26
Thu, Apr

කලා

'අද මං ඔයාලට අලුත් දෙයක් කියලා දෙනවා. "
මහාචාර්යවරයා තමන්ගේ දේශනය පටන් ගත්තා.
ඔහු තමන්ගේ සහයකයා ට පැවසුවේ සියල්ලන්ටම මාකර් පෑනක් සහ පිම්බූ බැලුමක් ලබාදෙන ලෙසට..


" දැන් ඔයාල අතේ තියෙන පෑනෙන් බැලුමේ ඔබේ නම ලියලා අර තියෙන කාමරයට දාලා එන්න.."
හැමෝම තමන්ගේ නම ලියපු බැලුම කාමරයට දැම්මා..
කාමරය බැලුන් වලින් පිරුණා.
"හරි.. දැන් මම ඔයාලට විනාඩි 5ක් දෙනවා.. තමන්ගේ නම සඳහන් බැලුම අරන් ඇවිත් වාඩි වෙන්න."
හැමෝම වේගයෙන් කාමරයට දිව්වා.. කාලගෝට්ටියක් සමග හැමෝම එක පොදියට පොරකමින් තමන්ගේ බැලුම හෙව්වා.
කාලය අවසන්වීමේ විදානයට අනුව හැමෝම තමන්ගේ අසුන් වලට ආවා.
කිසි කෙනෙක්ගේ අතේ බැලුමක් නෑ.. හැමෝම වෙහෙසින් විඩාබරව හිටියා..
" හරි.. මම ඔයාලට තව අවස්ථාවක් දෙනවා. මේ පාර ඔයාලා ගිහින් මුලින්ම ලැබෙන බැලුම අරන් , ඒකෙ නම තියෙන කෙනාට බැලුම දෙන්න. "
එවරත් හැමෝම ගිහින් බැලුමක් අරන් එහි අයිතිකරුට බැලුම දුන්නා..
කාලය අවසන් වෙද්දී හැමෝම සතුටින්.. හැමෝම අතේ බැලුමක්..
මහාචාර්යවරයා නැවත දේශනය ඇරඹුවා.
"අපේ ජීවිතවල සොභාවයත් ඔහොමයි.. තියෙන්නේ කොහෙද කියලා අදහසක් නැතුව, හරිම කලබලයෙන් එකිනෙකා පරයමින් උත්සහ කරනවා ජීවිතේ සතුට හොයන්න..
අපි නොදැන හෝ අමතක කරපු කාරණයක් තියෙනවා. මතක තබා ගත යුතුම.
ඒ අපේ ජීවිතවල සතුට නිරතුරුවම රැඳිලා තියෙන්නේ අනිත් අයගේ ජීවිතවල සතුට මත කියන එක. ඒ නිසා අපේ ජීවිතවල සතුට ලඟා කරගන්න තියෙන පහසුම ක්‍රමය එයාලගේ ජීවිත වල සතුට ඒ අයට ලබාදීම.
එතකොට අපේ ජීවිතවල සතුට ඉබේම අපි ලඟට එනවා. හරියට දැන් බැලුන් හෙව්වා වගේ..".
එසේ කියමින් මහාචාර්යවරයා තමන්ගේ දේශනය අවසන් කළා.

උපුටා ගැනීම Marlon Jayakody ගේ මුහුණු පොතේ පිටුවෙනි

Add comment


Security code
Refresh