22
Mon, Jan

කවිය

මුහුණට හමුවෙච්ච
හමුවුන නිසා හිනැහිච්ච
හෘදසාක්ෂිය පොඩිවෙච්ච
මිනිස්සු අපි ඉදිමිච්ච

ආදරෙන් පිරිච්ච
හදවත් වෛරයට හැරිච්ච
අපිට අපි නිවැරදියි හිතිච්ච
මිනිස්සු අපි වැරදිච්ච

ආදරෙන් තෙරපිච්ච
හදවත් හිස් වෙච්ච
හිස් බවේ ගිලිච්ච
මිනිස්සු අපි උද්දච්ච

යථාර්ථයට බිය වෙච්ච
බොරුව රජ කෙරිච්ච
ලෝකයට ලොල් වෙච්ච
මිනිස්සු අපි තනිවෙච්ච

හිල්මි සුපුන්

Add comment


Security code
Refresh