22
Sun, Apr

ගීතය

පවුලක් කියන්නේ මිනිස් සබඳතා ගොන්නක්. ගොඩනැංවීම, බිඳවැටීම මේ කුඩා ඒකකයටත් අදාළයි. පවුල් සංස්ථා දෙදරා යෑම් ගැන කතාබහ කරන තැන්වල, ලිංගිකත්වය එක පැත්තක් නියෝජනය කරනවා. කවියෝ ඒක ‘‘සරාගය-විරාගය’’ කියලා ලියලා තියෙනවා. සියලූ මිනිස් සබඳකම් සමාජ තත්වයන් උඩ, භාණ්ඩ පරිභෝජනය මත, සරලව කිව්වොත් මුදල මත තීරණය වන සමාජ පරිසරයක පවුලට ඒකෙන් ගැලවෙන්න කොහොමටත් බෑ.

අපට හමුවන කලා කෘතිවලටත් මේ සමාජ සිදුවීම්වල බලපෑම අනිවාර්යයයි. විශේෂයෙන්ම ගීතවල. මේ මෑතක ආපු ‘‘විරාග-රාගය’’ ගීතය ඒකට හොඳ නිදසුනක්. බන්දුල නානායක්කාරවසම් ලියන, සුරේෂ් මාලියද්ද සංගීතවත් කරපු, අමරසිරි පීරිස් සහ අමල් පෙරේරා ගායනා කරන මේ ගීතය, විෂුවල් එකත් එක්කම බලපුවහම අපි මුලින් කියපු කතාවේ කෑල්ලක් අහුවෙනවා.

අමරසිරිගෙ වියපත් හඬයි, අමල්ගේ තරුණ හඬයි ඒ ගීතයේ පද ටික සජීවි කරනවා. ඒ වගේම අපට බලන්න වෙන විෂුවල් ගීත අතරේ මේ ගීතය යම් හරයකින් යුක්ත කරල තියෙනවා.

අමරසිරි - විරාග රාගය අතරේ තනිවූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය
අමල් - විරාග රාගය අතරේ තනිවූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

මධ්‍යම පංතියට අඩිය තියන ගොඩක් අය වගේම යුවළවල් හොයන්නෙම රැුකියාවක්, ගෙයක්, කාර් එකක් එක්ක සමාජ වගකිම් අඩු , පොඩි නිදහස්කාමී ජීවිතයක්. බොහෝ දෙනෙක්ට මේ කතාව අදාළයි. එතැනත් මිනිස් සබඳකම්වලට මෙහා හදල තියෙන්නේ දෙපලක් - දේපල සමග එකතු කිරීමක්. ගතින් ළං කරපු, හිත්වලින් දුරස් කරපු ඒ සබඳකම් ඇත්තම සබඳකම් ද මවා පෑම් ද. මෙගා ටෙලි නාට්‍ය අස්සේ ගත්තත් අපි බලන්නේ මේ ගරා වැටීම් ටිකම නෙමෙයි ද?. මේ ගීතය තුළත්..

අමරසිරි - ඔබෙ අඩවන් නෙතු කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහළ දා
ඈ මුකුලිත වූවා
අමල් - කරගනු බෑ සතු නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබෙ මුනිවර මනසින් පෙම් කළ දා
ඈ අසරණ වූවා

කපල් එක එකතු වෙලා වීක් එන්ඞ් එකේ ෂොපින් යන එක, ඔය කියන පවුල්වල සාමාන්‍ය සිරිතක්. එහෙම තියෙද්දි තනියෙම ෂොපින් යන ගැහැණු මිනිසුන් කොච්චරක් ඇත්ද? මේ ගීතයේ අපි දකින වියපත් ස්වාමියාගේ (මහේන්ද්‍ර* බිරිඳ (යශෝධා* එවැන්නියක් ද? ඒ පවුලේ මූලික සබඳකම්වල දුරස් බව එක සයනයක දෙපස නිදන තත්පර කිහිපයක දසුනින් විස්තර කරනවා. යාන්ත‍්‍රික වූ පාරිභෝගික සමාජ වපසරියක මේ යුවළත් ගොදුරක් පමණයි. ඒ වගේ මොහොතක පවුලක් ගොළු වීම අසාමාන්‍ය නැහැ නේද. මේ විෂුවල් එකේ ඉන්න අනියම් පෙම්වතා (හේමාල්* මුල සිටම ඒ පවුල් සබඳතාව මැද්දට හෙමින් සේන්දු වෙනවා. ඒ වගේම බිරිඳට සැමියාගේ ඇගයීම් වෙනුවට නොසළකා හැරීම් (තේ එකේ කූඹියා පෙන්වීම* වන විට ඒ තත්වය හිත පෙළන තරම කොයි තරම් වෙන්න ඇත් ද?

එහෙම මොහොතක ගලන සරාගී ඇරයුම් ඉවත දමන්නට තරම් මේ සමාජය වීතරාගී ද?

අමරසිරි - නුරා එගිනි දලූ ඈ දවමින් ගෙතු
සළෙල ගීතයට ඇය තනුවක් කරගත් දා
ඈ ලොව අහිමි වුණා.
අමල් - ඔබේ මිලින ගති ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූ දා
ඈ මවෙතට ආවා.

පේ‍්‍රමයෙන් මුහුවිය යුතු සබඳකම්, සරාගී සිතැ`ගියාවන් අහිමි වූ පසු තැවිල්ලක තනි වී එය එලෙස දරා සිටිය යුතු ද. ‘පවුල රැුකගැනීම’ නම් තිරයෙන් වසා මිනිස් හැඟීම් විතැන් කළ හැකි ද? මේ ධනේශ්වර ආත්මාර්ථකාමී ජීවිත වලට අවම තරමින් පවුලේ විමුක්තියවත් අත්පත් කරගැනීමට හැකිවී තිබේද? එහෙව් විමුක්තියක් හෝ නොලත් ගැහැණු-මිනිසුන්ට හාත්පස සමාජය කොච්චරකට අදාළ ද? අපට ඒ ගැන කතා කරන්නට හෙටත් බොහෝ දේ, මේ සමාජ පරිසරය තුළ ඉතිරි වෙනු ඇති. මේ ගීතමය සංවාදය අගට ප‍්‍රියන්ත කොග්ගලගේ කවියාගේ ‘රැුහැයියනි රැුය ගෙවුණි’ කවි පොතේ කවියකින් විරාමයක් තබමි.

‘‘ එක තුරක පැටලිලා - හිඳින වැල් දෙකකට
මොනවා හිතෙනව ඇත් ද - මූණට මුණගැහෙන කොට....? ”

තැන්නේ ඤානානන්ද හිමි

 

Add comment


Security code
Refresh