22
Sun, Apr

පුවත්

ගෘහ සේවක,සේවිකාවන්ටත් ඉදිරියේ දී අර්ථ සාධක අරමුදල් ගෙවීමට අවශ්‍ය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න පැවසීය.

 පොළොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.පොළොන්නරුව කදුරුවෙල නගරයේ මෙම නව කම්කරු කාර්යාලය ස්ථාපනය කර ඇත.

අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත මෙම තෙමහල් කම්කරු කාර්යාල සංකීර්ණය ඉදිකිරීම වෙනුවෙන් රජය ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 158කි. පොළොන්නරු දිස්ත්‍රික්කයේ විවිධ ආයතන 3,000කට ආසන්න ප්‍රමාණයක, සේවක සේවිකාවන් 50,000 කට පමණ මෙම නව කාර්යාලය මගින් දෛනික සේවාවන් ලබා ගත හැකිය.

“අපේ රටේ අවම වැටුප දැන් රුපියල් 10,000 යි.එම නීතිය අනුව කිසිදු සේවකයෙකුට රුපියල් 10,000 අඩුවෙන් පඩි ගෙවන්න බැහැ. ගෘහ සේවක සේවිකාවනුත් එම නීතියට ඉදිරියේ ඇතුල් කරනවා. ඒ වගේම ළමයි දෙදෙනෙකුට පමණක් සීමා වී තිබූ ප්‍රසූත නිවාඩු අයිතිවාසිකමත් සිමාවකින් තොරව ලබා දිමටත් දැන් අවශ්‍ය නීති සම්පාදනය කර තිබෙනවා.එයත් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා. ” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Add comment


Security code
Refresh