23
Tue, Jan

පුවත්

අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ලලිත් සහ කුහන් පැහැරගැනීම සම්බන්ධ නඩුව විභාගයට ගැනුනා. එහිදී රජයේ නීතීඥයන් උත්සාහ කළේ පැහැර ගැනීමක් හෝ අතුරුදන් කිරීමක් සිදු නොවූ බවත්, ඔවුන් දෙදෙනා බෝට්ටුවකින් විදේශගත වීමට ඉඩ ඇති බවත් තහවුරු කිරීමට. ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කළේ හාස්‍යජනක තර්කයක්. ලලිත් සහ කුගන් ගමන් කළ යතුරු පැදිය හමුවූ මාර්ගය ධීවර ගම්මානයක් කරා වැටී ඇති බවත් ඒ ධීවරයන් සතුව බෝට්ටු ඇති බවත් රජයේ නීතීඥයා පැවසුවා.

යාපනයේ බොහෝ මාර්ග වැටී ඇත්තේ වෙරළ දිශාවට. මේ තර්කයට අනුව දහස් ගණනක් සිදුවී ඇති අතුරුදන් වීම් සැබවින්ම සිදු නොවූ ඒවා බව රජය පැවසීමට පවා ඉඩ තිබෙනවා. අතුරුදන් කිරීම් සිදුවූ බොහෝ දිස්ත්‍රික්ක වෙරළබඩ දිස්ත්‍රික්ක නිසා. ලංකාවේ දේශපාලන සිරකරුවන් නැතැයි කියූ පාලකයන්ට අතුරුදන් වීම් එකක්වත් සිදු නොවූ බව කියන්න බැරි නෑ. අද අපේ නීතීඥයන් එම තර්ක බිඳ දැමුවා. එහෙත් අවධානයෙන් ඉමු. අතුරුදන් වීම් ප්‍රතික්ෂේප කර අපරාධකරුවන් නිදොස් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් පරදවමු.

නඩුවේ මීලඟ වාරය මාර්තු 26 වැනිදා පැවැත්වෙනවා.

Add comment


Security code
Refresh