22
Sun, Apr

පාරිසරික

ලෝක ජල දිනය මාර්තු 22 ට යෙදී ඇති අතර එය සමරන්නේ මෙරට ගොවි ජනයාගේ හදවත බදු වැවි 1000 බදු දීමෙි දැවැන්ත උතුරු මැද වාරි ඇල ව්‍යාපෘතිය රජය විසින් ක‍්‍රියාත්මක කරමිනිග මෙරට ජලය විකිණිමෙි සැළසුමට අප එරේහි විය යුතුයග පහත සටහන ජලය වීකිණිමෙි ගෝලීය සැළසුම හා මෙරට එය සිදුවන අකාරය සමිබන්ධවයි . වැව් 1000 බදු දීම ,ජලය පෞද්ගලීකරණය වහා නවතනු

ජලය විකිණිමේ ගෝලීය සැලසුම

ජල නාස්තිය හා දූෂණය ලොවපුරා ප‍්‍රබල පාරිසරික ප‍්‍රශ්නයක් බවට පරිවර්තනය වී ඇති අතර අපිරිසිදු ජලය පානය කිරීම නිසා දිනකට ලොව පුරා මිය යන සංඛ්‍යාව 14000 දක්වා ඉහල ගොස් ඇත.
නමුත් ජලය අපවිත‍්‍ර කරන සමාගම් හෝ ආයතන මිය යන ජනතාව හෝ වැනසෙන පරිසරය වෙනුවෙන් වග කියන්නේ නැත. සියලූ විනාශයන්ගෙන් ගැලවී ඉතිරි වන ජලය දිය පොදක් බීමට නැති ජනතාවට විකිණීම වෙනුවෙන් ලොව පුරා කටයුතු සිදුවෙමින් පවතී.
තුන්වන ලෝකයේ රටවල්වල සොබාදහම මංකොල්ල කෑමේ ක්‍රිරයාවලිය අද ඒ රටවල ජල සම්පත කොල්ල කෑම දක්වා විහිදී ඇත. ඒ අනුව මේ වනවිට ලංකාවේ වටිනාම ස්වාභාවික සම්පත ලෙස හැඳින්විය හැකි ජල සම්පත බහුජාතික සමාගම් විසින් කොල්ල කෑමේ කුමන්ත‍්‍රණය, ජල කළමණාකරනය නමින් කරළියට පැමිණ තිබේ.

ජලය විකිණිමේ ලංකාවේ පසුබිම

ලංකාවේ ජලය විකීණිමට මේ වනවිට ව්‍යාපෘති රැසක් ක‍්‍රීයාත්මක වේ. උතුරු මැද පළාතේ ජල මුලාශ‍්‍ර කිහිපයක් පෙෘද්ගලික සමාගම් වලට බදු දීම, ජල ව්‍යාපෘති සදහා ලෝක බැංකු ආධාර සහිත ව්‍යාපෘති දියත් කිරීම, වැකඩ වැව වැනි වැව් පිටරට සමාගම් වලට බදු දීම වයඹ පළාත් වාරි කළමණාකරන පනත සම්මත කිරීම හා අනෙක් පළාත් සභා තුළට වාරි කළමණාකරන පනත් ගෙන ඒමට දරණ උත්සහයන් හරහා ලංකාවේ සැම ජල බිංදුවක්ම විකිණීමට මේ වනවිට කටයුතු කිරිම එහි මූලික කටයුතුවේ ලංකාවේ පිරිසිදු ජලය ඉතා සීඝ‍්‍ර ලෙස විනාශකරමින් යන මොහොතක ජලය වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීමට ලෝකයේ බලවත් රාජ්‍යයන් මෙන්ම සමාගම් මේ වනවිට කටයුතු කරමින් සිටී.

