අවසානය පවා දාර්ශණික කන්නේ වාමංශික අර්ථයකින් නොමෙයි. මම පිළිබද බෞද්ධ අදහසකින්. තමන්ගේ කොටස කළ පසු තමන් නිදහස්යැයි සිතන්න තරම් ධනවාදය ඒ තරම් සරළ නිදහස් අවකාශයන් අපට දෙන්නේ නෑ. ප්‍රශ්ණයේ කේන්ද්‍රයට තමන් මතට අපරිමිත වගකීමක් පැටවීමම ධනවාදයේ විසින් ප්‍රශ්ණය අතිශය සංකීර්ණය කිරීමේ ක්‍රියාවලියේම කොටසක්.

ප්‍රශ්ණය වෙන්නේ ඇයි ලංකාවේ වමාංශික කොටස් මේ වගේ නාට්‍යවල දේශපාලනය සීරියස් ගන්නේ කියලා. වම ජනප්‍රියවාදී තැනකට ගෙන්න ඕනෙනම් ඒක මේ වගේ ටෙලිවලින් කරන්න බෑ. ඒකට ජනප්‍රිය සංස්කෘතියේ වැඩවලට වාම හැඩ හදන්න වෙන්වා. ලෝකය පුරාම තරැණ කණ්ඩායම් වමට ආකර්ෂණය වෙන්නේ ඒ වැඩත් එක්ක. වැඩ හරහා තමයි දැනුම සංස්සරණය වෙන්නෙ. එහෙම නැතිව හොටු පෙරාගෙන ආන්ත්‍රික රොමෑන්තික විදිහට අරගලය දිහා බලාගෙන නොමෙයි. ලංකාවේ අරගලය ස්ථාන ගතවෙන්නේ අතිශය රෝමෑන්ත තැනකින් නිසාම තමයි තවම ජවිපේ මොඩල් වැඩ සහ ජවිපේ මොඩල් කැරැක්ට්ර් රැඩිකල් වාම ලෙස තේරැම් ගන්නේ.
එහෙම වෙන්නේම ජනප්‍රිය වම කියලා ලංකීය වාම විඥානයේ තැම්පත් වෙලා තියෙන්නේ ජවිපේ මොඩල් නිසා.

රනිල්ගේ රාජ්‍යයේ ලංකාවේ එන්ජීඕ සහ ඔය නිදහස් මතධාරීන් කියලා පිරිස විසින් අල්ලගෙන දගලන්නේ වාමාංශික සටන්පාඨ. එයාලා එක දන්නවාද කියලා මං දන්නේ නෑ. හැබැයි ලංකාවේ වමේ බොහෝ දෙනෙක් තමන්ගේ සටන් පාඨ හයිජැක් කරලා කියලා දන්නේ නෑ. නිදහස පිළිබද මෙතෙක් ඇවිල්ලා තියෙන සියලු ප්‍රගතිශීලී සටන් පටන් අරන් තියෙන්නේ වාමාංශික හෝ වාම ලයින් එකේ අරගල වලින්. ඒ නිසා මේ සාකච්ඡාව අපි පටන් ගත යුතුයි. සාකච්ඡාව විතරක් නෙමෙයි. අපේ පෙනුම පවා වෙනස් කළ යුතුයි.

පසන් ජයතිලක 

Add comment


Security code
Refresh