22
Mon, Jan

කවිය

ගඟ ගලයි මූදට
නොනැවතී එක තැන
පෙම්බරීගෙන් වෙන්වුන
ලූලෙක් හැරෙයි ඇළකට

දිගම දිග ගමනක්
ගඟ කියා කෙටි කළේ කොහොමද
වතුර වතුරට දියවුන
ලුනු රස රහස මුහුද ද?

ආඳෙකුගෙ වංහුං
තෝරෙකුට යන්නේ කවදද
පෙතියෙකුට හාල්මැස්සෙක්
මුනගැහෙන්නෙම නැතුවද?

මෝරෙකුගෙ ඇස් යට
අමුත්තක් දැක්කද?
ඉවුරුබඩ කිඹුලන්
මොනව හරි රැක්කද?

ශිෂ්ටාචාරේ ගෙනියන්න
මුහුද මිනිසුන්ව මැවුවද?
උල්පත් හොයන්නෙම
ලෝකයට එවුවද?

හඳෙන් සීතල ගෙන එන්නේ
කට කපල වතුර ද?
හඳේ හාවා අඳින්නට
කළින් රස්නෙද?

කඳු අතර තැනි අතර
නැති වුන දෙයක් හෙවුවද?
වැහි වතුර ගඟට පැන
පැහැදුල් යමක් වැහුවද ? "

  ටිම්රාන් කීර්ති

Add comment


Security code
Refresh