අන්තර්ජාතික වශයෙන් මෙම කුමන්ත‍්‍රණය සැළසුම් කිරීමට හා ක්‍රිරයාත්මක කිරීම සඳහා IIMI (ඉමි) ලෙස හදුන්වන ජාත්‍යාන්තර වාරිමාර්ග කළමණාකරන ආයතනය(International Irrigation Management Institute) 1985 දි පිහිටු වන ලද්දේද ශ්‍රී ලංකාව තුළය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජල සම්පත පෞද්ගලික කරණය කිරීමේ සැළසුම් අසියානු සංවර්ධන බැංකුවේ හා ඇමරිකානු ආධාර ආයතනයේ (USAID)සහය මත සකස් කිරීම ඇරඹී ඇත්තේ 1993 වසරේදීය. එහෙත් ඇති විය හැකි ජනතා විරෝධයට මුහුණ දිමට තිබූ බිය නිසා, එය ක්‍රියාත්මක මට්ටමට ගෙන එ්ම ප‍්‍රමාද විය. ඒ වෙනුවෙන් 1996 දී බිහි කළ ජල සම්පත් ලේකම් කාර්යාලයද මෙම ඉමි ආයතනය තුළම පිහිටුවීය. පසුව මෙහි නම වෙනස් කළ අතර අද එය හැඳින්වෙන්නේ ජාත්‍යන්තර ජල කළමණාකරන ආයතනය (Internationl Water Managment Institute - IWMI )නමින් ය.

පොදු සම්පතක් වන ජල සම්පත පෞද්ගලිකකරණය කිරිම සඳහා වන මෙම කුමන්ත‍්‍රණයේ පදනම වන්නේ, මෙරට ජල සම්පත වඩාත් කාර්යක්ෂම ආකාරයට ප‍්‍රයෝජනයට ගැනීම සඳහා යයි කියමින් ජාතික ජල ප‍්‍රතිපත්තියක් සකස් කිරිමයි. එ් අනුව සැකසෙන මෙම ප‍්‍රතිපත්ති ලේඛනය හඳුන්වා දී ඇත්තේ ජාතික ජල සම්පත් ප‍්‍රතිපත්තිය හා ආයතනික සකස් කිරීම (National Water Resources Policy and Institutional Arrangements) ලෙසයි.

රජයට ජලය පවරාගත හැකිද?

අපට ඇති ප‍්‍රශ්නය රජයට ජලයේ අයිතිය පවරා ගැනීමට හැකිද යන්නයි. මේ ගැන පොස්පේට් නිධිය විකිණිමට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව මගින් පැහැදිලිව පෙන්වාදි ඇත. එම තීන්දුවට පාදක වී ඇත්තේ මිහිඳු හිමියන් විසින් දේවානම් පියතිස්ස රජුට පැවසූ, ‘‘ මහරජ මේ පොළවේ ජිවත් වන හැම සතෙකුටම හා ගස්වැල්වලට මෙහි ජීවත් වීමට නිදහස හා අයිතිය ඇත. ඔබ මෙහි භාරකරු මිස හිමිකරු නොවේ.’’ යන ෙඓතිහාසික ප‍්‍රකාශයයි. ඒ අනුව මෙරට පවතින නීති සංකල්පයන්ට අනුව රජය ස්වාභාවික සම්පත්වල භාරකරු මිස හිමිකරු නොවේ. ඒනිසා ඒවායේ අයිතිය රජය වෙත පවරා ගැනීම කළ නොහැකිය. සියලූ ස්වාභාවික සම්පත් මහ පොළවේ ජීවත් වන සෑම දෙනාගේම යහපත හා භාවිතය වෙනුවෙන් පැවතිය යුතුය. මෙසේ කළමණාකරනය සඳහා ජලයේ අයිතිය රජයට පවරා ගත හැකි නම්, ඒ අනුව ඊළඟට කළමණාකරනය සඳහා යයි කියමින් වාතයේ අයිතියද රජයට පවරා ගත හැකිවනු ඇත. එවිට හුස්ම ගැනීමේ නිදහස ද අපට අහිමිවනු ඇත.

අප මේ සැලසුම පරාජය කල යුත්තේ ඇයි?

