26
Mon, Feb

දේශීය පරිසරවිනාශය

විල්පත්තුව හා ඒ අවට අවශේෂ වනාන්තර වනසන තවත් දැවැන්ත සංහාරයක ආරම්බය යහපාලන රජය විසින් මෙි වන විට සනිටුහන් කර ඇත.මල්වතු ඔය කප්පචචි ප්‍රදේශයෙන් හරස් කර ඉදිකිරීමට සුදානමි වන දැවැන්ත වේල්ල හා ජලාශය නිසා තන්තිරිමලේ අවට ඇති අවශේෂ කැලෑ සහ විල්පත්තු යලිත් දැවැන්ත පාරිසරික අනතුරකට මුහුණ පා ඇත.

හෙක්ටයාර් හත්දහසක් වන වපසරියක කියුබික් මිටර් මිලියන දෙසිය නවයක ජලය රදවා තබා ගැනීමෙි අරමුණින් ඉදිකිරීමට නියමිත පහළ මල්වතු ඔය ජලාශය රුපියල් බිලියන් දහතුනක ඇස්තුමෙින්තු මුදලින් ඉදිකිරීමට නියමිත අතර මෙම බිලියන දහතුනක ණය මුදල ගෙවීමෙි පදනම යටතේ hina Exiam Banka විසින් ලබා දෙන අතර China CAMC Engenering company LTD විසින් ඉදිකිරීමි කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සදහා සැළසුමි සකස් කෙරුණේ මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉදිකිරීමි කර අවසන් කිරිමටය.ඒ සදහා 1960 වර්ෂයේ රුසියානු රජය සමග එකගතා වලට පැමිණ ඇති අතර Thecnopro mexport නැමති සමාගම විසින් තක්සේරු අධ්‍යයනයක් සිදු කර තිබෙි .

මෙරට වාසනාවකට මෙන් වසර තිහකට අධික කාළයක් නැවතී තීබූ මෙම ව්‍යාපෘතිය ආරමිබ කිරීම සදහා යහපාලන රජයේ වාරිමාර්ග අමාත්‍ය පාළිත රංගේ බංඩාර විසින් මුල්ගල් තබා අවශ්‍ය වැඩ කටයුතු සිදුකරමින් ඇති අතර 1960 වර්ශයේ සැළසුමි කර පරිදි පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සදහා අවශය කැළැ ඉඩම් වැනසීම ආරමිබ කර ඇත.

පහළ මල්වතු ඔය ව්‍යාපෘතියේ ව්‍යාපෘති යෝජනාව අනුව ජලය රැස් කිරීම සදහා කප්පචචි අවට ප්‍රදේශයේ අක්කර දාහත් දහසක වනාන්තර සහ අවශේෂ කැලෑ ඉඩම් යට කිරීමට සිදුවෙි.මෙයට අමතරව විල්පත්තු ජාතික වනොද්‍යානයේ ඊමමෛර ’දබැ * ආරක්ෂිත කලාපයේ අක්කර දෙදහසක් පළතුරු වගා කිරීම සදහා පුද්ගලයන්ට හෝ ආයතන වෙත පවරා දීමට මෙම ව්‍යාපෘතියෙන් සැළසුමි කර ඇති අතර නැවත පදිංචි කිරීමි සදහා තන්තිරිමලේ හා චෙන්ඩි කුළම් මාර්ගයෙන් බටහිර දෙසට වන්නට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අවශේෂ කැලෑ අක්කර හයසිය හැත්තෑ පහක් කපා දැමිමට යොජනා කර ඇත.

ඒ අනුව ව්‍යාපෘතියේ ඇළ මාර්ග, මහා මාර්ග, වැඩ බිම, කාර්‍යාලය ඉදිකිරිමි සදහා කපා දැමෙන වනාන්තර වලට අමතරව හෙක්ටයාර් දහනව දහස් හයසිය හැත්තෑපහක වනාන්තර හා අවශේෂ කැලෑ මෙම ව්‍යාපාතිය සදහා බිළි දීමට සිදු වෙි . නමුත් මෙම ව්‍යාපෘතියේ යෝජනා කර ඇති පරිදී යෝධ වැවෙන් ජළය නොලැබෙින හෙක්ටයාර් දෙදහසකට ආර්ථික බෝග වගා කිරිමට මෙයින් අලුතින් ජලය සපයනු ලබයි.මෙම ව්‍යාපෘති ලංකා ඉතිහාසයේ තවත් විනාශකාරි ව්‍යාපෘතියක් වන්නේ හෙක්ටයාර් දෙදහසකට අලුතින් ජලය ලබා දීමට හෙක්ටයාර් දහනව දහස් හයසිය හැත්තෑ පහකට වඩා අධික වනාන්තර විනාශ කර දමන අසාර්ථකම ව්‍යාපෘතියක් ලෙස ඉතිහාසයට එක්කරමිනි.

