23
Tue, Jan

කලා

නොවැම්බර් මාසයේ දහඅට වෙනිද ලංඩන් නුවර Harrow නගරයේ වික්ටෝරියා ශාලාවට අළුත් සංස්කෘතික මානයන් ගැන ඉවක් තියෙන පිරිසක් එකතු වෙනව. දහස් ගණනක් නොවුනත් වෙනස් කලාවක් ගැන ඉවක් තියන සිය ගණනක් එනව. වින්දනයේ විකල්පය නොහොත් අගෝරා සංස්කෘතික උළෙල පැවැත්වෙන්නේ එතැන.

අගෝරා කට්ටිය එකතු පහදු වෙලා තුන්වෙනි වතාවට මෙවර පවත්වපු අගෝරා සංස්කෘතික උළෙලේ මේ පාර පුංචි අමුත්තක් තියනව. ලංකාවේ දූපත් සංස්කෘතිය දුපතෙන් එලියට යන ලකුණු පේන්න ගන්නව. ලොකුවට නොවුනත්, හරි පුංචියට හරි......

2

Siman Amstrong කියන්නේ ලංඩනයේ ඉන්න ඉංග්‍රීසි ජන ගී ( english folk songs ) එකතු කරන කණ්ඩායමක සාමාජිකයෙක්. අවුරුදු 150 ක් පමණ පරණ ඉංග්‍රීසි ජන ගී එකතු කරල ඒවා වත්මන් පරපුරට ඇහෙන්න සැලැස්වීමේ ඔවුන්ගේ උත්සාහයේ එක් කඩඉමක් වශයෙන් සයිමන් ජන ගී පොකුරකුත් අරන් අගෝරා වේදිකාවට ගොඩ වෙනව. ‘ රටේ රජ පරපුරේ නොව, සාමාන්‍ය ජනතාවගේ අතීත ජන ජීවිතය රැදිල තියෙන්නේ මේ ජන ගී වලයි’ තමන්ගේ ගී ගැන සයිමන් කියන්නේ එහෙමයි.

3

ලංඩන් ශ්‍රී ලාංකිකයන් උදෙසා පවත්වන ලාංකීය උත්සව වල තියෙන සුලභ ලක්ෂණ තමයි සම්ප්‍රදායක උඩරට සහ පහතරට නැටුම්... මෙවැනි නැටුම් වලින් හෙම්බත් වී සිටින නැට්ටුවන් සහ නරබන්නන් ට පුංචි නැවුම් අත්දැකීමක් අරගෙන ඕලු සුරවීර මහත්මියගේ නර්තන කණ්ඩායම අගෝරා වේදිකාවට ගොඩ වෙනව. ඉංග්‍රීසි නැටුම් සම්ප්‍රදාය, ස්පාඤ්ඤ නැටුම් සහ අරාබි සම්භවයක් සහිත bally dance සම්ප්‍රදායන් සම්මිශ්‍රණය කොට කදිම නර්තන එකතුවක් මගින් අගෝරා වින්දනයට කදිම වෙනසක් එක්කරනව.

අගෝරා සාමාජිකාවක් උනු ධරණී, ළමුන් කිහිප දෙනෙක් එකතු කරගෙන අමාරු පුහුණු කාලයක් පසු කරගෙන ඇවිල්ල අවසානයේ ඔවුන්ව අගෝරා වේදිකාවට ගෙන එන්නේ අගෝරා සාමුහික කැපවීමට කැට තබමින්....

ලංඩන් ශ්‍රී ලාංකිකයන්ට දුපතෙන් එහා සංස්කෘතිය ගැන නැවුම් අත්දැකීම් ගෙන එමින් Christoper Dunlop අගෝරා වේදිකාවට ගොඩ වෙනව. ඔහු තම සංගීත කණ්ඩායම සමග ජනප්‍රිය ඉංගිසි ගීත රොක් සංගීත රිද්මයන් සමග මුසු කරමින් ඉතා නැවුම් වින්දන විකල්පයක් ලබා දෙනව.

සරද සහ ධරණී අගෝරා වේදිකාවට ගොඩ එන්නේ කවි අහුරක් අරගෙන. නූතන කවිය ගැන ඔවුන් කරන හැදින්වීම පටන් ගන්නේ හයිකු කවියෙන්. ඊට පස්සේ ඔවුන් ලංකාවේ නූතන කවියන්ගේ කෙටි කවි ගැන හදුන්වාදීමක් කරනව. කවියේ අරුත් ගැන පුංචි සංවාදයකටත් මුල පුරනව. සංවාදය අවසන් කරන්නේ බ්‍ර්තාන්‍යයේ ජිවත්වන කවියෙක් වන benjamin zephaniah කියන කවියාගේ talking turkey කියන කවියෙන්. කාගේවත් වැඩිපුර අවධානයට ලක් නොවුනු කවි එකතු කරගෙන ප්‍රසංගයක් පවත්වන බෙන්ජමින්ගේ කවි ප්‍රසංගයේ අත්දැකීම ලංඩන් ලාංකිකයන්ට වෙනස් වින්දනයක් ගෙන එනව.

4

ලංකාවේ සංගීත වින්දනයට සැබෑ විකල්පයක් එකතුකළ ප්‍රේමසිරි කේමදාස ගැන පුංචි උනත් අරුත්බර ඇගයුමක් අගෝරා වේදිකාවේ සිදුවෙනව. ඔහුගේ සංගීත නිරමාණ සහ ජාත්‍යන්තර සංගීත රිද්මයන් එකට කැටි කොට තැනු පුංචි වීඩියෝ පටයකින් වැඩේ ආරම්භ වෙනව.

ඉන්පසුව කේමදාස සමග කලක් එකට වැඩ කළ නිර්මාණ කරුවෙක් වන රේඩ්ලි සිල්වා වේදිකාවට ගොඩ වෙනව. බ්‍රටෝල් බ්‍රෙස්ට් හිට්ලර්ගේ ඇමති මණ්ඩලය ගැන ලියු ගීතය ඇසුරෙන් විජිත ගුණරත්න විසින් රචනා කල “මැති ඇමතිවරු’ නම් ආන්දෝලනාත්මක ගීතය ඔහු විසින් අගෝරා වේදිකාවට රැගෙන එනව.

5

වැඩේ අවසන් වෙන්නේ ධම්මික සොයුරා සමග ගායක ගායිකාවන් රැසක් පිරිවරා පවත්වන සංගීත ප්‍රසංගයකින්.

ලංඩන් ලාංකිකයන්ට වින්දනයේ වෙනසක් ගෙන ඒමට අගෝරා දැරූ ප්‍රයත්නයට බොහෝ පිරිස් ස්වේච්චාවෙන්ම දායක වෙනව. බොහෝ ආයතන සහ පුද්ගලයින් නොමසුරු මුල්‍ය ආධාර සපයනව.

වින්දනයේ වෙනස යථාර්ථයක් කරගැනීමට බොහෝ පිරිස් අගෝරා සගයන් සමග එක පෙලට සහෝදරාත්මකව හිටගන්නව. ඔවුන් සැමට අගෝරා අපේ සහෝදරාත්මක ආචාරය.......

7

වින්දනයේ වෙනස - විලාසිතාවක් කරමු
අළුත් බිමක - අළුත් ඉඩක
ආපසු අපි - අගෝරාවෙන් හමුවෙමු

 

 

Add comment


Security code
Refresh