ජලය ස්වාභාවික සම්පතකි. එය කාගේවත් නිපැයුමක් නොව සොබාදහමේ ක්‍රියාකාරිත්වය නිසාම අපට ලැබෙන්නකි. මහ පොළොව මත ජීවයේ පැවැත්ම ජලය මත රැඳී තිබෙන නිසා, තම මූලික අවශ්‍යතාවන් වෙනුවෙන් ජලය ලබා ගැනිමට පරම අයිතියක් මේ පොළොවේ සිටින හැම ජිවියෙකුටම ඇත. මිනිසාටද එය එය එසේමය. රතු ඉන්දියානු නායක සියැටෙල් තම ඓතිහාසික ලිපියෙන් ඇමරිකානු සුදු ජනනාධිපති ගෙන් විමසූ ලෙස, සෙබාදහමේ කිසිවක් කිසිවෙකුට හෝ අයිති නැති නිසා එ්වා විකිණීම හෝ මිලයට ගැනිම සිදු කරන්නේ කෙසේද? යන ප‍්‍රශ්නය අපටත් ඇති වේ. මක් නිසාද යත් ජලය විකුණූ රට වල සැම දිය බිදක්ම වෙළද භාණ්ඩයක් වූවා පමණක් නොව සොබාදහමේ අන්තර් සබදතාව බිදී යාම. ආහාර නිෂ්පාදනයට ජලය නොමැති විම, ජෛව විවිධත්වය විනාශවී යාම ජලය විකිණිමේ ප‍්‍රතිපල ලෙස අද ඉතිරිව ඇත.

ලෝක බැංකුව ,ආසියානු සංවර්ධන බැංකුව ඇතුලූ මෙරට පාලනයට අත ගසා සිටින බැංකු මැදිහත් විම මත ශී‍්‍ර ලංකවේ ජල සම්පත ද පෞද්ගලික කරණය කිරීමේ මුල් පියවර මේ වනවිට ආරම්භ වී ඇත. ලෝක බැංකුව මෙන්ම ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල ද තමන් සපයන ණය වලදි ජලය පෞද්ගලීකරණය කළ යුතු බවට කොන්දේසි පනවයි. පෞද්ගලීකරණය වන ජලයේ පාලනය සතු වන්නේ අතලොස්සක් වූ බහුජාතික සමාගම් වෙතට ය.
සමාගමි උදෙසා ජලයේ අයිතිය විකිණිමට ඔබ විරුදධ විය යුතුවා වගේම ස්භාදහමෙින් ලැබෙින ජලය මිලදී ගැනිමද ප‍්‍රතික්ෂේප කලයුතුය. ඔබගේ නිදහස් ජල අයිතිය සිමා කිරිමට ගෙන එන නීති කඩ කිරීමට ඔබට අයිතියක් ඇත. මෙලෙස වතුර විකිණිම වෙනුවෙන් ගෙන එන අණ පනත් පරාජය කිරීමට ඔබගේ දායකත්වය ලබා දෙන්න.

ගහ කොළ, සතා සිව්පාවා,සහා මිනිසුන් වෙනුවෙන් නිදහස් ජල අයිතිය රැකගැනීම සඳහා සැමගේම දායකත්වය අත්‍යවශ්‍ය මොහොතක නිදහස් ජල අයිතියට එරෙහි වන සියලූම බලවේග පරාජය කළ හැකි වන්නේ සියලූම ආකාරයේ අධිරාජ්‍යවාදී ක්‍රියාවන්ට එරෙහි සටනකින් බව අවධාරණය කළ යුතුය.

රවීන්ද්‍ර කාරියවසම්.
නිදහස් ජල අයිතිය සුරැකීම උදෙසා ජනතා ව්‍යාපාරය

සබැදි පුවත්

ලෝක ජල දිනයට මෙරට වැවි දහසක් බදු දෙන උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතියට එරේහි වෙමු

Add comment


Security code
Refresh