24
Wed, Jan

කවිය

තරුණ කවියකු වන සදුන් චතුරංගගේ මහලක මල් කාව්‍ය සංග්‍රහය දෙසැම්බර් 20 වනදා හවස.2.00ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය දෘශ්‍ය කලා පීඨ ශ්‍රවණාගාරයෙදී දොරට වඩිනවා . සදුන් චතුරංග සමග විවර අපකළ පිළිසදර පහත පළවේ .

යමහලක මල් කසුන්ගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහයද?
යමහලක මල් මගේ පළවෙනි කවි කෘතියයි.

සමාජය දැනුවත් කිරිමෙහියිලා කවිය සොදුරු අවියක් ,ඒවගේම කවිය දරුණු අවියක් විදිහටත් පාවිච්චි කරන්න පුළුහන් . කවි ලියන්න විශේෂවූ හේතුවක් තිබුනද?
සමාජය දැනුවත් කිරීම, වෙනස් කිරීම සඳහා යොදා ගත හැකි ප‍්‍රභල, බුද්ධිමය අවියක් ලෙස කවිය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම යම් අදහසක් ඉතා වේගයෙන් සමාජගත කරන ප‍්‍රභල මාධ්‍යයක් ලෙස කවිය සඳහන් කරන්න පුළුවන්. මම කවි ලිවීමට පටන් ගත්තේ මාගේ පෞද්ගලික හේතු නිසා . විශේෂයෙන් ම ආර්ථික පීඩා, සිත් තැවුල් ආදී දේවල් මඟහරවා ගැනීමට මම කවියට ම්ත‍්‍ර වුනා . මේ විදියට යම් යම් සිදුවීම් එක්ක දිගින් දිගටම කවි ලිව්වා. පසුව ඒ පෞද්ගලික අත්දැකීම් එක්ක ලියවුණු කවි සමාජයේ අනෙකුත් ප‍්‍රශ්න, සිදුවීම් ආදී දේවල් වලට ද මම කවි ලිව්වා. ඒ අනුව මට දැනෙන පොදු හා පෞද්ගලික අත්දැකීම් භාවිතා කරමින් කෘතියක් නිර්මාණය කිරීම දක්වා මම කවි ලිව්වා.

ඔබේ කවි විකුනන්නද ? එහෙමත් නැත්නම් මිනිසුන් දෑනුවත් කිරීමටද?
කිසිම අවස්ථාවක ලාභමය අදහසකින් මම කවි ලිව්වේ නෑ. ලියන්නෙත් නෑ. ලාභමය අපේක්ෂාවෙන් කවි නිර්මාණය කළොත් අනිවාර්යයෙන් ම ඒ කවිවල ගුණාත්මක භාවය විනාශ වෙනවා. එය කවියට විතරක් නොවෙයි අනෙකුත් කලාවන්ට ද පොදු වූ ධර්මතාවයකි. වර්තමානයේ රූපවාහිනී, රේඩියෝ පමණක් නොව සමාජ ජාල වෙබ් අඩවි හරහා අසන්නට දකින්නට ලැබෙන දේවල් තුළින් වාණිජකරණය නිසා කලාවේ පිරිහීම අවබෝධ කර ගත හැකි ය. ඒ නිසා කවිය කියන්නේ සමාජය වෙනස් කරන්න පු`එවන් ප‍්‍රභල මාධ්‍යයක්. එය නිර්මාණය විය යුත්තේ සමාජ ප‍්‍රගමනයට මිසක් ලාභමය අපේක්ෂාවන්ට නොව.

කවිය දේශපාලනික විය යුතුද? නැද්ද?
අනිවාර්යයෙන් ම කවිය දේශපාලන විය යුතුයි. ඒ වගේම දේශපාලනයක් කවිය තුළ ද තිබෙනවා. රටක ජීවත් වන මිනිස්සු අදාළ රටේ දේශපාලන තීරණ වලට නතු වේ. ඒ මිනිස්සු දුකෙන් ද සැපෙන් ද විතරක් නෙවෙයි ජීවිතයේ සෑම දෙයක් ම තීරණය වන්නේ අදාළ රටේ දේශපාලන තීරණ නිසා ය. ඒ නිසා සමාජයේ ප‍්‍රගමනය සඳහා නිර්මාණය වන කවිය දේශපාලනිකයි. හේතුව කවි වලට පාදක වන වස්තු විෂයන් දේශපාලනික ක්‍රියාවන්ගේ අතුරු ප‍්‍රතිපලයි. ඒ නිසා කවිය තුළ දේශපාලනයක් තිබෙනවා මෙන් ම කවිය දේශපාලනික විය යුතුයි.

