24
Wed, Jan

එංගලන්තය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  එක්සත් රාජධානී කමුටිව විසින් සංවිධානය කරනු ලැබූ  28 වන ඉල්මහ විරු   සමරුව  ලන්ඩනයේ  Wembley   -  Vale Farm Sports Centre  හිදී පසුගිය 26 වනි  ඉරුදින    පැවැත්වුනි.  1988-89 කාල වකවානුවෙහි  ලාංකීය  අරගල භුමියේදී  මිය ගිය සුවහසක් සොයුරු සොයුරියන්  සිහිපත් කරමින් ඇරඹුනු  දේශපාලන සාකච්චාවක් සහ විමුක්ති ගී සමරු ප්‍රසංගයක්ද  පැවති  අතර ලංකාවේ සිට මෙම විරු සැමරුම් අවස්තාවට අන්තර් ජාල ස්කයිප් තාක්ෂනය ඔස්සේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත  සහෝදරයාද සහභාගී වීය. 

සුපුරුදු පරිදි වසරක් පාසා කරණු ලබන සම්ප්‍රධායික සමරු උත්සව සභා වෙනුවට   අරගලයක නිරත වූ පැරණි සඟයන් දේශපාලනිකව සිහිපත් කිරීමේ අර්ථය සමාජයක් ලෙස අප නැවත නැවත කියවා බැලිය යුතු අතර   ඔවුන් මිහිදන් වූයේත්  දිවි පිදුවේත්    පාලකයාගේ යදමට සිරවූ සුවහසක් පීඩිත    ජනයාට යහපත් සමාජයක් උරුම කරදීමේ ඒකායන පරමාර්ථයෙන්ම  බව  මෙහිදී පවසා සිටි චමීර කොස්වත්ත සහෝදරයා  එදා   අරගලය තුල උදාර අරමුණ  පෙරදැරි  කරගෙන තිබුනත්   අරගල මාදිලියේ සහ  අරගල වපසරියේ ගුණ දොස් පිලිබඳවද   අපගේ දේශපාලන සාකච්චාවන්ට බඳුන් කලයුතුව ඇතයිද කියා සිටියේය. 

 අධිරාජ්‍යවාදීන්ගේ නව  උපායන් මගින් ජනතාව තව තවත් පීඩනයට  ලක් කොට ඇති වත්මන්  සමාජයට අරගලයෙන් තොර යුක්තියක්  සාදාරණයක් නැති බව  එදා ඉල්මහ විරුවන්ගේ  අරගලයේ   අර්ථ ගැන්වීම අද වඩ වඩාත් පෙන්වාලමින් තිබෙන අතර   එකී  පන්නරය ලාංකීය  පොළොවෙහි පැළ කොට සිටියේ ඔවුන් බැවින් ඉල්මහේදී දිවි පිදූ වීරවරයින් හා වීරවරියන්  සැමරුමටකට  එහා ගිය භාවිතාවක් අද දවසේ සමාජය ඉල්ලා සිටිනු ඇතයිද  ඉල්විරුවන් පෙන්නූ මග අද මෙන්ම හෙටද  සමාජවාදී සමාජයක් ගොඩ නැගීම සදහා වන මූලයන්ට පන්නරයක් වන බවද චමීර කොස්වත්ත සහෝදරයා මෙහිදී සඳහන් කර සිටියේය.

 

Add comment


Security code
Refresh