1960 වර්ෂයේ සැළසුමි කරන ලද මෙම ව්‍යාපෘතියට පසුගිය වසරේ මුල්ගල තබන විටවත් මේ සදහා සිදුකරන ලද පරිසර තක්සේරු වාර්ථාව කර නොතිබු අතර මෙවන් ව්‍යාපෘතියක් ක්‍රීයාත්මක කිරීමට පෙර පරිසර තක්සේරු වාර්ථාවක් සිදු කිරීම අනිවාර්ය කාරණයකි. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතින් සංශෝදිත 2000 අංක 53 දරණ පනතට අනුව එසේ සිදු කළ යුතුව තිබුනද රජය විසින්ම එය උල්ලංඝනය කර පරිසර තක්සේරු වාර්ථාවක් නොමැතිවම මෙම ව්‍යාපෘතිය ආරමිබ කරන ලදී.

 

මෙම ලිපිය ලියන දිනය වන විට හදිසියෙම පරිසර තක්සේරු වාර්ථාවක් මෙම ව්‍යාපෘතියට අදාළව සකස් කර ඇති අතර කිසිවෙකුගේ අදහස් ලබාගැනිමකින් තොරව එය අනුමත කරගන ඇත.

පාරිසරික නීතිය උල්ලංඝනය කරමින් ආරමිබ කරන ලද මෙම ව්‍යාපෘතිය ජාතික පාරිසරික පනත පමණක් නොව වන ජීවි හා තුරු වෘක්ෂ ලතා ආඥා පනත ද මුලුමනින්ම උල්ලංඝනය කර ඇත.

මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට නියමිත විල්පත්තුව වනාන්තරය හා ඒ අවට ප්‍රදේශය ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත් ප්‍රදේශයක් වන අතර දැනට සිදුකර ඇති විද්‍යාත්මක පර්යේෂණ මගින් ක්ෂරපායි විශේෂ 41 මත්ස්‍ය විශේෂ 29 මැඩියන් හා ගෙමිබන් වීශේෂ 17 කුරල්ලන විශේෂ 149 වාර්ථා වී ඇත. තවදුරටත් මෙම ප්‍රදේශවල ජෛව විද්‍යාත්මක පර්යේෂණ සිදුකල යුතුව ඇත.

පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය ඉදිකිරීමට නියමිත ප්‍රදේශයේ හා ඉන් පහළ කුඩා වැවි ගණනාවක් හා විල්ලු විශාල සංක්‍යාවක් පිහිටා තිබෙින අතර මෙම වේල්ල ඉදිකිරිම නිසා එල්ලාංගා පද්ධතිය විනාශ වී යන අතර මල්වතු ඔයේ පිටාර ජලයෙන් පිරේන විල් සියල්ල සිදී යාමෙි අවධානමක් ඇත. එය විල්පත්තු ජාතික වනොද්‍යානයේ සමස්ථ පරිසර පද්ධතියටම මෙන්ම ජෛව විවිධත්වයට ඉතාමත් අහිතකර බලපෑමි එල්ල කරනු ලබයි .

පහළ මල්වතු ඔය ව්‍යාපෘතියේ හා තවත් වැවි දෙකක ජල ධාරිතාව සංසධනය කිරීම
කප්පචිචි ප්‍රදේශයෙන් බැස යන මල්වතු ඔය දෙපස ඇති එල්ලංගා පද්ධතිය නාග ගොත්‍රීකයන්ගේ ජල රැදවුමි තාක්ෂණය විසින් ඉදිකරන ලද පුරාණ වාරි කර්මානතයේ වි්ශිෂ්ටත්වය කියා පාන ජල විද්‍යාත්මක සදක සහිත ප්‍රදේශයකි .1860 සර් එමසන් ටෙනන් විසින් ලියන ලද තෙක්කමි බැමිම හා එහි ජල විද්‍යාත්මක සළකුණු වසර දහස් ගනණක් පැරණි වුවත් අදටත් එය එළෙසම වාරි ජලය සුරක්ෂිතව සපයනු ලබයි.

පහළ මල්වතු ඔය ජලාශය ඉදිකිරීමෙන් ඉහත පෙන්වා දූන් පුරාණ වාරි පද්ධතිය හා එම ජලවහන රටාව සමිපුර්ණයෙන්ම විනාශ වී යයි .මෙලෙස විශාල පාරිසරික විනාශයක් සිදු කර බහු ජාතික සමාගමි වල ආර්ථික බෝග වාගාවකිරීම වෙනුවෙන් අක්කර දෙදහසකට ජලය ලබාදීමට සිදුකරන මහා පාරිසරික විනාශය රටක් ලෙස හා එහි ජනතාව ලෙස අප අනුමත කරමුද, සියලු සමිපත් වනසන මෙම විනාශකාරී ව්‍යාපෘතියට ලබාගන්නා බිලියන 13 ණය මුදලත් ගෙවීමට සිදුවන්නේ ද මෙරට ජනතාවටය .

රවීන්ද්‍ර කාරියවසම්

Add comment


Security code
Refresh