22
Sun, Apr

සමාජ

ගෘහ සේවයට පිටරට ගිහින් කප්පරක් දුක්විඳලා මළමිනියක් ගෙදරට ආවම, ආණ්ඩුවේ ඇමතිවරු ගෙදරට ඇවිල්ලා මාධ්‍යවලට පේන්න දුක අහගෙන ඉඳලා, දුක් මූණ පෙන්නලා, පොඩි වන්දියක් දුන්නාම ප‍්‍රශ්නේ අවසානදැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ප‍්‍රශ්න කරයි.

මාර්තු 18 පැවති මාධ්‍ය හමුවකදී එසේ ප‍්‍රශ්න කළේ, එම කාන්තා සංවිධානයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න විසිනි. එම මාධ්‍ය හමුවට විදේශ ගෘහසේවයට ගොස් පසුගිය 8වැනිදා මලසිරුරක් ලෙස මෙරටට ගෙන ආ සුප්පයියා වල්ලි අම්මාගේ පුතුන් දෙදෙනා වන නාඩරාජා එලිවෙන්ද්‍රන් සහ නාඩරාජා ධනරාජ් සහභාගී වූහ. හේමමාලී අබේරත්නගේ ප්‍රකාශයට මෙතනින් සවන් දෙන්න

 මට එකපාරටම මේ මගෙ අම්මා කියලා හදුනාගන්න බෑ. අවුරුදු 23කට කළින් ගිය කෙනෙක් කොහොමද එකපාරට අඳුනාගන්නෙ?

"1995 පිටරට රස්සාවට ගිය අම්මා අවුරුදු 2ක් අපි එක්ක සම්බන්ධතාව තිබුණා. ඒ ලියුම්වලින්. ඊට පස්සෙ අපට කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුණා. තාත්තා ගොඩක් මහන්සි වුණා අම්මා ගැන තොරතුරු හොයාගන්න. ඒකට අදාළ හැම ආයතනයකටම ගියා. තොරතුරු හොයාගන්න තාත්තාට හැකි වුණේ නෑ. ඊට පසුසෙ මමත් 2003 ඉදලා 2006 වෙනකම් අවුරුදු 3ක් අම්මා ගැන හොයන්න මැදිහත් වුණා. නඩරාජා එළිවේන්ද්‍රන් ප‍්‍රකාශය සවන්දෙන්න  දමිළ බසින්

Add comment


Security code
Refresh