පසුගිය වසර කිහිපය තුළ විශාල අදෝනාවක් තිබුනා කවියෙන් කවියොත් සමාජයත් අත් වෙලා කියල. හැබැයි මෑතක සිට එක වෙනස් වෙලා වගෙත් දැනෙනවා මොකද හිතන්නේ එක ගැන .
ඔව්. ඒ විවේචන අසන්නට ලැබීම සාධාරණ වන්නේ අතීතයට වඩා මෑතකාලීනව මිනිසුන් කියවීමට මැලිකමක් දක්වන නිසා. එම තත්වය කවියට ද සෘජුව ම බලපැවා. වර්තමානය වන විට මිනිසුන් පොතපත කියවීමෙන් ඈත්ව සමාජජාල වෙබ් අඩවි වලට නැඹුරු වීම නිසා ඒ විවේචන වල සාධාරණත්වයක් ද තියනවා . නමුත් මුහුණුපොත හරහා කවි ලිවීමට වර්තමානය තුළ නැඹුරුවීමත් සමඟ නැවත කවි නිර්මාණය වීම සහ ඒ වටා රසික පිරිසක් ද රොක් වී ඇති ආකාරය දැක ගත හැක. ඒ අනුව වර්තමානය තුළ නැවතත් කවියට කවියන් මෙන් ම සමාජයත් නැඹුරුතාවයක් දක්වයි.

යමහලක මල් එළිදැක්වීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දුන්නද?
ඒ වගේම නවක කවියෙක් විදියට සමාජයට මුලින් ම එනකොට ගැටලූ රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා. විශේෂයෙන් ම ප‍්‍රකාශන සමාගමක් සොයා ගැනීම, අවශ්‍ය කරන මුදල් සොයා ගැනීම ආදිය මට උග‍්‍ර ප‍්‍රශ්න වුණා. වාණිජකරණය නිසා ප‍්‍රකාශන සමාගම් බහුතරයක් හොයන්නේ ගුණාත්මක දේවල් වලට වඩා වාණිජකරණය කිරීමට හැකි නිර්මාණයන් ය. එපමණක් නොව කවීන්ගේ ප‍්‍රසිද්ධිය ද ඒ සඳහා භාවිතා කරයි. ඒ තත්වයක් තුළ නවක කවියෙකු ලෙස සමාජ ගත වීම පහසු කටයුත්තක් නොවන බව මට හැඟන කාරණයකි.

සුබපැතුම් සදුන් අවසාන වශයෙන් කියන්න දෙයක් තියනවද ?
වර්තමානය වන විට කාර්යබහුලත්වයත් එක්ක මිනිසුන් කියවීමෙන් ඈත් වෙලා. ඒ තුළින් සමාජ ප‍්‍රශ්න රාශියකට මුහුණ දීමට අප සියලූ දෙනාට ම සිද්ද වෙලා තියෙනවා. ඒ අතර සිරිත්විරිත්, සාරධර්ම විතරක් නෙවෙයි යුතුකම් වගකීම් ද ඉතා වේගයෙන් මිනිසුන් අතරින් ගිලිහෙනවා. එවන් පසුගාමී ස්වභාවයන් වළකා ගැනීමට කියැවීම වගේම කවියට ද නැඹුරු විය යුතුයි. කවිය තුළින් සමාජය ශිෂ්ඨාචාරවත් කරයි. මම මේ සමාජය දකින විදිහ ඒ වගේම සමාජයට දෙන්න ඕන පණිවුඩය අලූත් හැඩයකින් සමාජ ගත කරලා තියෙනවා. ඒ හැඩය තමයි කවිය. ඒ නිසා මගේ කවිය තුළින් සමාජය දකින්න උත්සාහ කරන්න. තම තමන්ගේ බුද්ධි මට්ටම් හා අත්දැකීම් භාවිතා කරමින් ම.

 

සදුන් චතුරංගමහලක මල් කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් කවි කිහිපයක්

සංස්කෘතිය
අප විසින් නිම කොට
අප විසින් සිර කොට
අප සිටින සිර කුටි

 

අහෝ .... රාහුල
රාහුල හිමි කියන්නෙම බොරු
කොහෙද...?
ඉඟ සුඟ මිටින් ගත හැකි
පුළුල් උකුළැති ගැහැණු
තිසරු වැනි පියයුරු ඇති
යුවතියන්
සෙව්වෙමි ගම් දනව් පීරා
දුටුවේම නෑ
ඔය කියන කිසිවෙක්
ඈත පිටිසර ගම් දනව්වල
එකම දවසක්වත්
පිඬු සිඟා වැඩියේ ම
නැද්ද රාහුල...?

 

එතෙර සිටින අම්මාගෙන් පුතුට

සත් මහල් පියසි පෙති මැදුරක රැදී
ඇති සිහින පුතුනි නුඹෙ සිතගත් ඇතී

සිත නිවන සතුට දිවි කුසුුමක පිපී
නුඹ හීදින පැල්පතත් මැදුරක් වුණී

දුක් කඳුළු දුරලන්න සිතුවිලි සැදී
දුක් විඳීමි නුඹ නමින් නැත මට හතී

yam ad

 

Add comment


Security code
Refresh